Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

විදේශීය කෑම රසගන්වන ලංකාවේ අපේ සූපවේදියා

MANOJ FERNANDO


මනෝජ් ප්රනාන්දු කියන්නේ ඹයාගේම වචනයෙන් කිව්වොත්

හොඳ මනුස්සයෙක් කියලා තමයි හැමෝම කියන්නේ. මම ගැන මගේ වචනයෙන් කිව්වොත් ලේසියෙන් ගේමක් අතඅරින්නෙ නැහැ, හොඳට මහන්සිවෙලා වැඩ කරන්න පුළුවන් චරිතයක් දැනට මගේ වයස අවුරුදු 53 වෙනවා. අවුරුදු තිහක chef කෙනෙක් එක්ක වුණත් හරි හරියට තරගෙට කෑම උයන්නත් පුළුවන්.වැඩ කරන තැන්වල හැමෝම මගෙන් අහන දෙයක් තමයි ඔයාට මහන්සි නැද්ද, එපා වෙන්නෙ නැද්ද කියලා තරමක් මහන්සිය තමයි. මම මහන්සි කිව්වොත් මගෙත් එක්ක වැඩ කරන එයාලත් වැටෙනවා. ඒක නිසා මගේ මහන්සිය මම ගාව හංගගෙන එයාලගේ මොරාල් එක වට්ටන්නෙ නැතුව බිඳෙන්නේ නැතුව වල කටයුතු කරගෙන යනවා.

පව්ලේ විස්තර ටිකක් කිව්වොත්

අපේ පවුලේ හතර දෙනයි අම්මයි තාත්තයි මායි අක්කයි. 2015 දි මගේ අම්මා නැති වුනා. එතකොට මම හිටියේ එංගලන්තේ. මෙහෙ ඉඳලා තමයි ඒ වැඩකටයුතු වලට ලංකාවට ගියේ. අපේ තාත්තා තාම ඉන්නවා ලංකාවේ. අක්කයි මායි එකතු වෙලා  තාත්තාව හොඳින් බලාගන්නවා. පස්සේ 1994 අවුරුද්දේ ද දී මම විවාහ වෙනවා. එයාගේ නම ශ්‍යාමා dias එක ආදර සම්බන්ධතාවයක් උඩ තමයි සිද්ධවෙන්නේ. 1995 දි අපිට තව කෙනෙක් එක්කහු වෙනවා අපේ පවුලට. ඒ මගේ පුතා එයාගේ නම රශ්මික දැනට එංගලන්තයේ ඉගෙන ගන්නවා.architecture මාස්ටර් අන්තිම අවුරුද්දේ දැන් ඉන්නේ. එයා ටිකක් ප්‍රසිද්ධයි එංගලන්තයේ. මොකද හොඳ ආර්ටිස්. ඒ වගේම පත්තර වල ෆැෂන් ෂෝ වලට පොඩි කටවුට් දානවා. යාළුවන් අතර හොඳ හිත දිනාගෙන ඉන්න කෙනෙක්. ටිකක් මම වගේ තමයි. යාලුවන්ට charity වැඩවලට හරියට උදව්  කරනවා.  දැනට අපි තුන්දෙනාම එංගලන්තේ පුරවැසිභාවය අරගෙන  මෙහෙ ජීවත් වෙනවා.

රැකියාව ගැන පොඩ්ඩක් කතා කළොත්

1989 ඉඳන් අද වනතුරු අවුරුදු තිස් දෙකක් මේ ක්ෂේත්‍රයේ නියැලෙනවා. මුලින්ම වැඩකලේ hotel galaxy කියලා 4* හෝටලයක් ලංකාවේ. සහයක චෙෆ් කෙනෙක් හැටියට. ඊට පස්සේ 1994 දී කොළඹ හිල්ටන් හොටෙල් එකට එකතු වෙනවා japaness restaurant එකට. 1997 දී ඩුබායිවලට යන්න චාන්ස් එකක් හම්බවුනා. metropolitan palace hotel   එකේ ඕපන් ස්ටාෆ් එක හැටියට  වැඩ කරන්න වාසනා ලැබුණු.2004 දී එංගලන්තයට sous chef කෙනෙක් හැටියට.grange hotels කියලා company එකක්.  ඊට පස්සේ 2015 care home දෙකක chef manager හැටියට job එක් කරන්න හම්බවෙනවා .එදා ඉඳන් අද එන්න තුරු  head chef කෙනෙක් හැටියට වැඩ කරනවා. එකේ වයසක අය තමයි ඉන්නේ. වයසක අයට උදව් කරගෙන ඒ අය ආස කෑම හදලා සන්තෝසෙන් තියන්ඩ තමයි මගේ බලාපොරොත්තුව. වැඩිහිටි අයත් එක්ක ලේසි නෑ . චූටි පොඩි වැරැද්දෙන්  අසනීප වෙනවා. හරි ප්‍රවේශමෙන් කෑම cook කරන්න ඕනේ. මං එක ආසාවෙන් කරගෙන යනවා.

මොන වගේ කෑම ජාතිද දැනගන්න පුළුවන්

ඕනම කෑම ජාතියක් හදන්න පුළුවන්. මුලින්ම galaxy hotel එකේ ඉන්න කාලේ ලංකාවයි කෑම ජාති සහ සමහර යුරෝපීය ඇමෙරිකන් කෑම ජාති ගැන විතරයි දන්නේ.ඊට පස්සේ colombo Hilton එකට එකතු උනාට පස්සෙ ජැපනීස් කෑම ගැන දන්නවා . ඩුබායි ගියාට පස්සේ ලෝකේ තියෙන හැම කෑමක් ම ඉගෙන ගන්න පුළුවන් වුණා ඒක තමයි මගේ ජීවිතේ හෝටල්  ක්ෂේත්රය හොඳම අඩිතාලම් වැටුන තැන.  polynesian, african, South American, american, european, far eastern central Asia  වගේ තැන්වල කෑම හදන්න ඉගෙන ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ එංගලන්තයට එනවා අර තිබුනොත් දක්ෂතාව ඔක්කොම ඔපමට්ටම් කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතා කෙටි කලක් තුළ මාව head chef හැටියට පත්වීම ලැබෙනවා. ඒ වගේම මට ටිකක් vegetable carving,fruit carving,ice carving වගේ දේවලුත් කරන්න පුළුවන්.  ඒක හින්දා මට ඉස්සර ඉඳලම හැම තැනකම හොඳ ඉල්ලුමක් තිබ්බා.

ලංකාවෙන් එංගලන්තයට ආව එක ගැන මොකක්ද දැනෙන්නේ.

හොඳයි දුකයි දෙකම තියනවා. මුලින්ම හොඳ කියන්නංකො. පුතා එංගලන්ත ඉගෙන ගෙන හොඳ තැනක ඉන්නවා. ඒ වගේම මට අවස්ථාව ලැබුණා මම දන්න දේ අනිත් අයටත්, ලෝකෙට කියලා දෙන්න. දුක තමයි ලංකාවේ මිනිස්සු,නෑදෑයො දෙමාපියෝ දාලා ටිකක් දුර එන්න වුන එක ගැන. කොරොන හින්දා ටික කාලෙකින් ලංකාවට යන්න බැරි වුණා. නැත්තම් මම හැම අවුරුද්දෙම වගේ ලංකාවට ගිහිල්ලා නෑදෑ යාලුවෝ එක්ක ටිකක් ඉඳලා සෙට් වෙලා තමයි එන්නේ.

චෙෆ් කෙනෙක් උනේ කොහොමද

මේක ටිකක් අපූරු සිදුවීමක්. 1989 galaxy hotel   එකේ වැඩ කරාට පස්සේ 1990 දී මම ඉතාලියට යනවා. ඒ යන්නේ මගේ අද  වයිෆ් එකේ ඒ කාලේ girlfrien හින්දා  එහේ අවුරුදු තුනක් විතර වැඩ කරාට පස්සේ මට වීස් එකක් හම්බ වෙනවා  ඉතාලි ඉන්න. ඒක ගන්න නං ලංකාවට ගිහින් ලංකාවෙන් ඇප්ලයි කරන්න ඕනේ. ඉතිං ලංකාවට එනවා මොකක් හෝ හේතුවක් නිසා මට ඒක ගන්ඩ බැරි වෙනවා. ඊට පස්සේ දවස් කිහිපයකට පස්සේ වයිෆ් ඉතාලි අතහැරදාලා ලංකාවට එනවා. ඒකාලෙ අපිට ලංකාවේ පොඩි ග්‍රොසරි එකක් තිබ්බා. අම්මයි තාත්තයි තමයි කළේ සමහර වෙලාවට මමත් ඕකෙ ඉන්නවා. ඒත් මම වැඩිපුර ඉන්නේ වයිෆ් ලගේ ගෙදර. ඉතින් ඒකට අපේ ගෙදර ප්‍රශ්න එහෙම තිබ්බා. මේක කරන්න බැහැ  දැන් බඳින්න ඕන කියලා. ඉතින් බඳින්නත් රස්සාවක් තියෙන්ඩ ඕන නේ. පස්සේ මම පත්තරය ජොබ් එකක් හොයන ගමන් මම දැක්කා දාලා තියෙනවා හිල්ටන් හොටෙල් එකට kitchen ස්ටාෆ් එක ඕනේ කියලා. ඉතින් මම ඇප්ලයි කළා. apply call කර මුල්ම ජොබ් එකත් ඒකයි එතනදි මට රස්සාව ලැබෙනවා kitchen assistan විදිහට. අර මම මුලින් කිව්වේ මම ලේසියෙන් ගේමක් අතාරින්නෑ කියලා,ඊට පස්සේ kitchen එකේ වැඩ කරගෙන ඉන්න අතරෙදි ,teppan yaki චෙෆ් කෙනෙක් අස්වෙනවා. ඒ වෙලාවේදී management එක තීරණය කරනවා මට  position එක දෙන්න. එතන ටිකක් කල් වැඩ කරන්න යනකොට මට හම්බ වෙනවා ලංකා වෙන්න ප්‍රසිද්ධ ව්‍යාපාරිකය අය sports කරන ,ිටරට ප්‍රසිද්ධ අය නළු නිළියෝ එතනදි අඳුනගන්න ලැබෙනවා සමහර වෙලාවට ඒ අය dinner වලට ආවහම මාවම ඉල්ලන තත්ත්වයට පත්වුණා. අන්තිමට එතනට මාව නැති කෙනෙක් බවට පත්වුණා.

ලංකාවේ කෑම වලට මොන වගේ තැනක්ද එංගලන්තයේ තියෙන්නෙ

හොඳ තැනක් තියෙනවා. ලංකාවේ resturent ගොඩක් තියෙනවා. මොකද අපේ කෑම වල හොඳට ලුණු ඇඹුල් දැවිල්ල තියෙන නිසා පිටරට අය හරි කැමතියි. මොකද English food වල ගොඩක් වෙලාවට තියෙන්නේ ක්‍රීම් gravy  fat වලින් තමයි ගොඩක් පිරිල තියෙන්නෙ. කිව්වට විශ්වාස කරයිද දන්නෙ නෑ මම වැඩ කරන care හෝම් එකේ  rice and curry හැදුවා එක දවසක් ලන්ච් වලට. මාසෙකට එක දවසයි දුන්නේ.දැන් සතියට දවස් දෙකක් දෙන්න තීරණය කරා management එක මොකද ඒ අය හරි කැමති නිසා. ඉතින් තේරෙනවනෙ අපේ කෑම වල අගය

සූපවේදියකු ලෙස යා ලබපු අත්දැකීම් සහ අලුතෙන් මේ ක්ෂේත්රයට එන අයට මොනවද දෙන උපදෙස්

කරන වැඩේ හරියට කරන්න ඕනේ.ආවට ගියාට කරන්න එපා. රස්සාවට මුලින්ම ආසාවක් සහ ආදරයක් ඇති කරගන්න. කාවවත් අනුකරණය කරන්න එපා. තමන්ගේ ස්ටයිල් එක තමන් හදාගන්න. දන්නෙ නැත්තං අහල දැනගන්න. නැත්නම් අන්තර්ජාලය ඔස්සේ ගූගල් කරලා දැනගන්න. ඉස්සර වගේ නෙමෙයි දැන් හොඳට අවස්ථාව තියෙනවා ඉගෙන ගන්න.

හොටෙල් එකේ දී restaurant එකේදි cook කරනකොට එතන තියෙන්නේ ටීම් වර්ක් එකක්. ටීම් වර්ක් එක නැත්තං හරි අමාරුයි මේක කරගෙන යන්න. උයන පිහන තනි තරගයකදී  තමයි තියෙන්නේ හංගලා තමන් විතරක් හිතලා වැඩ කරන්න ඕනේ තත්වයක්. ඒ නිසා සුළු වැරැද්දකින් ගොඩක් පසුබට, දුක් වෙන්න  ඉඩ තියෙනවා . ඒකට හොඳ උදාහරණයක් තමයි මම වැඩ කරන තැන වයසක අය ඉන්නේ පොඩි දෙයකින් ජීවිතයෙන් පවා වන්දි ගෙවන්න අවස්ථාව තියෙනවා. මොකද මේ අපි උයන කෑම කෙලින්ම ශරීරය තුළට යන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් සෂිමි japanese අමු මාළු . උයන්නේ නෑ කෙලින්ම ආහාරයට ගන්නේ.ඒක නිසා hygin තත්ත්වය  උපරිමයෙන්ම හොඳට තියාගෙන කරන්න බලන්න. ්සර නං එච්චර මේ රස්සාව ගණන් ගත්තෙ නෑ දැන් නං හොඳ ප්‍රතිචාර තියෙනවා. එංගලන්තය chef ට සලකන්නට දෙවිවරු වගේ. ඒක නිසා මේ ක්ෂේත්‍රය හොඳ ආර්ථිකය අතින් අවස්ථාව තියෙනවා හොඳින් වැඩ කළොත්.

ජීවිතයේ ලස්සනම දවස ගැන පොඩ්ඩක් මතක් කලොත් සහ Manoj  ගෙන් අපේ අයට මොන වගේ සහයෝගයක්ද ලබාගන්න පුළුවන් Contact කරන්න පහසුම විදිය

දවස් නං ගොඩක් තියෙනවා.එකක් කිව්වොත් මට මගේ වයිෆ් මුලින් හමු උන දවස.අනිත් එක 1995 මගේ පුතා උපන් දවස. ඕන වෙලාවක මම උදව් කරන්න ලෑස්ති. මම තරමක් අවිවේකී පුද්ගලයෙක්.උදේ හයට නැගිට්ටාම ජොබ් වලට ගිහිල්ලා ගෙදර එනකොට ටිකක් රෑ වෙනවා.සමහර වෙලාවට වයිෆ් නිදි යන්නේ නෑ මම එනතුරු. මම

ගොඩක් අයට උදවු කරල තියෙනවා. මේ රක්ෂාවේ kitchen පෝර්ට ලා cooks ලා කරලා තියෙනවා cook ලා chef කරලා තියෙනවා. ලංකාවෙන් පිටරටවලට යන්න උදවු කරල තියෙනවා. තාමත් ඒ ගොල්ලන්  මතක් කරනවා, කතා කරනව, සමහර වෙලාවට තෑගි එවනවා. සමහර වෙලාවට  holiday ගියාම පිටරටවල නවතින තැන්වල  මගෙත් එක්ක හිටපු අය ඉන්නවා මම පුහුණු කළ  අය ඉන්නව ඉතින් මට හරි සන්තෝසයි. හොඳම විදිය තමයි මාව contact කරන්න තියෙන email එකක් දාන එක. මොකද මොබයිල් එකට කතා කලාම මට සමහරක් වෙලාවට ෆෝන් එක ගන්න බැරි වෙයි.  එංගලන්තයයි ලංකාවේ අතර පැය හතරක පහක වෙනසක් තියෙනවා. ඉතින් මේ හේතුන් උඩ හොඳම දේ තමයි ඊමේල් එකක් දාන එක. මගේ ඊ මේල් එඩ්‍රස් එක , stillmanoj@hotmail.co.uk

අපි magazine එකට ලියන්න ලැබීම සහ ඒක ගැන මොනවද හිතෙන්නේ

අපි magazine එකට ලියන්න ලැබීම ඇත්තටම සන්තෝෂයක්. මීට අවුරුදු හමාරට විතර කලින් ගයාන් කරුණාරත්න මගෙන් ඇහුවා මෙහෙම දෙයක් කරනවා පොඩි support එකක් හෝ සහභාගිත්වයක් කරන්න පුළුවන්ද කියලා. මම ඒක භාරගතා. ඇත්තටම එක චැලෙන්ජ් එකක් මොකද මගේ වඩාත් එක්ක කාර්යබහුලත්වයත් එක්ක ඒත් වැඩේ සාර්තකයි. අපි හැම මාසෙකම අද වෙනතුරු කරගෙන යනවා.  මම තමයි food column එක කවර් කළේ.තාමත් ලියනවා අනාගතයටත් එහෙමයි. ම දන්න දේ මොනාහරි කියලා දුන්න තමයි උත්සාහ කළේ. මම දන්නෑ ඒක කොතරම් දුරට සාර්ථකද කියලා. මම උත්සාහයක් ගත්තා දන්න දේ ලෝකයට කියලා දෙන්න. මේ magazine එක දිනෙන් දින  වැඩි වෙනවා ප්‍රසිද්ධ වෙනවා ඉස්සර හිටිය ප්‍රමාණය නෙමෙයි දැන් ඉන්නේ. නව මුහුණුවරකින් දිනෙන් දින නිර්මාණය වෙනවා. ඉතින් ඇත්තටම  සන්තෝසයි අපි magazine එකත් එක්ක වැඩ කරන්න ලැබීම ගැන. මම ප්‍රාර්ථනා කරනවා දිනෙන් දිනම දියුණු වෙලා මුළු ලෝකයක් අතරම ජනප්‍රිය වෙන්න කියලා.

 බොහොම ස්තූතියි

Sign up for our newsletter