Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

අලුත් අවුරුද්දට පවුලම හැඩකරන PETTAH STREET

එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකීයන්ට ලංකාවේ සාම්ප්‍රදායික ඇගලුම් හා නිශ්පාදන පහසු මිලට ඉතා ඉක්මන්ම සේවාවකින් ඔවුන් අතට පත් කරන අපේ කම තියෙන PETTAH STREET ගැන, සිංහල සහ හින්දු අලුත් අවුරැද්දට දැන්මතියා ලකලෑස්තිවන ඔබව දැනුවත් කිරීමට Pettah Street අධ්‍යක්ෂ පසිදු රණසිංහ ‘අපි Magazine’ කන්ඩායම සමග කල කතාබහයි මේ….

මොකක්ද මේ හැමෝම මේ දවස්වල කතාවෙන හැමතැනම පේන්න තියෙන PETTAH STREET?
Pettah Street කියන්නෙ බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකිකයන්ට තම ප්‍රියතම handloom, Batik වැනි දේශීය නිමි ඇදුම් සහලංකාවෙ සාම්ප්‍රදායික නිශ්පාදන පහසුවෙන් මිලටගැනීමට සහ දින දෙකතුනක් වැනි ඉතාමත් කෙටිකාලයකින් නිවසටමගෙන්වාගතහැකි online ව්‍යාපාරයක්.

ඒකියන්නෙ ළඟ එන අලුත් අවුරුදු සමයේදී ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සේවා සැලසීමට PETTAH STREET සූදානම්ද?
100% ක්ම ලෑස්තියි. අපේ ආරම්භක පසුගිය වසරේ අපිට ඉතා හොද ඉල්ලුමක් සහ විශේෂයෙන් ගැනුම්කරුවන්ගෙන් හොදප්‍රතිචාරයක් ලැබුනා. ඒ ලැබුනු පන්නරයක් සමග මෙම නව වසර සදහා මුලු පවුලටම ගැලපෙන නව විලාසිතා 100ක් පමනඑකතුකරා. මෙවර www.pettahstreet.co.uk වෙත පිවිසෙන ඔබට සම්පූර්ණ විලාසිතා 200කට වඩා තෝරාගැනීමක්තිබෙනවා. ඒවගේම විශේෂම කාරනය, අපගේ සියලු නිශ්පාදන 100% ක්ම ශ්‍රීලාංකික නිශ්පාදනයි.

PETTAH STREET ආරම්භ කරන්න ඔබව පොළඹවන්න හේතු උනේ මොනවද?
ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ ව්‍යාපාරයක් කිරීමට මට බොහෝ කාලයක සිට වුවමනාවක් තිබුණා. ඒකට හේතු කිහිපයක් තියෙනවා. මම ඉපදී හැදුණු වැඩුණු රටට යමක් ආපසු ලබා දෙන්නත් ඒ මගින් පුළුවන්. ව්‍යාපාරයක් ඇරඹීමේ අදහසක් ඇති වීමත් එක්කමමම ලංකාවේ දේශීය ඇගලුම් සහ සාම්ප්‍රදායික නිෂ්පාදන ගැන මදක් සොයා බැලුවා. ඒ සාම්ප්‍රදායික නිෂ්පාදන අපනයනය සඳහායම් කිසි උදව්වක් ඒ නිෂ්පාදකයන්ට අවශ්‍ය වී තිබෙන බවත් එක්සත් රාජධානිය තුළ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් සැලකිය යුතුප්‍රමාණයකට එවැනි භාණ්ඩ සඳහා ප්‍රවේශයක් නොමැති බවත් මා හඳුනා ගත්තා. ඒ සියල්ල සැලකිල්ලට ගනිමින් තමයි මා මේව්‍යාපාරය ආරම්භ කළේ.

ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඔබට තිබෙන අත්දැකීම් මොනවාද?
ව්‍යවසායකයෙක් විදිහට මගේ පළවෙනි අත්දැකීම මෙය වුණත්බ්‍රිතාන්‍යයේ පාරිභෝගික භාණ්ඩ අලෙවි හා බෙදාහැරීම ක්ෂේත්‍රයේ දශකයකට වඩා වැඩි කාලයක අත්දැකීම් තිබෙනවා. ශ්‍රීලංකාවෙන් භාණ්ඩ ආනයනය කර එක්සත් රාජධානිය සහ යුරෝපය තුළ විකුනුම් සහ බෙදා හැරීමේ ක්‍රියාවලිය සමග මාසම්බන්ධ වී සිටියා. ඒ කටයුත්තෙහි සාර්ථකව නිරත වන ශ්‍රී ලාංකිකයෙකුට අයත් ව්‍යාපාරයක් සමග දීර්ඝ කාලයක් තිස්සේසම්බන්ධ වී සිටීමෙන් ව්‍යාපාර කටයුතු වල බොහෝ පැතිකඩයන් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් රාශියක් මට ලැබුණා. ඒ අත්දැකීම්සහ පළපුරුද්ද මට මගේ ව්‍යාපාරය සඳහා විශාල ශක්තියක්.

ව්‍යාපාරයක් ලෙස ස්ථාපිත කිරීමේදී මතු වූ ප්‍රධාන අභියෝග මොනවාද?
ඕනෑම අලුත් ව්‍යාපාරයක් ආරම්භකිරීම සහ පවත්වාගෙනයාම අභියෝගයක්. විශේෂයෙන්ම UK වගේ ඉතාමත්ම ඉහල තලයේBrands ජනප්‍රිය ‍රටක මුලසිටම brand එකක් වශයෙන් ස්තාපිතවීම පහසු වැඩක් නෙමෙයි. ඒ සදහා මම විශාල වශයෙන්මහන්සිඋනා. ඒ වගේම මොනදේටත් වඩා මම බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රීලාංකිකයන්ව විශ්වාස කරා. ඔවුන්ට උසස් තත්වයේනිශ්පාදනයක්, සාදාරන මිලකට පහසුවෙන් ලබාගතහැකිනම් ඔවුන් අප සමග අනිවාර්යයෙන් රැදෙනවා. නමුත් target market එකකට විශාල marketing budget එකක් නැතුව පිවිසීම දුශ්කරයි. ඒනිසා brand එකක් ලෙස ජනප්‍රිය වීමට සහශ්‍රීලාංකිකන්ගේ අතරට යාමට social media platform තුලත් community groups සමගත් විශාල වැඩකොටසක් කලා.

PETTAH STREET කියන්නෙ පාරිභෝගිකයන්ට විශ්වාසය තැබිය හැකි වෙළඳ සන්නාමයක් වන්නේ ඇයි?

අනිවාර්යයෙන් අපගේපාරිභෝගිකයන්ම ඒ සදහා සාක්ශි දරයි. Sales කියන process එකේ මම වැඩියෙන්ම විශ්වාස කරනදේ තමයි customer satisfaction එක. ඒක තමයි brand එකක් ඉස්සරහට යන්න අවශ්‍යම සාදකය. Customer satisfaction කියනදේඅවසානයේ ලැබෙන්නේ ඔවුනට quality, price, service කියනදේ උපරිමයෙන් ලැබුනාම. අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නෙ ඒදේ උපරිමයෙන්ම ලබාදෙන්න. ඒවගේම අපි UK සිට ක්‍රියාත්මකවීම, අපගේ products සහ ඇගලුම් UK සිට courier කිරීමCustomer Queries වලට ඉතා ඉක්මනින් response කිරීමත් පාරිභෝගිකයන්ගේ විශ්වාසය තවතවත් වැඩිවීමට හේතුවීතිබෙනවා.

භාණ්ඩ මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකාවට අත්වන වාසි මොනවාද?
ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරැනුතම ආර්ථික අර්බුදයකට පත්වෙලා ඉන්න අවස්තාවකයි ඉන්නෙ. විශේෂයෙන් අඩු අදායම්ලාබීන් තවත්අසරනවෙලා. අපි නිශ්පාදන වැඩිවශයෙන් මිලට ගන්නෙ ඉතා කුඩා ප්‍රමාණයේ, නිවාස අශ්‍රිතව තම නිශ්පාදන කරනව්‍යවසායකයන්ගෙන්. පසුගිය වසරපුරාවටම අපට හැකියාව ලැබුනා ඔවුන්ට ආර්ථික වශයෙන් අමතර ශක්තියක් ලබාදෙන්න. අපගේ පාරිභෝගිකයනුත් ඔවුන් නොදැනුවත්වම අපේ රටට ලොකු දායකත්වයක් ලබාදීලා තියෙනවා. අනිත් අතට අත්‍යාවශ්‍යමExports වැඩිකිරීම සදහාත් අපි දායකවෙනවා. ඒ වගේම පාරම්පරික හා දේශීය නිපැයුම්කරැවන් ආරාක්ශාකරගැනීමටදායකත්වයක් සැපයීමත් වගේම UK වල ජීවත්වන අපේ ඊලග පරම්පරාවට අපේ සංස්කෘතිය, දේශීයත්වය සමග බද්දවන්නටපහසුවක් අපි නිර්මානය කරලා තියෙනවා..

PETTAH STREET වෙත පිවිසෙන පාර්භෝගිකයන්ට වඩාත් හොඳ පාරිභෝගික අත්දැකීමක් ඔබ සහතික කරනවාද?
අපගේ website එක www.pettahstreet.co.uk නිර්මානයකරේ customer friendly විදිහට. පාරිබෝගිකයාට පහසුවෙන්තෝරාගැනීමටත්, ඉතා ආරක්ශාකාරීව මුදල් ගෙවීමටත් හැකියා පවතිනවා. පාරිභෝගිකයාට, උදාහරණයක් වශයෙන්, ඇදුමකඅවශ්‍ය සියලු විස්තර, තමන්ට ගැලපෙන size එක අනුව තිබෙන තොග, ඇදුමක detailed photos වැනිදේ ලබාදී තිබෙනවා. මෙහි තියෙන විශේෂ කාරනය වෙන්නේ මිලදීගන්නා ඇදුමක් ඔබට size එක සම්බන්දයෙන් විශේෂයෙන් ගැලපෙන්නෙ නැතිනම් එයexchange කිරීමේ හැකියාවත් එයත් ඉතාම කෙටි දින කිහිපයකින් ලබාගැනීමටත් නැතහොත් අනවශ්‍යනම් return කිරීමේහැකියාවත් තියෙනවා. ඔබ ලංකාවෙන් යමක් මිලදීගෙන UK වලට ගෙන්වාගත්විට මෙවැනි පහසුකමක් ලැබෙන්නේ නෑ.
ඒවගේම අපේ Hotlines, WhatsApp සහ Messenger වලින් දවසේ ඕනෑම වෙලාවක අපහා සම්බන්ධ වෙන්න පුලුවන්. අපටලැබෙන ඇනවුම් සියල්ල 3 working days ඇතුලත deliver කරනවා. කෙනෙකුට විශේෂ අවශ්‍යතාවයක් මත අපි සමගසම්බන්ධවී Express delivery එකක් ලබාදීමටත් අපි සූදානම්.

PETTAH STREET මීළඟ ඉලක්කයන් මොනවාද?
මූලික වශයෙන් UK ජීවත්වන සියලුම ශ්‍රීලාංකිකයන්ට අවශ්‍ය දේශීය ඇගලුම් හා අනෙකුත් දේශීය නිශ්පාදන ලබාගැනීමට හැකිonline ව්‍යාපාරයක්ලෙස තවදුරටත් ස්තාපිතවීම අවශ්‍යයි. ව්‍යාපාරයක් ලෙස ප්‍රචලිතවීම සමග ලංකාවතුල අප ව්‍යාපාරයසම්බන්ධ පෙරකියු සියලුදේ වැඩිවීමක් සිදුවේවි, විශේෂයෙන් Exports වලට අපිට වැඩි දාගකත්වයක් දෙන්න පුලුවන්වේවි. ඊටඅමතරව අනෙකුත් යුරෝපීය රටවල ශ්‍රීලාංකිකන්ටත් Pettah Street shopping experience එක සලසාදීම මේවනවිටත්සාකච්ඡාකරමින් පවතිනවා.

Contact Pettah Street 

Phone – 0333 09 09 129

WhatsApp – 074 19 21 19 13 

Email -info@pettahstreet.co.uk

Sign up for our newsletter