Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

මිනිස්සුන්ට ලන්වෙන්නේ බලාගෙන

ගොඩක් වෙලාවට මිනිස්සු කියන දෙයක් තමයි,

අපි හොඳනම් කාව ආශ්‍රය කලත් ප්‍රශ්නයක් නැහැ “කියන එක

වාක්‍යයක් විදිහට ඒක හරි සරළව කිව්වට ඇත්තටම එතන ප්‍රශ්නයක් තියෙනවා.

අපි හැමෝටම යාළුවො ඉන්නවා, හිතවත් අය ඉන්නවා, හැබැයි ඔවුන් ඉන්නෙ එක එක කවයන් වල,

📍දැනෙන නොදැනෙන සියළු හැඟීම් ඒ ආකාරයෙන්ම බෙදා ගන්නා පිරිස 

📍අවශ්‍ය හැඟීම් පමණක් බෙදා හදාගන්න පිරිස 

📍හායි බායි කියන පිරිස

📍නමට ඉන්න පිරිස

ඔයා මැද ස්ථාන ගත කරලා ඔය කවයන් එක සමාන ගැප් එකකින් ටික ඔයා වටා වුර්තාකාර ලෙස ඇන්දොත් ඔයාට වඩාත්ම බලපෑමක් වෙන්නේ ලඟම කවය තුලින්.

ඔබ විශ්වාස කලත් නොකලත් ඒ ලඟම කවය තුලට ඔබ තෝරාගන්නා පිරිස, ඔබට, ඔබගේ හැඟීම් වලට, ඔබගේ සිතුවිලි වලට බලපෑමක් කරනවම තමයි.

📍ඔබේ ලඟම කවය ඉතා විනෝදකාමී නම් ඔබත් නොදැනීම ඔබ විනෝදයට බර වීමේ ප්‍රතිශතය ඉතා ඉහළයි.

📍ඒ කවය කියවන්නන්ගෙන් සමන්විත නම් කියවීම එපා කරපු කෙනෙක් උනත් ඔබ‍ට නොදැනීම කියවීම ගැන ආශාවක් ඔබේ මනසේ තැන්පත් වෙනවා.

ඒ වගේම,

ඔබේ ළඟම කවය, හොරකමේ යනවනම්, හොරකම මොනතරම් පිළිකුල් කරමින් සිටියත් කාලයත් සමග ඔබත් නොදැනීම ඔබ හොරකම වරදක් නොවන බව පිළිගන්න තත්වයට පත් වෙන්න පුළුවන් වගේම කල්යත්ම හොරෙක් වෙන්නත් පුළුවන්.

ඔබේ ලඟම කවය සමාජයට වයිර කරන්නන් වුනොත්, රට අවුලන්නන් උනොත්, කේලම් කියන්නන් උනත්, නීරස පවුල් ජීවිත ගෙවන අසන්තෘප්ත මිනිසුන් උනත් ඒ බලපෑම කාලයත් සමග යම් යම් ප්‍රමාණයන්ගෙන් ඔබට කාන්දු වෙනවා.

ඒක ඔබ වත් ඔවුන් වත් හිතලා කරන දෙයක් වුනත් නොවුනත් වෙන්නේ ඒක තමයි.

කෙනෙකුට තර්කයක් ගේන්න පුළුවන්, මගෙ සමහර යාළුවො හෙරොයින් බොනවා ඒත් මම බොන්නේ නැහැ කියලා,

ඔව් මම එකඟයි,

හොඳට බලන්න ඒ යාළුවා ඉන්නෙ ඔබගේ මොන කවය තුලද කියලා, බොහෝවිට ඒ යාළුවා ඉන්නවා ඇත්තේ ලඟම කවය තුල නෙමෙයි.

කවය ඈත් වෙන්න වෙන්න බලපෑම අවම වෙනවා.

බහුවිද චර්යා සහිත මිනිසුන් වෙසෙන සමාජයක පිරිස සමග කටයුතු කිරීම අමාරු බව ඇත්ත,

නමුත් ඔබේ අරමුණු මුදුන්පත් කරගැනීමට නම් ඒක බොහොම වැදගත්.

ඔබ ඉගනගන්න ආස කෙනෙක් නම් ඉගනගන්න ආස පිරිස හෝ ඉගනගත් පිරිස තුලින් සමීපතම කවය සන්නද්ධ කරගන්න.

ඔබ සංගීතයට ආස කෙනෙක් නම් ගීතවත් පිරිස ලඟම කවයට ගන්න.

ඒකෙ තේරුම සමාන අදහස් ඇත්තන් පමණක්ම ආශ්‍රය කල යුතුයි කියන එක නෙමෙයි, ඒත් ඔබට ලඟම කවය ඔබේ රුචි අරුචි කම් බලාපොරොත්තු අරමුණු, සහ සිතුවිලි වලට ධනාත්මක දායකත්වයක්‌ දිය යුතු පිරිස විය යුතුයි කියන එකයි.

ගැලපෙන මිනිස්සු කොහෙද ඉන්නෙ, ඉන්න කෙනෙක්‌ ආශය කරනවා මිසක්,

කියන තර්කය ඔබ‍ට ආවොත් පිළිතුර වෙන්නේ,

💢එහෙනම් ලඟම කවය හිස් ව තියාගන්න, අනිත් අය ඈත කව වලම තියාගන්න.

තවත් සරළවම කලොත් ඔබට ගැලපෙන ඔබේ සිතුවිලි වලට ගැලපෙන පිරිසක්‌ ඔබේ ආශ්‍රයට නැත්තම්, ඒත් හැමෝවම ආශ්‍රය කරන්න  නමුත්, ඒ කිසිවෙකු ඉතා ලඟින් ආශය කිරීමෙන් වලකින්න,

ඔබ වටා ඇති මිතුරු කවයන් නිසි පරිදි පවත්වාගෙන යාම, ශාරීරිකව මානසික ව ඔබට ඔබේ අරමුණු ගතවීම උදෙසා ඔබ හිතනවට වඩා බොහොමත්ම වැදගත්.
අනීෂා ජයකොඩි

Sign up for our newsletter