ඔබේ ව්යාපාරික හීනයට ශක්තියක් වෙන්න BVS ACCOUNTING LTD අපි සුදානම්!
අද ව්යාපාරික ලෝකය ඉතාමත් තරඟකාරීයි.ඉතින්, එක්සත් රාජධානිය වගේ රටක ඉන්න ශ්රීලාංකික අපිට සාර්ථක
ව්යාපාරයක් පටන්ගන්නවා කියන්නේ, නැත්තං ඒ ව්යාපාරය දියුණු කරගන්නවා කියන්නේ, ලොකු හීනයක්.ඒ හීනය සැබෑ
කරගන්න එක අමාරු දෙයක් කියලා තමයි අපිට හිතන්නේ. BVS Accounting අපි ඔබට කියන්නේ, එ සඳහා ඔබට නිවැරදි
මගපෙන්වීමක් තියෙනවනම්,මේක අමාරු දෙයක් නොවෙයි කියලා.ඉතින් අපි, අද කතා කරන්නේ, ඔබේ මේ ව්යාපාරික
හීනය සාර්ථකව ලෙහෙසියෙන්ම සැබෑ කරගන්න අපට ඔබට උදව් කරන්න පුළුවන් කෙසේද කියන එක ගැනයි."
ඉතින්, මුලින්ම කියන්න අවශ්යයි අපි අතර වැරදි මතයක් තියෙනවා, ව්යාපාරයක් සාර්ථකව පවත්වා ගන්න නිවැරදි මූල්‍ය
කළමනාකරණය සහ බදු කාර්යක්ෂමතාවය පමණක් තිබුණොත්,ප්රමාණවත් කියලා. BVS Accounting අපේ මතය නම්
මෙයට අමතරව අපි අවධානය යොමු කළ යුතු විවිධ අංශ රැසක්ම තියෙනවා කියන එකයි. මේ අතර,
වගේම තවත් කරුණු රැසක් ගැන අවධානය යොමු කළ යුතුයි. සාර්ථක ව්යාපාරයක් නිරන්තර වෙනස්කම් හමුවේ තිරසාර
වර්ධනයක් වගේම "එවාට ඔරොත්තු දීමේ හැකියාව තිබිය යුතුයි. මෙන්න, මේ නිසාමයි අපි කියන්නේ අද ව්යාපාරිකයින්ට
ඔවුන්ගේ ව්යාපාරය කරගෙන යාමට විශේෂඥ සහාය අවශ්යමයි කියලා .
BVS Accounting Ltd , අපේ බලාපොරොත්තුව ගණකාධිකාරීවරයෙකුගේ ප්රධාන කාර්යයන් ඉක්මවා අපගේ සේවාදායකයින්ට
අසාමාන්‍ය සේවාවන් සැපයීම. ඒ නිසාමයි අපි අනෙකුත් සාම්ප්රදායික ගණකාධිකාරීවරුන්ගෙන් වෙනස්
වෙන්නේ.ඇත්තටම,අපි ගණකාධිකාරීවරුන් පමණක් නොවේ; අපි ඔබේ ව්යාපාර වර්ධන හවුල්කරුවන්, යැයි පැවසුවහොත්,
නැතිනම්,ඔබේ ව්යාපාර උපදේශකයින් යැයි පැවසුවහොත් වඩාත්ම නිවැරදියි.අපි ඔබට ගිණුම්කරණ සේවාවන් පමණක්
නෙමෙයි, ව්යාපාර උපදේශනය, ව්යාපාර සැලසුම් සකස් කිරීම, උපායමාර්ග සංවර්ධනය සහ බදු කාර්යක්ෂම ව්යාපාරයක්
ගොඩනැඟීම සඳහා ක්රියාකාරී සහයෝගය (hands-on support) ද සපයනවා.
කවුද මේ සේවා සපයන්නේ?
අපගේ සාර්ථකත්වයේ රහස වන්නේ "අපේ ආයතනයේ( BVS Accounting Ltd )සේවය කරන පළපුරුදු, වෘත්තීය සුදුසුකම්
සහිත උපදේශක කණ්ඩායමයි(Business Advisor Team). ඔවුන්ගේ කැපවීම,දක්ශතාව පමණක් නෙමෙයි, ගිණුම්කරණය සහ
කළමනාකරණය යන ක්ෂේත්රවල ඔවුන්ගේ අති පලපුරුද්ද හා අවබෝධය අගය කළ යුතුමයි.
ඒ වගේම මතක් කරන්න ඕනේ අපේ Operation team එක.ඔව්, "ඒ අය අතින් තමා bookkeeping, final accounts , tax returns
preparation, payroll වලට අදාල සේවාවන්, company secretarial වැඩ වගේ ගණකධිකාරිවරයකුගේ අනෙකුත් සේවාවන්
සියල්ලම සැපයන්නේ."
අපේ කණ්ඩායම ACA, AAT, IFA හා CIMA වැනි වෘත්තීය සුදුසුකම් ඇති කණ්ඩායමක් "වගේම, පිළිගත් Business Analyst,
Tax Planner, and Finance Consultant සහ Accountant ලෙස කටයුතු කරලා පළපුරුදු පිරිසක්.
ඔබට උපදේශක කණ්ඩායමෙන්(Business Advisory Team) ලබා ගත හැකි සේවා මොනවාද?
ඔබ ව්යාපාරයක් ආරම්භ "කරන්න සිතන මොහොතේ සිටම සාර්ථකත්වය දක්වාත් අනතුරුව එම ව්යාපාරය අඛණ්ඩව
පවත්වාගෙන යාමටත් ඔබට පියවරෙන් පියවර උපදෙස් ලබා දෙන්න අපේ Business Advisory Team එකට පුළුවන්.
ඔබට ව්යාපාරයක් ආරම්භ කිරීමට අවශ්යයිනම් පළමුවෙන්ම, ඒ සඳහා ඔබට කැමත්තක් තිබිය යුතුය. ඊළඟට ඔබ
කුමන ආකාරයේ ව්යාපාරයක් ආරම්භ කළ යුතුද යන්න සිතා බැලිය යුතුයි.උදාහරනයක් වශයෙන් ඔබ දක්ෂ ආහාරපාන
සැපයීමට නම් ඔබට එවැණි ව්යාපාරයක් ආරම්භ කිරිම තමයි සුදුසු.එවගේම අපි කියමු ඔබ යම් කිසි ක්ෂේත්රයක
වෘත්තිය ප්රවීණයකු කියලා එහෙනම් ඒ ආශ්රිත සේවා සපයන ව්යාපාරයක් ඔබට ආරම්භ කිරිම තමයි වඩාත් සුදුසු
වෙන්නේ.
ඉතින් කිසි විටෙකත් මේ ගමනේ ඔබ තනියම කියලා හිතන්න එපා.BVS Accounting අපිට පෙර කියපු විදිහට ආරම්භයේ
සිටම සරල, මිත්රශීලී සහ විශ්වාසදායක මග පෙන්වීමක් සමඟින් ඔබට සෑම පියවරකදීම නිවැරදි තීරණ ගැනීමට ඔබට
උදව් කරන්න පුළුවන්. ඒ අතරින් ව්යාපාරයක් ආරම්භයේදී අවශ්‍ය,
වැනි සේවාවන් සඳහා අපේ Business Advisory කණ්ඩායමින් උපදෙස් ලබාගන්න පුළුවන්.
ව්යාපාරයක් පවත්වාගෙන යාම සඳහා ව්යාපාර උපදේශකවරු (Business Advisor) අවශ්‍ය ඇයි?
කලින් සඳහන් කළ පරිදි අපේ විශේෂඥ ව්යාපාර උපදේශන සේවාව නිසාම, අපි අනෙකුත් සාම්ප්රදායික ගිණුම්කරණ
සමාගම්වලට වඩා වෙනස්. ව්යාපාර ආරම්භ කිරීමට සහාය පමණක් නොව, අපේ උපදේශකවරු(business advisor) ඔබේ
ව්යාපාර ගමන පුරාම ඔබට සහය වෙන්න සූදානම්.වැදගත්ම දෙය තමයි ඔබේ ව්යාපාර උපදේශකයා ගණකාධිකාරීවරයෙකු
ද වීම. එ නිසාමයි අපි කියන්නේ ඔබේ ව්යාපාරය දියුණුකිරීමට උපදෙස් ගන්න සුදුසුම අය අපි කියලා.", ඔවුන් ඔබේ
ව්යාපාරයේ සෞඛ්යය(business health check) නිතිපතා නිරීක්ෂණය කිරිම, උපායමාර්ගික අවබෝධයක් ලබා දිම, සහ මුදල්
ප්රවාහ ගැටළු හෝ පරිමාණ උපාය මාර්ග(strategic planning) වැනි අභියෝග සඳහා නිරවද්‍ය සහ කාලීන විසඳුම් ලබා
දෙන්න නිරතුරුවම කැප වෙලා ඉන්නවා.
ව්යාපාරයක් පවත්වාගෙන යාමේදි අවදානම් ගැනීම අවශ්යම වේ.; එය සමෘද්ධිමත් වීම ගැනද සිතිය යුතුමයි.ඒ වගේම
වර්ධන අවස්ථා හඳුනා ගැනීම, කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ ගැටළු ඇතිවීමට පෙර ඒවා හදුනාගෙන වළක්වා
ගැනීම වගේ දේවල් ගැනද අවධානය යොමු කළයුතුයි. අපි නිතිපතා ව්යාපාර සෞඛ්‍ය පරීක්ෂණ(health check) පවත්වන
නිසා සහ ඔබේ ගිණුම් කටයුතු ගැන අවබෝධයෙන් සිටින නිසා අපගේ ඉලක්කය ඔබේ ව්යාපාරය නිරන්තරයෙන් ඉදිරියට
ගෙන යැමට උදව් කිරීමයි.
තවදුරටත්, ඔබට කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට අවශ්යද? නව වෙළඳපොළකට ව්යාප්ත වීමට සිතනවාද? ඔබේ මුදල්
ආයෝජනය කළ යුතු තැන කොතැනද යන්න තේරුම් ගැනීමට අවශ්යද? අපි ඒ සියල්ලට පැහැදිලිව සහ ඔබට මඟ
පෙන්වන්න සූදානම්.
මීට අමතරව ලබා ගත හැකි සේවා මොනවාද?
ඇත්ත වශයෙන්ම, ගිණුම්කරණ සමාගමකින් ඔබ අපේක්ෂා කරන සාමන්‍ය සේවාවන් පිළිබඳ විශේෂඥ,පලපුරුදු සහ දක්ෂ
කණ්ඩායමකුත් අපට ඉන්නවා.අපේ ආයතනට වසර 12 කට වැඩි පළපුරුද්දක් තියන්වා මේ ක්ෂේත්රයේ. ශ්රී ලාංකිකයන්ට
පමණක් නොව අපි එක්සත් රාජධානිය පුරා විවිධ ජාතීන්ට අපගේ සේවය සපයන්නෙ බොහෝ සතුටින් .
වැනි සේවාත් සාම්ප්රදායික සේවාවන්ගෙන් ඔබ්බට ගිය නවීන තාක්ෂණය(New Technology), ක්ෂණික සේවාවන් (realtime
Accounting) සහ උසස් පාරිභෝගික සේවා(Customer Service) වැනි අංශ වලට අවධානය යොමු කරලා අපි
සපයනවා.ඉතින් අපගේ මූල්‍ය උපදෙස් සැමවිටම නිවැරදියි, ක්රියාත්මක කළ හැකියි සහ ප්රායෝගිකයි.
ඇයි ඔබ අපව තෝරා ගත යුත්තේ ඇයි?
BVS Accounting Ltd අපි දැනටමත් මූල්‍ය අංශයේ එක්සත් රාජධානිය පුරා අපගේ සන්නාමය නිර්මාණය කර අවසන්.අපේ
ඉලක්කය අපේ පාරිභෝගිකයන්ගේ සාර්ථකත්වයම පමණයි. මේ වෙනකොට අපි UK වල ව්යවසායකයින්ට ඔවුන්ගේ
බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කිරීමට වගේම කුඩා ව්යාපාර සමෘද්ධිමත් ව්යවසායන් බවට පත් කිරීමට උපකාර
කළ අවස්ථා නොයෙක් තිබෙනවා.ඒ නිසා අපි ඒ ගැන නිහතමානීව ආඩම්බර වෙනවා.ඒ වගේම, අපගේ මූල්‍ය උපදෙස්
සැමවිටම නිවැරදියි, ක්රියාත්මක කළ හැකියි සහ ප්රායෝගිකයි.
අපේ කණ්ඩායම ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම් සහ වසර ගණනාවක සැබෑ අත්දැකීම් සමඟින්, මේ ක්ෂේත්රයේ ඔබට
සහාය වීමට සන්නද්ධ වෙලා ඉන්නේ. ප්රතිඵල ගෙන දෙන පැහැදිලි, ක්රියාකාරී උපදෙස් ලබා දෙමින්, ව්යාපාරික ඉලක්ක
වෙත ලඟා වීමට සහ අභියෝග ජය ගැනීමට අපි අපගේ ගනුදෙනුකරුවන්ට උදව් කරන්න අපි සුදානම්.
ඔබගේ ව්යාපාරය කුමන තරාතිරමක එකක් වුවත්,ඔබට අපි සමග එකතු වෙන්න පුළුවන්. ඉතින්, අවසාන වශයෙන්
ඔබට අපගේ සහාය අවශ්‍ය නම්, ඔබට අප සමඟ මිනිත්තු 30 ක මූලික උපදේශනයක් නොමිලේ වෙන්කරවා ගත
හැකියි.https://calendly.com/inquiries-bvsaccounting/30min?month=2025-04
(+44) 020 7183 6994
inquiries@bvsaccounting.co.uk