


ලක්මවට සවියක් වෙන්න මවුබිමට දිරියක් වෙන්න පසුගියදා ලන්ඩනයේදී
බ්‍රිතානයේ ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කල හරි අපුරු වැඩක්
අතිසාර්ථකව නිමාවට පත්වුණා. ඒ අනෙකක් නොව “ලක්මවට සවියක් ” දැවැන්ත
සංගීත ප්‍රසංගයයි.
ප්‍රසංග සංගීත කලාවෙන් එහාට ගිය උතුම් මානුෂික ගුණාංග පෙරදැරිව
“ලක්මවට සවියක් ” බ්‍රිතාන්‍යයේදී රෝපණය වන්නේ ඉතිහාසයේ පළමු
වතාවටයි. එදා මෙදා තුර බ්‍රිතාන්‍යයේ සිටිනා ප්‍රමුක්තම ලාංකික සංගීත
කණ්ඩායම් පහක් එකට රොදබැදි “ලක්මවට සවියක් ” ප්‍රේක්ෂකයන් 450කගේ
දෑස් ඉදිරිපිට, බ්‍රිතාන්‍යයේ ඉන්නා මවුබිමට පෙම්බදින සියලුම වුර්ථිය ශිල්පීන්ගේ
ස්වේච්චා සහභාගිත්වයෙන් පැවැත්වීම විශේෂත්වයක්.
බ්‍රිතාන්‍යයේ මවුබිමට හිතැති ශ්‍රී ලාංකිකයන්ගේ ආශීර්වාදයෙන්, බ්‍රිතාන්‍යයේ
ශ්‍රී ලංකා මහකොමසාරිස් ගරු නිමල් සේනාධිර, නියෝජ්‍ය මහකොමසාරිස්තුමිය
මල්ලිකා — හා ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ඩිලන්ත ප්‍රනාන්දුගේ සහ තවත්
බොහෝ රාජත්රන්තිකයන්ගේ සහභාගිත්වයෙන් ලක්මවට සවියක් මේ දැවැන්ත
වේදිකාව හිරු නොබසිනා දේශයේදී මෙසේ දිගහැරුණේ ලංකික හදවත් සුවපත්
කරන උදාර අරමුණ පෙරදැදිවයි.
Exceed, Frontline, Solid, Hasthi, Strummers බ්‍රිතාන්‍යයේ සිටිනා ප්‍රමුක්තම
ලාංකික සංගීත කණ්ඩායම් ශ්‍රී ලංකාවේ අපදා තත්වය නිසා විපතට පත් සහෝදර
ශ්‍රී ලාංකිකයන්ගේ ජිවිත නගා සිටුවීම වෙනුවෙන් ඉතිහාසයේ පළමු වරට මෙසේ
බ්‍රිතාන්‍යයේදී එකම වේදිකාවට පැමිණීම නැවුම්ම අත්දැකීමක් වුණා. අතුරුසිදුරු
නොමැතිව මවුබිමට පෙම්බැදි මිනිසුන්ගෙන් පිරී ගිය ශාලාවට වෙන කිසිදා නොදුටු
සංගීත රස රටා මවන්නට මේ සංගීත ශිල්පින් පෙරමුණ ගත්තා.
රොෂාන් යාපා, ඉෂාණි සදනායක, ඩිලන් බුර්කත්ගේ හඩ පෞර්ෂයෙන් මේ සොදුරු
සංගීත රාත්‍රිය වර්ණවත් වූ අතර රන්වල බලකායේ නර්තනයන්ගෙන් ශ්‍රී
ලාංකික අපේ කම බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයන්ට මවුබිම ගැන දැනෙනා ගැගීම
තවත් වැඩිකරලීමට සමත් වුණා.
“ලක්මවට සවියක් ” වේදිකාව ගොඩනැගෙන්නේ බාලා වාමතෙවන් , චන්දන
එදිරිසූරිය, කාංචන රොද්‍රිගු යන සොයුරන්ගේ උපන් බිමට යුතුමකම් ඉටුකිරීමට
ඇති උතුම් සංකල්පයක තවත් එක් පරිච්චේදයක් විදියට. මේ දැවැන්ත සත්කාරයට
බ්‍රිතාන්‍යයේ සිටින සියලුම ගායන, වාදන, නර්ථන ශිල්පින්, මාධ්‍යය, උත්සව
සංවිධායකයන්, උත්සව අලංකරණ ශිල්පින්, සුපවේදීන් ඇතුළු උත්සව ආහාර
සපයන්නන්, පරිත්‍යාග ලබාදෙන්නන්, ස්වෙච්චා සංවිධාන ඇතුළු සියලුම
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයන් මේ කටයුත්තට ස්වේඡාවෙන් සිය ශක්තිය
ලබාදුන්නා.
Raffle Draw එකකින් හා වෙන්දේසියකින් යුතුවූ ලක්මවට සවියක් ප්‍රසංගය
වෙනුවෙන් පරිත්‍යාග ත්‍යාගයන් ලබාදීමට බ්‍රිතාන්‍යයේ ඇති ප්‍රමුකතම ශ්‍රී
ලංකික වෙළද සන්නාමයන් ප්‍රසංගය හා අත්වැල් බැදගෙන තිබුණා.
වෙන්දේසියේදී ක්‍රිකට් තරුවන කුමාර සංගක්කයන්ගේ හා ලසිත් මාලිංගගේ
සමරු සිහිවටන වෙන්දේසියට ලක්වූ අතර එමගින් විශාල මුදලක් අරමුදල් ලෙස
එකතු කිරීමට සංවිධායකයන් සමත්වුණා. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයන්
සියල්ලෝම නොමසුරුව සිය මුදල් මවුබිමට ශක්තියක් ලබාදීමට නොපැකිලව
ලබදීමට කටයුතු කලා.
ප්‍රසංගය අවසානයේදී බ්‍රිතාන්‍යය පවුම් 14734 මුදලක් ( ශ්‍රී ලංකික රුපියල්
මිලියන 6.1 ක් ) ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ rebuild Sri Lanka අරමුදලට
එකතුකිරීමට බ්‍රිතාන්‍යයේ යුතුකම් දන්නා සහකම්පනය ඇති ශ්‍රී ලංකික
ප්‍රජාවට හැකිවුණා. සියලුම මුදල් නිලවශයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා
මහකොමසාරිස් කාර්යාලය හරහා මවුබිම වෙත සෙනහසින් ලබාදීමට ප්‍රසංග
සංවිධායකයන් පසුගියදා කටයුතු කළා.
මේ “ලක්මවට සවියක් ” වේදිකාව තැනීම වෙනුවෙන් දිවා රෑ නොබලා සිය කාලය,
ශ්‍රමය , ධනය ස්වේඡාවෙන් මවුබිම වෙනුවෙන්, ප්‍රසංගය සාර්ථක කර ගැනීම
වෙනුවෙන් වැයකළ සංවිධායක මණ්ඩලය කල ඒ කැපවීම අමතක කරන්නම්
බැහැ. එය එතරම් ප්රශන්ෂනියයි. සංවිධායක මණ්ඩලයේ බාලා, චන්දන,
කාංචන,රැවනි, ගයාන් , විපුල ඇතුළු සැමට ස්තූතිවන්ත වියයුතුයි.
මවුබිමට අවැසිම මොහොතේ මවුබිම වෙනුවෙන් යුතුකම් කල බ්‍රිතාන්‍යයේ
ලැතැත් හදවත් ඇති බ්‍රිතානයේ ශ්‍රී ලාංකිකයන්ට, මවුබිමේ අපේ මිනිසුන්ගේ
ආශීර්වාදය හා ප්‍රශංසාව නිබදව ලැබෙන බව නම් සිකුරුයි. හැමදාමත් වගේ රැලි
හැදෙනා බ්‍රිතාන්‍යයේ අපේ මිනිස්සු මේ හදනා මනුසත්කමේ යුතුකමේ රැල්ල
බ්‍රිතාන්‍යය පුරාම මෙන්ම ලොව පුරාම ඉදිරි සති කිහිපය මුළුල්ලේම පැතිර යනවා
දක්නට ලැබීමද සතුටක්.
එලෙසම පුද්ගලිකව මටත් “ලක්මවට සවියක් ” ප්‍රසංගය හා එකතු වෙමින්
මවුබිමට ශක්තියක් දිරියක් ලබාදීමට හැකිවීම සතුටක් , කිසිදා නොමැකෙන
මතකයක් !
