Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

බ්‍රිතාන්‍යයේ කුලී ගෙවල් ගැටළුව

බ්‍රිතාන්‍යයට එහෙම නැත්තම් එංගලන්තයට මෑතකදී සංක්‍රමණය උනු ශ්‍රි ලාංකිකයන් ඇතුළු විශාල පිරිසකට මෑත කාලයේදී මුහුණ දෙන්න වෙන ලොකු ගැටළුවක් තමයි කුලී නිවසක් එහෙම නැත්තම් කාමරයක්, ඇනෙක්සියක් හොයා ගන්න බැරුව සිදුවන අපහසුතාවය. එක පැත්තකින් මේ වෙනකොට එංගලන්තයේ විශාල කුලි නිවාස හිඟයක් තියනවා. ඒ වගේම අනික් පැත්තෙන් නිවාස කුලියත් ඉතා ඉහළ අගයකින් වැඩි වෙමින් යනවා.

මේ ගැන මම විස්තර ටිකක් ලියන්න හිතුවේ මේ කාලේ ලංකාවෙනුත් ලොකු පිරිසක් එක්සත් රාජධානියට එනවා. ඒ වගේම ඒ අයත් මේ කුලී නිවාස ගැටළුවට ඉතා බරපතල විදියට මූණ දෙනවා. බ්‍රිතාන්‍යය මාධ්‍ය දා බ්‍රිතාන්‍යය රජය මේ කුලී නිවාස ගැටළුව ගැන මොනවද කියලා තියෙන්නේ කියලා හොයද්දි දැන ගත්ත ප්‍රධාන කාරණා දෙකක් තමයි එක පැත්තකින් ඉතා වේගයෙන් කුලී නිවාස සඳහා වන ඉල්ලුම වැඩි වෙනවා වගේම අනික් පැත්තෙන් කුලියට දීම සඳහා තියන නිවාසත් අඩු වෙමින් යනවා.

කුලියට දීම සඳහා වන නිවාස අඩුවීමට ලොකුම හේතුවක් තමයි එංගලන්තයේ මේ වන විට තියන ආර්ථික අර්බුදය. ඒ එක්කම රටේ පොලී මට්ටම් ඉතා වේගයෙන් ඉහළ යන නිසා නිවාස ණය (Mortgage) පොලියත් දරා ගන්න බැරි විදියට ඉහළ යනවා. ඒ නිසා කුලියට දීම සඳහාම නිවාස මිලදී ගන්නන් එහෙම නැත්තම් ආයෝජකයන් නිවාස වල ආයෝජනය කරන්න මැලිකමක් දක්වනවා. ඔවුන්ට නිවාස ම්ලදී ගෙන කුලියට දීමෙන් ලාබ ලබන්න බැරි තැනට ආවම ඔවුන් ඒ මත සිදුකර ආයෝජන නතර වීමෙන් කුලියට දීම සඳහා වන නිවාස හිඟයක් ඇති වෙලා තියනවා.

අනික් පැත්තෙන් කොහොමත් ඉල්ලුම වැඩිවෙනකොට මිළ ඉහළ යනවා. කුලී නිවාස මිළ ඉහළ යන්න ඒකත් හේතුවක්. ඒ වගේම අධිකව ලෙස ඉහළ ගිය විදුලිය හා ගෑස් බිල් නිසාත් කුලී නිවාස හිමියන් නිවාස කුලී කිහිප වරක්ම ඉහළ දමන්න තීරණය කරා. කොහොම උනත් රජයේ අවධානය මේ වෙත යොමු උන නිසා අළුත් චාන්සලර්වරයා තමන්ගේ කුඩා අයවැය මගින් වසරකට නිවාස කුලී ඉහළ දැමිය හැකි සීමාව 7% දක්වා සීමා කලා.

ඒ අතර ලන්ඩන් නගරාධිපතිවරයාගේ අවධානයත් මේ නිවාස කුලී ඉහළ යාම කෙරෙහි යොමුවෙලා තියනවා . ඔහු කියන්නේ වසර දෙකක් තුල ලන්ඩන් නගරයේ සාමාන්‍ය මාසික නිවාස කුලිය පවුම් 200කින් පමණ ඉහළ ගිහින් තියනවා කියලා. ඔහු ඒ සඳහා ඉහළම මිළ සීමාවක් පනවන්න අදහස් කරගෙන සිටිනවා කියලා කියන අතරෙම ඒ සඳහා බ්‍රිතාන්‍යය රජයේ අවසරයත් බලාපොරොත්තු වෙනවා.

කුලී නිවාස හිඟය සඳහා බලපාපු අනික් ප්‍රධාන හේතුව තමයි ඉල්ලුම ඉහළ යාම.බ්‍රිතාන්‍යය ඉතිහාසයේ වසරක් තුල සිදුවූ වැඩිම ශුද්ධ සංක්‍රමණ වාරතා වෙන්නේ පසුගිය ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල. එය සංඛ්‍යාත්මකව 504,000. ඒ කියන්නේ අළුතින් බ්‍රිතාන්‍යයට මිනිස්සු ලක්ෂ 5කටත් වඩා වසරක් තුල ඇවිල්ලා තියනවා. ඒ අතරේ පකිස්තාන යුක්රේන සරණාගතයන් වගේම ශිෂ්‍යන් විදියට මේ රටට ආපු විශාල පිරිසකුත් ඉන්නවා. 

එම වසර තුල Student වීසා මත ආපු ප්‍රමාණය 277,000. මේ හැමෝම කුලී ගෙවල් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විදේශීය ශිෂ්‍යන් අතර ජනප්‍රිය විශ්ව විද්‍යාල කිහිපයක් අවට තමයි මේ තදබදය වැඩියෙන්ම ඇති වෙන්න. ඉල්ලුම වැඩිවීමත් සැපයුම අඩුවීමත් එකම කාලයකදී සිද්ධ වීම නිසා කුලී නිවාස ගැටළුව නිවාස අර්බුදයක් බවට පත්වෙලා තියනවා. මේකට විසඳුමක් ලෙස වසරකට නව නිවාස ලක්ෂ 3ක් ඉදිකරන්න බ්‍රිතාන්‍යය රජයේ එලක්කයක් තිබුනත් ඒ ඉලක්කයත් මෙ දක්වා සාර්ථක කරගන්න රජය අසමත්.

Thilan jayasekara

Sign up for our newsletter