Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

මැකරෑන් (macaroon) හදමු

අවශ් දේ

– කුඩු කරගත් ආමන්ඩ් 75g (ground almond)

-අයිසින් සීනි 115g

– බිත්තර සූදු මද 2 ක්

– සීනි 50g

– වැනිලා එසන්ස් තේ හැඳි 1/2

– රෝස පාට food colouring

පිරවුම (buttercream) සැකසීමට අවශ් දේ:

– බටර් 60g

– අයිසින් සීනි 120g

– වැනිලා එසන්ස් තේ හැඳි 1/2

– රෝස පාට food colouring

සාදන ආකාරය:

– බේක් කිරීමට ගන්නා තැටියක් (අඟල් 14×10 පමණ) බේකින් පේපර්ස් දමා සකස්කර ගන්න. Oven එක (non fan oven) සෙල්සියස්  අංශක 160 උෂ්ණත්වයේ විනාඩි 10 ක් පමණ කලින් රත්කර ගන්න. Pipping බෑග් එකක් 1cm Plain nozzle එකක් දමා සකස්කර ගන්න.

– ආමන්ඩ් කුඩු සහ අයිසින් සීනි food processor එකකට දමා තත්පර 30ක් පමණ හොඳින් මිශ්‍ර කරන්න. සියුම් මිශ්‍රණයක් අවශ්‍ය වන නිසා පිටි හලනයකින් හලා මිශ්‍රණය සකස්කර ගන්න.

– බිත්තර සුදු මද පිරිසිදු භාජනයකට දමා electric mixer එකක් ආධාරයෙන් සුදු ඝණකම් මිශ්‍රණයක් වන තුරැ හොඳින් ගසාගන්න. සීනි ටිකෙන් ටික දමා නැවත මිශ්‍ර කරන්න. මෙතනදී ඔබ කැමති පාටක් එකතුකර ගන්නත් පුලුවන්.

– ඉන්පසුව බිත්තර මිශ්‍රණයට, ආමන්ඩ් සහ අයිසින් සීනි මිශ්‍රණය ටිකෙන් ටික දමා හොඳින් කලවම් කරගන්න (folding method). හොඳින් මිශ්‍ර කරීමෙන් පසු එම මිශ්‍රණය කලින් සකස් කර ගත් pipping bag එකට දමා කුඩා රවුම් ආකාරයට බේකින් tray එකට pipe කරගන්න. Pipe කරීමෙන් පසුව එම tray එක විනාඩි 30ක් පමණ කාමර උෂ්ණත්වයේ තබන්න. විනාඩි 30 කට පසුව pipe කරගත් කුඩා රවුම් අතේ නොඇලෙන ඝන තත්ත්වයට පත්වී ඇති බව දැක ගන්න පුළුවන්.

– කලින් රත්කර ගත් oven එකේ විනාඩි 15ක්   බේක් කරගන්න. ඉන්පසුව Macaroon tray එක ඉවතට ගෙන නිවෙන්න හරින්න.

– බටර් සහ අයිසින් සීනි hand mixer එකක් ආධාරයෙන් හොඳින් මිශ්‍රකර buttercream සාදාගන්න. Buttercream යොදාගෙන sandwich එකක් ලෙස macaroon සාදාගන්න.

Anushka Nanayakkara

(Diploma in Cake Decorating. RL Clement Cake School, Sri Lanka)

Sign up for our newsletter