Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

ඔබට නිර්දේශ කරක ඖෂධ ඔබ අතට ලැබුණ පසු

වෛද්‍ය වරයෙකු විසින් ඔබට නිර්දේශ කරක ඖෂධ ඔබ අතට ලැබුණ පසු ඒවායේ සදහන් වන ඔබ ලබා ගතයුතු  බෙහෙත් මාත්‍රාව  මෙන්ම ඒවා ලබා ගත යුත්තේ      

කෑමට පෙර /කෑමට පසු/  යන්න සදහන් කර තිබෙනවා ඔබ දැනුවත් සේම එය එලෙසම ඔබ ලබා ගන්නවාද  ???

 ඔබ  ️එදිනෙදා  භාවිතා කරන ඖෂධ භාවිතයේදි යොදන  මෙම කෑමට පෙර / පසු  ,යන යෙදුම් නිකම්ම  වචන ලෙස පමණක්  ඔබ සිතන්නට ඇත්තේ එහි වැදගත්කම පිලිබඳ ඔබ නොදන්නා නිසා විය හැකියි .

ඔබ ඖෂධ  ගන්නා  විට ආහාර අතර සිදුවන අනවශ්‍ය අන්තර්ක්‍රියා වළක්වා ගැනීම සඳහා සිතා බැලිය යුතු අංශ බොහොමයක් තිබේ.

️ඖෂධ-ආහාර අන්තර්ක්‍රියා යනු ඖෂධයක ක්‍රියාකාරී රසායනික ද්‍රව්‍ය සමඟ ආහාර    ප්‍රතික්‍රියා කිරීමයි. එය ඖෂධයේ අවශෝෂණයට මෙන්ම එහි පරිවෘත්තීය ක්‍රියාවලියට ද විවිධ බාධා ඇති කරයි.

ඖෂධ හා ආහාර අන්තර් ක්‍රියා

ඔබට අතිශය හානිකර විය හැකි බලපෑම් ඇති කල හැකි බව ඔබ කෙදිනකවත් සිතන්නට නැතුව ඇති .

️අවශෝෂණය විය යුතු නියමිත ප්‍රමාණය අවශෝෂණය නොවීමෙන්  අප බලාපොරොත්තු වන ඖෂධයේ අපේක්ෂිත ප්‍රතිඑලය අඩු විය හැකි  සේම  අවශෝෂණය වැඩි උවහොත් එය ශරීරයට හානි දායක විය හැකිය.   එය ඖෂධයේ අතුරු ආබාධ  ඇතිවීමටද හේතු විය හැක.

සමහර  ආහාර වලට  සමහර ඔෘෂධ වල බලපෑම උදාසීන කිරීමේ හැකියාවද ඇත.

ඇතැම් ඖෂධ හා ආහාර එකම වේලාවක ගැනීමෙන් ඔබේ ආමාශය සහ බඩවැල් මගින් එම ඔෘෂධ අවශෝෂණය වීම අවම විය හැකි අතර ,එමඟින් ඖෂධයෙහි එලදායී බව අඩු විය හැක.

️ඇතැම්  ඖෂධ  වර්ග කෑමට පෙර/හෝ හිස් බඩ ගත යුතුය.

මෙයට හේතුව එම ඖෂධ වල ක්‍රියාකාරීත්වයට සමහර ආහාර සහ බීම  වර්ග බලපාන බැවිනි.

️සාමාන්‍යයෙන් හිස් බඩ ගත යුතු  ඖෂධ වර්ග,Cloxacillin වැනි ප්‍රතිජිවක වර්ග(Antibiotic) ආහාර වේලකට පැයකට පමණ පෙර හෝ ආහාර වේලකට පැය 2 කට පමණ පසුව ගත යුතුය.එම කාලය ඖෂධ වර්ගය මත වෙනස් විය හැක.

ඖෂධ සමඟ ඔබට ලැබෙන උපදෙස් නිසි පරිදි අනුගමනය කරන්න.එසේම යම් විශේෂිත ඖෂධයක් ගන්නේ කෙසේදැයි ඔබට විශ්වාස නැත්නම්

එය ගැනීමට පෙර ඔබේ ඖෂධවේදියාගෙන් උපදෙස් ගැනීමටද අමතක නොකරන්න.

 පුංචි උපදෙසක් උනත් ඒ පිළිබඳ දැනුවත් වන්න. සැලකිලිමත් වන්න . නිවැරදිව ඖෂධ ලබා ගැනීමෙන් ඔබ මුදල් වියදම් කර ලබා ගන්නා ඖෂධ වල නියම ප්‍රතිඵල ලබා ගන්න .නීරෝගී වන්න.

නිශා

Sign up for our newsletter