Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

ජීවිතේ සෙල්ලමක්..

මාවතේ කලබලෙන් –  විසිරි දුහුවිලි අතර

මානෙතේ ගැටුණි මේ – ලපටි සුදු නෙළුම් මල

සාගතේ උණුසුමෙන් – නිතර මැලවුණු මුහුණ

පාසැලේ සීනුවේ – හඬින් පිබිදුණු අයුර

මුදු නමුත් කුණු වැකුණු – දෑත්  කරගැට බිඳී

වැදු මවක් මිස වෙනත් – කිසිම නෑයෙක් නැතී 

රුදු ලොවේ හස්තයෙන් – හිඳින මුත් නොගැලවී

සුදු පරෙවි රෑන දෙස – දෑස් දල්වා සිටී

ජීවිතේ සෙල්ලමට – හසුවුණත් පුතේ නුඹ

සෙල්ලමට ජීවිතේ – ගෙවන අයවලුන් මැද

පැරදුණත් උන් දිනක – නොපරදී නුඹ නිසැක.

මන්දයත්, 

ජීවිතේ සෙල්ලමට – ‘දුක’යි ඉහලම ලකුණ

තාරක ජයතිලක

Sign up for our newsletter