Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

වික්‍රමසිංහලාගේ හාල්දණ්ඩා

Wickramasinghe’s Bronzeback

වික්‍රමසිංහලාගේ හාල්දණ්ඩා

Dendrelaphis wickrorum (Danushka et al., 2020)

ශ්‍රී ලංකාවේ හමුවන හාල්දන්ඩන් විශේෂ අතුරින් Dendrelaphis ගණයට ලංකාවෙන් එක්වූ නව සාමාජිකයා Dendrelaphis wickrorum! 2020 මැයි මස අග කාර්තුවේදී විදුලොවට හඳුන්වා දුන් මෙම විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික සර්ප විශේෂයක් වන අතර මෙම සත්ව විශේෂය නාමකරණය ලංකාවේ කීර්තිමත් උරහ සහ උභයජීවී පර්‍යේෂකයෙක් වන මෙන්ඩිස් වික්‍රමසිංහ මහත්මාට සහ නෙතූ වික්‍රමසිංහ මහත්මියට ගෞරවයක් වශයෙන් නාමකරණය සිදු කරන ලදී.

පඳුරු හාල්දණ්ඩාට බොහෝ සෙයින් රූපවිද්‍යාත්මකව සමාන වූවත් මෙම විශේෂයේ යම් යම් රූප විද්‍යාත්මක විෂමතා මඟින් Dendrelaphis wickrorum විශේෂය Dendrelaphis bifrenalis විශේෂයෙන් වෙන් කොට හඳුනාගැනීමට හැකියාව පවතී. විශේෂයෙන්ම ඇස් වල විශාලත්වය , ඇස හරහා දිවෙන කළු පැහැති පටිය ගෙල කොටසින් ක්ෂීණ වී යාම වැනි ලක්ෂණ ඒ අතරින් ප්‍රමුඛ වේ.

සියළුම හාල්දණ්ඩන් විශේෂ රුක්වාසී සර්ප විශේෂ වන අතර මොවුන්ගේ උදරීය කොරළ වල ඇති විශේෂ පිහිටීම උපකාරී කරගනිමින් ගස් මත ස්ථාවරව සිටීමට සහ සංචරණය කිරීමට බෙහෙවින්ම උපකාරී වීම දැකිය හැකි විශේෂ ලක්ෂණයකි. නිර්විෂ සර්ප විශේෂයක් වන මොවුන් ගොදුරු වශයෙන් ගෙම්බන්, හූනන් සහ කටුස්සන් විශේෂ ගනු ලබයි.

කලබල වූ සහ අනතුරක් දැනුණු අවස්ථාවන්හිදී ශරීරය පුම්බාගනිමින් කොරපොතු අතර ඇති නිල් පැහැති සම විදහා දක්වන අතර තියුණු දත් සහිත වීම නිසාවෙන් තුවාල වන සේ සපාකෑමට හැකියාව පවතී.

මොවුන්ගේ බිත්තර දිගැටි හැඩයක් ගන්නා අතර ගස් බෙන තුල බිත්තර දැමීම සිදු කරනු ලබයි.

සටහන සහ ඡායාරූප – චමල් ලක්ෂාන් ජයවීර

Sign up for our newsletter