Skin Care

අද වන විට ලෝකයේ බොහෝ පිරිසක් ගැහැණු පිරිමි භේදයකින් තොරව තමන්ගේ නිරෝගීබව මෙන් ම රුව ආරක්ෂාකරගැනීමට ත් පෙළඹී තිබීමේ ප්‍රවණතාවයක් තිබෙන බව ඔබ අප කවුරුත් දන්නා කාරණයක්. එනිසා ම බොහෝ “Skin Care Routin”මෙන් ම skin care නිෂ්පාදන ත් බොහොම යි. ඒ අතරින් හැම නිෂ්පාදනයක් ම , හැම routine එකක් ම හැම අයෙක්ට ම ගැලපෙන්නේ නැති අතර ඉතා ම සැලැකිල්ලෙන් සහ ප්‍රවේශමෙන් නිෂ්පාදන සහ routine එකක් තෝරාගතයුතු වනවා. ඉතින්, අද ඔබේ දෛනික රූපලාවණ්‍යය සත්කාර සඳහා අවශ්‍යය වෙන , මේවන විට බොහෝ දෙනා අතර ප්‍රචලිත නිෂ්පාදන කිහිපයක් භාවිතකළ යුතු සාමාන්‍යය කාලසීමාව කෙතරම් ද යන්න කෙටියෙන් ඔබට හඳුවාදීමට මම අද මේ ලිපියෙන් බලාපොරොත්තු වනවා. 

1 ) RETINOL- ඔබ රෙටිනෝල් අඩංගු නිෂ්පාදනයක් භාවිතකරන්නේ නම් ඔබේ සමට වඩාත් ම ගැළැපෙන නිෂ්පාදනයක් තෝරාගෙන එය සතියකට දෙවතාවක් පමණ භාවිතකරන්න.

2 ) HYALURONIC ACID – Hyaluronic Acid භාවිත කරන්නේ නම් එය දිනපතා මුහුණ හොඳින් පිරිසුදු කිරීමෙන් අනතුරුව දිනකට දෙවතාවක් භාවිතකළයුතු වනවා. 

3 ) SALICYLIC ACID – සතියකට දෙවතාවක් හෝ එක්වතාවක් භාවිතකළ යුතු යි. 

4 ) SUNSCREEN – දිනපතා , ඔබ නිවෙසින් පිටතට යන හැම විටක ම සහ පැය තුනකට හෝ හතරකට වරක් ඔබේ සමට ගැළපෙන Sunscreen ආලේපකළයුතු යි

5 ) AHA

(LACTIC /GLYCOLIC/ MANDELIC ACID) – සතියකට දෙවරක් හෝ එක්වරක් ආලේපකළ යුතු යි.

6 ) VITAMIN C- විටමින් සී ඔබේ සමට උදය කාලයේ දී දිනපතා සමට ආලේපකළයුතු යි. 

ඉතින් තවත් වටිනා වැදගත් රූපලාවණ්‍යය කරුණු සමඟින් ඊළඟ කලාපයෙන් ඔබ හමුවනතුරු ඔබට සුබ දවසක් !

සමීරා ජයසිංහ

ඔලිව්තෙල් භාවිතයෙන් හැඩ වෙමු

ඔලිව් තෙල් ලෝකයේ ඇති ගුණදායකම තෙල් වර්ග වලින් එකකි ඔලිව් තෙල්.

දිනපතා ආහාරයට ගැනීම ඉතා ම හොඳ පුරුද්දක් වන අතර එමඟින් ඔබට අත්වන සෞඛ්‍යය ම ය ප්‍රතිලාභ රැසකි. ඉතා ම උසස් තත්ත්වයේ ඔලිව් තෙල් ආහාරයට ගැනීමට අමතරව ස්වාභාවිකව ඔබේ රූපලාවණ්‍යය සත්කාර සඳහා එකතුකරගැනීමෙන් ද එවැනි ම උසස් ප්‍රතිඵල ලබාගත හැකි වේ. එසේ නම් අද ඔබේ රුව ඔප් නංවා ගැනීමට ඔලිව්තෙල් සත්කාරය ඉවහල්කරගන්නා අයුරු අපි කතාබහ කරමු.

දිලිසෙන කෙස් කළඹකට :

ඔබට ඇත්තේ ඉතා වියළි, ඉක්මනින් ගැට ගැසෙන අකීකරු කෙස්කළඹක් නම් ඔලිව්තෙල් භාවිතයෙන් එය පහසුවෙන් කීකරු කෙස්කළඹක් බවට පත්කරගත හැකිවනු ඇත. Extra verging olive තෙල් බිඳු කිහිපයක් ඔබේ අත්ලට රැගෙන එය හොඳින් අත්ලේ තවරාගන්න. හෙමිහිට හිස් කබලේ සහ කෙස් අතර හොඳින් තෙල් තවරාගන්න. මෘදුව සම්බාහනය කරගන්න. අනතුරුව මෘදු ෂැම්පූ සහ කන්ඩිෂනර් භාවිතයෙන් සෝදාහැර තෙත මාත්තු කරන්න. නැතිනම් හිස කෙස් පීරීමට ප්‍රථම තෙල් බිඳු කිහිපයක් හිස්කබලේ නොගෑවෙන පරිදි ආලේපකර හොඳින් හිස කෙස් පීරාගැනීමෙන් ද ඉහත ප්‍රතිඵලය ම ලබාගත හැකිවනු ඇත.

Make up ඉවත්කිරීමට සහ moisturizer එකක් ලෙස:

මේකප් භාවිතයෙන් පසුව මේකප් ඉවත්කිරීම සඳහා ඔලිව්තෙල් මේස හැන්දක් පෙඟවූ cotton wool කැබැල්ලක් ගෙන මුහුණ මෘදු ව පිරිමදින්න. එමඟින් මුහුණේ ඇති මේකප් ඉවත්වනවා මෙන් ම ස්වාභාවිකව ම මුහුණේ ඇති තෙතමනය රඳවාගනිමින් සමට අවශ්‍යය පෝෂණය ලබාදී ම ද සිදු කෙරේ. ඉතින් මේකප් ඉවත්කර ගැනීමත්, සමෙහි තෙතමනය ආරක්ෂාකර දීම ත් යන කාරණා දෙක ම එක ම අවස්ථාවක දී ඉටුකරගැනීමට ඔබට හැකිවනු ඇත.

ස්ට්‍රෙච් මාක් ඉවත්කර දෙයි:

අධික ස්ථූල බව හෝ ගර්භනී භාවය නිසා ඔබේ සමෙහි  ඇතිවන ඉරි සහිත ඇදීම් නැතහොත් stretch marks ඔලිව්තෙල් භාවිතයෙන් ඉවත්කරගත හැක. සමෙහි එම ගැටළුව ඇති තැන්වල extra verging olive oil හොඳින් ගල්වමින් මෘදුව විනාඩි 10ක් පමණ සම්බාහනය කරන්න. අව ම සතියකට තෙවරක් මෙම සත්කාරය සිදුකිරීමෙන් සමෙහි ඇදෙනසුළු භාවය වැඩිකරමින් වියළි බව සහ stretch marks ඉවත්කිරීම සිදුවනු ඇත.

සුමුදු දෙපා සඳහා:

අනවශ්‍යය රෝම ඉවත්කිරීමේ දී ඔබ රේසරය භාවිතයට ගන්නේ නම් එමඟින් සමට ඇතිවන අතුරු ප්‍රතිඵල බොහොමයක් ඔලිව්තෙල් භාවිතයෙන් අව ම කරගැනීමට හැකි ය. රේසරය භාවිතයට පෙර සමෙහි ඔලිව්තෙල් ආලේපකර අනතුරුව අනවශ්‍යය රෝම ඉවත්කරගන්න. එමඟින් රේසරය භාවිතය නිසා ඇතිවන සුළු ඉදිමුම් ස්වාභාවය, සහ සම සීරීමෙන් ඇතිවන වේදනාව මඟ හැර ස්වාභාවික ලිහිසිකාරකයක් ලෙස ඔලිව්තෙල් ක්‍රියා කිරීමෙන් සුමුදු දෙපා යුගලක් ඔබට ලබාදෙනු ඇත.

නියපොතු වර්ධනය සඳහා:

සතියකට වරක් ඔබේ දෑඟිලිවල නියපොතු ගිල්වෙන සේ ඔලිව්තෙල් හි විනාඩි 10ක් තබන්න. එමඟින් නියපොතුවල cuticles නීරෝගීකරමින් නියපොතු වර්ධනය වේගවත් කිරීම සහ නිරෝගී නියපොතු ඇති සුන්දර දෑතක් ඔබට ලැබෙනු ඇත.

සුමුදු සුන්දර දෙතොළකට:

ඔලිව්තෙල් ස්වල්පයක් සහ සීනි ස්වල්පයක් එක්කළ

මිශ්‍රණය දෙතොලේ හොඳින් ආලේපකර පිරිමදින්න එමඟින් දෙතොලේ කඩතොලු ස්වාභාවය ඉවත්වී ස්වාභාවික ස්ක්‍රබ් එකක් ලෙස ක්‍රියා කරමින් දෙතොල්

සුමුදු කරනු ඇත. එසේ ම දෙතොලේ වියළිබව දුරලා තෙතමනය රැකදීමෙන් සුන්දර දෙතොලක් ඔබට ලබාගත හැකි වේ.

මෙලෙස නිවසේ හැමවිට ම ඇති extra verging olive oil භාවිතයෙන් ඉතා පහසු රූපලාවණ්‍යය සත්කාර සිදුකරගත හැකිබව ඔබ දැන සිටියා ද? එසේ නම් තවත් මෙවැනි වැදගත් ලිපියකින් හමුවන තුරු සුබ දවසක් !

Makeup by sameera

Bridal and party makeup enquire

07402992944

රුව වඩන රහස්

රුව වඩන රහස්

දිදුලන නිරෝගී පැහැපත් සමක්, සුන්දර රූ සපුවක් ලබාගැනීමට කවුද අකැමැති ? ඉතින් එවැනි සුන්දර

රහස් කීපයක් ඔබ හා බෙදාහදාගන්න යි අද මේ සූදානම. දුටුවන් හැරී බලනා අන්දමේ රූ සපුවකට සිහින දකින ඔබ කළයුතු නොකළයුතු දේ තිබෙනවා. එසේ නම් ඒ මොනවාදැ යි විමසා බලමු.

1. ඔබට කෙතරම් වෙහෙසකර කාර්‍යය බහුල දිනක දී වුවත් කිසි ම විටෙක මේක් අප් සමඟින් නින්දට යන්න එපා. ඉතා හොඳින් මේක් අප් ඉවත්කරගැනීමෙන් අනතුරුව නින්දට යාමට මතක තබා ගන්න. එමඟින් දිනය පුරා විවිධ ආලේපන සහ විවිධ තත්ත්ව යටතේ වෙහෙසට පත්වූ සම නිදහස්ව සැහැල්ලුව ප්‍රකෘතිමත් වන අතර සමේ නිරෝගීබවට සහ පැහැපත්බව තීරණය කිරීමට  ඉතා ම වැදගත් වේ.

2. එසේ ම මීට ප්‍රථම අප කතාකළ පරිදි සමට ගැළපෙන   ඔබට ගැලැපෙන රූපලාවණ්‍ය නිෂ්පාදන ම භාවිතයට ගන්න. එකිනෙකාගේ සමේ තත්ත්වය වෙනස්වන නිසා පලපුරුදු රූපලාවණ්‍යය උපදෙස් මත තෝරාගන්නා මිල දී ගන්නා නිෂ්පාදන භාවිත කරන skin care routine පවත්වා ගැනීම අනිවාර්යයෙන් ම දිනපතා සිදුකරන්න. 

3. Anti oxidant අඩංගු සීරම් භාවිත කරන්න. Night time skin care routine සඳහා අනිවාර්යයෙන් ම ඔබට සුදුසු Anti oxidants අඩංගු සීරම් එකක් ඇතුළත් කරගන්න.

4. ක්ෂණික ආහාර, junk food භාවිතයෙන් වළකින්න. සුන්දර රූ සපුවක් ලබාගැනීමට නම් ඔබේ ආහාර රටාව ඉතාම ත් තීරණාත්මක සාධකයක් වන අතර කුමන තත්ත්වයක් යටතේ වුවත් ඔබ Juno Food නිතර අනුභව කරන්නෙක් නම් සුන්දර රුවක් ලබාගැනීමේ සිහිනය තවත් දුර බව මතක තබාගන්න. 

5. සමෙහි ස්වාභාවය අනුව පළපුරුදු රූපලාවණ්‍යය උපදෙස් මත සතියකට වරක් හෝ මුහුණේ සහ ශරීරයේ මැරුණු සම ඉවත්කරන සත්කාරයක් ලබාගන්න. 

6. උදෑසන අවදිවූ විගස මෙන් ම රාත්‍රියේ නින්දට යනතෙක් ම ඉතා හොඳින් වතුර පානය කරන්න මතක තබා ගන්න. සමෙහි තෙතමනය රඳා පවත්වාගැනීමට පිරිසුදු ජලය පානය කිරීම අත්‍යාවශ්‍යය සාධකයක් වන අතර එය මඟහැරීමෙන් නොයෙකුත් සෞඛ්‍යය සහ රූපලාවණ්‍යය ගැටළු මතුවිය හැකි ය. 

7.සතියකට වරක් අනිවාර්යයෙන් ම face mask එකක් භාවිත කරන්න. නිසි පරිදි මුහුණේ සම පිරිසුදු කිරීමෙන් අනතුරුව face mask එක භාවිත කිරීමෙන් ඔබේ සමේ ඇති ගැටළු බොහොමයක් අව ම කරගත හැකිවනු ඇත. 

8. ව්‍යායාම සහ නිවැරදි ආහාර රටාවක් පවත්වාගෙන යා ම ඉතා ම ත් ම වැදගත් තීරණාත්මක සාධකයක් වේ . මන්ද ඔබේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය සහ ශරීරයේ පැවැත්ම නිසි පරිදි ක්‍රියාත්මක වීමට නම් හොඳ ආහාර පුරුදු සහ ව්‍යායාම අත්‍යවශ්‍යය සාධකයක් වන අතර ප්‍රෝටීන බහුල, කැල්සියම් සහ විටමින් බහුල ආහාරවේලක් හැමවිට ම ඔබේ ශරීරයේ ශක්තිය ක්‍රියාකාරීබව සහ සුන්දරත්වයට මඟ පෙන්වනු ඇත. 

ඉතින් මෙවැනි ම වැදගත් ලිපියකින් නැවත ඔබ හමුවට එනතුරු සුබ සතියක්!

සමීරා ජයසිංහ