“අපරාදෙ එහෙම උනේ” “අපරාදෙ එහෙම කලේ” යනාදී වශයෙන් ඇතැම් සිදුවීම් වෙනුවෙන් අපි කවුරුත් ජීවිතේ යම් යම් අවස්ථාවන් වල පසුතැවීමට, කනස්සල්ලට පත්වීමට ලක්වෙලා තියනවා. ඒ ගැන කම්පාවට පත්වෙලා තියනවා.මේ කිසිදු සිදුවීමක් සංස්කරණය කල නොහැකී කියන තැනින් පටන් ගත්තොත්, මේ විදියට මානසිකව පීඩා විඳීම යම්තාක් දුරකට හෝ අඩු කරගැනීමට අස්වැසිල්ලක් ලැබෙනවා. පසුතැවීමට ආසන්නතම හේතුව හොඳින් විග්රහ කරගැනීම තමයි වඩාත්ම වෑදගත් වෙන්නේ. මොකද ඇතැම් සිදුවීම් සිතා මතා කල යමක ප්‍රතිඵලයක්. ඒ වගේම තව සමහරක් සිදුවීම් කිසිදු පෙර සූදානමක් නොමැතිව ඒ ඒ අවස්ථාවන්වල පෙල ගැසුනු ඒවා.සිතා මතා ඔබ අතින් වූ යමකට ඔබ සිතින් වද වේදනා විඳී නම්, ඒ ක්‍රියාව සැබැවින්ම තවත් කෙනෙකුට අසාධාරණයක්, අවාසියක් හෝ පීඩාවක් අහේතුකව අත් කර දීමක් නම්, ඔබට එය යලි සිදුවීම නවතාලිය හැකියි. මන්ද, ඔබ අවබෝධය තුලින් ක්‍රියාත්මක වීම තෝරා ගන්නා පුද්ගලයකු නිසා.ඔබ සිතා මතා නොකල යම් කටයුත්තකදී කෙනෙක් අපහසුතාවට, වේදනාවට පත් වුනේ නම්, ඒ සිදුවීම උනත් යලි සිදුනොවීමට ඔබට වගබලා ගත හැකියි.අපි ගැටෙන්නේ, ගනුදෙනු කරන්නේ, ආදරණීය වෙන්නේ එකිනෙකාට වෙනස් ගැහැණුන්, මිනිසුන් සමග. ඉතින් අන්‍යෝන්‍ය අවබෝධයත් ඉතාමත් වටිනවා, මේ පසුතැවීමට තිත තියන්න.කොයිහැටි වෙතත්, අතීතයේ සිදුවුන දෙයක් ගැන පමණට වඩා විස්සෝප වීමෙන් වෙන්නේ වර්තමානය සහ අනාගතය වෙනුවෙන් වැය කරන්න තියන කාලය අඩු වෙන එක. ඒ වගේම ඍණාත්මක සිතිවිලි වලින් ඔයාවම පීඩාවට පත්වෙන්න ඉඩ හැරීම. ඒ නිසා අවස්ථානුකූලව, බුද්ධියෙන් වැඩ කරන්න වෙනවා.සමහර පාරවල් වල ලොකු දුරක් ගිහින් “U Turn” එකක් අරං ආපහු එන්න වෙනවා. අපරාදෙ, අපරාදෙ පාර වැරදුනා කියලා හිතන තත්පරයට පුලුවන් ජීවිතයක් අහිමි කරන්න. ඉතින්, යම් තැනකදී ඔයා ගත්ත තීරණයක් පසුකාලීනව විග්රහ කලාම, හරිම දේ නෙමෙයි නේද ඒ කලේ කියලා හිත කියන්න පුලුවන් . සමහර විට ඒ සිදුවීම තුළින් ඔයාගෙ පෞරුෂය වර්ධනය වීමක්, තවත් කෙනෙක් සමග තිබුණා බැදීමට නිවැරදි අර්ථකථනයක් ලැබීමක්, ජීවිතය දිහා ඔබ බලන කෝණයේ යම් වෙනස් වීමක් සිදු වෙන්න පුලුවන්.ඒ නිසා වැඩිකාලයක් පසුතැවි තැවී ඉන්න එපා. වඩාත්ම සුදුසු ක්‍රියාවට අවතීර්ණ වෙන්න. ඉතාම සරලව කිව්වොත් මේ ලිපිය කියවන මොහොතේ ඔයා ජීවත් වෙනවා.පසුතැවෙන්න ඕනෙමද?දිමුතු සේනාදි