Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

බලා සිටින්න


(හබක්කුක් 2:3

මක්නිසාද දර්ශනය නියම කාලය දක්වා තව ප්‍රමාදවේ, එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය.එය ප්‍රමාදවෙතත් ඒ ගැන බලාසිටින්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙවාම ඇත.)

  • බලා සිටීම ඔබට ආශිර්වාදය නිදහස් කරයි.එම නිසා මොහොතක් ඔබ ඉහත බයිබල් පදය දෙස මනස යොමු කර සිටින්න.මා මෙහි තිබෙන්නා වූ ප්‍රදාන කාරණා 5 කට ඔබගේ සිත යොමු කිරීමට කැමැත්තෙමි.
  1. දර්ශනය – ඔබට ඔබේ ජීවිතය කෙරෙහි දර්ශණයක් තිබීම ඉතාම වැදගත් කරුණක් වේ.මන්ද ඔබට බලා සිටීමට නම් යම් අරමුණක් යම් දර්ශනයක් තිබිය යුතුයි.එම නිසා පළමුකොට ඔබ ඔබටම කියලා දර්ශනයක් සාදාගන්න.එයට ඔබගේ මනස යොමු කරන ලෙස මම ඉල්ලා සිටිමි.
  1. නියම කාලය – ඒ වගේම තමයි ඔබගේ දර්ශනය ඉෂ්ට වීමට නියම කාලය එන තෙක් ඔබ විශ්වාසයෙන් බලා සිටිය යුතුයි.එම නිසා ඔබ ඔබගේ බලාපොරොත්තු අත් නොහැර නියම කාලය එනතෙක් විශ්වාසයෙන් බලා සිටින්න.එවිට දෙවියන් වහන්සේ නියම කාලයේදී ඔබට ආශීර්වාද කරනු ඇත.
  1. විශ්වාසය බොරුවක් නොවන්නේය – තුන්වැනි කරුණ ලෙස අපි දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් බලාගෙන සිටින විට දෙවියන් වහන්සේ කවදාවත් එම බලාපොරොත්තු බොරුවක් වෙන්න ඉඩ නොතබන සේක.මන්ද බොරු කියන්න උන්වහන්සේ මනුෂ්‍යයෙක් නොවන බැවින් උන්වහන්සේ ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට කරන සේක.ඒ වගේම එය ඉතා ඉක්මනින් ඔබට සිදුකරන බව පවසයි.
  1. ප්‍රමාද වෙතත් බලා සිටින්න – සමහර විට ඔබගේ බලාපොරොත්තුව යම් ආකාරයකින් ප්‍රමාද වන බව ඔබට හැඟෙනවනම්හැඟෙනවනම් දුක් නොවන්න නොකැලබෙන්න ශක්තිමත් ව සිටින්න.මන්ද උන්වහන්සේ කියනවා ප්‍රමාද වුණත් ඔබගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන බව.එම නිසා ප්‍රමාදය ආශිර්වාදයක් ලෙස සිතන්න එවිට ඔබ ආශිර්වාද ලබනවා ඇත.
  1. පසු නොබැස සිටින්න – අවසාන වශයෙන් මට ඔබ හට කිවීමට තිබෙන්නේ පසු නොබැස සිටින ලෙසය.ඉහත කාරණා සියල්ල දෙස බලමින් ඔබගේ සිත (මනස) ශක්තිමත්ව තබා ගෙන ඔබගේ දර්ශනයට ඔබගේ සිත යොමු කරමින් කුමන ආකාරයේ බාධා ආවත් පසු නොබැසව විශ්වාසයෙන් යුක්ත ජීවිතය ජය ගන්න.
  • ඉහත කියු කාරණා පහ ගැන ඔබගේ මනස යොමු කරමින් ඔබගේ දර්ශනය ජය ගන්නා තෙක් විශ්වාසයෙන් යුතුව බලා සිටින්න.

ජේසු පිහිටයි!

Sign up for our newsletter