Api-Slide-62-1
previous arrow
next arrow

2026: මේ අවුරුද්දේ Move වෙන්න සූදානම්ද?

පසුගිය අවුරුදු කිහිපය තුළ ගෙදරක් ගැන තීරණයක් ගන්න එක ඔබට වදයක් වු
ණාද? නිතර headlines, වෙළඳපොළේ අස්ථාවර බව,
“තව ටිකක් බලමු” කියලා හිතීම… ඒක ඔබට විතරක් නෙවෙයි. බොහෝ දෙනාම “
වෙළඳපොළ ටිකක් සන්සුන් වෙද්දී බලමු” කියලා තමන්ගේ plan එක ටික කාලෙකට
 නවත්තගෙන හිටියා.
2026දී හොඳ වෙනසක් තියෙනවා. වෙළඳපොළේ ස්වභාවය ටිකක් සමබර වෙලා, තී
රණයක් ගන්න සන්සුන් වෙලා හිතන්න ඉඩක් ලැබිල
තියෙනවා.. ඒකට පසුබිමක් විදිහට December 2025දී base
rate එක 3.75%ට අඩු කරාට පස්සේ, February 5th (BOE
meeting) එකේදිත් ඒ rate එක 3.75%ටම සම්මත වූ
නිසා, මේ කාලයට rate එක ටිකක් ස්ථාවරයි කියලා හිතලා සැලසුම් කරගෙන ඉදිරි
යට යන්න බොහෝ දෙනාට පහසු වෙලා තියෙනවා .
ඉතින් 2026 කියන්නේ “ඉක්මනට දුවලා අරගන්න” අවුරුද්දක් නෙවෙයි. මේක හොඳ
ට බලලා හොඳ තීරණයක් ගන්න අවුරුද්දක්. Buyer කෙනෙක්ද,
investor කෙනෙක්ද, නැත්නම් remortgage ගැන හිතන කෙනෙක්ද, මෙන්න මේ අවු
රුද්දේ වැදගත්ම points ටික ඔබටම කතා කරන විදිහට.

2026දී ගෙදරක් ගන්න එක: Panic නෙවෙයි, Confidence
ඉතා උණුසුම් වෙළඳපොළක් තිබුණ කාලේ,
buyer කෙනෙක්ට දැනෙන්නේ rush එකක්.
Viewing එකක් කරලා එළියට එන්නත් කලින් “application එක දාන්න” කියලා pressu
re එක. ඒ වෙලාවට “මට මේ ගෙදර හරිද?” කියලා හොඳට හිතලා බලන්න time එ
ක හම්බවෙන්නේ අඩුවෙන්. ඒ වගේ පසුබිමක, හොඳ තීරණයක් වෙනුවට “පීඩනය
ට කරන තීරණ” වැඩි වෙන්න පුළුවන්.
2026දී ඔබට ලැබෙන ලොකුම වාසිය තමයි තීරණ ගන්න ඉඩකඩ.
Compare කරන්න පුළුවන්. ප්‍රශ්න අහන්න පුළුවන්. හොඳට බලලා ගන්න පුළුවන්
. ඒ වගේ market එකක “හරි purchase එක” කියන්නේ ලාභයක් හොයන එක විතර
ක් නෙවෙයි, ඔයාගේ දවසට ගැළපෙන home එකක්.

 ගෙදරක් තෝරද්දි photo එකට ලස්සනයිද කියන එකට වඩා,
“මේක මගේ දවසට පහසුද?” කියන එක බලන්න. වැඩට යන්න ලේසිද,

parking තියෙනවද, ගෙදර තුළ ප්‍රමාණවත් ඉඩක් තියෙනවද, හොඳ ආලෝකය එ
නවද, වටපිටාව හොඳද, මාසික bills වැඩි වෙයිද වගේ දේවල්.
Pull quote: “Market එක සන්සුන් වෙද්දී, හොඳ decision එකක් ගන්න ලේසි වෙනවා.”

2026දී New Build houses වල වාසිය
ඔයාට කවදාවත් “new build එකක් මට ගැළපෙයිද?” කියලා හිතලා නැත්තම්වත්,
2026දී අඩුම තරමේ ඒ option එක ගැන හිතලා බලන්න වටිනවා. මේ අවුරුද්දේ සම
හර developerලා ගෙදරක් ගන්න ඇත්තටම තීරණය කරලා ඉන්න ගැණුම්කරුවන්
ට ආකර්ෂණීය දිරිගැන්වීම් දීමට ,උදාහරණයක් විදිහට deposit එකට support වගේ 
පටන් අරන් තිබෙනවා.
5% deposit contribution
සමහර developerලා (selected projects වල) ඇතැම් අවස්ථාවලදී,
deposit එකට සහය වශයෙන් 5% දක්වා deposit
contribution එකක් දෙනවා. මෙහි ලොකුම වාසිය තමයි deposit එක “ලොකු කන්ද
ක්” වගේ දැනෙන වෙලාවට, deposit එකට ඔබට දාන්න තියෙන මුදල අඩු වෙලා,
mortgage
process එක start කරන්න පහසු වීම. ඒකෙන් “තව ටිකක් ඉඳලා බලමු” කියන අද
හස “දැන් ඉස්සරහට යමු” කියල වෙනස් වෙන්නත් පුළුවන්. සමහර අවස්ථාවලදී 
මේ වගේ support එකක් තිබ්බාම හොඳ interest
rate එකක් ලබාගන්නත් උදව් වෙන්න පුළුවන්.
හැබැයි මෙතන වැදගත්ම දේ එකක් තියෙනවා. දිරිගැන්වීම හොඳයි, නමුත් ගෙදරේ
 සැබෑ වටිනාකම වඩා වැදගත්.
ඒ නිසා offer එකක් දැක්කා කියලාම ඉක්මන් තීරණයක් ගන්න එපා. ප්‍රදේශය, දිගු
කාලීන ඉල්ලුම, service charges
(තිබුණොත්), සහ මාසික bills නඩත්තු වියදම් වගේ දේවල් හොඳට බලලා තමයි “o
verall deal එක” තීරණය කරන්න ඕන.
Incentive එක අමතර බෝනස් එකක් විතරයි. අන්තිමට ඔබ තෝරන්න ඕනේ ඔබට
 වටින home එකක්.

First-time buyers 2026: Deposit එකට විකල්ප මාවත් තියෙනවා
First home එක ගැන හිතනකොට වැඩියෙන්ම stress වෙන්නේ deposit එක.
“මාසික ගෙවීම් පාලනය කරගන්න පුළුවන්, ඒත් deposit එක?” කියලා mortgage
process  එක පස්සට දානවා.

2026දී හොඳ news එක තමයි deposit එකට විවිධ මාර්ග තියෙන එක. ඒ නිසා ගො
ඩක් අයට “අපිටත් මේක කරන්න පුළුවන්” කියන හිතට හයියක් එනවා.

 සමහර අවස්ථාවල 5%

deposit වගේ අඩු deposit එකකින් පටන් ගන්න පුළුවන් විකල්ප තියෙන නිසා depo
sit එක ලොකු ගණනක් වෙනකම් ඉන්න ඕන නැතිව ගෙයක් හිමිකරගන්න සිහින
යට ඉක්මනින් පියවරක් ගන්න ලේසි වෙනවා. First time
buyers ලා දිරිමත් කරන එකේ හොඳ news එක තමයි, දැන් බොහෝ lenders ලා විවි
ධ deposit
options හඳුන්වා දීලා තියෙන එක. උදාහරණයක් විදිහට සමහර offers වල deposit 
එක “£5,000” වගේ ලඟා කරගන්න පුළුවන් විදිහට පේනවා, තවත් තැන්වල 0% /
no-
deposit වගේ options ගැනත් කතා වෙනවා. ඒ නිසා deposit එකම බාධාවක් වගේ 
දැනෙමින් හිටපු අයටත්, ගෙයක් හිමිකරගන්න ගමනට තවත් මාවතක් තියෙනවා 
කියලා දැනෙන්න පුළුවන්.
ඒකට අමතරව new
build පැත්තේ, සමහර developerලා deposit එකට 5% දක්වා contribution දෙන අවස්
ථා තිබ්බොත් deposit එකේ බර තවත් අඩුවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ rent එක 
ගෙව ගෙව ඉඳලා deposit එක සම්පූර්ණ කරගන්න කාලය ටිකක් කෙටි වෙන්න ඉ
ඩ තියෙනවා.

Buy-to-let 2026: තවම opportunity තියෙනවා, හැබැයි හොඳට තෝරලා යන්න
Buy-to-
let ගැන අහනකොට “ඉස්සර වගේ ලේසි නෑ” කියලා කියන අය වැඩි. ඒක ටිකක් ඇ
ත්ත. හැබැයි ඒකේ හොඳ පැත්තක් තියෙනවා.
2026දී ඉදිරියට යන්නේ hype එකට ඇදෙන investor කෙනා නෙවෙයි. ප්‍රදේශය හො
ඳට බලලා, ගණන් යථාර්ථවාදීව හදාගෙන, දිගුකාලීන plan එකක් එක්ක යන invest
or කෙනා.
Buy-to-
let එක සාර්ථක වෙන්නේ tenant කෙනෙක්ට “මෙතන ඉන්න ලේසි” කියලා දැනෙන 
ගෙදරක් තිබ්බොත්. ඒ “ලේසි” දේවල් බොහෝවිට සරලයි. ගමන් පහසුකම් හොඳද,
 රැකියා අවස්ථා තියෙනවද, පාසල් සහ දෛනික පහසුකම් ලඟද, ගෙදර සැලැස්ම 
භාවිතයට පහසුද. මේවා හොඳ නම් දිගුකාලීන ඉල්ලුම තිරසාර වෙන්න ලේසි.

 Buy-to-

let කියන්නේ ඉක්මනින් ලාභ හොයන දෙයක් නෙවෙයි. නිතර ලැබෙන ආදායමක් ස
හ තිරසාර ඉල්ලුමක් මත ගොඩනැගෙන දිගුකාලීන ගමනක්.
ඒ ගමනේ හොඳම ආරම්භය 2026දී මෙන්න.
“හොඳ තැනක හොඳ property එකක්” තෝරලා, වියදම් පාලනය කරගෙන, ගෙදරේ 
තත්ත්වය හොඳින් තියාගෙන,
tenant කෙනාට හොඳ අත්දැකීමක් දෙන විදිහට දිගටම ගෙනයන එක.

Remortgage 2026: paperwork එකක් නෙවෙයි, ඔබට reset එකක්
Remortgage එක බොහෝ දෙනාට පේන්නේ අමතර paperwork වැඩක් වගේ. හැබැ
යි ඒක paperwork එකට වඩා, ඔබගේ ගෙදර සහ මුදල් සැලසුම නැවත සකස් කර
ගන්න අවස්ථාවක් විදිහට බලන්න පුළුවන්.
එකෙන් පුළුවන් ඔබේ මාසික වියදම් ටික හොඳට පාලනය කරගන්න, ගෙවීම් ගැන
 සැලැස්මක් හදාගන්න, සහ ඔබේ ඉදිරි සැලසුම් එක්ක ගැළපෙන විදිහට තීරණ ගන්
න. මේකට පසුබිමත් ටිකක් සන්සුන් වෙලා තියෙනවා. December 2025දී base
rate එක 3.75%ට අඩු කරලා, February 5th (BOE
meeting) එකේදිත් ඒ rate එකම 3.75%ට තියාගත්ත නිසා, සැලසුම් කරගෙන තීරණ
 ගන්න බොහෝ දෙනාට ලේසි වුණා වගේ දැනෙන්න පුළුවන්.
ඔබ homeowner කෙනෙක් නම්, වැදගත්ම දෙය තමයි ඔබේ දවසට ගැළපෙන පරිදි 
plan එක tidy කරගන්න එක. ගෙවීම් පහසුවෙන් දරාගන්න පුළුවන්ද, ඉදිරියේදී මා
රුවෙන්න හිතනවද, ඔබට වැඩියෙන් අවශ්‍ය වන්නේ stability ද නැත්නම් flexibility ද
 කියලා හිතලා බලලා ඒකට ගැළපෙන විදිහට සකස් කරගන්න.
ඔබ landlord කෙනෙක් නම්, දේපලේ ආදායම වියදම් බලලා “මේ දේපල තවදුරටත් 
මගේ දිගුකාලීන සැලැස්මට ගැළපෙයිද?” කියලා සන්සුන්ව සලකා බලන්න.

අවසාන වචනය
අපි බොහෝ දෙනා property ගැන හිතනකොට “perfect time” එකක් හොයනවා.
හැබැයි ඇත්ත කතාව මෙන්න, perfect time එක කියන්නේ බොහෝ වෙලාවට
ලැබෙන්නේ නෑ. හොඳ decision එකක් එන්නේ සන්සුන්ව, සූදානම්ව, ඉදිරියට
පියවරක් ගන්න වෙලාවක.

ඉතින් ඔබ දැනටමත් හිතලා ඉවර නම්, දැන් action එකට යන්න. Viewings කරන්න,
compare කරන්න, ප්‍රශ්න අහන්න, හොඳට බලලා ඔබට ගැළපෙන right decision
එක ගන්න. ඒ අතරම, ඔබට ගැළපෙන options පැහැදිලි කරගෙන, budget එකත්
plan එකත් තවත් හොඳට සකස් කරගන්න mortgage adviser කෙනෙක් එක්ක කතා
කරලා next step එක confident විදිහට ගන්න.