Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

ඔලිව්තෙල් භාවිතයෙන් හැඩ වෙමු

ඔලිව් තෙල් ලෝකයේ ඇති ගුණදායකම තෙල් වර්ග වලින් එකකි ඔලිව් තෙල්.

දිනපතා ආහාරයට ගැනීම ඉතා ම හොඳ පුරුද්දක් වන අතර එමඟින් ඔබට අත්වන සෞඛ්‍යය ම ය ප්‍රතිලාභ රැසකි. ඉතා ම උසස් තත්ත්වයේ ඔලිව් තෙල් ආහාරයට ගැනීමට අමතරව ස්වාභාවිකව ඔබේ රූපලාවණ්‍යය සත්කාර සඳහා එකතුකරගැනීමෙන් ද එවැනි ම උසස් ප්‍රතිඵල ලබාගත හැකි වේ. එසේ නම් අද ඔබේ රුව ඔප් නංවා ගැනීමට ඔලිව්තෙල් සත්කාරය ඉවහල්කරගන්නා අයුරු අපි කතාබහ කරමු.

දිලිසෙන කෙස් කළඹකට :

ඔබට ඇත්තේ ඉතා වියළි, ඉක්මනින් ගැට ගැසෙන අකීකරු කෙස්කළඹක් නම් ඔලිව්තෙල් භාවිතයෙන් එය පහසුවෙන් කීකරු කෙස්කළඹක් බවට පත්කරගත හැකිවනු ඇත. Extra verging olive තෙල් බිඳු කිහිපයක් ඔබේ අත්ලට රැගෙන එය හොඳින් අත්ලේ තවරාගන්න. හෙමිහිට හිස් කබලේ සහ කෙස් අතර හොඳින් තෙල් තවරාගන්න. මෘදුව සම්බාහනය කරගන්න. අනතුරුව මෘදු ෂැම්පූ සහ කන්ඩිෂනර් භාවිතයෙන් සෝදාහැර තෙත මාත්තු කරන්න. නැතිනම් හිස කෙස් පීරීමට ප්‍රථම තෙල් බිඳු කිහිපයක් හිස්කබලේ නොගෑවෙන පරිදි ආලේපකර හොඳින් හිස කෙස් පීරාගැනීමෙන් ද ඉහත ප්‍රතිඵලය ම ලබාගත හැකිවනු ඇත.

Make up ඉවත්කිරීමට සහ moisturizer එකක් ලෙස:

මේකප් භාවිතයෙන් පසුව මේකප් ඉවත්කිරීම සඳහා ඔලිව්තෙල් මේස හැන්දක් පෙඟවූ cotton wool කැබැල්ලක් ගෙන මුහුණ මෘදු ව පිරිමදින්න. එමඟින් මුහුණේ ඇති මේකප් ඉවත්වනවා මෙන් ම ස්වාභාවිකව ම මුහුණේ ඇති තෙතමනය රඳවාගනිමින් සමට අවශ්‍යය පෝෂණය ලබාදී ම ද සිදු කෙරේ. ඉතින් මේකප් ඉවත්කර ගැනීමත්, සමෙහි තෙතමනය ආරක්ෂාකර දීම ත් යන කාරණා දෙක ම එක ම අවස්ථාවක දී ඉටුකරගැනීමට ඔබට හැකිවනු ඇත.

ස්ට්‍රෙච් මාක් ඉවත්කර දෙයි:

අධික ස්ථූල බව හෝ ගර්භනී භාවය නිසා ඔබේ සමෙහි  ඇතිවන ඉරි සහිත ඇදීම් නැතහොත් stretch marks ඔලිව්තෙල් භාවිතයෙන් ඉවත්කරගත හැක. සමෙහි එම ගැටළුව ඇති තැන්වල extra verging olive oil හොඳින් ගල්වමින් මෘදුව විනාඩි 10ක් පමණ සම්බාහනය කරන්න. අව ම සතියකට තෙවරක් මෙම සත්කාරය සිදුකිරීමෙන් සමෙහි ඇදෙනසුළු භාවය වැඩිකරමින් වියළි බව සහ stretch marks ඉවත්කිරීම සිදුවනු ඇත.

සුමුදු දෙපා සඳහා:

අනවශ්‍යය රෝම ඉවත්කිරීමේ දී ඔබ රේසරය භාවිතයට ගන්නේ නම් එමඟින් සමට ඇතිවන අතුරු ප්‍රතිඵල බොහොමයක් ඔලිව්තෙල් භාවිතයෙන් අව ම කරගැනීමට හැකි ය. රේසරය භාවිතයට පෙර සමෙහි ඔලිව්තෙල් ආලේපකර අනතුරුව අනවශ්‍යය රෝම ඉවත්කරගන්න. එමඟින් රේසරය භාවිතය නිසා ඇතිවන සුළු ඉදිමුම් ස්වාභාවය, සහ සම සීරීමෙන් ඇතිවන වේදනාව මඟ හැර ස්වාභාවික ලිහිසිකාරකයක් ලෙස ඔලිව්තෙල් ක්‍රියා කිරීමෙන් සුමුදු දෙපා යුගලක් ඔබට ලබාදෙනු ඇත.

නියපොතු වර්ධනය සඳහා:

සතියකට වරක් ඔබේ දෑඟිලිවල නියපොතු ගිල්වෙන සේ ඔලිව්තෙල් හි විනාඩි 10ක් තබන්න. එමඟින් නියපොතුවල cuticles නීරෝගීකරමින් නියපොතු වර්ධනය වේගවත් කිරීම සහ නිරෝගී නියපොතු ඇති සුන්දර දෑතක් ඔබට ලැබෙනු ඇත.

සුමුදු සුන්දර දෙතොළකට:

ඔලිව්තෙල් ස්වල්පයක් සහ සීනි ස්වල්පයක් එක්කළ

මිශ්‍රණය දෙතොලේ හොඳින් ආලේපකර පිරිමදින්න එමඟින් දෙතොලේ කඩතොලු ස්වාභාවය ඉවත්වී ස්වාභාවික ස්ක්‍රබ් එකක් ලෙස ක්‍රියා කරමින් දෙතොල්

සුමුදු කරනු ඇත. එසේ ම දෙතොලේ වියළිබව දුරලා තෙතමනය රැකදීමෙන් සුන්දර දෙතොලක් ඔබට ලබාගත හැකි වේ.

මෙලෙස නිවසේ හැමවිට ම ඇති extra verging olive oil භාවිතයෙන් ඉතා පහසු රූපලාවණ්‍යය සත්කාර සිදුකරගත හැකිබව ඔබ දැන සිටියා ද? එසේ නම් තවත් මෙවැනි වැදගත් ලිපියකින් හමුවන තුරු සුබ දවසක් !

Makeup by sameera

Bridal and party makeup enquire

07402992944

Sign up for our newsletter