Api-Slide-62-1
previous arrow
next arrow

නිසංසලාගේ චාරිකා

එදා දවස මට හොදට මතකයි 2021 සැප්තැම්බර් මාසේ…. මගේ පළවෙනි ලිපිය අපි
magazine එකෙන් පලවුන දවස… එකත් දළදා පෙරහැර ගැන…. එදා ඉදන් අද
වනතුරු මම අකුරු එකතු කරනවා සුන්දර මතක එක්ක…
මුලින්ම මම අපි magazine හරහා අරන් ආවෙි ලංකාවෙි ඉතිහාසය ගැන
තොරතුරු… නමුත් එක් වතාවක මට යන්න ලැබුණු ජිවිතේ අමතක නොවෙන
ගමනක් ගැන අත්දැකීම් රැගෙන ආවා… එ තමයි දෙහෙනකන්ද මුක්කුවත්ත
පාරෙන් අවාරේ සිරිපා වන්දනාවෙි ගිය චාරිකාව…. 2022 දෙසැම්බර් මස
කලාපයෙන් මගේ එ පළවෙනි hike එකේ අත්දැකිම රැගෙන පැමිණියාට පසු අපි
මැගසින් නිර්මාතෘවරයා මට යොජනවාක් කලා…. නිසංසාලා ඔයා දිගටම travel
article කරන්න කියලා… ඉතිං එ ලැබුණු පන්නරයත් එක්ක මම මෙි වෙනකමිම
මගේ සුන්දර චාරිකා අත්දැකීමි රැගෙන එනවා…
නමුත් මට මෙි නව වසරේ පළවෙනිම මාසේ මගේ චාරිකා අත්දැකීමක් ගෙන එන්න
නොහැකි උනේ නොවැම්බර් මස අපේ රටෙි ඇතිවු ව්‍යසනය තත්වය නිසා… හිතට
දැනෙන දුක අපමණයි…. එ නිසා එ ව්‍යසනය ගැන නොලියමි… මං ඇවිද ගිය
මංමාවත්, කදු, දිය ඇලි බොහොමයක සුන්දරත්වය සුනුවිසුනුවී ගොස් ඇති බව
දැනගත් විට හදවත කඩා වැටුනා… කොත්මලේ, වලපනේ , රිවස්ටන්.. මෙි වාගේ
බොහොමයක් මං ආදරය කරපු ආදරය හොයන් ගිය සුන්දර කඳුකරයේ
සුන්දරත්වයත් විනාශ උනා එහි අහිංසක ජිවිතත් එක්කම… හිතේ ලොකු
පීඩනයක් මම දරාගෙන සිටියේ මතක් වෙන විටත් දෑස්වලින් කඳුළු ගලද්දි… එ
නිසාම මම දෙසැම්බර් මාසයම නිවසටවි සිටියේ එ පීඩනයට…
2022 දෙසැම්බර් ඉදන්ම මම මගේ චාරිකා ඔබ හමුවට රැගෙන පැමිණියේ මහත්වු
ආශාවෙන්… මං දකින විදින සුන්දරත්වය ඔබටත් රැගෙන එමටයි මට අවැසි
උවෙි… මගේ මෙි චාරිකාවෙි මා පසු පස සිට මට යෝධ ශක්තියක් වන්නේ අපි
magazine මාසික සඟරාව…. මගේ දක්ෂතාවයට වටිනාකමක් ලගා කලා වගේම
මගේ අකුරු වලට ඉහළම වටිනාකමක් ලබා දුන්නා….
වසර හතරක කාලයක් මම අපි magazine හරහා රැගෙන පැමිණෙන ලංකාවෙි
සුන්දරත්වය පිලිබදව විවිද ස්ථාන පිළිබඳව අකුරු කරන්නට නිසංසලාගේ චාරිකා
නමින් නමක් යොජනා කලේද අපි magazine නිර්මාතෘ තුමාම තමයි….
මා මාර්ග පහකින් කල ශ්‍රිපාද චාරිකාවත් හැබැහින් දකින්න ආසා කල
කඩියන්ලෙන ඇල්ලත් පුනා ඇල්ලත් , මා තරණය කරන්න හීන දැක්ක නකල්ස් කදු

පහා ගැනත් අපි magazine සඟරාව ඔස්සේ මම රැගෙන පැමිණියේ එ සුන්දරත්වය
හැබැහින් දකින්න යන්න ඔබටත් ආසාවක් ඇති වන්න…
රාවන කරත්ත පාරත් හොයා ගිය මම එහි කඳවුරු රාත්‍රියක් ගෙවා දැමුවෙි
ජිවිතේ පළවෙනි වතාවට…  කබරගල වගේම කොතලාගල සුන්දර රාත්‍රින් ගෙවා
දමා එ අසිරිය මට ඔබ වෙතටත් රැගෙන එන්න හැකියාව ලැබුණා…
එ වගේම ජිවිතේටම ගිය අවදානමිම ගමන හන්තාන කටුසුකොන්ද තරණය ගැනද
මම ඔබ හමුවට රැගෙන ආවෙි හිත පුරාම එ සතුටත් මතකත් පුරවාගෙන…
එ වගේම මොණරකන්ද ගැන , ලංකාවෙි තුන්වෙනියට උසම කන්ද තොටුපොළ
කන්ද තරණය කරන ගමන් නෙළු මල් අසිරිය ඔබ වෙතට මම රැගෙන ආවා… එ
වගේම මගේ දින ගණනක දකුණු පුරවරයේ ස්තාන කීපයක මා විදි සුන්දරත්වය
මට රැගෙන එන්නට හැකි උනේ වාසනාවකට… තනිව ගිය ගමන් වගේම
කන්ඩායමි එකතුවී ගිය ගමන් බොහොමයක් මම ඔබ හමුවට මෙි කාලය පුරාම
රැගෙන විත් තිබෙනවා…
නවකතා කෙටිකතා ලියන මම චාරිකා සටහන් ලියන්න ආරමිභ කලේ අපි
magazine සඟරාව නිසා… ⁣ඉතිං ලියන්නියක් වගේම සංචාරකයෙක් විදිහට මාව
ඉහලින්ම ඔසවා තැබිම පිටුපස සිටින එ මහා වෘක්ෂය අපි magazine
නිර්මාතෘතුමා ගයාන් කරුණාරත්නයි…. ඔහු නිසයි මම නිසංසලාගේ චාරිකා
නමින් ඔබ හමුවෙි සිටින්නේ.. එ වගේම ඔහු නිසයි මම youtube ඔස්සේ මගේ
නවකතා කෙටි කතා ඔබ හමුවට රැගෙන එන්නේ….
අපි magazine පවුල නිසාම මට බොහො ආදරණිය හදවත් හදුනාගත හැකි උනා…

මෙි සටහන මෙසේ ලියන්න හෙතුවත් එයමයි…
මට අවැසියි මට වටිනාකමි ලබාදි හෙවනැල්ලක් සේ මා පිටුපස සිටින අපි
magazine මාසික සගරාවටත් ආදරණිය ගයාන් කරුණාරත්න නිර්මාතෘ තුමාටත්
ස්තුති කරන්න වගේම සුබ පතන්න.. හයවන සංවත්සරය සමරන ලන්ඩනයේ
ලියාපදිංචි අපි magazine සඟරාවෙි travel writer කෙනෙක් විදිහට මට ලැබුණු එ
ලොකෙටම වලංගු media හැඳුනුම්පත අත තබාගෙන හදවතින්ම ආදරය
පුරවාගෙන මම සුබ පතනවා, තවත් චිරාත් කාලයක් අපිවත් දරාගෙන මුළු
ලොකෙම වැජඹෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා…..
ඉතිං…. ආදරෙයි අපි Magazine,,, සුන්දර චාරිකාවක් රැ⁣ගෙන ඉක්මනින්ම එන්නමි
ඔබ හමුවට…

නිසංසලා රණසිංහ