Api-Slide-62-1
previous arrow
next arrow

අප්‍රකාශිත හැඟීම් සුන්දරය…
ඒ හැඟීම කුමක්දැයි සිතන
අනෙකාගේ හැඟීමද නොඉවසිලිමත්ය…
කුතුහලය, අවිනිශ්චිතභාවය මත
ඒ ගෙවෙන කාලය කල්පයක්මය…
ඒ හැඟීම ගැන මවා ගන්නා
සිහිනයන් මනහරය…
සිත සමඟ තර්ක කරමින්
ඒ හැඟීම කුමක් විය හැකිදැයි
තෝරා බේරා ගැනීමම වෙහෙසකරය…
නමුත් සිතට අවැසි දේ සිතා
සිත සතුටු කර ගැනීමට තරම්
එය නිදහස්ය…
එබැවින් අප්‍රකාශිත හැඟීම්
සත්තකින්ම සුන්දරය…
සුරේඛා…