Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

තිබිය යුතු මතකය

අමතක කරන්නෙපා
ජීවිතේ මඟ දාල ගිය මිනිස්සු,
එයාල අපිට ජීවිතේ
නැගිටින හැටි කියල දුන්නා

අමතක කරන්නෙපා
ඇස්වලට කඳුළු දීපු මිනිස්සු
එයාල අපිට
රාගන්න කියල දුන්නා

අමතක කරන්නෙපා
බොරු කරපු මිනිස්සු
එයාල අපිට
සත් පෙන්නලා දුන්නා

අමතක කරන්නෙපා
චෝදනා කරපු මිනිස්සු
එයාල අපිට ජීවිතේ ගැන
කියලා දුන්නා

අමතක කරන්නෙපා
අපිට බලාපොරොත්තු
දීපු මිනිස්සු,
එයාලා අපිට අරමුණු වලට යන්න
කියලා දුන්නා

අමතක කරන්නෙපා
තැන තැන වැරදි කියපු මිනිස්සු,
එයාලා අපිට
මිනිසුන්ගේ හැටි කියලා දුන්නා

හැබැයි කවදාවත්
අමතක කරන්නෙපා
මුළ අමතක කරපු මිනිස්සු
එයාල අපිට
සසරේ දුක කියලා දුන්නා

 

ගගන ගුරුගේ

Home / Other / 25-may-12