Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

කෙසෙල් වලින් කේක් එකක් (Banana Cake)


අවශ්‍ය ද්‍රව්‍ය: 

– හොඳට ඉදුණු කෙසල් ගෙඩි 2 ක්. ( 250g පමණ)

– බිත්තර 3 ක්

– ලා දුඹුරු සීනි 100g

– තෙල් 150 ml (sunflower or vegetable oil)

– පිටි 275g 

– කුළුබඩු මිශ්‍රණය තේ හැඳි 1 (spice mix)

– බේකින් පවුඩර් තේ හැඳි 1

සාදන ක්‍රමය: 

– බේක් කිරීමට ගන්නා 6″ කේක් ටින් දෙකක් බේකින් පේපර්ස් දමා සකස්කර ගන්න. පිටි  සහ බේකින් පවුඩර් පිටි හලනයකින් හලා පසෙකින් තබන්න. 

– Oven එක සෙල්සියස් අංශක 170 උෂ්ණත්වයේ විනාඩි දහයක් පමණ කලින් රත්කර ගන්න. 

– කෙසෙල් ගෙඩි ගෑරුප්පුවක් ආධාරයෙන් කැටි නැතිවන තුරු හොඳින් පොඩි කරගන්න. එයට බිත්තර, සීනි සහ තෙල් එකතුකර whisk එකක් හෝ hand mixer එකක් ගෙන හොඳින් කළවම් කරගන්න. 

– ඉන්පසුව පිටි මිශ්‍රණය ද එකතුකර කැටි නැතිවන තුරු හොඳින් කළවම් කරගන්න. කලින් සකසා ගත් කේක් ටින් දෙකට සම සමව දමා විනාඩි 40 බේක් කරගන්න. විනාඩි 40 පසු පොඩි toopick එකක් ආධාරයෙන් බේක් වී ඇද්දැයි බලන්න. බේක් වී මඳිනම් තව විනාඩි 5-10 ක් තබන්න. 

– හොඳින් නිවුනාට පසු පිළිගන්වන්න.

Anushka Nanayakkara

 (Diploma in Cake Decorating. RL Clement Cake School, Sri Lanka)

Sign up for our newsletter