Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow
Api Magazine -
බුදුරජාණන්වහන්සේ වන්දනා කරමු..! ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්ථා දේව Read more
රොන් පොදක් වෙන්නම්, හද හඩලා, පාරාදීසේ සහ මේ වේදිකාව ජිවිතේ අපේ වැනි ගීතවල පලමු පද කිහිපය කියු සැනින් ඔබට ඔහුව Read more
දියවැඩියාව සඳහා නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර වලට ඉක්මනින්ම යොමුවී සංකූලතා අවම කරගනිමු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛන වලට Read more
බ්‍රිතාන්‍ය කොලෝනියල් ක්‍රමයට ඉදිකෙරුන ගොඩනැගිලි වලට අතරමැදිව නවීන පන්නයට සුරූපීව වැජඹෙන්නේ ෂැන්ග්‍රිලා.  මෙහි ඇති කාමර ඉතා මිලෙන් අධික වුණත්, සංචාරකයන්ගෙන් පිරී ඉතිරුනේ සිත් ඇද බැඳගන්නා දසුන් හේතුවෙන්. සිඩ්නි ඔපෙරාහවුස්,ඩාර්ලින් වරාය, අහස් වලාකුළු සමග හරඹයක යෙදුන සිඩ්නි ස්කයිලයින් කුලුණ, ඩාර්ලින් වරාය පාලම එහි වටිනාකමතවත් වැඩිකලා.  සිඩ්නි විසිතුරු නරඹා විඩාබර වන ගත සිතට සියුමැලි පිහාටු වලින් පුරවන ලද කොට්ටා සහ ඉස්තරම් ඇද ඇතිරිලි, උණුසුම් වතුරපිරි නාන තටාකය ලබාදුන්නේ සැනසුම් විරාමයක්. මැයි මාසයේ අග රාත්‍රිය එලඹෙනවාත් සමගම සිඩ්නි නගරයේ ගොඩනැගිලි, මං මාවත් නේක වර්ණයන්ගෙන් සැරසෙන්නට පටන්ගන්නවා, 'විවිඩ්' ! වචනයේ පරිස්මාප්ත අර්ථයෙන්ම එය විචිත්‍රවත්. එය මනරම්ව නරඹන්නට ෂැන්ග්‍රිලා ඉහල මහල කදිමතෝතැන්නක්. උදෑසනට ෂැන්ග්‍රිලා සිට බලන කල, ටස්මේනියානු මුහුදේ ක්ෂිතිජ මායිමෙන් නැග එන හිරු රශ්මි දහරා ඔපෙරා හවුස් හි කවාකාරවහල මතට වැටී දිස්නය විහිදන්නේ රාත්‍රියේ දුටු විවිඩ් විචිත්‍රත්වය පරයා යන සුන්දර මනෝභාවයන් මවමින්. එය සැබැවින්ම නෙත්සනසන අලංකාරයක්! මෙම නවාතැනට ගොඩවන්නට තවත් හේතුවක් , තිස් හයවෙනි මහලේ පිහිටි සිඩ්නි හි තිබෙන සියලුම දැකුම්කළු පිහිටීම්, ස්වභාව සෞන්දර්ය එකවර දැකගැනීමට හැකි ඇල්ටිටියුඩ් අවන්හල. ලා රෝස පැහැති කුඩා මල් කිනිති සහිත පෝච්චි තැබූ කෑම මේස සැරසුනේ ලොව සුපතල සූපවේදීන් වනමිශෙල් මෙනෙගාසි, ෆ්‍රැන්සෙස්කෝ එවෝලිනෝ සහ කුමිකෝ එන්ඩෝ ගේ රසවත් අහර වලින්. උනුසුම් කෝපි පිලිගැන්වීමට යොදාගත් මොරොක්කන් නිර්මාණ සහිත කෝප්ප පීරිසි, ඇල්ටිටියුඩ් හි අසුන් ගන්නා ආදරණීයයන්ව මනසින් වෙනත් ඉසව්වකට රැගෙනගියා. එක රැයක් මෙහි ගත කලත්, ඒ ලබාදුන් අමිල ඉසිඹුවට, ෂැන්ග්‍රිලා සුරූපිනියනි, නැවත හමුවන තුරු, නුඹට ආයුබෝවන් ! සජිනි අමන්දා රාජපක්ෂ  ඕස්ට්‍රේලියාවේ සිට Read more
උදේට ඔබ අවදි වෙන්නෙ සතුටින් ද? මෙහෙම ඇහුවොත් කීයෙන් කී දෙනාද සතුටුයි කියන්නෙ. උදෑසන අවදිවීම වගේම රැකියාවට යෑමත් හොඩක් දෙනෙක්ට කරදරයක්. හරිම අකමැත්තෙන් Read more