2026 ජනවාරි වෙනකොට අපි Magazine එකට අවුරුදු 6 ක්.ඇත්තටම කිව්වොත් මේක කන්ඩායමක් එකමුතු වෙලා කරන වැඩක්. ලෝකයේ හතර වටෙන්මඑකතුවෙලා හරි ලස්සනට හැම මාසෙකම මුල ඔබ අතට එන මේ ලිපි එකතුව පිටිපස්සෙ ලොකුපිරිසක් ඉන්නවා. ලොකු වැඩ කොටසක් කෙරෙනවා. හැමෝගෙම අතින් ලියවෙනවා වගේම ඒ ලියවෙනදේට ගැලපෙන ඩිසයින් එක වගේම ඒ පිටු එකතුව සමාජ මාද්‍ය අතරට රැගෙන එන එකත් අපේමකන්ඩායමේ වගකීමක්.2025 වසරේ Magazine එකෙ තවත් වැදගත් සංදිස්තානයක් පසු කරා. ඒ තමයි ISSN(International Standard Serial Number )මේය තමයි දෙස් විදෙස් ඕනම තැනක අපේ Magazine එක හදුනා ගන්න පුලුවන් විදිය. ඒක ලබාගන්න ලේසි පහසු වුණේ නෑ. මොකද එංගලන්තය වගේ රටක සිංහල මාද්‍යයෙන් කරන Magazineඑකකට ටිකක් අමාරු කාර්යක්.ඒවගේම අපි ලබා ගත් තවත් ජයග්‍රහණයක් තමයි.. “අපි Magazine” පිටුවට 50000 Followersපසු කිරීම. ඉතින් මේ හැමදේම අපේ කන්ඩායමේ එකමුතුව සහ ශක්තියි.පටන් ගත්ත දවසේ සිට මේ වෙනකන් නොඅඩුව ලැබෙන ප්‍රතිචාර අපි හරිම ආදරෙන් බාරගන්නවා. ඒප්රතිචාරන් තමයි අපිව දිරිමත් කරන්නෙ.ඉතින් මේක මම වෙලාව කරගන්නවා අපේ කන්ඩායමටත් අපි වටා ඉන්න අපෙ ආදරනීය පාඨකයන්ටත්ස්තුති කරන්න. ඒ වගේම ඉදිරියටත් “අපි Magazine” තුලින් අලුත් දේවල් එකතු කරගෙන තවත්ලස්සනට මේ වැඩේ කරගෙන යන්න ඔගොල්ලන්ගෙ සහයෝගය , ශක්තිය සහ ආදරය අපිබලාපොරොත්තු වෙනවා.ස්තුතියි!ගයාන් කරුණාරත්න