Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

ඔබ ඔබම වෙන්න


ඔබ මොන දේ කොහොම කරත් ඔබ අවට අය එය දකින්නේ අඩුපාඩුක් දකින ආකාරයටයි. 

 ළදරුවකුව සිටියදී;

😌”අපෝ ඒ බබාගෙ මහත, අම්ම පිටි කිරිම දීලද කොහෙදෝ”

😌” අපෝ ඒ ළමයගෙ කෙට්ටු.. මන්දපෝෂණේද කොහෙද? අම්මගෙ හැටියටනෙ ඉතිං ළමයා”

😌” ඒ බබාගෙ මූණ ඇදයි නේද?”

😌”අම්මෝ ඒ ළමයගෙ පාට. අඟුරු වගේ. ඒ මදිවට ඇඟේ කොරපොතු වගේ හම”

😌”අප්පෝ ඒ බබාට තියෙන්නෙ කැරපොතු සුදක්”

😌” ඒ ළමය අඬනවා රෑ දෙගොඩහරියක් වෙනකම්. අපිට නිදාගන්නත් නෑ”

😌” අඬන්නෙම නැති ළමයෙක්. මොකක් හරි ලෙඩක්ද දන්නෙ නෑ” etc…

දරුවෙක් ලෙස වැඩෙද්දී;

😒” අපොයි ඒ ළමය කතා කරන්නවත් දන්නෙ නෑ. දෙමව්පියො හදල තියෙන හැටි තමයි”

😒”ඒ ළමයට මෙලෝ දෙයක් ඉගෙන ගන්න බෑ.වැඩ හරිම දුර්වලයිලු”

😒”ඒ ළමයා ආපු තැනක් ඇත්තම් වනසනවා. අපේ ළමයි එක්ක නම් තියන්න හොඳ නෑ. උනුත් නරක් වෙයි”

😒” ඒ ළමය ඉතිං බඩුවක් ගත්තොත් කඩනවානේ” etc..

තරුණ වියට එළබෙද්දී;

තරුණියකට නම්,

————

🤪”අන්න අදත් සක්කරවට්ටම වගේ ඇඳගෙන යනවා. කොහේ යනවද දන්නෙ නෑ “

🤪”ඔය කොන්ඩෙ ස්ට්‍රෙට් කරල පාට ටිකක් උලාගත්තම කොල්ලො පස්සෙන් එයි කියල හිතන් ඇත්තෙ.”

🤪”ඔහොම හිටියට ඕලෙවල් වත් පාස් නැද්ද කොහෙදෝ”

🤪” ගෑණු ළමයෙක් උනාම හැක හැක ගාල හිනා වෙන්ඩ හොඳ නෑ”

🤪”මං ඊයෙත් දැක්ක කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා.කීවෙනි කොල්ලද දන්නෙ නැ. ආයෙ ඒකෙ දෙකක් නෑ හතර පහක් අමාරුවේ දාල ඇති. අම්ම වගේම නැතෑ”

🤪”ඔය ශෝක් කරන්නෙ ඔය ගෙදර මහ මිනිහා අමාරුවෙන් හම්බ කරන සල්ලි”

🤪”කැම්පස් යනව කියලා කොහේ යනවද දන්නෙ නැ. මොකද අපි එතනට ගිහින් බලනවයැ.”

🤪” ඔය රස්සාවක් කියල සාරි බාරි පටලගෙන ගියාට ඇති මොකද්ද දන්නෙ නෑ කරන රස්සාව”

🤪”තාම.බැඳලා නැත්තේ, බඳින්න බැරි වෙන තැනට වැඩ සිද්ද කරගෙන වෙන්න ඇති”

🤪” ඉගෙන ගන්නත් බැරි වෙච්ච එකේ ඔය මිනිස්සුන්ට තියෙන්නෙ කාවහරි අල්ලලා බන්දලා දාන්න” etc…

තරුණයෙකුට නම්;

😎”ඔය කොල්ලා අර මිනිස්සුන්ගෙ සල්ලි නාස්ති කරන තරම්”

😎”ඉගෙන ගත්තෙත් නෑනෙ. කුඩු ගහනවත් ඇති, ඇඟේ හැටි බලන්නකො”

😎” රස්සාවකුත් නැද්ද කොහෙදො”

😎” ඔය කොල්ල දන්න දවසෙ ඉඳන් කරේ නසරානි වැඩ”

😎” කෙල්ලො හය හතක් අමාරුවෙ දාල ඉන්නෙ ඔය”

😎” දැන් ඔය රට යනවා කියලා ගියාට, මතුරටද දන්නෙ නෑ ඉන්නෙ” etc..

විවාහක යුවලකට නම්;

😳”අරගොල්ලො බැඳලා මාස 5-6 වෙනවා.තාම ලමයි නෑ නේද”

😳”ජෝඩුව හිනාවෙලා හිටියට ගෙදරදි ගහ මරා ගන්නව ඇති. පේන්නෙ නැද්ද ගෑනි ඇදිල පැදිල ගිහිල්ල”

😳”ඔය දෙන්න එකතු වෙලා බිස්නස් එකක් කියල කරන්නෙ මොනවද දන්නෙ නැ. කුඩු විකුණනවද දන්නෙත් නෑ”

😳”ෆේස් බුක් එකේ ඔක්කොම දාන්නෙ අපිට පේන්න වෙන්න ඇති”

😳”කෑම හද හදා ඉන්ස්ටා දාන්නෙ බේකරියක් දාලද කොහෙද ගෙදර”

😳”අපි නම් ඔහොම ට්‍රිප් ගිහින් ෆොටෝ හැම තැනම දාන්නෙ නෑ. උන් ඉතිං සෝබනේනේ”

😳”ගෙදර උයලා කරල ළමයි බලාගන්න උන්ට වෙලාවක් නැතුව ඇතු නේද? ඇයි බැලුවොත් ෆේස් බුක් එකේනෙ”

😳”ඔය මනුස්සයා රස්සාවක් කරන්නෙ නැද්ද්ද් කොහෙද? ගෑනිගෙන් කකා ඉන්නව ඇති. රස්ස්වක් කරනව නම් කෝ යනව එනව පේන්න එපැයි”

etc…

     මේ අප එදිනෙදා ජීවිතයේදි අප වටා සිටින්නන්ගෙන් අහන, ඇහෙන දේවල් වලින් ඉතාම අල්පයක්. උපන්දා සිට මරණය දක්වාම එහි වෙනසක් නැ. ඒ වගේම කිසි දිනක අපවටා ඉන්න අයගේ ආකල්ප වෙනස් කරන්නත් බෑ. කළ යුත්තේ අපේ සතුට අපි හොයාගැනීමයි.

       🌹ඔබ යම් දෙයකින් සතුටක් ලබනවා නම්, එය අන් අයට හානියක් නැත්තම් එය පවත්වාගන්න. එය විඳින්න. 

       🌹ඔබට හොඳයි යැයි හැඟෙන දේ ඔබ කරන්න.

       🌹ඔබේ ජීවන වුර්තිය ඔබට අවශ්‍ය ලෙස මිසක් අන් අයට අවශ්‍ය ලෙස තෝරා නොගන්න. ඔබ ලැජ්ජා විය යුත්තේ හොරකම් , මත්ද්‍රව්‍ය , නීති විරෝධී ව්‍යාපාර කිරීමට මිස ඔබ අභිමානවත් ලෙස කරගෙන යන රැකියාව හෝ ව්‍යාපාරය කිරිමට නොවේ.

      🌹ඔබ ඔබම වන්න. අපවාද , ගල්මුල් වැඩි වේවී..

          “ඵල ඇති රුකටනේ ගල් වදින්නේ

     🌹ඔබේ සිහිනය ඔබ මිස අන් අයට දකින්නට ඉඩ නොදෙන්න. 

     🌹ඇති නැති හැම අවස්ථාවකදීම ජීවිතය විඳින්න.

     🌹වෙනස් වන සෑම මොහොතක්ම, අවස්ථාවක්ම එය ඔබේ යහපතට සිදු වුනේ යැයි සිතන්න. එය විශ්වාස කරන්න. පරම සත්‍යය එයයි.

ඉතිං.. ඇයි තවත් පමා..

    අපි ජීවිතය විඳිමු..

©️දිගැZ✍️

Sign up for our newsletter