Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

ඔබගේ සිත දැඩි කර ගන්න

1යොහාන් 3:21

ප්‍රේමවන්තයෙනි, අපේ සිත අපට දෝෂාරෝපණය නොකරනවානම්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිර්භීතකම අපට ඇත්තේය;

  • මොහොතක් ඔබ කල්පනා කර බලන්න ඉහත පදය තුළින් දෙවිදුන් ඔබට පවසන්නේ කුමක්ද කියා.ඔබ ඔබගේ දැඩි සිත පහ කරමින් ඔබ ඔබගේ සිත නිදොස්ව තබා ගනිමින් දෙවිඳුන් තුළ යටහත් පහත් සිතක් තබාගෙන ජීවත් විය යුතුය.ඔබ මෙයාකාරයෙන් ජීවත් වන විට නිසැක කමකින් යුතුව ඔබ නිර්භීතව දෙවිඳුන්ගෙන් ඕනම දෙයක් ඉල්ලීමට හැකියාව ඇත.එම නිසා මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි නිතරම ඔබ දැඩි සිතක් නොමැති නිදොස් මනසක් ඇති මනුෂ්‍යයෙක් ලෙස ජීවත් විය යුතුය.එවිට ස්වාමීන් වහන්සේ ඔබට බොහෝ ආශිර්වාද නිදහස් කරනවා ඇත.

හිතෝපදේශ 28:14

නිතරම භයවන්නා වාසනාවන්තයෙක්ය; එහෙත් තමාගේ සිත දැඩිකරගන්නා විපතට වැටෙයි.

  • ඒ වගේම මෙම පදය දෙසත් ඔබගේ සිත යොමු කිරීමට මම කැමැතියි.ඔබගේ සිත හොඳින් මෙයට යොමු කර බලන්න.

ඔබ හොදින් මතක තබා ගන්න මෙම පදයේ බය වශයෙන් පෙන්වන්නේ දේව බයයි (දේව වචනයට බයවීම).එම නිසා මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරයෙනි ඔබ ඔබගේ සිත දැඩි කරගෙන ජීවිතය විනාශ කර ගන්නවද?නැතිනම් දේව වචනයට දෙවියන් වහන්සේට බයෙන් යුක්තව නිර්භීතකම ඇතුව ජීවිතය ජයගන්නා මනුෂ්‍යයෙක් වෙනවද?තීරණය ඔබ සතුය..

එම නිසා මොහොතක් සිතන්න.ජීවිතය වෙනස් කරගන්න.දේව ආශිර්වාදය අත්පත් කර ගන්න.ඔබ සැමටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිදහස් වේවා..

ඔබ සැමට ජේසු පිහිටයි!

Sign up for our newsletter