Api-Slide-62-1
previous arrow
next arrow

සුන්දර සංවාදයක ඇරඹුම

මෙතෙක් කලක් අප බොහෝ බෞද්ධ මනෝවිද්යාත්මක කරුණු සාකච්ඡා කළෙමු. අපි Magazine බෞද්ධ ලිපි මාලාව ආකල්ප සංවර්ධනය සඳහා 2026 වසර වෙන් කරන්නෙමු. අනුව මෙවර තීරුව යොමුවන්නේ සුන්දර සංවාදයක ඇරඹුම සඳහා අවශ් ආකල්පය (conversation-starting attitude) ගැන කතා කිරීමටය.

බුදුරජාණන්වහන්සේ ඕනෑම තරාතිරමක කෙනෙකු සමඟ සංවාදයක් ආරම්භ කළේ තමන්වහන්සේ අන්යයන්ට වඩා ඉහළයි යන ප්රවේශය හෙවත් vertical approach තුළින් නොව තමන් අන්යයන්ට සහෘද ලෙස සැළකීමේ ප්රවේශය හෙවත් horizontal approach තුළින් .

උන්වහන්සේට අපහාස කිරීමට පුද්ගලයන් සමඟ සංවාදයේදීද උන්වහන්සේගේ ආකල්පය සහෘදාකල්පයම විය.

එම සංවාදාරම්භක ප්රවේශය (conversation-starting approach) සඳහා මූලිකවම තිබිය යුතු මූලික පදනම උන්වහන්සේගේ ධර්මය තුළ මනාව විස්තර කර තිබේ. එම පදනමෙහි නිර්ණායක දෙකකි. පළමුවෙනි නිර්ණායකය වන්නේපුබ්බහාසීපුබ්බභාණී. එනම් ඔබට කෙනෙකු මුණ ගැසුනුවිට මුලින්ම සිනාසිය යුත්තේ ඔබය, මුලින්ම කතා කළ යුත්තේ ඔබය. එය සතුරා තුළ නිහඬ ගෞරවය මුසු බියක් ඇති කරයි. මිතුරා තුළ ඔබ කෙරෙහි ප්රසාදයක් ඇතිවේ. බොහෝ ශ්රී ලාංකිකයන් තුළ ඉතා කැත පුරුද්දක් තිබේ. එනම් ආරම්භයේදීම මෙවන් වදන් පැවසීමය – ‘අනේ ඇයි කෙට්ටු වෙලා, කැත වෙලා, ලෙඩින් ; ඉස්සර තිබ්බ ලස්සනට මොකද වුනේ, දැන් නිකං පඬරැල් වෙලා වගේ; හොඳටම වයසට ගිහින් නේ.’ ඔබ සංවාදයක් අරඹන්නේ මෙවන් කැත වදන් තුළින් නම් එම වදන් නිසා අනුන් තුළ ඇතිවන්නේ කනගාටුව, ශෝකය හෝ සියුම් තරහව . බටහිර බොහෝ අය අපේ අයගේ මෙම කැත සංවාද ආරම්භය ගැන කනගාටුවෙන් සඳහන් කර තිබේ. ඔබට කෙනෙකු එසේ පවසනවාට ඔබ අකමැතියි නේද? එසේ නම් ඔබ මේ වසරේ සිට පුබ්බහාසිපුබ්බභාණි ගුණයෙන් යුතුව අනෙකා තුළ ඔබ කෙරෙහි ප්රසාදය ඇතිවන සේ සංවාදය ආරම්භ කරන්න.

දෙවෙනි නිර්ණායකය නම් අනෙකා කතා කරනවිට ඔබ ඔවුන්ට බාධා නොකර එනම් cut off නොකර සවන්දීමයි. සැබෑ බුද්ධශ්රාවකයා හොඳ සවන්දෙන්නෙක් හෙවත්සුතවාලෙස හැඳින්වේ. සවන්නොදෙන්නා හෙවත්අස්සුතවාසදා පෘථග්ජන හෙවත් පහත් මට්ටමේය. ආධ්යාත්මික ජීවිතයේදී ඉතා ඉහළ ඵල ලබා ගන්නේ හෙවත් ආර්ය්භාවයට පත් වන්නේ සවන්දෙන්නාය. සුතවා සඳහා වඩා පහසු යෙදුමක් නම්ශ්රාවක. ඔබ බුදුරජාණන්වහන්සේට සවන්දෙන නිසා ඔබ බුද්ධශ්රාවක වේ. බුදුරජාණන්වහන්සේ සිය සමාජයීය චර්යාවේදී අන්යයන් කතා කරනවිට මැනවින් සවන් දුන් සේක. අනෙකාට වඩා ඔබේ බුද්ධිය සහ අත්දැකීම බහුල වුවද සවන්දීම තුළින් ඔබේ චරිතය ආරක්ෂා වේ. එසේම අනෙකාගේ දුර්වලතා සහ ස්වභාවය හඳුනාගෙන ඔබට ලැබෙන ඊළඟ වාරයේදී සංවාදය වඩා ස්ථාවරව ඉදිරියට ගෙන යාමට හැකිවේ.

මෙම නිර්ණායක දෙකට අමතරව තවත් යමක් පැවසිය යුතුය. දෙදෙනෙකු හෝ පිරිසක් කතා සංවාදයක නිරතව සිටියදී අනාරාධිතව අවසර නොගෙන එයට සම්බන්ධ වීම අපේ සමහරුන්ගේ කැත පුරුද්දකි. බුදුරජාණන්වහන්සේ යම් තැනකට වඩිනවිටදී එහි යමෙක් සංවාදයක නිරතව සිටියේනම් උන්වහන්සේ මදක් නතරව නුදුරින් නිහඬව වැඩ සිටිති. අනෙකාගේ අනුමැතිය ලැබෙනතුරුය.

කොච්චර සුන්දරද මේ කියූ ආකල්පය. එම ඇරඹුම පාලි භාෂාවෙන්සාමීචි කථානම් වේ. එය ඉංග්රීසියෙන් chitchat . ඔබට සැබවින්ම සුන්දර සමාජයීය පුද්ගලයෙක් වීමට අවශ් නම් මේ කියූ ආකල්පය ඔබේ චින්තනය තුළ වගාකරන්න.
ලැබුවාවූ 2026 වසර ඔබට ආකල්පයමය වශයෙන් ඉහළට ඔසවා තබන වර්ෂයක් වේවා! සඳහා සුන්දර සාමීචි කථා රටාවක් නිර්මාණය කරගන්න.
තෙරුවන් සරණයි!

ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි
සාකල්‍ය මනෝවිද්‍යා උපදේශක