Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

යාත්‍රා

  1. යාත්‍රා Live in Concert 2025. මොකක්ද මේ යාත්‍රා කියන්නෙ?
    යාත්රා කියන්නෙ එක්සත් රාජධානියේ වෙසෙන ශ්රී ලාංකිකයින් වෙනුවෙන් Roxsel Entertainment විසින් ගෙන එනු ලබන අව්යාජ සංගීතමය චාරිකාවේ සුවිශේෂ වූ තවත්එක් සංදිස්ථානයක්.

    2. Roxsel Entertainment ගැන යම් දෙයක් කිව්වොත්?
    එක්සත් රාජධානියේ සිටින ශ්රී ලාංකික ප්රේක්ෂකයින්ගෙ හදවතට ලාංකීය සංගීතයේ උසස් රසාස්වාදයක් සහ අමතක නොවන අත්දැකීම් රැසක් නිර්මාණය කිරීමේ කීර්තියක් ලබාගෙන ඇති ආයතනයක් තමයි Roxsel Entertainment කියන්නෙ. මෑත ඉතිහාසය ගත්තම ඔවුන් විසින් සංවිධානය කරපු සුනිලයාමය 2023 සහ ආදරනීය රෝහණ 2024 ප්රසංග සුවිශේෂී තැනක් ගත්තා. දිවයිනේ ආදරණීය සහ ප්රවීන කලාකරුවන් ජාත්යන්තර වේදිකාවට ගෙන එමින් එතෙර ජීවත් වන ශ්රී ලාංකික ප්රජාවට ඉතාමත් විශිෂ්ට සංගීතමය අත්දැකීමක් ලබාදෙන්නට Roxsel Entertainment සෑම මොහොතකම ඉඩ සලස්වනව. මෙම ප්රසංග සම්බන්ධයෙන් ඔවුන්ගේ ගුණාත්මකභාවය සහ නොසැලෙන කැපවීම ඉතා අනර්ඝයි. විශේෂයෙන්ම ශබ්දය, ආලෝකකරණය, සංගීතය සපයන්නන්ගේ සිට වේදිකා නිර්මාණය සහ කලාකරුවන්ගේ පෙළගැස්ම දක්වා දැඩි අවධානයක් යොමු කරනව. ප්රවේශපත් නිකුත් කිරීමෙන් ටික කලක ඉඳන්ම නිරන්තරයෙන් ඒවා අලෙවි වන්නේම මේ සියලු කැපවීම් වල අවසාන ප්රථිඵලයක් වශයෙන්ය. ශ්රී ලාංකීය සංගීතයේ රිද්මය, හැඟීම සහ උරුමය වැනි කාරණා හරහා ඔබ දිගුකාලීන රසිකයෙක් වුවද නවකයෙක් වුවද වයස් බේදයකින් තොරව මෙම ප්රසංගයන්හි මතකයන් ඔබ සියලුදෙනාගේම හිත් වල රැඳී පවතින්නේය.

    3. යාත්‍රා Live in Concert එකට එන ආර්ටිස්ට්ල කවුද?
    මේ වැඩේට ශ්රී ලාංකීය සංගීත ක්ෂේත්රයේ ප්රවීණයින් තිදෙනෙක් වන, සුනිල් එදිරිසිංහ මහත්මයා, කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා සහ දීපිකා ප්රියදර්ශනී මහත්මිය එක් වෙනව. දශක පහකට අධික කලාත්මක හැකියාවන් සහ අත්දැකීම් ඇති සුනිල් එදිරිසිංහයන් ජාතියේ සංගීත අනන්යතාවය හැඩගැසීමේ කාර්යය තුළ ඔහුගේ ආත්මීය හඬ සහ ලබාදුන් සදාකාලික දායකත්වය විශිෂ්ටය. ඔහුගේ අධ්යාත්මික ගැඹුර සහ සුවිශේෂී ගායන විලාසය සඳහා ආදරණීය කරුණාරත්න දිවුල්ගනේ, සම්භාව් සම්ප්රදාය හෘදයාංගම හැඟීම් සමඟ මුසු කරමින් ප්රේක්ෂකයින් සමඟ ගැඹුරින් අනුනාද වේ. ක්ෂෙත්රයේ බලවත්ම සහ ලස්සන කාන්තා හඬක් වන දීපිකා ප්රියදර්ශනී, සම්භාව්, අර්ධ සම්භාව් සහ සමකාලීන ප්රභේද අතර බාධාවකින් තොරව ගමන් කිරීමේ හැකියාව සමඟ වේදිකාවට බහුකාර්යතාව එක් කරයි. මෙම ප්රතිභාපූර්ණ කලාකරුවන් තිදෙනා එක්ව වේදිකාවට දුර්ලභ හා බලගතු සහජීවනයක් ගෙන එන අතර, යාත්රා Live in Concert යනු හුදෙක් තවත් එක් ප්රසංගයක් පමණක් නොවන අතර අව්යාජ ශ්රී ලාංකීය සංගීත ප්රේක්ෂකයින්ට ජීවිතයේ එක් වරක් පමණක් අත්විඳිය හැකි අත්දැකීමක් බවට පත් කෙරෙනවා.

    4. යාත්‍රා ප්‍රසංගයේ කලාකරුවන් මෙතරම් විශේෂ වන්නේ කුමක් නිසාද?
    විශේෂත්වය පවතින්නේ එහි සිටින කලාකරුවන්ගේ පෙළගැස්ම තුළ පමණක්ම නෙවෙයි, ප්රසංග වේදිකාවෙ ඔවුන්ගෙ ඓතිහාසිකව සිදුවන නැවත හමුවීම තුළ . සුනිල් එදිරිසිංහ, කරුණාරත්න දිවුල්ගනේ සහ දීපිකා ප්රියදර්ශනී යනු හුදෙක් සංගීතඥයන්ම නෙවෙයි, ඔවුන් ශ්රී ලාංකික සංගීත ලෝලීන්ගේ පරම්පරා හැඩගස්වා ඇති සංස්කෘතික නිරූපක වේ.

    යාත්රා සැබවින්ම අමතක නොවන ප්රසංගයක් බවට පත් වන්නේ, වසර 25 කට වැඩි කාලයකට පසු පළමු වරට එකම වේදිකාවක ගායනයෙන් එක්වන කරුණාරත්න දිවුල්ගනේ සහ දීපිකා ප්රියදර්ශනීගේ චිත්තවේගීය නැවත එක්වීමයි. මෙම සුහද හමුවීම ඔවුන්ගේ සදාකාලික වූ යුගල ගීතවලට සවන් දෙමින් හැදී වැඩුණු රසිකයින්ට අතීත මිහිරියාව නැවත දනවන මොහොතකි. “අහසයි ඔබ මටසහමුදු මුහුනේවැනි ජනප්රිය ගීත සජීවීව ඔවුන්ගේ හඬින් ගැයෙන අතර ශ්රී ලාංකීය සම්භාව් හා ආදර සංගීතයේ ස්වර්ණමය යුගය නිර්වචනය කළ ගීතවලට සවන් දීමට ප්රේක්ෂකයින්ට අද්විතීය අවස්ථාවක් ලැබෙනු ඇත. බොහෝ දෙනෙකුට, මෙය ප්රසංගයක් පමණක් නොව, සංගීත ඉතිහාසය නැවත අත්විඳීමට පරම්පරාවකට වරක් ලැබෙන තවත් අවස්ථාවකි.

    5. යාත්‍රා – Live in Concert හි සංගීතය පිටුපස සිටින්නේ කවුද?
    මෙහි සංගීත අධ්යක්ෂණය මෙහෙයවනු ලබන්නේ ශ්රී ලංකාවේ වඩාත් ප්රසිද්ධ හා ගෞරවනීය සංගීතඥයෙකු වන සුගත් හෙට්ටිආරච්චි විසිනි. සුගත් සම්භාව් සහ සමකාලීන ශ්රී ලාංකික සංගීතය පිළිබඳ ගැඹුරු අවබෝධයක් තියෙන සුවිශේෂී තරුණයෙක්. ඔහු ක්ෂෙත්රයේ ප්රසිද්ධ කලාකරුවන් රැසක් සමඟ වැඩ කර ඇති අතර, දේශීය හා විදේශීය ප්රේක්ෂකයින් කෙරෙහි සදාකාලික හැඟීම් ඇති කර ඇති චිත්රපට, රූපවාහිනී වැඩසටහන් සහ සජීවී සංගීත ප්රසංග සඳහාද සංගීත අධ්යක්ෂනයෙන් දායකත්වය ලබා දී තිබෙනව.

    වගේම ඔහු සමඟ ශ්රී ලංකාවේ තවත් ප්රවීන සංගීතඥයන් කිහිප දෙනෙකුගෙන් තෝරාගත් කණ්ඩායමක් පැමිණෙනව. එක් එක් අය ඔවුනොවුන්ගේ විෂය ඇතුළෙ ප්රවීණයන් වෙනව. මෙම ප්රභූ වාද් වාදක කණ්ඩායම සමස්ත ප්රසංගය තුළ උසස් වෘත්තීමයභාවය සහ අව්යාජභාවය ඉස්මතු කරනව. ඔවුන්ගේ සාමූහික අත්දැකීම් සහ දස්කම් දශක ගණනාවක් දේශීය වගේම විදේශීය මහාද්වීප පුරාද විහිදී ඇති අතර සුගත්ගේ සංගීත අධ්යක්ෂණය යටතේ, ඔවුන් තාක්ෂණිකව සහ විචිත්රාකාරයෙන් අමතක නොවන සජීවී සංගීතමය අත්දැකීමක් ලබා දෙන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ප්රසංගයේ කලාත්මක බව සමඟ ශ්රව් ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා සුගත් ශ්රී ලංකාවෙන් ඔහුගේ ප්රවීණ ශබ්ද ඉංජිනේරුවරයා ගෙන්වන්නට කටයුතු සකස් කර ඇත.

    6. යාත්‍රා – Live in Concert එක පැවැත්වෙන්නේ කවද්ද, කොහේද?
    ප්රසංගය ලන්ඩනයේ Wood Green හි පිහිටි සුප්රසිද්ධ Dominion Centre හි පැවැත්වෙනව. ප්රධාන ප්රවාහන සම්බන්ධතා වෙත පහසුවෙන් ප්රවේශ විය හැකි ස්ථානයක පිහිටා ඇති Dominion Centre, ලන්ඩනය පුරා සහ ඉන් ඔබ්බට ගමන් කරන සහභාගිවන්නන් සඳහාද කරදරයකින් තොර ගමනක් සහතික කරයි.

    2025 ජුනි 28 වන සෙනසුරාදා ප්රසංගය පැවැත්වීමට අවශ් කරන සියලු කටයුතු නිමා වී ඇත. එදින දොරටු සවස 5:00 විවෘත වන අතර ප්රසංගය සවස 6:00 ආරම්භ කෙරෙනව ( වෙලාවට එන්න ). මේ සංගීතමය සන්ධ්යාව වඩාත් විනෝදජනක කිරීම සඳහා, Roxsel Entertainment එක්සත් රාජධානියේ සුප්රසිද්ධ ශ්රී ලාංකික ආහාර සැපයුම්කරුවෙකු වන Sri Lankan Street Foods සමඟ සම්බන්ධ වී ඇති අතර, සාධාරණ මිල ගණන් යටතේ ප්රණීත ශ්රී ලාංකික ආහාර පාන ඔවුන් විසින් සපයනු ලබයි.

    7. Car Parking ගැන යමක් කිව්වොත්?
    Parking සම්බන්ධයෙන් Dominion Centre අසල පිහිටි The Mall – Wood Green පර්යන්ත දෙකෙහි වාහන නැවැත්වීමේ පහසුකම් සකසා ඇති අතරම ප්රසංගයට සහභාගී වන අයගේ වාහන නැවැත්වීම සඳහා සහනදායි ගාස්තුවක් පිරිනමයි. වට්ටම් සහිත වාහන නැවැත්වීමේ පහසුකම, නිශ්චිත නියමයන් සහ කොන්දේසි වලට යටත් වන බව කරුණාවෙන් සලකන්න. එබැවින් මෙම ප්රතිලාභයෙන් උපරිම ප්රයෝජන ගැනීම සඳහා කල්තියා විස්තර දැන ගැනීමට අමතක නොකරන්න.

    8. ප්‍රවේශපත්‍ර වල මිල ගණන් කොහොමද?
    හැමෝටම අමතක නොවන සම්භාව් සංගීතමය අත්දැකීමක් ගෙන එන්න හැම මොහොතකම උනන්දුවක් දක්වන Roxsel Entertainment විසින් සෑම කෙනෙකුටම වගේ දැරිය හැකි මිලකට ප්රසංගයේ ප්රවේශපත් පිරිනමනව. කාර්යබහුල ජීවිතවල සුහද ඉල්ලීම් සහ ප්රායෝගික ගැටළු වලද වැදගත්කම අවබෝධ කර ගනිමින්, පවුම් 35 කින් ආරම්භ වන ටිකට්පත් මිල ගණන් ඉදිරිපත් කර ඇති අතර, එමඟින් හැමෝටම වගේ මේ සුවිශේෂී සංගීත ප්රසංගය එකට රසවිදින්න පුළුවන් වෙනව.

    9. ප්‍රේක්ෂකයන්ට ප්‍රවේශපත්‍ර මිලදී ගන්න පුළුවන් වෙන්නෙ කොහොමද
    යාත්රා සඳහා ප්රවේශපත්, නිල වෙබ් අඩවියwww.roxsel.comහරහා මිලදී ගන්න පුළුවන්. වැඩිදුර තොරතුරු හෝ ඕනෑම විමසීමක් සඳහා, පහත දුරකථන අංක දෙකෙන් සංවිධායකයින් සෘජුවම සම්බන්ධ කර ගන්න පුළුවන් 07486 861488 / 07846 461488.

    10. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මොනවද?
    මේ ප්රසංගයට හරියටම තව සති තුනක වගේ කාලයක් පමණයි තියෙන්නෙ. ප්රවේශපත් ඉතාමත් වේගයෙන් අලෙවි වෙමින් යන මොහොතක්. ඉතිං තවමත් ඔබේ ප්රවේශපත් වෙන්කරගෙන නැත්නම් ප්රමාද නොවී එය වෙන් කර තබාගෙන ජූනි 8 වෙනි සෙනසුරාදා හවස London Dominion Centre එකට ඇවිත් අපිත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියල ගෞරවයෙන් ආරාධනා කරනව. බොහොම ස්තුතියි.

    Kapila Deshabandu සහ Precila Hewa
Home / Life-Style / Daily-Topics / 25-June-04