Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
Api-Slide-64-2
previous arrow
next arrow

නිසංසලාගේ චාරිකා දෙවනගල Solo travel

බතලේගලට දෙවෙනි වූදෙවනගල සොයා තනිව ගිය ගමනක් තමයි අද මම ඔයාලාට අරන් ආවෙිලස්සන නිදහස් කොළපාට පිරුණු තැනකට ඉක්මනින් යන්න නැතුව උණ හැදිලා වගේ ඉන්නකොට තමයි දෙවනගල ගැන මතක් උනේ
කඩුගන්නාව පාරෙන් යන එන කෙනෙක් නමි දැකලා ඇති , කඩුගන්නාවට ඈතීන් පෙණෙන බතලේගලට ඉදිරියෙන් හකුරු බැයක් වගේ ගලක් මත සුදු පාට චෛත් රජාණන් වහන්සේ කෙනෙක් පෙණෙන පර්වතය.. තමයි දෙවනගල
ඉතිං ආයෙමත් සුපුරුදු පරිදි තනිව ඇවිදින්න පටන් ගත්තා මම

දෙයියනේ මට යන්න ඔින උනේ බතලේගල , එත් ආයෙම මට හිතුනා දෙවනගල ගිහින් පසුව බතලේගල නඟිනවා කියලා.. එදාම විස්සතර හොයාගත්තා යන විදිහ , පහුවදාම උදේ පාන්දර ලැස්ති වෙලා තනියම මම ගියා අපූරු නිස්කලංක පුදබිම හොයාගෙන

උදේ හයට මාතලෙන් නුවරට ගිය මම නුවරින් මන්දගාමි බස් රියකින් මාවනැල්ල නඟරයට ආවා..
වැඩෙි කියන්නේ හෙමිමාතගම කියන නම මට වෙනකොට අමතක වෙලා.. මාවනැල්ල බස් රථයේ රියදුරු මහත්තයාගෙන් ඇසුවා මට දෙවනගල යන්න ඔින යන බස් එක කොතනද නවත්තන්නේ කියලා
අනේ ඉතිං රියදුරු මහත්තයා වගේම කොන්දොස්තර මහත්තයාත් මට දෙවනගලට යන බස් එක පෙන්නලා එකට නගින්න කියලා එකේ කොන්දොස්තර මහත්තයාටත් කිවුවා මෙයාව දෙවනගල පන්සල ලගින් බස්සවන්න කියලා
ඉතිං එහෙමයි මම ගමන පිටත් උනේ.. හැබැයි බස් එක හෙමිමාතගම බස් එකක් නෙවෙයි. (මට නම අමතකයි)

මාවනැල්ල නඟරයේ ඉදන් කිලොමිටර් 7 දුරක් තමයි යන්න තියෙන්නේ.. කොකටත් මම මැප් එකත් බලන් උදේ කාලා හිටිය නැති නිසා බඩගින්නත් එක්ක ඇවිත් තිබුණ හිසේ අමාරුවට බස් එකේ සෙනඟ හිටියත් බස් හොල්ටි එක ලග පෙටිටි කඩෙිකින් ගත්ත සමිබොල වඩෙි ටික කන්න ගත්තා….

ගමන පටන්ගෙන දෙවනගල සීමාවටම එද්දි මැප් එකේ පෙන්වනවා අඩි පාරක් යන්න..එත් එක්කම මම දැක්කා දකුණු පැත්තේ ඉදන් සිටිය නිසාම පාර අයිනේ බොඩි එකක්. එතන තිබුණේ පඩිපෙල්..
කතා කරලා කොන්දොස්තර මහත්තයාට කිවුවාම එතුමා කිවුවෙි පාර දුෂ්කරයි කියලාඊලඟට තියන හොල්ටි එකේ බැස්සාම පාර ලෙසියි කිවුවා..
ඉතිං මමත් කියපු විදිහටම දෙන්නට ස්තුති කරලා ඊළඟ හොල්ටි එකෙන් බස් එකෙන් බැහැලා වමි පැත්තේ බොඩි එකත් එක්කම තියන කොන්ක්රීට් මාර්ගයේ ඉදිරියට ඇවිදගෙන ගියේ තවත් සුන්දර ස්ථානයක් මට දෑසින් දකින්න වාසනාව තියනවා නේදැයි හිත හිතාමයි….

ඉර නමි මට උපරිම සහායොගය දුන්නා.. තරමි අවු රශ්මියක් තිබුනා පර්වතය මුදුණට ලගා වෙනකොට….
පුරාවිද්යා වටිනාකමක් ඇති සුන්දර නිස්කලංක පුදබිමක් පැරණි සුවඳට මම කොයිතරමි නමි ආසා කරනවාදඅලුතින් හදන කොන්ක්රීට් ගොඩවල් වලට වඩා මෙි පෞරාණික ස්ථාන වලට ආවාම දැනෙන අමුතු සුවඳ වගේම සුන්දරත්වය මම විදගත්තේ හිතම පිරිලා යද්දිකොයිතරමි වෙලාවක් රැදි හිටියත් එපා නොවෙන තරමි නිස්කලංකයි
එත් ඉතිං විටින් විට නිස්කලංක බව නමි නැති කලා එහි සිටි කාන්තාවකගේ කියවිලක්

ඉතිං මෙි ඓතිහාසික දෙවනගල රජමහා විහාරය බොහොම වට්නා වැදගත් ස්ථානයක්.. පැරණි ගොඩනැගිල්ල ඇතුලත ඇති ශාන්ත බුදු රුව දිහා නමි බලන් ඉන්න ආස හිතෙනවා.. වගේම තමයි එහි ඇතුලත ඇති සිසිලස වගේම කලින් මම පැවසු දැණෙන පරණ සුවඳමට මතක් උනේ රංගිරි දඹුලු ලෙන් විහාර ඇතුලත සිසිලස
ඉතිං මේ අවටම තමා බතලේගල කන්ද තියෙන්නෙත්.. බතලේගලට දෙවනි වූ ගල මෙය නිසාත් දැඩිමුණ්ඩ දෙවියන් දෙවන වරට වැඩි ගල නිසාත් මෙම ගල දෙවනගල ලෙස ප්රචලිත වූ බවයි ජනප්රවාදයේ සදහන් වන්නේ

වගේම මට දැකගත හැකි උනා දළදා වහන්සේ සඟවා තැබුවායි පැවසෙන කුරහන් ගලත්
අනුරාධපුර යුගයේ ධාතුසේන රජ සමයේ ඉදිකරන ලද දාසෙන් වෙහෙර ලෙසත් හඳුන්වනවා මෙි දෙවනගල වෙහෙරමෙහි පොළොන්නරුව සහ මහනුවර යුගයන්ට අයත් සෙල්ලිපි දෙකක්ද තිබෙනවා
පොළොන්නරු යුගයට අයත් සෙල් ලිපිය බලන්න යන්න වෙනවා මෙහි ඇති ගල් ගෙය අසලින් පහලට

ඉතිං මමත් ගල් ගෙය අසලින් පහලට හෙමින් බැස ගියේ සෙල් ලිපිය බලන්න හිතාගෙනනමුත් සෙල් ලිපිය ඇති තැන ආවරණය කර ඇති වහලය දැක දැකම නැවතත් මම ආපසු හැරි ගල් ගෙය දෙසට ඇවිද ගියේ දැඬි අවු රශ්මිය නිසා මගේ යටි පතුල් දැවිල්ල ඇල්ලු හේතුවෙන්.. තරමි රත්වි ඇති පර්වත රාජයාගේ උණුහුමට මගේ නිරුවත් දෙපා ඔරොත්තු නොදෙන තරමි.. තරමට යටිපතුල් රත්පැහැවි තිබුණා
මට මතක් උනේ මම පැමිණි බස් රථයේ කොන්දොස්තර මහත්තයාත් ඩ්රයිවර් මහත්තයාත් කතාවු දෙය
දිගටම පඩිපෙල්…. ගල රත්වෙලා ඇත්තේ.. පාර අමාරුයි.. ඉස්සරහින් බස්සමු.. එකේ නිදහසේ යයි
දන්නවාද මිනිස්සු හරි හොදයි. මැප් එකයි පඩිපෙළයි බොඩි එකයි දැක්කාම මම කලබල උන මොහොතේ ඔවුන් දෙදෙනා එසේ කතා උනා

වගේම සෙල් ලිපිය බලන්න ගිහින් නොබලා නැවත පැමිණෙන විට එහි වැඩ කරමින් සිටි මහත්මයෙක් මට පැවසුවෙි මඟ එන විට පාර අයිනේම තියන පඩිපෙල තමයි සෙල්ලිපිය තියන මාර්ගය කියලා
ඉතිං සෙල් ලිපිය බැලුවා කියලා මම එක කියවන්න දන්නේ නැනේ කියලා හිත හදාගත්තා..
වැස්ස කාලෙකට නමි ලිස්සනවා ඇති අනිවාර්යයෙන්ම. තරමි බැවුමක්..
නටඹුන් වූ ගල් බැමිමකින් වටවු ශාන්ත පෙනුමැති වෙහෙරක්ද පවතිනවා
මහනුවර යුගයට අයත් මූර්ති සහ සිතුවම් කිහිපයක් මෙහි ටැම්පිට වෙහෙරතුල පවතිනවා
සංඝවාසයත්, ධානශාලාවත්, පොකුණක් සහ සිරිපතුල වැනි ප්රධාන ස්මාරක කිහිපයක් මෙහි තිබෙනනවා..
මේ අතීත උරුමයන් රැකගෙන ඉතිහාසය ආනාගතයට දායාද කරන්න නම් අපි මේවා රැකගන්නම ඕනේ..
වගේම මගේ තනි රැකපු බලු කෙල්ල එක්ක මම බොහො වෙලාවක් ඈතින් පෙණුන බතලේගල දිහා බලන් හිටියා…. අනේ මට එහාටත් ඉගිලෙන්න තරමි ආසාවක් ඇති උනා.. ඉතිං මම එහෙත් යයි අනිවාර්යයෙන්.. එත් දුක මගෙ තනි රැක්ක බලු කෙල්ලට කන්න දෙන්න දෙයක් තිබුණේ නෑ මං ලග.

වටෙිම කදු යායයිකඩුගන්නාව අමිබුලුවාව, අලගල්ල වගේම මම තවත් නොදන්නා බොහො ස්ථාන වගේම කදු රාශියක් දැකගන්න පුළුවන් උනා මටඉතිං ස්තුතිවන්ත වෙනවා ප්රදීප් විජේතුංග මල්ලිට මෙි ගමන යන්න මට විස්තර දුන්නාට වගේම හැමදාමත් කියනවා වගේම ස්තුතියි මෙි විශ්වයට මට සුන්දරත්වය විදින්න දෙනවාට

වගේම නුවර අවට සංචාරය කරන ඔයාලාත් අතීත උරුමයන් බලන්න උස්සාපිටිය, මාවනැල්ල දෙවනගල රාජමහා විහාරය වැදපුදාගන්න යන්න නිස්කලංක පුදබිමෙි මොහොතක් රැදෙන්න හිතම සුවපත් වෙනවා

නිසංසලා රණසිංහ

Home / Nature / 25-July-10