


අලුත් අවුරුද්දක් කියන්නේ අලුත් බලාපොරොත්තු ගොන්නක්. අපි හැමෝම මේ
දවස්වල ඉන්නේ 2025 ට
සමුදීලා 2026 පිළිගන්න ලොකු උද්යෝගයකින්. හැබැයි අපි භෞතිකව අලුත්
අවුරුද්දට යද්දී, අපි ජීවත් වන
"ඩිජිටල් ලෝකය" ඊට වඩා වේගයෙන් වෙනස් වෙමින් පවතිනවා. අපි
2026 ට ගෙනියන්න ඕන වැදගත්ම
දේ "අලුත් කැලැන්ඩරයක්" විතරක්ම නෙවෙයි,අපට අත්‍යවශ්‍යම දේ
තමයි "අලුත් විදියට හිතන ඔළුවක්".
අපි නිතරම වගේ "ඇහින් දැක්කොත් විශ්වාස කරනවා" කියලා
කියනවනේ නේද? ඒත් 2026 වෙද්දී ඒ කියමන
වලංගු නෑ.මොකද කෘත්‍රිම බුද්ධිය (AI) කොච්චර දියුණුද කියනවා නම්, දැන්
කෙනෙක්ගේ රූපයක්,
කටහඬක් විතරක් නෙවෙයි වීඩියෝවක් වුනත් තත්පර ගණනකින් ව්‍යාජව
නිර්මාණය කරන්න පුළුවන්.
ඡායාරූපකරණය කියන්නේ "ඇත්ත ඒ විදියටම සටහන් කරගැනීම"
වුනාට, අද වෙද්දී තාක්ෂණයට පුළුවන්
"නැති ඇත්තක් මවලා පෙන්නන්න". ඉතින් අලුත් අවුරුද්දෙත් ගිය
අවුරුද්දේ වගේ සමාජ ප්‍රශ්න,මඩ
ගැසීම්,ව්‍යාජ තොරතුරු බොහෝමයක් AI තාක්ෂණය භාවිතා කරලා සමාජ
මාධ්‍යයේ ජනප්‍රිය වෙන්න
පුළුවන්.ඉතින් මෙන්න මේ නිසා අපි හැමෝටම අභියෝග රැසකට මුහුණ දෙන්න
සිදු වේවි. ඇත්ත මොකක්ද
බොරුව මොකක්ද කියලා තෝරාගන්න බැරි තරමටම මේ නිර්මාණ තාත්වික වේවි.
පසුගිය දිනවල ශ්‍රි ලාංකික අපට ජීවිත කාලය පුරාවටම අමතක කළ නොහැකි
අඳුරු මතක රාශියක්
"දිට්වා" කුණාටුව අපට ලබා දුන්නනේ. ඒ දිනවල ස්වභාවික විපතකට
වඩා වේගයෙන් "වැරදි තොරතුරු"
සමාජ මාධ්‍ය පුරා පැතිරුණා. මිනිස්සු කලබල වුනා. හදිසි අවස්ථාවකදී, එක වැරදි
Share කිරීමක් නිසා
කොයි තරම් ලොකු හානියක් වෙන්න පුළුවන්ද කියලා එදා අපි අත්වින්දා. ඒ සිදුවීම
අපිට කියා දෙන ලොකුම
පාඩම තමයි, "Emotion" (හැඟීම්) වලට වඩා "Logic"
(තර්කනය) විශ්වාස කරන්න කියන එක.
මාධ්‍ය භාවිතා කරන අපි ගොඩක් දෙනෙක් නොදන්න දෙයක් තමයි, "මම
දැනගෙන හිටියේ නෑ ඒක බොරු
කියලා" කියන එක නීතිය ඉදිරියේ නිදහසට කරුණක් නොවෙන බව. ශ්‍රී
ලංකාවේ පවතින නීති රාමුව
ඇතුළේ (Online Safety Act ආදිය හරහා), අසත්‍ය තොරතුරු පැතිරවීම බරපතල
වරදක්.
විශේෂයෙන්ම , කෙනෙක්ගේ ඡායාරූපයක් අනවසරයෙන් , AI හරහා වෙනස්
කරලා සමාජ මාධ්‍යට මුදා
හැරීම සිවිල් සහ අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්. ඔබ
විනෝදයට කරන දෙයක් නිසා
ඔබේ අනාගතයම අඳුරු වෙන්න පුළුවන්. ඒ නිසා කැමරාව සහ කීබෝඩ් එක
පාවිච්චි කරන්න ඕන හරිම
පරිස්සමින්.
2026 කියන්නේ තාක්ෂණය අපිට අභියෝග කරන අවුරුද්දක්. ස්මාර්ට් ෆෝන් එක
අතේ තිබුනට මදි, ඒක
පාවිච්චි කරන කෙනා "ස්මාර්ට්" වෙන්න ඕන.ඉතින් මේ නිසාම,
සැක කරන්න පුරුදු වෙන්න: ඕනෑම පුවතක්, ඡායාරූපයක් Share කරන්න කලින්
"මේක ඇත්තද?"
කියලා දෙපාරක් හිතන්න.
මූලාශ්‍ර හොයන්න: විශ්වාසවන්ත මාධ්‍ය ආයතනයකින් ඒක තහවුරු
කරගන්න.
තාක්ෂණය ගැන දැනගන්න: AI රූපයක් හඳුනාගන්න පුළුවන් උපක්‍රම (විකෘති
වූ අකුරු,
අස්වාභාවික පසුබිම්) ගැන ඉගෙන ගන්න.
තාක්ෂණය කියන්නේ නරක දෙයක් නෙවෙයි. නරක දේ වෙන්නේ, ඒක පාලනයකින්
තොරව භාවිතා කරන
එකයි. ඒ නිසා, 2026 අවුරුද්දේ, තාක්ෂණයේ වහලෙක් නොවී, තාක්ෂණය හරි
විදිහට පාලනය කරන්න
ඉගෙන ගමු.
1.ඔබ "වගකීම් සහගත ඩිජිටල් පුරවැසියෙක්" ද?
2.අනෙකාගේ පෞද්ගලිකත්වයට (Privacy) ගරු කරනවාද?
3.තොරතුරක් Share කරන්න කලින් එහි සත්‍යතාව සොයනවාද?
4.සමාජ මාධ්‍ය තුළ අනුන්ට අපහාස කිරීමෙන් වළකිනවාද?
5.නීතිය ගැන අවබෝධයෙන් කටයුතු කරනවාද?
මේ ප්‍රශ්න හතරටම ඔබේ පිළිතුර "ඔව්" නම්, ඔබ 2026 ට සුදුසුයි!
