Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
Api-Slide-64-2
previous arrow
next arrow

ක්ලැරන්ස් යළි උපද්දවපු දමිත්

හැටේ දශකයේ පටන් පුරා දශකයන් ත්රිත්වයක් මුළුල්ලේ අඛණ්ඩවම, ලෝ පතල පොප්

සංගීත ක්ෂානරය තුළ ස්වදේශීය අනන්යතාවය ඉලෙක්ට්රොනික ගිටාරයෙන් වර්ණ

ගැන්වූ, "ලාංකේය පොප් සංගීතයේ පියා" යන නමින් විරුධාවලි ලත්, "ක්ලැරන්ස්

විජේවර්ධනයන්" සිනමා තිරය තුළ ප්රතිභාන්විතව යළි ජීවමාන කරමින්, ලාංකේය සිනමා

වංශකතාවේ රංගධර භූමිකාවට අත්පොත් තැබූ නිහතමානී කඩවසම් තේජවන්තයා "දමිත්

විජයතුංග" නම්, සොඳුරු කලාශිල්පියාගේ ආධ්යාත්මය, වෘත්තීමය අත්දැකීම් හා

දේශපාලනික දෘෂ්ඨිකෝණය පිළිබඳ තතු විමසීමේ ලෙන්ගතු සංවාදය අපි මැගසීන් කලා

රසවතුන් වෙත මෙසේ දිගහරින්නට අවසරයි.

Q). ඔයා පුද්ගලයෙකු වශයෙන් ඔයාව දකින්නෙ කොහොමද?

මම ඉතාමත්ම සංවේදී, වගේම මානව හිතවාදී, සරළ දිවි පෙවෙතක් ගතකරන්න කැමති

කෙනෙක්

Q). ඔයා ජීවිතය දකින්නෙ මොනවගේ දෙයක් විදිහටද?

මගේ දැක්මට අනුව ජීවිතය කියන්නෙ කිසිඳු පුරෝකථනයක් වලංගු නොවන වගේම

නිරන්තරයෙන්ම සුළු හෝ වෙනසකට භාජනය වෙමින් හැමවිටම නැවුම් බවින් පිරෙන

එකිනෙකට වෙනස් අත්දැකීම් ගොන්නක්

Q). ඔයාගෙ ආගම හෝ එහෙම නැත්නම් ඔයා විශ්වාස කරන දර්ශනය මොකක්ද? ඒ හරහා

ඔයාගෙ ජීවිතේට ලැබුණු වටිනාම දේවල් මොනවද?

මම විශ්වාස කරන දර්ශනය තමයි බුද්ධ ධර්මය. නමුත් මම ක්රිස්තියානි ආගමේ ඉගැන්වීම්

වලට ගෞරව කරනවා. වගේම හින්දු ධර්මයේ සංස්කෘතික අනන්යතාවන්ට ලැදියාවක්

දක්වනවා.

ජීවිතය පිළිබඳව සිදුකෙරෙන යථාර්ථවාදී ඉගැන්වීම තමයි මම බුදුදහම තුළින් උකහාගත්

වටිනාම දේ. ඉගැන්වීම මා තුළ විනයානුකූල යහපැවැත්මක් නිර්මාණය කරන්න

ශක්තිමත් තෝතැන්නක් උත්පාදනය කළා.

Q). ඔයා කොහොමද කලාව, ඒ වගේම නිර්මානශීලීත්වය කියන දේවල්

නිර්වචනය කරගන්නේ?

මිනිසෙකුගේ විවේක කාලය ඵලදායිව රසවින්දනය කරන්න මිනිසා විසින්ම සොයා

සපයාගත් නිර්මාණශීලීත්වය නැමැති නෛසර්ගික සෞන්දර්යාත්මක කුසලතාවයන්

සමූහයකගේ විකාශනය තමයි මම කලාව කියලා වටහාගන්නෙ.

 

Q). ඔයාගෙ වෘත්තීය ජීවිතේදි ඔයා ලබාගත්ත සුවිශේෂී ජයග්‍රහණයන් ගැන මතක්

කරමු

වර්ෂ 2017 දී මෙරට පැවතුණු Mr. Sri Lanka තරගයේ කිරුළු පළඳා වර්ෂ 2018 දී

පිලිපීනයේ පැවති Mr. World තරගයට සහභාගී වන්නට ලැබීමත් ජයග්රහණයන් ලෙස

සතුටින් මතක් කරන්න පුළුවන්.

ඊට අමතරව නිරූපණ ක්ෂේත්රයේ හා සිනමා ක්ෂේත්රයේ නියැලෙන අතරතුර SLT

Mobitel ආයතනයේ රැකියාවේ නියැලීම උදෙසා කාලය නිසියාකාරව කළමනාකරණය

කරගැනීමට ලැබීමම මම වෘත්තීය ජීවිතය තුළ ලබපු සුවිශේෂී ජයග්රහණයක්.

Q). ඔයාගෙ වෘත්තීය ජීවිතේ ඔයා මුහුණදීපු විශාලතම අභියෝගය මොකක්ද? ඒක

ජයග්‍රහණය කරන්න ඔයා පාවිච්චි කරපු උපක්‍රම මොනාද?

මේ දක්වා මුහුණ දෙමින් සිටින මෙන්ම ඉදිරියේදීත් මුහුණ දෙන්නට නියමිත විශාලතම

අභියෝගය තමයි සාර්ථකත්වය ළඟාකරගැනීම. දුෂ්කර අභියෝගය ජයගන්න පාවිච්චි

කරපු කදිම උපක්රමය තමයි අදාළ විෂය හෝ විෂයන් පරිපූර්ණ ලෙස හැදැරීම.

Q). ඔයාගෙ ජීවිතේ අත්දැකීම් අනුව කෙනෙක්ට තමන්ගේ සහජ දක්ෂතාවයන් හඳුනාගන්න

කරන්න ඕනෙ මොනවගේ දේවල්ද?

ජීවිතයේ ඇරඹුමේ පටන් අවසානය තෙක්ම ගෙවෙන හැම නිමේෂයකදීම උදාවන හැම නැවුම්

අවස්ථාවකම පෙර නොකෙරූ විරූ දේවල් සිදුකරමින් අත්හදාබැලීම් සිදුකරන්නට පෙළඹීම

තුළින් තමයි සහජ දස්කම් හඳුනාගන්න වගේම ඔප්නංවාගන්නත් මග පෑදෙන්නෙ.

Q). ඔයාගෙ වෘත්තීයට අළුතින් එකතුවෙන්න කැමැත්තෙන් ඉන්න අයට ඔයාට ලබාදෙන්න

පුළුවන් පණිවිඩය මොකක්ද?

මුලින්ම විෂයානුබද්ද දැනුමින් හා ප්රායෝගික පළපුරුද්දෙන් අනූන ගුරුවරයෙක් හෝ

ගුරුවරු කිහිපදෙනෙකු යටතේ නිවැරැදි මාර්ගෝපදේශනයක් ලබාගැනීම අනිවාර්යයි.

ඉන්පසු නිරතුරුවම ලෝකයත් සමඟින් යාවථ්කාලීන වෙමින් තමන්ගේ අභිමතය පරිදි

පිහිටුවාගත් ඉලක්ක කරා ක්රමානුකූලව ළඟාවීම සිදුකළ යුතුයි.

Q). ඔයා රංගනයෙන් ධායක වන නවතම සිනමා නිර්මාණය ගැන කථා කරමු.

මම මේ වෙද්දි සිනමා නිර්මාණයන් දෙකකට මගේ රංගන ධායකත්වය ලබාදීලා තියෙනවා

කියලා ඉතාමත්ම සතුටින් කියන්න කැමතියි. අතරින් මුලින්ම ප්රේක්ෂකයන්ට දැක බලා

ගන්නට ඉඩ සැලසෙන්නෙ තේජා ඉද්දමල්ගොඩ මහත්මයා අධ්යක්ෂණය කරපු

"Clarence – The Rhythm of The Guitar" කියන චිත්රපටයයි. මේ චිත්රපටය මේ

දිනවල දිවයින පුරා සිනමා ශාලාවන්හිදී අතිසාර්ථක අන්දමින් තිරගත වෙනවා නොමද

රසික උන්මාදයක් මැද්දේ.

 

මාස දෙකකටත් අධික කාල සීමාවක් මුළුල්ලේ අඛණ්ඩව සිදුකරපු අපරිමිත කැපකීරීම්වල

අග් ප්රතිඵලය දකිද්දි වචනයෙන් කියන්නට නොහැකි තරමේ ප්රීතියක් දැනෙනවා.

නිසාවෙන්ම සිනමා රංගනය යන විෂය නොපිරිහෙලා හදාරලා තවත් ඵලදායි සිනමා

නිර්මාණයන් ඔස්සේ සිනමාලෝලීන් කුල්මත් කරන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා.

Q). Api Magazine සමඟින් සොඳුරු පිළිසඳරකට එක්වීම ගැන ඔයාගෙ අදහස් බෙදාගමු.

ඇත්තෙන්ම මම ඉතාමත්ම සන්තෝෂයට පත්වෙනවා ඉතාමත්ම

කලාතුරකින් සිදුකෙරෙන ජීවිතේ ඇතුළාන්තය හාරා අවුස්සන විදිහෙ අරුත්බර

සොඳුරු පිළිසඳරකට එකතුවෙන්න ලැබීම සම්බන්ධයෙන්

වගේම Api Magazine හී කතෘ තුමන් වන ගයාන් කරුණාරත්න මහතාට මගේ

හදපිරි ස්තූතිය පිරිනමන්නටත් මෙය අවස්ථාවක් කරගන්නවා. Api Magazine හී

සමස්ථ කාර් මණ්ඩලයටත්ජයෙන් ජයම ප්රාර්ථනා කරනවා.

සැකසුම : හිරාන් ගමගේ

Home / Life-Style / Interviews / 25-July-04