Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

පරිසදූසන සහ පරිසසෝභන

අප සාමාජිකත්වය දරණ සමිති සමාගම් ආගමික ස්ථාන තිබේ. එවන් ස්ථානවලදී අපට අප්පිරියාව ඇති කරන එක් පුද්ගලයෙක් නිසා මුළු ස්ථානයම අපට එපා වේ. එසේම අපට සතුට ඇති කරන එක් පුද්ගලයෙක් නිසා එම ස්ථානය කෙරෙහි අපට තව තවත් බැඳීමක් ඇතිවේ. අංගුත්තර නිකායේ පරිසසෝභන සූත්රයේදී එසේ අප්පිරියාව ඇති කරවන පුද්ගලයාපරිසදූසනලෙසද සතුට ඇති කරවන පුද්ගලයාපරිසසෝභනලෙසද බුදුරජාණන්වහන්සේ විසින් හඳුන්වා තිබේ. මෙහිපරිසයනු අප සම්බන්ධ වී සිටින සමාජ ඒකක හෙවත් social units . එය පංසල, ආගමික ස්ථානය, ඇසෙම්බ්ලි, ක්ලබ්, ආයතනය ආදී ඕනෑම සමාජ ඒකකයක් විය හැකිය. පරිස යන්නෙහි මූලික තේරුම group හෝ assembly .

දූසනයනුදූෂණහෙවත් corrupt . අප සම්බන්ධ සමාජ ඒකකය දහස් ගණනක් සාමාජිකයන්ගෙන් යුක්ත වුනත් එක්පරිසදූසනපුද්ගලයෙක් (one who corrupts the assembly) නිසා කවුරුත් කරදරයට පත්විය හැකිය, ආයතනය පිරිහීමට ලක්විය හැකිය. පරිසදූසන පුද්ගලයාගේ ප්රධාන දුර්ගුණ දෙකකි. පළමුවැන්න දුස්සීල හෙවත් සදාචාරය අඩුබවය (lacking moral virtue). දෙවැන්න පාපධම්ම හෙවත් නිතර අකටයුතුකම් හි යෙදීමය (engaging in unwholesome actions). එවැන්නෙක් නිසා ආයතනයෙහි ගෞරවය (integrity), කීර්තිය (reputation) සහ ආධ්යාත්මික ශක්තිය (spiritual strength) හානියට පත්වේ. එවැන්නා හොඳ අයද වරදට පොළඹවයි. ‘අනේ මනුස්සයා නිසා හැමදේම විනාසයියනුවෙන් පරිසදූසන අය ගැන සමාජයේ කතා වෙනු ඔබ අසා තිබෙන්නට පුළුවන. ඔබේ සමාජ ඒකකය තුළ එවැන්නන් නිසා ඇතිවූ හානිය ගැන ඔබ දන්නවා විය හැකිය. පරිසදූසකයා රහස් (clandestine) ලෙස කල්ලියක් හදාගෙන ආයතනය විනාශ කරයි.

සෝභන යනු ශෝභන හෙවත් adorning . පරිසසෝභන පුද්ගලයා ආයතනය තම හැකියා සහ කුසලතා තුළින් ආයතනය සරසයි, බබුලුවයි. පුද්ගලයා සතු ප්රධාන යහගුණ දෙකකි. පළමුවැන්න සිල්වත්බවය (endowed with moral virtue). ඔහු හෝ ඇය අනෙක් අයද යහමඟට ගනියි. ‘අනේ එයා ගියාට පස්සේ ආයතනය වැටුනා, පහන නිවුනා වගේයනුවෙන් පරිසසෝභන අය ගැන සමාජයේ කතා වෙනු ඔබ අසා තිබෙන්නට පුළුවන. එවන් කෙනෙකු නිසා ආයතනයක ගෞරවය, කීර්තිය සහ ආධ්යාත්මික ශක්තිය ආරක්ෂා වේ, තවත් වැඩිවේ. එවැන් අයෙකුගේ අහිමිවීම ගැන වේදනාකාරී අත්දැකීම ඔබට තිබෙන්නට පුළුවන. ඇතැම්විට ඔබ පරිසසෝභන පුද්ගලයාය.

පරිසදූසන අය පිළිකාවකි. එවැන්නන් ඉවත් කළ යුතුය. පරිසසෝභන අය ආලෝකයකි. ආලෝකය රැකගත් යුතුය. ඔබ පරිසසෝභන ලෙස සේවය කරද්දි ඊට බාධක ඇතිවුනොත් නිහඬව ඉවත්වී තවත් තැනකට උපකාර කරන්න. ඔබේ ආලෝකය අවශ් බොහෝ තැන තව ලෝකයේ තිබේ.

ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි

Home / Religious / Buddhism / 25-Aug-04