Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

රුවන්මැලි මහා සෑය


ඉතිං අද හිතුනා බෞද්ධ අපේ පුජනීයම වස්තුවක් ගැන පොඩි විස්තරයක් කියන්න… එ ද්‍රෝණ අටක් වු ධාතුන් වහන්සේලාගෙන් එක් ද්‍රොණයක් තැමිපත් කර සාදා ඇති, අනුරාධපුරයේ විරාජමානව වැඩ සිටින රුවන්මැලි මහා සෑය ගැන… 

හැමොම දන්නවානේ මහා සෑය දුටු ගැමුණු මහාරජතුමාගේ නිර්මාණයක් කියලා..

ඉතිං රුවන්මැලි මහා සෑය එමස්ථානයේ රියන් එකසිය විස්සක් උසින් ඉදිවන බව මිහිදු මහා රහතන්වහන්සේ විසින් දෙවනපෑතිස්ස රජු හට පවසා ඇති බව මහා වංශයේ සදහන් වෙනවා.. එය ඉදිකිරිමට සුදුසුම ස්ථානය දෙවානමිපියතිස්ස රජු විසින් ස්ථම්භයක් ඉදිකොට සලකුණු කර තිබෙන බවත් ඉතිහාසයේ සදහන් වෙනවා…. රුවන්මැලි මහා සෑයේ වැඩ ආරම්භ කරලා තියෙන්නේ වෙසක් පුර පසළොස්වක පොහොය දවසක…

මෙි මහා සෑය නිර්මාණය කරන එකත් ලෙහෙසි පහසු කටයුත්තක් නමි වෙලා නෑ…. 

මුළින්ම සෑය ඉදිකරන භුමි⁣ය සමතලා කරලා… එක ඉතිං කොහොමත් එහෙමනේ…. ගෙයක් හදන්න උනත් වර්තමානයෙත් අපි භූමිය සමතලා කරනවානේ….. හැබැයි ගෙයක් හදනවා වගේ නෙවෙයි… මහා සෑය නිර්මාණය කිරිම සැඳැහැ සිතින් කරන්න ඔින වැඩක්…..

මං මට දැනගන්න පුළුවන් උන කරුණු ඔයාලටත් කියන්නමි… 

මුළින්ම සමතලා කරගත් පොළොවෙි රියන් හතක් ගැඹුරට කැනලා එහි වක්‍රාකාර ගල් අතුරා එ ගල් මිටියෙන් තලා ඉන්පසු එය ඇතුන් ලවා පගවලා තියනවා.. 

ඉන් පසු එම ගල් ස්තරය මත ගඩොල්ද, ගඩොල් මත රළු බදාමද, බදාමය මත තිරුවානාද , තිරුවානා මත යකඩ ජාලයක්ද , එය මත සුවදැති මැටිද , සුවදැති මැටි මත සුදු පාෂාණද , එ මත සෙල්පිල්මිණිද , එ මත ගල් පවුරුද අතුරා තිබෙන බව සදහන්. 

ඉන්පසු රසදිය, අලිගැටපේර ලාටු හා පදමි මැටි එක්කර මිශ්‍රණයක් සාදවා ගල්⁣පුවරු තබා එ මත අගල් අටක ඝණකම ඇති ලොකඩ පත් අතුරා,  එම ලොකඩ පත් මත ආසනියමි හා තල තෙල් එකට මිශ්‍ර කර අතුරුවා , එ මත අගල් හතරක් ඇති රිදීපත්ද අතුරා තියනවා… 

මෙසේ සෑයේ අඩිතාලම සාදවා සාදා සෑයට මුල් ගල තබා ඇත්තේ ඇසල පොහොය දිනක. එම උත්සවයට රහතන්වහන්සේලා අනුහයකොටියක් අහසින් වැඩම කර ඇති බව ථුපවංශයෙහි සදහන් වෙනවා… 

දාගැබ වටා සේයා වළලු තුන සැදීමට ගඩොල් කොටි දහයක් වැය වු බව ථුපවංශයෙහි සදහන් වෙනවා.. 

එ වගේම සැයේ ඉතිරි වැඩ නිම කර ගැනිම සදහා අවශ්‍ය ගඩොල් සොයා ගන්නේ කෙසෙද යන වග දුටු ගැමුණු රජතුමාට ලොකු ප්‍රශ්නයක් වෙලා.. එ ඇයි කියනවා නමි යුද්ධයක් අවසානයේ වෙහෙසවි සිටින තම ජනතාවට එම වගකීම භාර දිමට රජු කැමැත්තක් දක්වලා නෑ. හැබැයි මෙි ගැන දැනගත් එක් ස්වර්ණමාලී නමි දෙවඟනක් දෙවුලොව පුරා මෙම පනිවිඩය ප්‍රචාරය කරලා.. එය දැනගත් විශ්වකර්‍ම පුත්‍රයා මල්වතුඔය නිමිනයෙ ගඩොල් මැවු බව ථුපවංශයෙහි සදහන් වෙනවා… ඉතිං මෙි මහා සෑයට ස්වර්ණමාලී නම යෙදෙන්නත් හෙතුව එ දෙවඟනම තමයි..

මිට අමතරව සැයට අවශ්‍ය රන් අවුරුමිණි ග්‍රාමායන්ද , රිදි, රිදි නැමති ගල් ගුහාවෙන්ද (රිදි විහාරය) , තමිභපන්නි ග්‍රාමයෙන් තබද , සමන් වැව ග්‍රාමයෙන් මැණික්ද , ඌරු වෙල නමි ග්‍රාමයෙන් නෙල්ලි ගෙඩි ප්‍රමාණයේ මුතු හා පබළුද , පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මැණික්‍ය සතරක්ද ලබාගෙන තියනවා… 

එ වගේමයි මහා සෑයට ධාතුන් වහන්සේලා ලැබෙන ආකාරය බුදු රජාණන්වහන්සේ කුසිනාරා නුවර උයනකදි සක්දෙවු රජ ගෙන්වා පවසා තිබෙන බව පැවසේනවා… 

             ” මාගේ අට ද්‍රොණයක් පමණ ධාතුන් වහන්සේලා අතුරින් එක් ද්‍රොණයක් ධාතුකොලි රජ දරුවන් විසින් පුද පුජා ලබන්නාහ, එම ධාතු එන දවස ලංකාද්වීපයේ රුවන්මැලි නමි දාගැබෙහි පිහිටන්නාහ ” යැයි වදාල සේක. 

දුටු ගැමුණු මහාරජතුමා මහා සෑය ආරම්භ කලත් උන්වහන්සෙට එය අවසන් කිරිමට ජිවත් විමට කාලය තිබුණේ නෑ.. එකතටත් හෙතුවක් තියනවා.. එ ගැන මං පසුව විස්තර කරන්නමි… ධාතු නිධන් උත්සවයෙන් පසු හතරැස් කොටුව දක්වා පමණයි දුටු ගැමුණු රජ තුමාට සෑය නිර්මාණය කරන්න හැකිවි තිබුනේ…. රජු මරණ මංඦකයෙ සිටියදි එතුමාගේ බාල සොයුරු සද්ධාතිස්ස කුමරු තමයි රෙදි වලින් කොත් කැරැල්ල නිමවා සැය සාදා නිම කර ඇති බව දුටු ගැමුණු මහාරජතුමාට දකින්න සලස්වා තිබුනේ…. දුටු ගැමුණු රජතුමාගෙ මරණයෙන් පසුව සෑය නිමකලේ සද්ධාතිස්ස රජතුමා විසිනි. 

පසුකලේක සිංහල රජවරුන්ගේ අගනුවර අනුරාධපුරයෙන් ඇත්වත්ම රුවන්මැලි සෑය හා අනෙකුත් සියළු සෑයන් වල් බිහිවී ගරා වැටුණු අතර මහා සෑයේ කොත් කැරැල්ල දේවතා කොටුව ගරාවැටි විනාශ වෙලා…. 

මිට වසර සියයකට පමණ පෙර නාරාවිට සුමනසාර හිමියන්ගේ මුළිකත්වයෙන් නැවත පිලිසකර කර ඇත්තේ අපේම වාසනාවට… රුවන්මැලි මහා සෑයේ චුඬා මාණික්‍ය පළදවා ඇත්තේ 1940 ජුලි මස 17 වන දිනයේ. 

     වර්තමාණයේ සුදො සුදුවට බැබළෙන රුවන්මැලි මහා සෑය බුදු රදුන් වැඩසිටි සුඝණ්ද කුටියට සම කල හැකි අතර ලෝක බෞද්ධයන්ගේ උතුමි වස්තුවක්සේ පිදුමි ලබමින් අදත් විරාජමාණව අනුරාධපුරයේ වැඩ සිටින්නේ අපේ හෙළ පෞඩත්වය මුළු ලෝකෙටම විදහා පාමින්….. 

සයිංසු යස්මිං සුගතස්ස ධාතූ

නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං

සුවණ්ණ මාලී ති පතීත නාමං

වන්දාමහං ථූපවරං මහග්ඝං 

ද්‍රෝණයක් පමණ ශ්‍රි සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද , ස්වර්ණමාලී නමින් පහල වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූපරාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර

ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි….!!!

ස්වර්ණමාලී මහාසෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා… !!!

තෙරුවන් සරණයි 

නිසංසලා රණසිංහ ✍️

Sign up for our newsletter