අපි හැමෝටම කිසිම දවසක නොහිතපු විදිහට ජීවිතේ තනිවෙච්ච අත්දැකීම්තියෙනවා.සමහර විට ආදරය අහිමිවීමක් නැත්නම් අපි ආස කරපු රැකියාවක්නැත්නම් මිතුරෙකුගේ වෙන්වීමක් වෙන්න පුළුවන්.එතකොට අපිට හිතෙනවා මේමට වෙච්ච දේවල් මගේ ජීවිතේ අවසානයද? කියලා.හැබැයි ඒ සිතුවිලි නම් හරිමතාවකාලිකයි.ජීවිතයේ එක එක වෙලාවට එක එක විදිහට අපිව පරීක්ෂා කරනවා.2026කියන්නෙත් ඒ පරීක්ෂාවෙන් පස්සේ අපිට ලැබෙන අලුත් අවස්ථාවක් විදිහට දකිනඑකයි හොදම දේ.ඉතින් අලුත් අවුරුද්දක අලුත් අදහසක් එක්ක restart වෙන එකහොඳ දෙයක්.අපි අමිහිරි දේවල් වලින් හරි පාඩම ඉගෙන ගෙන වේදනාවඅත්හරින්න පුරුදු වෙන්න ඕනේ.අපිට වටිනාකමක් නොදුන්න තැන් සහ අපිවපහතට දාලා කතා කරපු හැම තැනින්ම ලබපු වේදනාවලට සීමාවක් දාන්න කාලෙදැන් ඇවිත්.අපි ගොඩක් වෙලාවට ජීවත් වෙන්නේ අනිත් අයගේ බලාපොරොත්තු සපුරාලන්න.හොඳ දුව, හොඳ සේවකයා, හොඳ මිතුරා, හොඳ ආදරවන්තයා වෙන්න උත්සාහකරද්දී, අපි අපේම හදවත මග හැරලා දාන්නේ. ඒත් 2026දී අපිට එහෙම කරන්නඕනද? අපිට සාමය නැති, අපිව හිස් කරන ජීවිතයක් ඉදිරියටත් අරගෙන යන්නඕනද?මෙවර අපි තෝරගමු වෙනස් මාර්ගයක්. අපිට ශක්තිය දෙන මිනිස්සු, අපිවඉදිරියට තල්ලු කරන අදහස්, අපේ මනසට නිදහස දෙන ජීවන රටාවක්. සමහරවිටඒක රැකියාවක් වෙනස් කිරීමක් වෙන්න පුළුවන්. නැත්නම් අවුරුදු ගාණක්පසුබැසපු හීනයක් නැවත ආරම්භ කිරීමක්. කුඩා පියවරක් වුණත්, ඒක අපේමපියවරක් නම්, ඒක වටිනවා.අසාර්ථක වීම ගැන බය වෙන්න එපා. අසාර්ථක වීම කියන්නේ අපි වැරදි මාර්ගයකයාම නෙවෙයි, අපි උත්සාහ කරපු දෙයක්. උත්සාහ නොකළ ජීවිතයක් තමයිඇත්තටම අසාර්ථක. 2026දී අපිට උත්සාහ කරන්න අවසර දීමු. වැටුණොත්නැගිටින්න, වැරදි නම් ඉගෙනගන්න .මේ අවුරුද්දේ වැදගත්ම තීරණය ලොකු එකක් වෙන්න ඕන නැහැ. සමහරවිටහොඳින් නිදාගන්න පුරුද්දක් හදාගන්න එක. නැත්නම් අපිව අඩු කරන මිනිස්සුවලට“නෑ” කියන්න ඉගෙනගන්න එක. හෝ අපිට අපිම වඩා කරුණාවන්ත වෙන්න පටන්ගන්න එක. මේවා කුඩා දේවල් වගේ පේනවාට, ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස්කරන්න පුළුවන් තීරණ.අවසානයේ, 2026 කියන්නේ පරිපූර්ණ වෙන්න අවුරුද්දක් නෙවෙයි. අපිට දුක
හිතුණොත් දුක හිතන්න, සතුටු හිතුණොත් සතුටු වෙන්න, අපිට අපිම වරදක්කරගත්තොත් අපි අපිටම සමාව දෙන එක ඉගෙනගන්න අවුරුද්දක්.පියුමි නෙළුමිකා