Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

ගෙවුනු සතිය මැතිවරණ සතියක්

ගෙවුනු සතිය මැතිවරණ සතියක්. ලංකාවට වගේම එංගලන්තයටත්. ලංකාවේ නම් පාළාත් පාළන ආයතන 341 ක් සදහා සභිකයන් තෝරා පත්කර ගන්න රට පුරාම මැතිවරණය පැවැත් උනා. මැතිවරණයෙන් වැඩි ජයග්රහණයක් ලබා ගත්තේ පාළක ජාතික ජන බලවේගයම තමයි. එංගලන්තයේ මැතිවරණය පැවැත්වුනේ රටේ ප්රදේශ කිහිපයක පළාත් පාළන ආයතන 23 ක් වගේ ඉතා සුළු ප්රමාණයක විතරයි. හැබැයි සුළු මැතිවරණය රටේ මැතිවරණ සිතියම වෙනස් වෙමින් පවතින බවට විශාල ඉගියක් ලබා දුන්නා. ඇත්තටම කුඩා ප්රථිපලය එක්සත් රාජධානියේ දේශපාළන පක්ෂ දෙදරවන්න සමත්වුනු ප්රථිපලයක් උනා.

 

පැවති මැතිවරණයේ වැඩි ගෞරව දිනා ගන්න සමත් උනේ Reform UK කියන දේශපාළන පක්ෂය. මීට මාස දහයකට විතර කලින් පැවති මහ මැතිවරණයෙන් අති විශාල ජයග්රහණයක් ලබපු කම්කරු පක්ෂය එක පැත්තකින් ඉද්දි එංගලන්තයේ පැරණිම මෙන්ම දැවැන්තම දේශපාළන පක්ෂය වෙච්ච කොන්සර්වේටිව් පක්ෂය තවත් පැත්තකින් ඉද්දි අළුත්ම දේශපාළන පක්ෂයක් වෙච්ච වගේම බ්රිතාන් පාර්ලිමේන්තුවේ ආසන පහක් පමණක් හිමිකර ගනිමින් 6 වන ස්ථානයේ පමණ පසුවෙන Reform UK පක්ෂය එකවරම එවැනි දැවැන්ත ජයග්රහණයක් ලබමින් ඉදිරියට පැමිණීම හැමෝම විශ්මයට පත්කරන කාරණාවක් උනා.

 

Reform UK කියන්නේ ජාතිකත්වය පදනම් වෙච්ච පක්ෂයක්. ස්වදේශිකත්වය එහෙම නැත්තම් ආසියානු රටවලදි නම් ඒක ජාතිවාදය විදියට හැදින්වෙනවා. එංගලන්තයේ විතරක් නෙමයි ඇමරිකාවත් යුරෝපයත් ප්රමුඛ බටහිර රටවල් සියල්ලකම පාහේ පහුගිය කාලය පුරාම දකින්න ලැබුනේ මේ ජාතිකත්ව රැල්ල. කියන්නේ සංක්රමණිකයන්ට විරුද්ධව හඩ නගන, සංක්රමණ එපා කියන රැල්ල. රැල්ලෙම පීනලා ගිහාන් තමයි මෙවර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් බලය ගත්තෙත්. දැන් එක්සත් රාජධානියටත් රැල්ල විදියටම ගහනවා.

 

Reform UK පක්ෂය මෙවර පළාත් පාළන මැතිවරණයේ සභික ආසන 1600 කි අතරින් ආසන 677 ක් දිනා ගනිමින් පළමු ස්ථානයට පත්වෙනවා. පාළක කම්කරු පක්ෂය සමස්ථයක් ලෙස හතරවන ස්ථානයට ඇද දමමින්. පළාත් පාළන ආයතන පමණක් නොව පාර්ලිමේන්තු ආසනයක් සදහා එදිනම පැවති අතුරු මැතිවරණය ජයග්රහණය කරන්නත් Reform UK පක්ෂය සමත් වෙනවා. නගරාධිපති ධූර හයෙන් දෙකක් ජයග්රහණය කරන්නෙත් ඔවුන්. මේ සියළු ජයග්රහණ Reform UK පක්ෂය ලබා ගන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට.

 

නිගෙල් ෆරාජ් කියන්නේ Reform UK පක්ෂයේ නායකයා. බැලූ බැල්මටම ඔහු සාම්ප්රධායික බ්රිතාන් දේශපාළඥයන්ට වඩා සෑහෙන්න වෙනස් චරිතයක්. බොහොම ගරු ගාමිභීර ස්වරූපයක් පෙන්නම් කරන අනෙක් බ්රිතාන් දේශපලන නායකයක්ට වඩෙ ෆරාජ්ගෙන් දිස්වන්නේ බොහොම සැහැල්ලු සහ අපිළිවෙල පෙනුමක්. ඔහුගේ දේශපාළන ප්රතිපත්ති විතරක් නෙමෙයි සමහර හැසිරීම් පවා ඇමරිකානු ජනාධිපති ට්රම්ප්ට සමානයි. වගේම පෞද්ගලිකවත් ඔහු ට්රම්ප්ගේ හොදම හිතවතෙක්ද වෙනවා. එහෙමත් තියෙද්දි තමයි නිගෙල් ෆරාජ් මේ තරම් ජයග්රහණයක් ලබන්නේ. ඔහුගේ මේ ඉදිරියට ඒම බ්රිතාන් ආණ්ඩුව කොච්චර ගැස්සුනාද කියලා හිතා ගන්න පුළුවන් රජය පහුගිය සතියට විතරක් කරපු වැඩ ටික බැලුවම.

 

නිගෙල් ෆරාජ් මුලින්ම මතුවෙන්නේ 2016 වසරෙදි යුරෝපා සංගමයෙන් ඉවත් වෙනවද නැද්ද කියලා බ්රිතාන්යයේ තිබුනු ජනමත විමසුමේදී. ඔහු එවකට දැඩිව පෙනී සිටියේ බ්රිතාන් යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුයි කියන තැන. වෙලාවේ පැවති ජනමත විචාරනයෙන් ඔහු දරපු මතය ජයග්රහණය කලත් චරිතයක් විදියට නිගෙල් ෆරාජ් ඉහළට මතු උනේ නෑ. ඊටත් පස්සේ Brexit පක්ෂය විදියට කරලියට ආපු ඔහු බ්රිතාන් පාර්ලිමේන්තුව ඇතුලේ ජයග්රහණයක් ලබන්න බැරි උනත් බ්රිතාන්යය යුරෝපා පාර්ලිමේන්තුව සදහා තරග වදින කොට එහි වැඩිම ආසන දිනාගත්තේ නිගෙල්. පස්සේ බ්රිතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් සමග ඔහුගේ පක්ෂයත් විසුරුවා හැරපු නිගෙල් ෆරාජ් ආයෙත් Reform UK පක්ෂයත් එක්ක කරලියට එන්නේ 2024 මහ මැතිවරණයේදී. අපි බලාගෙන ඉමු බ්රිතාන්යයේ ඊළග අගමැතිධූරයට නිගෙල් කොච්චර වේගයෙන් ලගාවෙයිද කියලා.

 

තිලාන් ජයසේකර

Home / Life-Style / Daily-Topics / 25-May-01