Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Green vine snake ඇහැටුල්ලා  Ahaetulla nasuta (Lacépède1789)

ලෝකයේ දැනට Ahetulla ගණයට අයත් සර්ප විශේෂ 10 අතුරින් ශ්‍රී ලංකාවේ හමුවන Ahetulla විශේෂ දෙකෙන් එකක් ලෙස ඇහැටුල්ලා හැඳින්විය හැකි අතර 2020 වසරේ අග කාර්තුවේදී Ashok kumar mallik ඇතුළු පර්‍යේශණ කණ්ඩායම විසින් එවකට සිටි Ahetulla විශේෂ වල පරිණාමික බන්ධුතාවන් සහ අණුක ජීව විද්‍යාත්මක කරුණු පදනම් කොටගෙන සිදු කෙරුණු විශාල පර්‍යේශණ පත්‍රිකාවකින් එවකට ලෝකයේ සිටි ඇහැටුල්ලන් විශේෂ සංඛ්‍යාව 10ක් දක්වා වැඩි වූ අතරම ශ්‍රී ලංකාවේ හමුවන Ahetulla nasuta විශේෂය සහ Ahetulla pulverulenta විශේෂය ලංකාවට ආවේණික සර්ප විශේෂ ලෙස නම් කරන ලද අතර ඉන්දියාවේ දකුණු සහ අග්නිදිග ප්‍රදේශයන්හි හමුවන Ahetulla විශේෂ අණුක ජීව විද්‍යාත්මකව සහ දන්ත වින්‍යාසය වැනි ඇතැම් ලක්ෂණ මඟින් වෙනත් විශේෂ ලෙස නම් කරන ලදී. ඇහැටුල්ලා යනු රුක්වාසී සර්ප විශේෂයක් වන අතර බොහෝවිට ඇස් මට්ටමේ කුඩා ගස් මත දහවල් කාලයේ අව් රශ්මිය පතිත වන ස්ථාන වල බොහෝවිට දැක ගැනීමට හැකියාව පවතී. විශාල පරාසයක විහිදී යන උදරීය වර්ණ ප්‍රභේධනයක් දැකගත හැකි විශේෂයක් වන අතර කලාතුරකින් දුඹුරු පැහැයට හුරු වර්ණ ගන්නා වර්ණ ප්‍රභේධක්ද දැකගත හැකි වේ.

සුළු විෂ සහිත සර්ප විශේෂයක් වන මොවුන් දිවයින පුරා පුළුල් ව්‍යාප්තියක් සහිත සර්ප විශේෂකි.ශ්‍රී ලංකාවේ හමුවන විවිධ සර්ප විශේෂයන් පිළිබඳව නොයෙක් මිත්‍යා මත ගොඩනැගී තිබෙන්නා සේම ඇහැටුල්ලන් පිළිබඳව ද එවැනි මිත්‍යා මත කිහිපයක් ගොඩනැගී පවතී.ඉන් ප්‍රධානම මිත්‍යා මතය වන්නේ ඇහැටුල්ලන් ඇස් උගුල්ලා ගන්නවා යන මතයයි. මෙම මතය නිසාවෙන්ම මොවුන් ඇස්ගුල්ලා යන නාමයෙන්ද ඇතැමුන් ව්‍යවහාර කරනු ලබයි. නමුත් මෙහි විද්‍යාත්මක පසුබිම වන්නේ මොවුන්ගේ දිවි ගෙවීම බොහෝවිට රුක්වාසී වන අතරම මොවුන් ස්වභාවික පරිසරයේ ඇස් මට්ටමේ සහිත ශාක මත බොහෝවිට දක්නට ලැබෙන නිසා මොවුන් ඇස් උගුල්ලා ගැනීමට සිටින්නාක් මෙන් දර්ශන වීම නිසාවෙන් ගැමි ජනතාම මෙවැනි මිත්‍යා විශ්වාස මොවුන් පිළිබඳව තබාගත් බව පැහැදිලි වන්නක්. නමුත් මිනිසුන්ගේ ඇස් වල දීප්තිය නිසාවෙන් සිදු කරන පහරදීම් වාර්තා වූවද ඇස් වලට හානියක් සිදු වන ආකාරයෙන් පහර දීමක් සිදු කල හැකි නොවන බවද සඳහන් කල යුතු වේ. ශ්‍රී ලංකාවේ හමුවන සර්ප විශේෂ අතුරින් දියුණුතම දෘෂ්ටියක් සහිත සර්ප විශේෂ දෙකෙන් එකක් ලෙස ඇහැටුල්ලන් හැඳින්විය හැකි අතර මොවුන්ට අනෙක් සර්ප විශේෂ වලට සාපේක්ෂව දියුණු ත්‍රිමානේක්ෂ දෘෂ්ටියක් සහිත වේ. මීට අමතරව මොවුන්ගේ අවතල හැඩයෙන් යුක්ත වන ලෝරියල් කොරල සහිත ප්‍රදේශය හේතුවෙන් විශාල දෘෂ්ටි පරාසයකට හිමිකම් කියනු ලබයි.

මොවුන් ආහාර වශයෙන් කටුස්සන්,ගෙම්බන් සහ කුඩා පක්ෂීන් විශේෂ ප්‍රධාන වශයෙන් ගනු ලබයි.මොවුන්ගේ අධෝහනුක අස්ථි / Mandibles විශාල පරාසයකට ඈත් කිරීමේ හැකියාව සහිත හෙයින් විශාල ගොදුරු ගිල දැමීමේ හැකියාවක් පවතී.

සටහන සහ ඡායාරූප – චමල් ලක්ෂාන් ජයවීර

Sign up for our newsletter