Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

පක්ෂාඝාතය දරුවන්ට වැළඳිය හැකි ද?

ළමුන් අතර බහුලව පවතින දිගු කාලීන ආබාධ අතරින් Cerebral Palsy (CP) තත්ත්වය මස්තිෂ්කයට හානි වීම නිසා දීර්ඝ කාලීනව පීඩා ගෙනදෙන රෝගී තත්ත්වයකි.

 

මෙම රෝග අවස්ථාව දරුවාගේ ළමා වයසේ සාමාන් වර්ධනයට බාධා කරමින්, විවිධ රෝගාබාධ, විකෘතිතා මෙන්ම මරණය වුවද ළඟා විය හැකි රෝග අවස්ථාවක් ලෙස සැළකේ.

ලෝකයේ ජීවී උපත් 1000කට දරුවන් 2-3ක් පමණ Cerebral Palsy තත්ත්වයෙන් පීඩා විඳින අතර සංවර්ධනය වෙමින් පවතින රටවල මෙම අගය මීට ඉහළ අගයක් ගන්නා බව වාර්තා වේ

නව් වෛද් විද්යාව තුළ බහුලව කතාබහට ලක්වන මස්තිෂ්ක ආඝාතමය තත්ත්වය, දරුවෙකු ඉපදීමට පෙර, ප්රසව අවස්ථාව හා ඉපදුණු පසු ළදරු කාලය යන ඕනෑම අවස්ථාවකදී මොළයේ සෛල අනතුරට පත්වීමෙන් ඇතිවන රෝග අවස්ථාවක් ලෙස පිළිගැනේ.

ඇවිදීමේ හැකියාව, ඉරියව් පාලනය, මාංශපේශීන්ගේ තානය කෙරෙහි විශේෂ බලපෑම් ඇතිකරන මෙම තත්ත්වය තවදුරටත් වැඩිදියුණු නොවන (non-progressive) ව්යාධි කාණ්ඩයක් ලෙස සැළකේ.

තවද, Spastic, Dyskinetic, Ataxic හා පොදු ලක්ෂණ අනුව mixed Cerebral Palsy ලෙසට ප්රබේද හඳුනා ගෙන ඇත.

ආයුර්වේද වෛද් විද්යාවේ සඳහන් ආකාරයට බාලක පක්ෂාඝාතය යනු, හිසෙහි මර්මයන්ගේ අභිඝාතය නොහොත් මොළයේ සෛල අනතුරට පත් වීම හේතුවෙන් චාලක ක්රියා, ඉරියව් පාලනය සහ පේශි සමායෝජනය නිසියාකාරව සිදු නොවන රෝගී අවස්ථාවකි. එහි රෝග සම්ප්රාප්තිය එනම් රෝගය හටගනු ලබන ආකාරය මෙන්ම රෝග ලක්ෂණ බොහෝසෙයින් Cerebral Palsy රෝගය සමඟ සමානතා පෙන්වන අතර ප්රතිකාරයේදී සාර්ථක බවක් දක්නට ලැබීම සුවිශේෂත්වයකි. වාත දෝෂය ප්රමුඛ රෝග තත්ත්වයක් වන බාලක පක්ෂාඝාත රෝග අවස්ථාව බොහෝ විට කඵ දෝෂයේ සම්බන්ධතාවය සමඟ ඉස්මතු වේ. ඇතැම්විටආවරණ ජන් වාත ව්යාධිඅවස්ථාවක් ලෙස සැළකේ.

විකෘති වාත දෝෂය මාංශ පේශීන් මත ක්රියාකරමින් ඇති කරන මාංශගත වාත, සමස්ථ සිරුරම ආඝාත කරමින් හටගන්නා සර්වාංග වාත හා මාංශ ක්ෂය අවස්ථාවන් තවදුරටත් Cerebral Palsy තත්ත්වයන් හා බොහෝසෙයින් සසැඳේ.

පූර්ව ප්රසූත, ප්රසූත හෝ පසු ප්රසූත අවස්ථාවන්හිදී ඇතිවන සංකූලතා නිසා හටගනු ලබන මෙම රෝග අවස්ථාවේදී

දරුවාගේ වර්ධන හා සංවර්ධන ක්රියාවන්ගේ අඩාලවීම හා චාලක ක්රියා නිසි පරිදි සිදු නොකිරීම රෝගයේ ප්රධාන ලක්ෂණයන් ලෙස දක්නට ලැබේ

 

රෝග ලක්ෂණ:-

මාංශ පේශීන්ගේ තද බව හෝ අධික මෘදු බවින් යුක්ත වීම

පේශි සමායෝජනය හා තුලිත බව ගිලිහී යාම

පාලනය කිරීමට අපොහොසත් චලන පැවතීම

වර්ධන හා සංවර්ධන අවධි ප්රමාද වීම. (වයසට සරිලන නිසි බර නොමැතිවීම, නිවැරදි කාලයේදී පෙරළීම, හිඳගැනීම, දණගෑම, කතාකිරීම, ඇවිදීම සිදු නොකිරීම)

බුද්ධි වර්ධනය අඩාල වීම

කථන දුර්වලතා, පෙනීමේ හා ඇසීමේ දුර්වලතා පැවතීම 

ශරීර කම්ප (Seizures/epilepsy) වරින් වර හටගැනීම

 

රෝග ලක්ෂණ එකිනෙකාට අනුව වෙනස් වුවද, මොළයේ බලපෑමට ලක්ව ඇති ප්රදේශය අනුව රෝග තත්ත්වය හා තීව්රතාවය වෙනස් විය හැක.

 

රෝග හේතු :-

ගර්භ කාලයේ දෝෂ විකෘති වීම, බීජ දෝෂ නොහොත් ජානමය විකෘතිතා, මවගේ පෝෂණය අඩු වීම, ගර්භණී මව ගර්භ පරිචර්යා (ගර්භණී කාලයේ පිළිපැදිය යුතු ගර්භයට හා ගර්භණියට හිතකර චර්යයා හා සුපරික්ෂාකාරී පිළිවෙත්) නිසි පරිදි අනුගමනය නොකිරීමමවගේ මානසික ආතතිය

අසාර්ථක සෘතු සමය, ඩිම්බ මෝචනයේ ගැටලු, මවගේ ඔසප් චක්රය නිසි පරිදි නොපැවතීම, නිරෝගී ඩිම්බ හා ශුක්රාණු සංසේචනය නොවීම

හෝර්මෝනමය අසමතුලිතතාවයන් පැවතීම

මවගේ ගර්භාෂය ආශ්රිත ගැටලු (ශරීර රචනාත්මක වෙනස්කම්, fibroids)

– ‘දෞහෘද් අවමානනොහොත් දොළදුක නොසංසිඳීම 

ගර්භයට හානි ගෙනදෙන ආහාර ගැනීම හා අයහපත් චර්යයා රටා පැවතීම

ගර්භණී කාලයේ වැටීම්, පහර වැදීම් සිදුවීම

ගර්භණී මවට පවතින රෝග තත්ත්ව හා ලබා ගන්නා ඇතැම් ඖෂධ 

ගර්භණී කාලයේ වැළඳෙන ඇතැම් ආසාධිත රෝග (රුබෙල්ලා වැනි)

 

යන හේතූන් නිසා ගර්භයේ නිසි වර්ධනයට හානි ගෙනදිය හැකිය. තව ,

 

ප්රසූතියේදී ගර්භය පහළට හෙලීමට අවශ් බලය නොමැතිවීම (Prolong delivery)

දරුවා උපතේදී හැඬීම සිදු නොකිරීම නිසා ශ්වසන පද්ධතිය නිසි පරිදි ක්රියා නොකිරීමෙන් මොළයේ සෛල වෙත ඔක්සිජන් ගමන් කිරීම අඩාල වීම

දරු උපතේදී සිදුවන ආබාධ, නොමේරූ දරු උපත් හා අඬු ආධාරයෙන් සිදුවන ප්රසූත (forcep delivery) 

දරුවා වටා පෙකෙණි වැල වෙලී පැවතීම නිසා මොළයේ සෛල කරා ඔක්සිජන් ලැබීම අඩාල වීම

ප්රසූතියෙන් පසු දරුවා නිසි පරිදි රැකබලා නොගැනීම

 

යන අවස්ථාවන්හිදී බිළිඳාගේ හිසේ මර්ම හානි වීම් සිදු වීම.

 

විශාල වියදම් දරමින් හා නවීන උසස් තාක්ෂණය හා නව් වෛද් විද්යාත්මක මූලධර්ම උපයෝගී කරමින් විශේෂිත ප්රතිකාර පර්යේෂණ මට්ටමින් අත් හදා බැලීම් සිදු කලද, මස්තිෂ්කයේ සිදුවන ස්නායු ආඝාතය සඳහා තවමත් සාර්ථක ප්රතිඵල ලබා ගැනීමට අපොහොසත් වී ඇත. නමුත් තාක්ෂණික උපකරණ හා මෙවලම් යොදාගනිමින් සිදු කරන භෞතචිකිත්සීය ප්රතිකාර ක්රම යම් ප්රගතියක් ලබා දෙන අතර බාහිර හා අභ්යන්තර ඖෂධීය ආයුර්වේද ප්රතිකාර මගින් වඩාත් සාර්ථක ප්රතිඵල ලබා ගත හැකි බවට පර්යේෂණ තුළින් තවදුරටත් සනාථ කොට ඇත

 

ජීවන තත්ත්වය ඉහළ නැංවීම හා රෝග ලක්ෂණ අවම කරමින් චාලක හා මානසික සංවර්ධනය නඟා සිටුවීම පිළිබඳ ආයුර්වේද ප්රතිකාරයේ සාඵල්යතාව විද්යාත්මක සායනික පර්යේෂණ මඟින් තහවුරු කොට ඇත.

පර්යේෂණ මඟින් පෙන්වාදී ඇති පරිදි පංච කර්ම ප්රතිකාර සමඟ අභ්යන්තර ඖෂධ ලබා දීමෙන් නේවාසිකව සිදුකරන ප්රතිකාර පද්ධතියක් මඟින් සාර්ථක ප්රතිඵල අත් කරගැනීමේ හැකියාව පවතී.

අභ්යංග, ස්වේදන, උද්වර්තන, නස්, විරේචන, වස්ති යනාදී විශේෂිත ප්රතිකාර මඟින් පර්යේෂණාත්මක ප්රතිකාර ඇගයීම් සිදු කර ඇත.

 

අභ්යංග, ස්වේදන ප්රතිකාර මගින් දෝෂ කෝෂ්ඨය කරා ගෙන විත් විකෘති වූ දෝෂ, කෝෂ්ඨයෙන් බැහැර කිරීම (ශෝධනය) විරේචන හා වස්ති යන පංච කර්ම ප්රතිකාර මගින් සිදු කෙරේ. තවද වාත දෝෂය නිවැරදිව සැකසීමෙන් වර්ධන, සංවර්ධන අවධි නිවැරදි කිරීමත්, මාංශ, අස්ථි, මජ්ජා ධාතූන් වෙත නිසි පෝෂණය සැපයීමත් ප්රතිකාරයේදී සිදු වේ. එමෙන්ම, මධ් ස්නායු පද්ධතිය උත්තේජනය සඳහා යෝග් ඖෂධ භාවිතය මේධ්, ස්මෘති, බුද්ධි යන මානසික ක්රියා යහපත් තත්ත්වයට පත් කිරීමට උපකාරී වේ.

 

ප්රතිකාර වලට යොමුවීම සඳහා කුඩා දරුවාගේ වර්ධනසංවර්ධන අවධි පිළිබඳව අවධානය යොමු කිරීමත්, මෙම අවධීන්ගේ ප්රමාදය ක්ෂණිකව හඳුනා ගැනීමත් සිදු කළ යුතු වේ.

එබැවින්, වර්ධනයේ අවධි පිළිබඳ දැනුවත් වෙමින් අධීක්ෂණය අඛණ්ඩව සිදු කිරීම අත්යවශ් වේ.

MRI, CT Scan පරීක්ෂණ මඟින් වෛද්යවරුන් විසින් රෝග අවස්ථාව තහවුරු කරගන්නා අතර නවීන වෛද් විද්යාත්මක ප්රතිකාරයේදී කථන චිකිත්සා හා භෞත චිකිත්සා ප්රතිකාර සඳහා ප්රධාන තැනක් හිමි වේ. මීට අමතරව රෝග ලක්ෂණ අතර ප්රකට වනශරීර කම්ප‘ (Seizures) සඳහා ප්රතිකාර සිදු කරන අතර ඇතැම් ආබාධ තත්ත්වයන් සඳහා ශල්යකර්ම නිර්දේශ කෙරේ.

 

ආයුර්වේද ප්රතිකාර පද්ධතිය තුළ දේශීය කෂාය වට්ටෝරු වල අඩංගු මස්තිෂ්කයට හිතකර ගොටුකොළ, ලුණුවිල, වැල්මී, වදකහ, අමුක්කරා, මී පැණි යන ඖෂධ  භාවිතයත්, දේශීය දළු අනුපාන උපයෝගීතාවයත්, නවරත්න කල්කය, සාරස්වත චූර්ණය, බ්රාහ්මී ඝෘත යන ඖෂධ භාවිතයත් අභ්යන්තර ප්රතිකාරයේදී වැදගත් වේ. එමෙන්ම, බාහිර ප්රතිකාර ලෙස අත්, පාද හා හිස ඖෂධීය තෙල් යොදා ගනිමින් සිදු කරන තෛල අභ්යංගය සාර්ථක ප්රතිඵල ලබා දේ. නවීන වෛද් විද්යාවට අනුව සුව කළ නොහැකි, ‍රෝග ලක්ෂණ අවම කිරීම පමණක් කළ හැකි රෝග අවස්ථාවක් සේ සැළකුවද, ශිරෝධාරා, පිචිචිල්, පිණ්ඩ ස්වේද හා සර්වාංගධාරා අඩංගු වන විශේෂිත ප්රතිකාර පද්ධතියක් ආයුර්වේද රෝහල් වල ක්රියාත්මක කිරීම තුළින් වයස අවුරුදු 2 නොඉක්මවූ දරුවන් හට ප්රතිකාරයේදී ඉහළ ප්රගතියක් ලබා දෙන බව තහවුරු කොට ඇත.

 

මොළයේ සෛල ආඝාත වීම යනු, ජීවිත කාලය පුරා පීඩා විඳින රෝග අවස්ථාවක් වන බැවින්, කුඩා අවදියේම රෝග තත්ත්වය හඳුනා ගනිමින් ප්රතිකාර සඳහා යොමුවීම තුළින් ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මෙන්ම තෘප්තිමත් ජීවිතයක් ළඟා කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. ශාරීරික හා මානසික ආබාධිත බව නිසා සමාජයෙන් දරුවන් වෙන් කිරීම ඇතැම්විට දක්නට ඇති නමුත්, ආබාධ සහිත දරුවන් කෙරෙහි තම පවුල තුළදීත්, සමාජයේදීත් විශේෂ අවධානය ලබා දීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වේ. එබැවින්, හඳුනාගත් වහාම රෝගී දරුවන් නිසි ප්රතිකාර සඳහා යොමු කිරීම අත්යවශ් වන අතර එම සමාජ සත්කාරය උදෙසා නිසි දැනුවත්වීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුය.

 

වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS-Colombo (SL)

Home / Ayurvedic / 25-may-13