Api-Slide-62-1
previous arrow
next arrow

සංසාර ප්‍රේමය

පෙම් නාද නින්නාද දුන් ලොවේ මිහිරිතම

තුම් ආල දම් පිරූ රන් සිතේ සොඳුරුතම

ගුම් දිදී උන් බිඟුන් පැරදවූ නිතැතින්ම

නිම් නොවූ සිහිනෙකින් ආව කුමරෙක්මි මම

නම් දරා ආ හෙයින් සංසාර සාගරේ

මම් ඔබේ නාමයෙන් සදහටම ආදරේ

ඉම් දකින තුරුම මේ භව චක්‍රවාටයේ

දම් පුරමු ලංව මිණි මෙන් වජ්‍රමාලයේ

තාරක ජයතිලක