Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

අස්ථිර නගරේ

සංචාරය කට නගරයකට ආපු තරුණයෙක් රාත්‍රියේ වෛශයාවකගේ පහස වීදීමට‍ ගොස් ඇය ගැන ඇති වන ප්‍රේමය මුසු උන අනුකම්පාව ගැන ලියවුනු ගී තයක්

ගීතයේ පද රචකයා වන මිතිල සිරිසේන ඔහු සේවය කරන බලන්ගොඩ නගරේ උස කදු මුදුනක ඉදලා රාත්‍රී නගරයේ ඇති දර්ශනය දැකල තමයි ඔහුට මේ “අස්ථිර නගරේ ” කියන පද පේලිය හිතට ඇවිත් තියෙන්නේ…ඊට පස්සේ තමයි මේ ගීතය ගායනා කරන මුදිත චන්ද්‍ර ශ්‍රී (BUSHI) ගීත යක් ලියන්න ආරාධනා කරන්නේ.. මේ ගීතය Reggae ගීතයක් විදිහට අෂ්මිත ගමගේ කියන නව පරපුරේ දක්ෂ ශිල්පියා අතින් සංගීතය නිර්මාණය වෙන්නේ 2020 වසරේ දී

“අස්ථිර නගරේ හමු වු අදුරු රුවැත්ති…. පාවී යයි මේ සිත්තම් අහසේ…

 මේ පද පේලියෙන් කියවෙන්නේ

සංචාරයට ආපු තරුණයා වෛශයාවක්ගේ සේවය හොයමින් නගරේ වීදී දිගේ යනකොට දකින සුන්දර තරුණියක් ගැන ( අදුරු රුවැත්ති කියන එකේ අදහස් වෙන්නේ ඇය කොතරම් ලස්සන උනත් ඇය ගණිකාවක් කියන එක “අස්ථිර නගරේ කියන එකෙන් ජීවිතේ අස්ථිර තාවයක් අදහස් කරල තියනවා )

 “පාවී යයි සිත්තම් අහසේ” කියන්නේ.. තරුණිය ගැන තරුණයා ගේ සිතේ මැවෙන ආශාව පිරුණු ආදරණිය හැගීම්

 “කුණාටු වැස්සේ දැවටෙමු රහසේ,

මහදයි දැවුනේ නග්නය ඔබවේ “

සද එලිය ගලයි මේ අස්ථිර දිවියේ

සිසිලයි පැතුවේ කිරණින් දැවුනේ “

ගීතයේ මේ කොටසින් අදහස් වෙන්නේ..

තරුණයා නවාතැන් ගන්න ලැගුම්හලෙන් ඔහුට රාත්‍රියේ ලබා දෙන්නේ ඔහු හවස් යාමයේ දුටු තරුණියමයි…. ගැහැණියක ගේ පහස විදින්න ට හිටි තරුණයා ගේ හිත වෙනස් වෙනවා.. මේ කිසිවක් නොදන්නා තරුණිය ඇයගේ සුපුරුදු රැකියවට සුදානම් වෙනවා.. තරුණයා ට මේ සිදුවීමෙන් ජීවිත යේ අස්ථිර භාවය ගැන මතක් වෙනවා… පද රචකයා ඒ බව  සද ඇති රැයක ඇති සිසිලත් යක් හා සද කිරන්ත් යොදා ගෙන ලස්සනට ගලපලා තියනවා

 “දවස නිමයි නේ.. ඔබ කොතනද සොදුරේ..

සිත ඔබම සොයන්නේ ඔබ මයි නාවේ “

දිවියකි නැත්තේ නොනිදන සිතම හඩයි නේ..

නොහඩන් ලදුනේ භවයකි ඇත්තේ “

රාත්‍රිය නිමවෙලා තරුණයා උදෙ අවදි වෙලා බලද්දී තරුණිය..ඇගේ ජීවන වෘතියේ තව දවසකට පිටත් වෙලා.. මේ වෙනකොට රාත්‍රියේ තරුණිය සමග ඇති වෙච්ච් කතා බහෙන්.. ඇය මේ ජීවිත ය ගත කරන්නේ කැමැත්ත කින් නොවෙන බව තරුණයා දන්නවා…

තරුණයා මුළු නගරය පුරාම ඇය හෙව්වත්.. ඇය හොයා ගන්න බැරි වෙනවා… ඊලග භවයේ දීවත් හොද ජීවිතයක් ලැබෙන්න කියලා තරුණයා සිතින් තරුණිය වෙනුවෙන් ප්‍රර්ථනා කරනවා.

 නව පරපුරේ තරුණයන් පිරිසක් අතින් බිහි වෙච්ච්… අරුත් බර.. ගීතයක්.. වෙනස් අත්දැකීමක්

Song Title : Asthira Nagare (අස්ථිර නගරේ )

Artist : Muditha Chandrasri Sri (BUSHI)

Melody & Music : Ashmitha Gamage

Lyrics : Mithila Sirisena

Mixed & Mastered : Charuka Nilusha

Guitar : Sameera Udayanga

Sign up for our newsletter