Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

කුරුලෑ නිසා ඔබත් පීඩාවෙන් ද?

ශාරීරිකව මෙන්ම මානසිකව අධිකව පීඩා දෙනකුරුලෑලෙස සාමාන් ව්යවහාරයේ හැඳින්වෙන Acne vulgaris නම් සම ආශ්රිත රෝගී තත්ත්වය කාලීනව (Chronic) හටගනු ලබන බැක්ටීරියා ආසාදිත රෝග අවස්ථාවකි. බටහිර වෛද් විද්යාත්මකව තරුණ අවධියේ ඇන්ඩ්ර්ජන් හෝර්මෝන ක්රියාකාරීත්වය නිසා අධිකව ස්නේහය ශ්රාවය වීම හා බැක්ටීරියා ( _Cutibacterium acnes_ bacteria) ආසාදනයට ලක්වීම කුරුලෑ හට ගැනීමේ රෝග හේතූන් ලෙස සැළකේ. එබැවින්, තාරුණ්යයේ ස්රාවය වන හෝර්මෝන වල අසමතුලිත බවත්, ස්නේහ ශ්රාවී ග්රන්ථි වල අධික ක්රියාකාරීත්වය හේතුවෙන් රෝම කූප (hair follicles) ආශ්රිතව ඇතිවන අවහිරතා පසුව  ආසාදනයට ලක්වීමෙන් (inflammation) කුරුලෑ හටගනු ලබන බව පිළිගැනේ.

 මෙසේ ස්නේහය නිපදවන ග්රන්ථි අවහිරවීමෙන් පසු අවට සමේ සෛල ආසාදනය වී බැක්ටීරියා ක්රියාකාරීත්වය හේතුවෙන් සැරව රැස් වීමෙන් සැරව පිරි විශාල කුරුලෑ (acne) ඇතිවේ

මෙවැනි අවහිරවීමකදී සම මතුපිටට ආසන්න ග්රන්ථි ස්වභාවිකව පුපුරා ගොස් ස්රාව පිටවී යාමෙන් ක්රමයෙන් සම යථා තත්ත්වයට පත් වේ.

නමුත් සමේ මදක් ගැඹුරින් පිහිටි ග්රන්ථියක් අවහිර වීමේදී එය පුපුරා නොගොස් ගෙඩියක් ලෙස ඉලිප්පී පැවතිය හැක

මෙම ගෙඩි වැනි නෙරීම් සමෙහි ස්නේහ ශ්රාවී ග්රන්ථි අධිකව පිහිටන මුහුණ, ගෙල, පිටෙහි හා ඉහළ පපු ප්රදේශයේ බහුලව දක්නට ලැබේ.

 

Black සහ white comedones, macules, papules (බිබිලි), pustules (සැරව සහිත ගෙඩි), cyst (ග්රන්ථි) හා ලප කැළැල් යන විවිධ ආකාරයන්ගෙන්  පීඩාවන් ඇතිකරන රෝග අවස්ථාවක් ලෙසට මෙය සැළකේ.

 

ආයුර්වේද වෛද් විද්යාවේදී රෝග වර්ගීකරණයට අනුව චර්ම රෝග යටතේ ක්ෂුද් රෝග අවස්ථාවක් ලෙස මෙම රෝග අවස්ථාව ප්රබේද වේ.

ප්රධාන රෝග කාණ්ඩයක් ලෙස දක්වා නොමැති වුවද සමාජය තුළ පුද්ගල පෞර්ෂය කෙරෙහි බොහෝ සෙයින් බලපෑම් ඇති කල හැකි, මානසිකව අධිකව පීඩා ගෙන දෙන රෝග තත්ත්වයක් ලෙස සැළකේ. එබැවින් කුරුලෑ යනු වර්තමානයේ බොහෝ දෙනා වැඩි වශයෙන් අවධානය ලබා දෙන සමේ රෝගයක් බවට පත් වී ඇත.

මෙම අවධානය ලබා දීම නිසි වෛද් උපදෙස් යටතේ සිදු නොකිරීමත්, වැරදි ආහාර හා පුරුදු නිරන්තරයෙන් අනුගමනය කිරීමත්, මුහුණට අත් හදා බලන වෛද් උපදේශයකින් තොර වූ ප්රතිකාර ක්රම සිදු කිරීමත් නිසා රෝගය පහසුවෙන් සුව කරගත හැකි අවස්ථාවන් මඟ හැරී යනු ඇත.

නව යොවුන් කාලයේ බහුලව හටගනු ලබන මෙම රෝගයයෞවන පිඩකාහාමුඛ දූෂිකාලෙසට සුශ්රැත සංහිතා ග්රන්ථයෙහි සඳහන් වේ.

ස්පර්ශයෙන් රළු, කටු වැනි නෙරීම් ඇති කරන මෙම රෝග අවස්ථාව වේදනාව, දැවිල්ල, සැරව ගැලීම, කැසීම යන රෝග ලක්ෂණ ස්ථානිකව දක්නට ලැබේ.

වාත හා කඵ දෝෂ විගුණතාවයත්, රස, රක්ත හා මේදස් ධාතූන් දූෂණය වීමත් නිසා රෝගයේ හටගැනීම පිළිබඳව ආයුර්වේද මූලධර්මානුකූලව විස්තර වේ.

 

රෝග හේතු :-

සිරුරේ ඇතිවන හෝර්මෝනමය වෙනස්වීම්

හිසෙහි හිස්සොරි පැවතීම

ජලය අවශ් තරම් පානය නොකිරීම

ඔසප් චක්රයේ අක්රමිකතා

අධික මානසික ආතතිය 

සුව නින්දක් නොලැබීම

රාත්රී කාලයේ අධික ලෙස නිදි වැරීම

ගැඹුරු තෙලේ බදින ලද අධික තෙල් සහිත ආහාර වැඩිපුර ආහාරයට ගැනීම

සමට අහිතකර සැර සබන් හෝ වෙනත් නුසුදුසු සෝදනකාරක භාවිතා කිරීම

රූපලාවණ් ආලේපන වර්ග බොහෝ වේලාවක් ගල්වා සිටීම

සැර ෂැම්පූ වර්ග භාවිතා කිරීම

ඇතැම් රූපලාවණ් නිෂ්පාදන ආසාත්මික වීම

අධික පැණි රස, කැෆේන් අඩංගු පානවර්ග නිතර පානය කිරීම

මුහුණ පිරිසිදු කිරීම නිසියාකාරව සිදු නොකිරීම

දුම්, දූවිලි, අධික හිරු රශ්මිය, විෂබීජ වලට සම නිතර නිරාවරණය වීම

ඇතැම් ඖෂධ හා උපත් පාලන පෙති වර්ග භාවිතය

 

අපිචර්මය යනු මිනිස් සිරුර ආස්තරණය කරමින් පවතින සමෙහි පවතින පිටස්තර සෛල ස්ථරයයි.

මෙය බාහිර පරිසරය හා නිරන්තරයෙන් ගැටෙන බැවින් පහසුවෙන් ආසාදනයන්ට ලක්වීමේ අවධානම නිරායාසයෙන්ම පවතී.

එමනිසා නිවසෙන් පිටත බාහිර පරිසරයේ දූවිලි හා විෂබීජ හා ගැටෙන අවස්ථා වලදී නිවසට පැමිණි වහාම මුහුණ සෝදා පිරිසිදු කරගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුය.

එදිනෙදා බොහෝ කටයුතු වල යෙදීමේදී අපේ දෑත් නිරන්තරයෙන් කුණු, දූවිලි, විෂබීජ වලට ස්පර්ශ වේ. දෑත් නොසෝදා මුහුණ ඇල්ලීම සිදු කිරීම මඟින් සියළු විෂබීජ ඔබ මුහුණ කරා පහසුවෙන් ලඟා වෙනු ඇත. එමනිසා අපිරිසිදු දෑත් වලින් මුහුණ ඇල්ලීම සිදු නොකිරීමට වග බලා ගැනීම කුරුලෑ වලින් වැළකීම සඳහා ඔබ විසින් පිළිපැදිය යුත්තකි.

එමෙන්ම ඔසප්වීම් සම්බන්ධ ගැටලු පවතීනම් සම්බන්ධයෙන් ප්රතිකාර වලට යොමු වීම වහාම කළ යුතුය.

හිසේ හිස්සොරි පවතීනම් සඳහා නිවැරදි ප්රතිකාර ලබා ගත යුතු වේ.

බොහෝ කාලයක් තිස්සේ භාවිතා කිරීමෙන් අනතුරුව හිතකර ප්රතිඵල ලැබූ, ඔබට හුරු පුරුදු මුහුණ සේදුම් කාරකයක් (face wash) පවතීනම් එය මුහුණ සේදීමට භාවිතා කිරීම හෝ මෘදු සබන් වර්ගයක් (baby soap) භාවිතා කිරීම සුදුසු .

තෙල් සහිත සමක් පවතී නම් නිතර මුහුණ පිරිසිදු කිරීමත්, මෘදු වාෂ්ප ස්වේද (steam) සිදු කිරීමත් හිතකර ප්රථිඵල ලබා දේ.

පුද්ගල ප්රකෘතිය හා දෝෂ කෝපතාවය සළකා බලා කොහොඹ, කෝමාරිකා, ලොත්සුඹුල්, වැල්මදට, සුදුහඳුන්, රත් හඳුන්, මයිල පොතු, නෙල්ලි, කෝමාරිකා යන සමට හිතකර ශාකමය ඖෂධ වල උපයෝගය තුළින් බාහිර ප්රලේප අඩංගු පුද්ගලානුබන්ධ සාර්ථක චිකිත්සා පද්ධතියක් ආයුර්වේද ප්රතිකාරයේදී සිදු කෙරේ.

අභ්යන්තර ඖෂධ ලෙස රක්ත ශෝධන, පිත් ශමන, මල අනුලෝමන කෂාය, ක්වාත, ගුලි, කල්ක, චූර්ණ, ආසව, ගුග්ගුලු වර්ග භාවිතා කෙරේ.

පංච කර්ම ප්රතිකාර වන වමන, විරේචන, නස් හා ජලෞකා රක්ත මෝක්ෂණය ප්රතිකාරයේදී සාර්ථක ප්රථිඵල ලබා දේ.

 

සතියකට වරක් හෝ දෙවරක් නුගපොතු, බෝ පොතු, අට්ටික්කා පොතු, මයිල පොතු තැම්බූ ඖෂධීය මද උණුසුම් ජලයෙන් මුහුණ සේදීමත් කුඹුක් පොතු සියුම් චූර්ණය මී පැණි සමඟ මිශ් කර හෝ කෝපි කුඩු, මී පැණි හා ලෙමන් යුෂ ඉතා ස්වල්පයක් මිශ් කර මුහුණේ ආලේප කොට මිනිත්තු 20කින් පමණ සෝදා හැරීම කුරුලෑ ඇතිවීම වළක්වා නිරෝගී පැහැපත් මුහුණක් හිමි කරගැනීමට නිවසේදී අනුගමනය කළ හැකි ප්රතිකාරයකි.

 

කුරුලෑ රෝගයෙන් පෙළෙන අයෙක් නම් සඳහා නිවැරදි ප්රතිකාර ලබා ගැනීම සඳහා සුදුසුකම් ලත් වෛද් උපදෙස් යටතේ ආයුර්වේද වෛද් ප්රතිකාර ලබා ගැනීම නිර්දේශ කළ හැකි අතර අභ්යන්තර හා බාහිර ප්රතිකාරයේ ඉහළ සාර්ථකත්වයක් ඇති රෝග අවස්ථාවක් ලෙස සඳහන් කළ හැක.

 

ආයුර්වේද වෛද් නාලිකා හංසිනී ජයතිලක 

BAMS – Colombo (SL)

Home / Beauty-Hints / 25-June-02