2024-07-11

මෝ හිනි ඇල්ල

Mohini falls

මෝ හිනි කිවුවා ම ටිකක් මො කදො වගේ නේ ද?… ඇයි ඉතිං යකින්නක්නේ … එතනත් ටිකක් එ වගේ

තමයි… ගුප්ත තැ නක්…. හැ ටන් නල්ලතන්නි මා ර්ගයෙ න් සිරිපා වදින්න යද්දි මස්කෙ ලිය නගරය පහු

කරගෙ න නල්ලතන්නිය පැ ත්තට යද්දි තමයි මෙි මෝ හිනිය ඉන්න… එ පා රේ යන අය නමි මෙ යා ව

දකිනවා .. එයා ව දැ ක්කා ම නමි හැ බැ යි බය හිතෙ න්නේ නැ .. එ තරමට ලස්සනයි වැ ස්ස කා ලේ ට

එයා ගේ ලස්සන බලන්න නමි ඉතිං වැ ස්ස වැ ඩි කා ලෙ කම යන්න ඔින…. මම නමි ඉතිං වැ ස්සට

හැ ඩ වෙ ලා ඉන්න කා ලේ වගේ ම පා යන කා ලෙ ත් එයගේ ලස්සන දැ ක්කා … පා යන කා ලෙ දි නමි එ

ලගටම ගියා ඇයි මෙ යා ලස්සන හං ගන් ඉන්නේ කියලා හිත හිතම…

එක පා රක් සිරිපා වා රයෙ දි. පා යන කා ලේ , අපි හැ ටන් එකෙ න් නල්ලතන්නි බස් එකෙ න් ඇවිත්

එතනින් බැ ස්සේ මුණ අතපය සො දා ගෙ න සඳගලතැ න්න හරහා සිරිපා දේ යන්න. එත් ඉතිං පස්සේ

තමයි දන්නේ මෙි ලස්සන මෝ හිනිගේ වතුර භා විතයට සුදුසු නැ කියලා .. නල්ලතන්නි පො ලිසියේ අපේ

මිත්රයන් දෙ දෙ නා වෙ ලා වට අපිව ගන්න එතන්ට ආව නිසා අපේ එක මිත්රයෙ ක් දත් ටික විතරක්

මැ දගෙ න මුණ හො දන වැ ඩෙි නතර කලා .. පස්සේ නේ අනේ බො ඩි එක දැ ක්කේ . එයා දත් මැ දලා ඉවරයි

එ වෙ ද්දි… කණගා ටුවෙ න් උනත් කියන්න ඔින අපේ ම මිනිස්සුන්ගේ වැ රදි නිසා තමයි මෙි හැ මදේ ම

විනා ස වෙ න්නේ අපවිත්ර වෙ න්නේ .. මො කද මො හිනිය ගලන් එන්නේ වතුකරය මැ දින්..

ඇත්තටම මෙි ඇල්ල හරිම ලස්සනයි. නිස්කලං කයි. සං චා රකයන්ගේ අවදා නය මෙි ඇල්ලට

ලැ බෙ නවා ගො ඩක් අඩුයි.. මො කද සිරිපා දේ නැ ගලා බැ හැ ලා මහන්සි වෙ ලා එන අයට ඇල්ල ලග

බහිනවා තියා හිතන්නවත් බැ මහන්සිනේ …

මෝ හිනී ඇල්ල ආසන්න වශයෙ න් මීටර 30ක පමණ උසකින් සමන්විත වෙ නවා … මා වුස්සා කැ ලේ

ජලා ශයට එකතු වෙ න කුඩා ජල පහරකින් නිර්මා ණය වෙ න මේ මෝ හිනී ඇල්ල වර්ශා කා ලයේ දී

බො හෝ ම සුන්දරත්වයකින් දැ කගන්නට පුලුවන්.. තද කො ලපා ට පසුබිමෙි සීතල මිදුම අතරින් සුදුපා ට

සේ ලයක් බිමට ඇද හැ ලෙ නවා වගේ ලස්සනක් වර්ෂව කා ලෙ දි දැ කගන්න පුළුවන්. මට නමි ඉතිං

දැ කගන්න පුළුවන් උනා එයා ගේ සුන්දරත්වය කීපවතා වක්ම..

මෝ හීනී ඇල්ලට මේ නම ලැ බෙ න්නේ ඇල්ලේ කඩා හැ ලීමෙි ස්වරූ පය නිසා වෙ න්න ඔින…. සුදු

සා රියක හැ ඩයක් ගන්න නිසා කියලත්,කා න්තා වකගේ වරලසක හැ ඩය ගන්න නිසා ත් කියලා සමහර

අය කියනවා … තව සමහර අය කියනවා රා ත්රියට මෙ තන මෝ හිනිගේ අවතා රය ඉන්නවා කියලා … ඒ

කො හො ම උනත් රා ත්රියකදී නම් මහා ඝන අන්ධකා රයක මේ සුදෝ සුදු ජල පහර කඩ හැ ලෙ න

ආකා රයට එහෙ ම නමක් පටබැ දෙ න්න ඇති, ගුප්ත බවත් එක්ක මෝ හිනී ඇල්ල කියන නම මෙි

ඇල්ලට බො හෝ දුරට ගැ ලපෙ නවා …. සුදු සා රියක් ඇදගත්ත කා න්තා වත් කරු වලේ ඉන්නවා කියන්නේ

ඉතිං මෝ හිනිම තමයි…

එත් ඉතිං මෙි මුතු ඇටෙි අයට හැ මදා ම කියනවා වගේ කියන්නේ , බුදුන් වදින අත්දෙ කින් වැ දලා

කියන්නමි මෙි වගේ වටිනා ස්ථා න ජරා කරන්න එපා … ආරක්ෂා කරන්න මෙි සුන්දර තැ න්… කවුරු හරි

කුණු දා ලා අපිරිසිදු කරනවා දැ ක්කො ත් කනට දෙ කක් දෙ න්න. එක පවු නෑ … හැ බැ යි වැ ස්ස කා ලෙ ට

වගේ ම වැ ස්ස නැ ති කා ලෙ ටවත් ඇල්ලට බහින්න නමි එපා , එ වගේ ම මෙි මා ර්ගයෙ න් ඇවිද ගියො ත්

මො හිනීය ලග නතර වෙ ලා සුන්දරත්වය විදින්න නමි අමතක කරන්න එපා …..

නිසං සලා රණසිං හ

24-06-09

උඩවත්ත කැ ලේ

උඩවත්ත කැ ලේ – රා ජකීය වන උද්යා නය මහා නුවර

udawatta kele- royal forest park

මෙ වර කියන්න යන්නේ කො ළපා ට ලෝ කයක පැ ය කිපයක් තනිවුන තවත් මම තනිව ගිය අපුරු

ගමනක් ගැ න.. නුවර යන ගො ඩක් අයට මගහැ රෙ න තැ නක් උනත් කවුරු ත්

යන්නම ඔින තැ නක් තමයි දළදා මා ළිගා වට ඉහලින් තියන උඩවත්ත කැ ලේ … එක කො ළපා ට

ලෝ කයක්…

1856දි රක්ෂිතයක් ලෙ ස නමි කරපු මෙි වන උයන 1938 වසරේ දි අභය භූමියක් ලෙ ස නමි කරලා

තියනවා , දේ ශිය සං චා රකයන්ට වඩා විදේ ස් සං චා රක ආකර්ෂණයක් ඇති තැ නක් විදිහටයි මම ගිය අද

දවසේ දැ ක්කේ …

ඉතිහා සය ගැ න කියනවා නමි මා ලිගා වේ සිටි අලි ඇතුන් සඳහා ආහා ර සම්පා දනය කිරීම සඳහා මෙ ම

වන අරණ යො දා ගත් බව සඳහන් වෙ නවා .. එ නිසා ම තහනමි කැ ලේ ලෙ සත් එකල ප්රසිද්ධ වෙ ලා

තියනවා ..

ඒ වගේ ම ගම්පො ල රජ කළ සේ නා සම්මත වික්රමබා හු රජතුමා මේ කැ ලේ ‘උඩ වා සල’ නමින්

මා ලිගා වක් තනා ගෙ න එහි වා සය කළ බවටද මතයක් තිබෙ න බව අවට පැ රණි ගම්වා සීහු පවසනවා ..

තව කැ ලයට ඇතුල් වෙ න තැ නම ඇති පො කුණ එකල රජවා සලේ බිසෝ වරු ජල ස්නා නය සදහා

යයො දා ගත් බවත් පැ වසෙ නවා ..

එත් ඉතිං ඉතිහා සයට වඩා මෙි පරිසර පද්ධතිය වර්ණනා කිරිම තමයි මට නමි වැ දගත්.. ශා ක විශේ ෂ

ගණනා වක්ම ඇති මෙි වන උයනේ ඇවිද යන්න මා ර්ග පැ හැ දිලිවම තියනවා .. එ නිසා කා ටත් බියක්

නැ තුව යන්න පුළුවන් ගමනක්…

5kmක් පමණ දුරක් පා ගමනින් යන්න පුළුවන් , නැ තිනමි පා පැ දියක් බා විතා කරන්නත් අවස්ථා ව

තියනවා .. කුරු ළු විශේ ෂ වගේ ම රිලවුන් , උරගයින් සහා මුවන් ගැ වසෙ න භුමියක්.. උදැ සන 8 සිට

හවස 4.30වන තෙ ක් මෙි වන උයන සං චා රකයන්ට විවෘ තයි..

වනජිවි මහත්මයෙ ක් මට පැ වසුවා පක්ෂින් නරඹන්න නමි උදැ සනම පැ මිණිය යුතු බවයි.. මට නමි

මම ගිය වෙි ලා ව අනුව කුරු ළු හඬ විතරයි ඇසුනේ .. දැ කගන්න ලැ බුණේ නෑ .. දැ ඩි හිරු රශ්මිය නිසා

සතුන් සැ ගවිලා ..

ජිවිතේ මුල්ම වතා වට මම දැ ක්කා මහා විශා ල සා මිබ්රනි ගහක්, ඇත්තටම මම එ ගහා වැ ළදගෙ න

සුවද බැ ලුවා …

කැ ලයේ ඇතුලට ගමන් කරකරනවිට පැ රණි චත්ත විශුද්ධි ලෙ න දැ කගන්න පුළුවන්..

කියන්නම ඔින දෙ යක් තමයි මෙි වන උයන නමි නො යිදුල් පරිසරයක්. පිටින් කෑ ම රැ ගෙ න එන්න

තහනමි, වනය තුල ආහා ර ගැ නිම තහනමි, එ නිසා ම පො ලිතින් කැ ල්ලක්වත් දකින්න නෑ .. දන්නවා ද

මට හිතුන දෙ ය..

නුවර ගියො ත් අනිවා ර්යයෙ න් මෙ හෙ යන්න අමතක කරන්න එපා … ගිහින් විදින්න මෙි පරිසරය.. එයා

හරි අපුරු වට අපේ හිත නිවනවා …

නිසංසලා රණසිංහ

24-05-11

කටූම්බා බ්ලු මවුන්ටන්ස්

හිරු පිබිදෙන්නටත් ප්‍රථම අප ලහි ලහියේ සූදානම් වුයේ ඊසාන දෙසින් හොක්ස්බරි සහ නේපියන් ගංගා වලටත්, බටහිරින් කොක්ස් ගංගාවත්, දකුණින් බූරාගොරාන්ග් වැව්  ඉස්මත්තත්, උතුරුබටින් වොල්ගොන් සහ කොලෝ ගංගාවලටත් මායිම් වී ඇති ඕස්ට්‍රෙලියාවේ බෙහෙවින් ප්‍රචලිත නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටා ඇති, ඒවගේම ලෝක උරුමයක් ලෙස නම් කර ඇති කටූම්බා (Katoomba)  බ්ලු මවුන්ටන්ස් (Blue Mountains) කඳුවැටිය වෙත ලඟා වන්නට.  

අදහාගත නොහැකි ඉතා විශාල වපසරියකට විහිදී ගොස් ඇති කඳු පන්තියේ බොහෝ දෙනෙක් ගේ ආකර්ශනය හිමිවන්නේ ත්‍රී සිස්ටර්ස්  (Three Sisters ) කඳු වළල්ල වෙතයි. 

මේ සොභා මවිතය දැක බලාගැනීමට අප පෙරාතුවම සීනික් වර්ල්ඩ් සමාගමෙන් ප්‍රවේශ පත්‍ර දෙකක් මිලදී ගත්තේ, බොහෝ දුර ගොස් නැවතත් හැරී ඒමට හිතේ අහලකවත් නොතිබූ නිසා. මිතුරන්ගෙන් දැනගත් පරිදි අපි කාළගුණය කොතරම් සුබදායි දැයි බලන්නට අමතක නොකලේ, ඔවුන් පැවසු පරිදි වැහි කෝඩයක් හෝ මිහිදුම් පටලයක් පැමිණියහොත් එහි දසුන් පැහැදිලිව දැකබලා ගැනීමට නොලැබෙන නිසාවෙන්.

පැය හතරකට ආසන්න කාලයක් සුන්දර කැළෑ බද පෙදෙස්වලින්, කඳුවැටි, බැටළුවන් පිරි ගොවිපලවල්, මිදි වතු පසු කරමින් උණුසුම් කෝපි වලටත් සීනි සම්බෝල තැවරූ පාන් පෙති වලටත් ස්තුතිවන්ත වෙමින් අප ලඟා වුයේ සීනික් වර්ල්ඩ් නැරඹුම් මධ්‍යස්ථානය වෙතටයි. මුදල් නොගෙවා, මෙම මධ්‍යස්ථානයට පැමිණෙන්නේ නැතුව හිතු මනාපෙට මේ සුන්දරත්වය දැකගැනීමට හැකියාව තිබුනත්, ඒ සඳහා බොහෝවිට පැමිණෙන්නේ කඳු නැගීමට සහ වික්‍රමාන්විත ක්‍රියා සඳහා බොහෝ පළපුරුද්දක් ඇති දක්ෂයින් පමණයි.කටූම්බා  කඳු වැටියේ සහ වන ලැහැබේ සුන්දරත්වය සොයා යන්නට ගොස් විවිධ විපත් වලට මුහුණ දී අද  වනතුරුත් නැවත නොපැමිණි සංචාරකයින් නැතුවාම නොවේ.

කලින් ප්‍රවේශ පත් මිලදී ගත නිසාවෙන් කිසිම තදබදයක් නැතිව අපි බ්ලු මවුන්ටන්ස් සංචාරක ඇරඹුම් ස්ථානයට ඇතුළු වුයේ මුව පුරවාගත් සිනාවකින් අප පිළිගෙන ස්ථානීය ක්‍රියාකාරම් සහ භූගෝල පිහිටීමේ සිතියමක් අප අත තැබූ සේවිකාවගේ මග පෙන්වීම යටතේයි.

මෙහි තිබූ තවත් විශේෂත්වයක් වන්නේ ලොව ඇති වැඩිම බෑවුමක් කරා ගමන් කරන සංචාරක දුම්රියත් (World’s Steepest Train), දකුණු අර්ධගෝලයේ වැඩිම බෑවුමක් වෙත ගමන් කරන කේබල් කාර් රථයත් (Steepest Aerial Cable Car in the Southern Hemisphere) මෙහි ජැමිසන් නිම්නය හරහා පිහිටා තිබීමයි.

එහි ගමන් කරනා විට ත්‍රී සිස්ටර්ස් ඉතා සුපහදිලිව දැක ගැනීමට සංචාරකයින්ට හැකිවන අතර වනපෙතේ සුන්දරත්වය, ඒ සිසිලස විඳීමට කැමති අය සඳහා නැවතත් සීනික් වර්ල්ඩ් මධ්‍යස්ථානයට පැමිණීමට විවිධ වන මංපෙත් සාදා තිබෙනවා. ඒවගේම මෙම කඳු පන්තියේ බොහෝ ස්ථානවල නැරඹුම් ලක්ෂ්‍ය පිහිටා තිබෙනවා. ඡායාරූප කලාවේ යෙදෙන කෙනෙකුට මෙන්ම, සොබා සෞන්දර්ය නිදහසේ අත්වින්දින්නට කැමති ඕනෑම කෙනෙකුට එය කදිම තෝතැන්නක්.

කටූම්බා බ්ලු මවුන්ටන්ස් නරඹා නැවතත් සංචාරක මධ්‍යස්ථානයට පැමිණි අපගේ විඩාවත් , කුසගින්නත් නිවා ගත්තේ එහි  පිහිටා ඇති ටෙරස් කැෆේ හි  ලී උදුනේ පිළිස්සූ පීසා සහ ලෙමනේඩ් වීදුරුවක් පානය කිරීමෙන්. 

මෙම අවන්හල උණුසුම් ආහාර සහ කෝපි වල සිට සීතල දේශීය බියර් සහ අයිස්ක්‍රීම් දක්වා සෑම දෙයක්ම පිරිනමන අතර නිල් කඳුකරයේ හොඳම දර්ශනීය පැතිකඩක් එහි බැල්කනියට ගොඩවන්නෙකුට දැකගැනීමට ලැබෙනවා. 

ඉතාමත් සුන්දර ලොව සුපතල සොභා සුන්දරත්වයක් විඳි අපි නැවතත් කැන්බරා බලා පිටත් වුයේ මේ වනාන්තරය සහ කඳු පන්තියේ මිහි මව කොපමණ නම් රහස් සඟවාගෙන , මිහිතලය සුරැකිව තබාගන්නවා ඇත්දැයි සිහිපත් කරමින්.

විෂ සහිත ගංජා ශාකයේ ඖෂධීය වැදගත්කම

විෂ සහිත ගංජා ශාකයේ ඖෂධීය වැදගත්කම

ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර පද්ධතිය තුල ඖෂධ වර්ග නිපදවීමේදී ශාකමය ද්‍රව්‍ය යොදාගැනීම ප්‍රධාන වශයෙන් සිදුකෙරේ. 

උග්‍ර විෂ සහිත වූ ඇතැම් ශාක කොටස් වලින් පවා ඖෂධ නිපදවීමත්, එම ඖෂධ නොයෙක් රෝග අවස්ථාවන් සඳහා ප්‍රයෝග කිරීමත් අතීතයේ සිට පැවත එන්නකි.

කනේරු, ජයපාල, ගොඩකඳුරු, ගංජා වැනි විෂ ශාක යොදාගනිමින්, නිවැරදි ඖෂධ නිෂ්පාදන මූලධර්ම හා ක්‍රමවේද අනුගමනය තුලින් ඖෂධීය ගුණයෙන් යුත් ඖෂධ නිෂ්පාදනය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල සුලබව අන්තර්ගත වේ.

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේදී ඇතැම්විට ඒකීය ඖෂධ යොදාගැනීම සිදුවුවද බොහෝවිට ඖෂධ වර්ග සංයෝග කිරීම සිදුකෙරේ.

ඒ අතර ඇතැම් විෂ ශාක වර්ග අනෙකුත් ඖෂධීය ගණ සහිත ශාක වර්ග සමඟ සංයෝග කොට චිකිත්සාවට යොදා ගැනීම විශේෂ වේ. 

ආයුර්වේදය තුල ‘විෂ’ ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්වේ. එනම්, 

• ස්ථාවර විෂ

• ජංගම විෂ සහ, 

• සංයෝජක විෂ ලෙසට ය. 

යම් ද්‍රව්‍යයක් සතුව ස්ථිර ලෙස පවතින විෂ, එනම් ශාක හා ඛනිජ ද්‍රව්‍යය සතු විෂ ‘ස්ථාවර විෂ’ ලෙසට සලකන අතර තැනින් තැනට ගමන් කරන විෂ එනම් ‘ජංගම විෂ’ ලෙසට සත්ත්ව විෂ සැලකේ. කෘමිනාශක, වල්පැලෑටි නාශක වැනි කෘත්‍රිම විෂ ‘සංයෝජක විෂ’ ලෙසට හඳුන්වනු ලැබේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යා චිකිත්සා ක්‍රමවේද තුල ශාක හා ඛනිජ ද්‍රව්‍යය සතු ස්ථාවර විෂ ඖෂධීය මාත්‍රා වලට අනුව ප්‍රයෝග කිරීමෙන් සර්ප විෂ, ගෝනුසු විෂ යනාදී ජංගම විෂ සඳහා මෙන්ම කෘමිනාශක වැනි සංයෝජක විෂ නිසා හටගැනෙන ඇතැම් රෝග අවස්ථාවන් සඳහා ප්‍රතිකාර ලෙසට භාවිතා වීම විශේෂිත වේ.

විෂෙන් විෂ නැසීමේ ක්‍රමවේදයක් මෙහිදී අනුගමනය වන අතර චිකිත්සාවේදී ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ගෙනදීම ආයුර්වේද ඖෂධයන්හි සාඵල්‍යතාව මැනවින් ප්‍රකට කරනු ඇත.

ආයුර්වේද ඉගැන්වීම් තුල විෂ හා උපවිෂ ලෙසට ස්ථාවර විෂ බෙදා දැක්වෙන අතර ‘විෂ’ නම් මූලික ගණය තුල නොයෙක් විෂ අන්තර්ගත ඛනිජ වර්ග ඇතුළත් වන අතර ශාකමය විෂක් ලෙසට ‘වච්චනාභී’ නොහොත් වත්සනාභ අල ඇතුළත්ව ඇත.

‘උපවිෂ’ ලෙසට, ගොඩකඳුරු බීජ, ජයපාල බීජ, අත්තන ඇට සහ පත්‍ර, නියඟලා අල, කනේරු මුල්, භල්ලාතක එනම් සෙංකොට්ටං හා කංසා නොහොත් ගංජා ශාකය හඳුන්වා දී ඇත.

විෂ ගණයට අයත් වුවද ආයුර්වේද වෛද්‍ය චිකිත්සාවේදී මෙම ද්‍රව්‍යය ඖෂධ ලෙසට ප්‍රයෝග කිරීම විශ්මය ගෙන දෙන්නකි. ඒ සඳහා ඖෂධ සංස්කරණයේදී විශේෂිත විෂහරණ ක්‍රමෝපායන් අනුගමනය කරනු ලබන අතර ශෝධන, මාරණ ක්‍රම මගින් සිරුරට ප්‍රයෝග කිරීමට සුදුසු ඖෂධ නිපදවීම පලමුව සිදුකෙරේ. අනතුරුව රෝග ප්‍රකෘතිය, පුද්ගල බලාබලත්වය, රෝග ව්‍යාප්තිය යනාදී චිකිත්සා මූලධර්ම සලකා බලා නිශ්චිත ඖෂධීය මාත්‍රාව රෝගීන්හට ලබාදීමෙන් ආයුර්වේද වෛද්‍යවරු චිකිත්සාවේ සාර්ථක ප්‍රතිපල ලබාගැනීම වර්තමානයේ දී පවා සිදුකෙරේ. 

වර්තමානයේ බහුලව කතාබහට ලක්වී ඇති ගංජා නොහොත් කංසා ශාකය සතු ඖෂධීය ගුණය පවා ආයුර්වේද චිකිත්සාවේදී බහුලව භාවිතාවන ඇතැම් ඖෂධ තුල අන්තර්ගත වේ. කංසා ශාකය එහි සතු විෂ ස්වභාවය නිසා ආයුර්වේද ඖෂධ සංහිතා වර්ගීකරණ තුල උපවිෂ යටතට අයත්වන වන අතර Cannabaceae කුලයට අයත් ශාකයකි. 

එමෙන්ම, කංසා ශාකය තුල Tetrahydrocannabinol(THC) හා Cannabinoid යන රසායනික සංඝටකයන් බහුලව අන්තර්ගත වේ.

 _Cannabis sativa, Cannabis indica, Cannabis ruderalis_ ලෙසට ප්‍රබේද තුනකින් ආසියාව තුල හටගැනෙන අතර විජයා, මාධනී, මෝහිනී, ත්‍රෛලෝක්‍ය විජයා, භංගා යන පර්‍යාය නාම වලින් හඳුන්වන කංසා ශාකය මත්බවින් පිරි මදකාරී ශාකයකි.

මීටර් 1 1/2 ක් පමණ උසින් යුත් පඳුරක් ලෙසට වර්ධනය වන ගංජා ශාකයේ කොළ, ඇට, අතු සහ ශාකයෙන් වෑස්සෙන නිර්‍යාස ඖෂධ නිෂ්පාදනය සඳහා බහුලව යොදා ගැනේ.

මෙම ඖෂධය සතු විෂ රසායනික බව හේතුවෙන් ප්‍රබල වේදනානාශකයක් ලෙසට භාවිතා වන අතර ශරීර අභ්‍යන්තර රෝග බොහොමයක් සඳහා ප්‍රතිකාරයේදී සුලබව භාවිතා කරනු ලැබේ.

සිරුරේ පවතින හන්දි වේදනා, ඉදිමීම්, තැලීම් සඳහා ගංජා පත්‍ර වලින් සාදන ප්‍රලේප බාහිරව ආලේපයෙන් ඉක්මන් සුවයක් ලබා ගත හැකිවන අතර, ගංජා අඩංගු සම්පාදිත ඖෂධ ලෙසට ගුලි වර්ග, මෝදක, කුඩු යනාදී ඖෂධ සංස්කරණයන් රෝගී ප්‍රතිකාරයේදී යොදාගනු ලැබේ.

මෙහිදී ඒකීය ශාකය චිකිත්සාවේදී කෙලින්ම උපයෝගී නොවීමත්, වෙනත් ඖෂධ වර්ග සමඟ සීමිත ප්‍රමාණයකින් මිශ්‍ර කිරීමෙන් සම්පාදිත ඖෂධ ලෙස නිපදවීමෙන් අනතුරුව රෝගීන්ට ප්‍රයෝග කිරීමත්, විශේෂිත ශෝධන ක්‍රමෝපායන් ඒ සඳහා අනුගමනය කිරීමත් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ක්‍රමවේද තුල දක්නට ලැබීම සුවිශේෂී වේ.

ගංජා ශාකයේ කොළ, ඇට හා දඬු පොට්ටනියක් ලෙසට සකසා එළකිරි සමඟ පැය තුනක් පමණ දෝලා පාක දීමෙන් තැම්බීම සිදුකල පසු හොඳින් විෂ හරණය සිදුවූ ගංජා කොටස් නියමිත ඖෂධීය මාත්‍රාවෙන් ඖෂධ වර්ග සංස්කරණය සඳහා යොදා ගනු ලැබේ.

දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම අතර ප්‍රචලිත ගුලි වර්ග හා මෝදක වර්ග ශෝධිත කංසා කොළ සහ ඇට වර්ග යොදා ගනිමින් අතීසාර, ජ්වර, කල්ගත වූ සෙම්ප්‍රතිශ්‍යාව, ගර්භාශ ආශ්‍රිත රෝග, පණුරෝග, දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවන්ට සෑදෙන වලිප්පුව, ලිංගික ගැටලු, පෙනහළු ආශ්‍රිත රෝගාබාධ, අධික වේදනා සහිත රෝග අවස්ථා සඳහා භාවිතා කිරීම අතීතයේ සිට බහුලව සිදු කොට ඇත.

ආහාර රුචිය වැඩි කිරීමට මෙන්ම මාංශ වර්ග පිළියෙල කිරීමේදී කුළුබඩුවක් ලෙසට කංසා කොළ ආහාරයට එකතු කිරීමද අතීතයේ දී පැරැන්නන් විසින් සිදුකොට ඇත. 

නින්ද නොයාම, ඇදුම, කැස්ස යන රෝග අවස්ථාවන් සඳහා ක්ෂණික ප්‍රතිකාරයට කංසා අන්තර්ගත ඖෂධ සතුව විශේෂ හැකියාවක් පවතින අතර ගංජා යොදාගනිමින් නිෂ්පාදිත තෙල් වර්ග සන්ධි වේදනා, මස්පිඬු වේදනා, අධික හිසේ කැක්කුම් සඳහා ආලේපයෙන් ඉක්මන් සුවය ලබාදීමේ විශේෂ හැකියාව පවතී.

වර්තමාන සමාජය තුල නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් ලෙසට සමාජගත වී තිබුණද ඖෂධීය වටිනාකම නිසිලෙස හැඳිනීමෙන් නිවැරදි සංස්කරණ ක්‍රම මගින් නිෂ්පාදනය කිරීමෙන් බොහෝ රෝග ගණනාවකට ප්‍රයෝග කල හැකි චිකිත්සාවේ ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ගෙනදෙන ඖෂධීය ගුණ සහිත ශාකයක් ලෙසට ගංජා ශාකය හඳුන්වා දීමට හැක.

විෂ අන්තර්ගත වූ පමණින් භාවිතයෙන් බැහැර නොකොට ශාක සතු අද්විතීය සුවිශේෂී ලක්ෂණ උපයෝගී කොට ගනිමින් විෂ මරා එනම් විෂ මාත්‍රාව අවම කොට, නියමිත ඖෂධීය මාත්‍රාවෙන් රෝගීන්හට චිකිත්සාවේ ප්‍රයෝග කිරීම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල අන්තර්ගත තවත් එක් සුවිශේෂීතාවයකි.

කෙසේ නමුත් ඖෂධ ලෙසට ප්‍රයෝගයේදී විෂ ඖෂධ අන්තර්ගත වන ඖෂධයක් වන බැවින් හා රෝගියාගේ වයස, රෝගයේ ස්වභාවය, පවතින වෙනත් රෝග හා ගර්භණී තත්ත්ව පිලිබඳ විශේෂයෙන් සලකාබලා ප්‍රතිකාර සිදු කලයුතු බැවින් ද, හිතුමනාපයට භාවිතා කිරීමෙන් වැලකී සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත පමණක් භාවිතයට ගතයුතු ඖෂධයක් ලෙසට 

දැඩිව සිහිතබා ගතයුතු වේ.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS (Colombo)

Solo Travel

හදවත සොරාගත් එරත්න

සමහර වෙලාවට මට ඔිනි උනේ තනියම ඉන්න.. නැත්තමි තනියම ඇවිදින්න , එ වෙලාවට මම හෙවුවෙි සීතලයි මීදුමයි කොළපාටයි විතරමයි….. එ තමයි මගේ ජිවිතේ මම වැඩිපුරම ඇලුමි කරන දේවල්…

ඉතිං ආයෙත් මම තනිව තවත් සුන්දර පාරාදිසයක් හොයාගෙන එරත්න පාරෙන් උඩ මළුවට ගියා… එ දින තුනක සංචාරය නමි මගේ ජිවිතේ සුන්දරම සංචාරයක්… හිත නිවන සනසන සොබාදහම එක්ක මම තනි උනේ මට මාවම අමතක වෙද්දි.

උදේ පාන්දරම ගෙදරින් ගිය මම දවල් එකොලහා වෙද්දි කුරුවිට ටවුමට ආවා. කුරුවිටින් දොලහයි කාලට පිටත් උන එරත්න අඩවිකන්ද බස් රථයෙන් ගමන ආරමිභ වන තැනට එන්න ගියේ පැයක් විතර… 11kmක දුරක් … ශ්‍රිපාදයට යන්න තියන පැරණි මාර්ගය තමයි මෙි එරත්න මාර්ගය. ජනප්‍රවාද වල සදහන් වෙන්නේ කොටා නමි පුද්ගලයෙක් මෙි මාර්ගය සොයාගත් බවයි…

සුන්දර වටපිටාවක් පසු කරගෙන පැමිණි මාර්ගය නමි ඇත්තමයි අපුරුයි… අඩවිකන්දෙන් සමන්දෙවිහාමුදුරුවනේගෙන් ආශිර්වාද අරගෙනම ගමන පටන් ගත්තේ තද හිරු රැස් පොළව සිපගෙන ඇති වෙලාවක… හෙතුව මෙි දවස්වල පායනවා සැරටම… ඉතිං ඉර අවුවෙි සැර අමුතුවෙන් කියන්න ඔින නෑනේ…

කොහොම හරි තනියම ආව ගමනේ හිත පිරිලා තිබුණේ අමුතුම ප්‍රබොදයකින්… ඉරත් එක්ක තරහෙන් ගමන ආරමිභ කලත් මිටර් සියක් දෙසියක් ඉදිරියට යද්දි මට අමතකයි මම ආවෙි ඉරත් එක්ක තරහෙන් කියන එක… එ තරමටම මාව මෙි සුන්දර වටපිටාව වශි කරගෙන…

වාහනෙක උනත් යන්න පුළුවන් දැන් වර්ණගලට යනකමි. අලුතින් පාරක් හදලා තියනවා වර්ණගල විදුලි බලාගාරය නිසා. හැබැයි එ පාරේ යන්නේ එ පැත්තේ හයර් දුවන වාහන විතරයි, පිටින් එන වාහන වලට වගේම පා ගමනින් එ මාර්ගයේ යන්න අවසරයක් නෑ.. පැරණි මාර්ගයෙ වර්ණගලට යන තෙක්ම ඇත්තේ සීග්‍ර නැග්මක්.. අවු රශ්මියත් වැඩි නිසා මට මදක් දුෂ්කර උනා ගමන..

ගමනේ හමුවන කැකුණහින්නට 200mයි. ඉන්පසු හමුවන ජමිබොල ගහා යට අමිබලමට දුර 1.5kmයි… ඉන්පසු හමුවන්නේ ඩයිමාන්ගල අමිබලම 2.3km, වෙහෙසකාරි දුෂ්කර ගමනේ අවසානය වර්ණගල අමිබලම හමුවන්නේ ඉන්පසුවයි 2.6km, මදක් විවෙික ගත්තා මම එහිදි..

වර්ණගල අමිබලමට පිටුපසින් වනාන්තරය ඇතුලට අඩිපාරක් දිගේ ඇවිද ගියාම වර්ණගල ඇල්ල ඇති බව දැන සිටියත් කාලවෙලාව නිසා මම එහි යලිත් දවසක යන්න තීරණය කලා.. මම යන්නේ තනියම නිසාත් මෙි මාර්ගයෙ මීට පෙර මම ගොස් නොමැති නිසාත් දුර ප්‍රමාණය සමග මම කාලය බෙදාගෙනයි තිබුණේ. රාත්‍රි නවාතැන ලෙස තොරාගත් සීතගඟුල අමිබලමට රාත්‍රි හතට පෙර යා යුතුයි මම..

වාරේ උනත් මෙි වනගත මාර්ගයක්, ඉතිං මගේ ආරක්ෂාවට මම මුල් තැන දිය යුතුයි… මගේ ගමන බොහොම හෙමින්.. ඇත්තටම සමහර තැන්වල මම විඩා නිවනවාට වඩා කලේ නතරවෙලා පරිසරය විදපු එක… වර්ණගල සිට කිලොමිටර් එකක් පමණ තවත් සීග්‍ර නැග්මක් තිබෙනවා… ඉන්පසු සීතගඟුලට යන තෙක්ම තැන්න… හැබැයි වියලි කාලගුණය නිසා බොහො ජල උල්පත් සීදි ගොස් තිබුණත් සුන්දරත්වයෙන් අඩුවක් නැ…

මෙි මාර්ගයේ යන විට හමුවෙන පුංචි ලොකාන්තය පහල නමි මම යන විටත් මීදුමෙන් වසාගෙන… එත් ඉතිං මීදුම කියන්නේ මම ආදරය කරන දෙයක්… හවස 6.45වන විට මට හැකි උනා තුන්මොදර සීත ගඟුල අසලට පැමිණෙන්න, 4.5km.. එ එන මොහොතේ සිහින් පොද වැස්සක් පතිත උනේ හරියට මල් වැස්සක් වැහැලා මාව පිලිගත්තා වගේ…

රාත්‍රිය නමි මොකක්ද, හිතම පිරිලා සතුටින්.. සීතල පසෙක තියලා මම වතුරට බැහැලා නාගත්තේ අතපය එ සීතලට ගල් වෙද්දි..

මගේ හිත නතර උන තැනක් එරත්න පාරේ මෙි සීත ගඟුල.. එ තරමි ලස්සනක් තිබුණා උදැසන.. සීතගඟුලේ මත්ස්‍යයන් රන්වන් පැහැයත් වරල් ලා තැබිලි පැහැයකිනුත් යුක්තයි.. මීදුමත් සීතලත් ගඟුලේ ශබිදයත් තද කොළපැහැති වටපිටාවත් මගේ හිත සැණසුවා…

උඩ මාලිබොඩ පාරේ සීත ගඟුලත් රත්නපුර පලාබද්දල සීතගඟුලත් දෙක එකට එකතුවෙන ස්ථානය තමයි මෙි එරත්න තුන්මොදර සීත ගඟුල.. බොහො දෙනෙක් දියේ ගිලි මිය ගිය අනතුරුදායක ස්ථානයක්.. තුන්මොදරින් එකතුවි ගලා බසින මෙි ගඟ කළු ගඟ ලෙස හදුන්වන්න පුළුවන් උවත් මෙය කුරුවිට හරහා ගලා යන කුරු ගඟේ මුල් දියවර නිසා කුරු ගඟ කියනවා.. කුරු ගඟත් කළු ගඟත් ආරමිභ වන්නේ බැන සමනළ කන්දෙන් උවත් කුරු ගඟ කළු ගඟට එකතුවන්නේ කුරුගංමොදරින්..

එරත්න සිට උඩ මළුවට සමිපුර්ණ දුර 14kmක්, එත් මගේ හිත සීත ගඟුල අසල සිට රත්නපුර පලාබද්දල මාවතේ ගල්වංගෙඩිය දක්වා කොටසට බැදිලා… තබන අඩියක් අඩියක් පාසා මා පසු කර යන මාර්ගය දෙස මම හැරි බැලුවෙි දුකින්.. එ තරමි මගේ හිත මෙි මාර්ගය සොරාගෙන.. නැවත පසු පසට දිව ගොස් යලිත් ගමන ආරමිභ කරන්න සිතෙන තරමට මගේ හිත වශි කරගෙන…. මැදහින්න අමිබලම අසලදියි මම මුලින්ම මෙි මාර්ගයෙදි ඈතින් සමනළ කන්ද දැක්කේ… යන මාර්ගයේ දකුණු පසින් කුණුදියපවුව දැවැන්තයා දුටුවාම ඇත්තමයි මට දැණුනේ එ පර්වත රාජයාත් මට කතා කරනවා වගේ…

මෙි මාර්ගය පුරාවට නේකවිද ශාක සහා මල් දැකගන්න පුළුවන්.. ගස්වැල් වල වගේම ගල් වල පාසි බැදි තිබෙන ආකාරය දුටුවාම සිතාගත හැකියි ලැබෙන වර්ෂාපතනයෙ තරම.. විටින් විට ඇසෙන පහලින් ගලා බසින දිය දහාරාවෙි ශබිදයට වගේම වටපිටාවෙින් ඇසෙන කුරුළු ශබිද හිතට ගෙන ආවෙි සතුටක්.. මහා වනස්පතින් මැදින් හිරු හෙමින් එබිකමි කරන හිමිදිරියෙ තනිව මෙවැනි වනගත මාර්ගයක ඇවිද යනවා කියන්නේ හිතට ගතට මොනතරමි නමි සුවයක්දැයි දැනුනා මට…

ඇවිද යන මාර්ගයෙ මට දැකගත හැකි උනා නිර්විෂ කබර දත්කැටියා සර්ප විශේෂය.. එ වගේම නමක් නොදන්නා කුරුළු විශේෂ කීපයක් වගේම ජිවිතේ පළමු වතාවට අඩවියෙ සිටින ලෙන්නු දැකගන්න පුළුවන් උනා.. කුඩා ශරිරයක් හිමි ලා කළු පැහැයකින් යුතු ඔවුන් අපේ ගමිබද ප්‍රදේශ වල සිටින ලෙන්නුන්ට වඩා බොහො සෙයින් වර්ණයෙන් වෙනස්.. නේකවිද ශාක සහා මල් , මීවන, බෙහෙත් පැලැටි වර්ග වගේම වළිකුකුළන් , කළු වවඳුරන් මට දැකගන්න පුළුවන් උනා.. මැදහින්න අමිබලම ලග කඩෙි මාමා නමි කිවුවෙි එ කළු වඳුරන් කතරගම පැත්තෙන් අඩවියට ගෙනත් දැමිම සත්තු කියලා. හැබැයි උංගෙන් නමි කාටත් කිසිම කරදරයක් නැති බවයි පැවසූවෙි…

වර්ෂව අඩු කාලයේ මෙි තරමි මෙි පරිසරය සුන්දර නමි වර්ෂව වැඩි කාලයට කොයිතරමි සුන්දරත්වය ඇතිදැයි මම මෙි ගමන පුරාවට සිතුවා… ඉතිං මම මගේ හදවත එහේ තියලා ආවා… ආයෙත් වර්ෂාව ඇති දිනක තනියම එරත්න මාර්ගයෙන් උඩ මළුව කරුණා කරන්න…

මගේ ජිවිතේ මම ගිය සුන්දරම සංචාරයන් අතිරින් මෙි සංචාරය මට විශේෂයි.. ඉතිං මම තනිව 14kmක දුරක් ඇවිද ගියා… මෙි සිරපා වාරය කාලය.. ඉතිං ඔයාලත් යන්න දවසක එරත්න පාරෙන්… එ සුන්දරත්වය විදින්න… එවගේම එ සුන්දර පරිසරය රැකගන්න ප්ලාස්ටික් පොලිතින් වලින් තොරව ගමන් කරන්න…. තමන්ගේ කුණු පරිසරයට එකතු නොකරන සොදුරු මිනිසෙක් වෙන්න…

නිසංසලා රණසිංහ

Solo Travel Riverston

ඉදිරියට ඇදෙන ලංගම අලුත් බස් රථයේ ඉදිරිපස වමි පැත්තේ ඇති තනි ආසනයේ ඉදගෙන මම බලන් හිටියෙ මගේ ඉදිරියෙන් පෙණෙන මාර්ගය දිහා. මීදුම මැදින් ඇදි යන බස් රථය පදවාගෙන යන්නේ මම යැයි විටෙක මට හිතුනා…

ඝන මිදුමින් වැසුණු තාර පාර දිගේ තද කොළ පැහැති වටපිටාවක් පසු කරගෙන ඉදිරියට ඇදෙන බස් රථයෙ විටෙක පාරට නැමි ඇති හීනි අතු ඉදිරිපස විදුරුවෙි වදිනවා… ඉදිරිපස සිටින මගේ හිස ඉබෙිම පහත් වෙන්නේ එ තරමට මම මෙි පසු කර යන මාර්ගයට සමවැදිලා සිටිය නිසා…..

මාතලේ අඹ ගහා බස් නැවුතුමෙන් පාන්දර 5.45ට යන ලංගම බස් රථය රත්තොට, රිවස්ටන් හරහා මහියංගනය බලා පිටත් උවෙි වෙනදා මෙන්ම තමන්ගේ රාජකාරි දවස ආරමිභ කරමින්. ඉතිං මම මෙවර මෙි බස් රථයෙන් තනියම සොදුරු පාරාදිසයක් මැදින් ගමනේ යන්නේ හිතම ආස කරන සුන්දරත්වයක් හොයාගෙන…. රිවස්ටන් කුඩා කාලයේ පටන් කීප වතාවක් එහි ගියත් මං හරි ආසයි එ පරිසරයට එ සීතලට.. එ නිසාමයි මෙි වසරේ පළමු සංචාරය විදිහට මම රිවස්ටන් තොරාගත්තේ..

   මෙි ජිවිතේ හරි සුන්දරයි කියලා හදවතට දැනෙන්න තනිව මෙි වගේ ගමනක් එන්නම ඔින…. මෙි කොළපාටත් මිදුමත් හිතට අරන් එන හැඟිම වචනයෙන් කියා විස්තර කල නොහැකි තරමි….. රිවස්ටන් කියන්නේ ජෛව විවිධත්වය වගේම ⁣එකම කලාපයක දේශගුණික වෙනස්විමි කිපයක් විදින්න පුළුවන් අපුරු සුන්දර පාරාදිසයක්.. මාතලේ දිස්ත්‍රික්කයෙ පිහිටා ඇති මෙි අපුරු සුන්දර කදු මුදුණ මුහුදු මටිටමෙි සිට උස මිටර් 1265කින් යුක්තයි . ඉතාමත් සංචාරක ආකර්ෂණීය ප්‍රදෙශයක්..

රිවස්ටන් වලට එන්න පුලවන් මාර්ග කිහිපයක්ම තියෙනවා මාතලේ නගරයෙන් පිටත්ව නාඋල, ඇළහැර හරහා ලග්ගල පල්ලේගම (86 km),

මාතලේ නගරයෙන් පිටත්ව රත්තොට රිවස්ටන් හරහා ලග්ගල පල්ලේම (45km),

දඹුල්ල නගරයෙන් පිටත්ව බකමූන හරහා ලග්ගල පල්ලේගම (52km),

රිවස්ටන් කියන්නේ බලන්න තියන දේට වඩා විදින්න තියන පරිසරයක්.. මෙවර මගෙ ගමනේ ගමනාන්තය විදිහට මම තොරාගත්තෙ පිටවල පතන වගේම බඹරකිරිඇල්ල.. පොදු ප්‍රවාහනයෙන් යන නිසා මට රිවස්ටන් වල බලන්න තියන සේර ඇල්ල මගහැරෙනවා..

ඈත සිට බලන විට මිට මෙලවු අතක ඇගිලි ආකාරයට කදුවැටි ශිකර පහක් පෙනෙන නිසා ඉංග්‍රීසි ජාතිකයින් මෙි කදු පන්ති ‘නකල්ස්’ ලෙස හදුන්වලා තියනවා…. එ වගේම තමයි නිතරම මීදුම අධික නිසා ‘දුමිබර’ කදුවැටිය ලෙසත්, පැරැණ්නන් විසින් ‘බටදඬු කන්ද’ ලෙසත් හදුන්වලා තියනවා..

රිවස්ටන් වඩාත් ජනප්‍රිය සුළං කපොල්ල නිසා… බටඅඬුව සුළං කපොල්ල කියලත් හැදින්වෙනවා… රාවණ යුගය දක්වා දිව යන බවයි පැවසෙන්නේ… රිවස්ටන් වලට මම එන විටත් හාත්පසම ඝන මීදුමෙන් මුළු පරිසරයම වසාගෙන.. කිප වතාවක්ම මම රිවස්ටන් සුළං කපොල්ල වෙත පැමිණ තිබුණ නිසා අධික මීදුමත් වැඩි නිසා මම එතනින් නොබැස පිටවල පතනට යන්න තීරණය කලා.. මොකද මම මිට පෙර එහි ගොස් නැති නිසා ලොකු ආසාවක් තිබුණා මට පුංචි ලෝකාන්තය දකින්න…

රිවස්ටන් ටවර් එකට යන මාර්ගය වැටි ඇති ප්‍රධාන පාර අසල සිට පිටවල පතනට දුර කිලොමිටර් 6යි…..  පිටවල පතන හෙවත් දික් පතන අසලින් මම බසයෙන් බසින විට වෙලාව උදේ 7.20යි.. ඉතිං මට වෙලාව නමි ඔිනැවටත් වැඩියි මෙි භූමියේ ඇවිද සුන්දරත්වය විදින්න.. උදැසන නිසා පතනටම මම විතරයි.. එකත් මාරම අත්දැකීමක්.. මීදුම පිරි ගිය සුන්දර පාරාදිසයක එකම මිනිස් පුලුට මම විතරයි කියලා දැනෙද්දි හිතට දැනෙන හැගීම නමි වචනයෙන් විස්තර කල නොහැකියි… බයක් නමි දැණුනේම නැ මට.. ඉතිං උදේම මම ඇවිද ගියා හෙක්ටර් දහයක් පුරා පැතිර ඇති පතන දිගේ වැටි ඇති අඩි පාරේ පුංචි ලෝකාන්තය ⁣හොයාගෙන.. මගේ තනියට බලු යාළුවො දෙන්නෙකුත් එකතු උනා ගමනට… පතනට පෙනෙන මානිගලත් තුන්හිස්ගලත් විටින් විට ඝන මීදුමින් වැසි යන්නේ මගෙ දැස් එ චමත්කාර දර්ශනයට වශි වෙද්දි..

මුහුදු මටිටමෙි සිට උස මටර් 800ක් වෙන මෙි පතනේ මිටර් 750ක දුරක් පුංචි ලොකාන්තයට පා ගමනින් යන්න ඔින.. ඉතිං මම තනිව ඇවිද ගියා… මට දැණුන හැගීම කියා නිම කල නොහැකි තරම්… සීතල වැඩි කරමින් පොද වැස්සක් ඇද හැලුනා පුංචි ලොකාන්තය අසලට පා ගමනින් පැමිණෙන මොහොතේ… එ වර්ෂාවට තෙමුණත් ගානක් නැ වගේ මට..

මෙි පරිසරයට ආවෙිනිකවු සත්වයෙක් වන ‘රළු ගල් පර මැඩියාව නමි දැකගන්න ලැබුණේ නැ… එත් ලස්සන අමුතු කටුස්සෙක් මගේ කැමරා ඇසට හසුකරගන්න හැකි උනා…. වටැස්ස, කඳුලැස්ස, නිල්මොනරැස්ස , පතන් අල ආවෙිනික ශාක නමි දැකගත හැකියි..

වර්ෂාවත් මීදුමත් නිසා මම නැවත පැමිණියා ටිකටි කවුන්ටරය පැත්තට. එ එන විට නමි තවත් සංචාරකයන් පිරිසක් පැමිණ තිබුණා. ටිකටි කවුන්ටරය විවෘත කර තිබු නිසා ටිකටි එකක් අරගෙනම කුසගින්න දැඩිව දැණුන නිසා එ අසලම ඇති පුංචි කඩෙන් රොටි දෙකක් එක්ක ප්ලෙන්ටියක් බඩට දාගෙනම මම නැවතත් පතන දිගේ පුංචි ලොකාන්තය පැත්තට ඇවිද ගියා.. මාතලෙන් උදේ 7.55ට හෙටිටිපොලට පිටත්වු තැපැල් බස් රථය නැවත පතන අසලට පැමිණෙන වෙලාව හවස 2.30 පමණ වන නිසා මට වෙිලාව නමි ඔිනවටත් වඩා වැඩියි..

ෆොරස්ටි එකේ ටිකටි කඩන තැන ඉන්න මහත්මයා වගේම නවරත්න මාමාවත් එ මොහොතේ එහි සිටි පොලිසියෙ මහත්මයාවත් මතක් කල යුතුමයි.. විශේෂයෙන් නවරත්න මාමාව.. මෙි පතන ගැන රිවස්ටන් ගැන, රිවස්ටන් අවට ඇති ඇටන්වල ගම ගැන , මානිගල ගැන වගේම වල්පොල ගම ගැන බොහො විස්තර මට දැනගන්න ලැබුණා එ මාමාගෙන්..

මීදුමෙන් වැසි තිබුණු පුංචි ලෝකාන්තයෙ ගල් කුලක ඉදගෙන මම පැය ගාණක් නිදහසේ බලා සිටියා ලෝකාන්තය පහල දැකගන්න ආසාවෙන්…. ටිකෙන් ටික දහවල උදා වෙද්දි මීදුම මැකි ගොසින් අවට පැහැදිලි වෙන්න ගත්තේ මගේ හිතේ සතුට දෙගුණ තෙගුණ කරවමින්… ඉතිං මට මම බලාපොරොත්තුවු දර්ශනය දැකගන්න ලැබුණා.. වටෙි ඇති කදු මොනවාදැයි මම දන්නේ නැති උනත් ඇතින් පෙණෙන මොරගහාකන්ද ජලාශය නමි මට හදුනාගන්න අපහසු උනේ නෑ….

රිවස්ටන් වගේම පිටවල පතන කියන්නේ විදින්න තියන පරිසරයක්….. විටින් විට වෙනස් වෙන දෙශගුණයත් එක්ක හිත නිවනවා.. බොහො වොලවක් එහි රැදි සිටි මම නැවත පහලට පැමිණ කෞතුකාගාරයත් නරඹා හෙටිටිපොල සිට මාතලේ බලා යන බස් රථයට ගොඩ උනේ නැවත බඹරකිරිඇල්ල අසල බසින්න බලාගෙන…

සීතල දේශගුණයත් සමග ගතට දැනෙන සැහැල්ලුව නමි වචන වලින් විස්තර කරලා නිම කරන්න බැ. ජිවිතේ එකම එක දවසක් හරි රිවස්ටන් ගිහින් බලන්න එ පරිසරය එක්ක කතා කරන්න . ජිවත් වෙනවා කියලා සිතෙවි. එ විශ්මිත සොබාදහමෙි නිර්මාණය කොයිතරමි නැරඹුවත් එපා නොවෙන තරමි..

කනගාටුවෙන් උනත් දෙයක් සදහන් කල යුතුයි…. සමහර රිවස්ටන් යන අය තමන් ඉවතලන කුණු කසල මෙි නොයිදුල් පරිසරයට මුදා හරිනවා, ප්ලාස්ටික් පොලිතින් වගේම බියර් ටින්… තමන් රැගෙන යන සියළු දැ නැවත රැගෙන එන්න තරමි හොද මිනිසෙක් වෙන්න කියලා මම සංචාරකයන්ගෙන් ඉල්ලනවා..

මෙි පරිසරය විදින්න නමි යන්න මද්‍යසාරයෙන් තොරව …. ඒතකොට තමයි එ ගමනට වටිනා කමක් ලැබෙන්නේ. අරන් යන සියළුදේ නැවත රැගෙන ඒන්න… මතුපරපුරටත් මෙම සුන්දර පරිසරය දැකිමට ඉතිරි කරන්න…විශෙෂයෙන් තමන්ගේ ආරක්ෂාව ගැන නමි සැළකිලිමත් වෙන්න…. රිවස්ටන් කියන්නේ ඔිනම අයෙකුට බියක් නැතිව තනිව සංචාරය කලහැකි තැනක් උනත් තමන්ගේ ආරක්ෂාව තමන්ම තමයි…

නිසංසලා රණසිංහ