Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

වේශ නිරැපණයෙන් අලුත් හැඩතල මවන අපේ රුවැත්ති- ROSHINI SULOCHANA


රෝෂිනී කියන්නෙ ඔයාගෙම වචනෙන් කිව්වොත්

සංකීර්ණ වෙන්න ඕන තැන සංකීර්ණ වෙන , අනිත් අය වගේම සාමාන්‍ය සරල මනුෂ්‍යයෙක්

ඔයාගෙ පවුලෙ විස්තර ටිකක් කිව්වොත් 

මගෙ පව්ල ඇතුලෙ ගොඩක් අය ඉන්නව , හැබැයි මම හදාගත්ත පව්ලෙ ඉන්නෙ , මගෙ ජිවිතය ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු ඇතිකරන දඟකාර දුවයි , ඒ බලාපොරොත්තු වලට හයියක් වන මහත්තයයි .

රැකියාව ගැන පොඩ්ඩක් කතා කරොත්

හරි ඔන්න ඔතනදි මට ගැලපෙන පිලිතුරක් දෙන්න අමාරුයි ,හැමෝම දන්නෙ වේශනිරැපනය කියන දේ ම⁣ට රැකියාවක් කියන ඒක , වේශනිරැපනය කියන දෙය මට පුදුම ලස්සන කලාවක් , මම හරිම ආසාවෙන් කැපවීමෙන් කරන කලාවක් , ගොඩක් අවස්ථාවල මම එක්ක වැඩ කරන අය කියන්නෙ මම මුන සිතුවමක් කරනව කියල , ඉතින් ඒ නිසාම මේ කලාව මගෙ විනොදාන්ෂ්‍ය වෙලා තියෙන්නෙ .

මොනවගේ styles අපිට රෝෂිනීගෙන් දැනගන්න පුලුවන්

වේශනිරැපනය තුල තියෙන විලාසිතා බොහොමයි ,  Dramatics, gothic, artistic, natural, bridal , tv , makeup කියල විවිධ විලාසිතා තියෙනවා , මේ එකකට එකක් වෙනස්වන අවස්තා තියෙනවා, අපි සාමාන්‍යයෙන් කරන ⁣makeup එකක් , tv makeup එකකට or photo shoot එකකට දාන්නෙ නැහැ , .ඒ වගේ දේවල් වලදි අපි භාවිතා කරන technic එකේ ඉන්දන් products එක දක්වා වෙනස් කරන අවස්තා තියෙනවා, 

මේ වෙන කොට බොහොම සුළු නිර්මාණ කොටසක් තමයි බාවිතා කරල තියෙන්නෙ , ඉදිරියට හරිම හෙමින් තව නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා .

ලංකාවෙන් එංගලන්තෙට ආපු එක ගැන අද දැනෙන්නෙ කොහොමද 

සරලව කියනවනම් මට ලොකුවට හැඟිමක් දැනෙන්නෙ නැහැ , හැබැයි මේ වගේ රටක අපිට ඉගෙන ගන්න දේවල් බොහොමයි , ඉතින් ඒ නිසා සතුටුයි , මගෙ කලාව මට තව දුරටත් මේ වගේ රටකින් ඉගෙන ගන්න පුළුවන් එක ගැන .

Beautician  කෙනෙක් උනේ කොහොමදආපු ගමන ගැන කිව්වොත් 

අයිය ප්‍රශ්නය ඇහුව වැරදි , මම beautician ( රැපලාවන්ය ශිල්පියෙක්) කෙනෙක් නෙවෙයි , 

මම Make up artist ( වේශනිරැපන ශිල්පියෙක් ) කෙනෙක් ,  මේ දෙක අතර ඇත්තටම වෙනසක් තියෙනවා , මේ දෙන්නම මේ දෙකම කරාට , මේක ෂේෂ්ත්‍ර දෙකක් ,  සරලව කියනවනම් beautician හම , පැහැය , නිය , හිසකස් , මේ බොහොමයක් දේවල්  මනාව හසුරුවන කෙනෙක් , 

 Makeup artist, පෙනුම , වෙනස් අකාරයකට හෝ අලුත් වේශයකට වෙනස් කරන කෙනෙක් 

මට නිර්මාණය කරන්න තිබ්බ ආසාව එක්ක තමයි , මම මෙතෙන්ට අවතිර්ණ වුනේ , වෙනස් දේවල් කරන්න ඕන වුනා , out box  හිතල නිර්මාන කලා , මගෙ කලාවට ආදරය කරන අය බොහොම දෙනා ඒවා ආදරයෙන් වැලඳ ගත්ත .හැමෝම මගෙ නිර්මාණයන් දකින නිසා මම ඒ සම්බන්ධව කතා නොකර ඉන්නම් .

මම ආපු ගමන ගැන නිහතමානිව ආඩම්බරයි , හැම දෙයක්ම. Products , technics , style තනියම ඉගෙන ගත්ත  . ඒ වගේම ගොඩක් දෙනාට ඉගෙන්නුව , 

මගෙ දැනුම බෙදා ගත්ත , වෙන රටවල් වල සහ අපේම අනිත් makeup artist ලට පවා මම දනන් දේ මම කියල දුන්න , මට ඇත්තටම සතුටුයි .

 ලංකාවේ සහ එංගලන්තයේ  Makeup artist කෙනෙකුගෙ තියෙන්නෙ වෙනස්කම් ගැන කිව්වොත්

මෙහෙමයි ,  මම දකින දෙයක් ලන්කාව මනාලියන් හැඩ ගැන්විම ඉතා සාර්ථකව කරනවා , හැබැයි ලංකාව Avatar film එකක් වගේ දෙයක් කලොත් , එදාට මම , ඔයා ,මේ හැමෝම ලංකාවෙයි පිටරටයි වේශනිරැපනයෙ වෙනසක් නොදකියි .

Makeup artist කෙනෙක් ලෙස ඔයා ලබපු අද්දැකීම් සහ අලුතෙන් මේ ක්ශේත්රයට එන අයට මොනවද දෙන උපදෙස්

අත්දැකිම් හොන්ද වෙන්න පුලුවන් නරක ඒවා වෙන්න පුලුවන් , හැබැයි ඒ හැම දෙයක්ම මට ආශිර්වාදයක් , ශක්තියක් වුනා. අත්දැකීම් කියන්න තරම් සුන්දර නැහැ , ඒ නිසා නොකිය ඉමු. 

අලුතින් එන අයට කියන්නේ , මුලින්ම මේ කලාවට ආදරය කරන්න , අලුත් දේවල් කරන්න , හොයන්න , experiment කරන්න , මම ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ තනියම experiments  කරල , අනිත් නිර්මාණ බලන්න , inspired වෙන්න .

 ජීවිතයෙ ලස්සනම දවස ගැන පොඩ්ඩක්  මතක් කරොත් සහ රෝෂිනීගෙන් අපෙ අයට මොනවගේ සහයෝගයක් ලබා ගන්න පුළුවන් contact කරගන්න පහසුම විදිය

මගෙ ලස්සනම දවස , මට ලැබුනෙ  පුංචි කෙල්ලක් කියල nurse මගෙ පපුවට මගෙ කෙල්ලව තියපු දවස . 

අපි දුවෙකුට ආසාව තිබ්බ , හැබැයි දරැව ලැබෙනකම් gender එක check කලේ නැහැ,  ඉතින් ආසාවත් එක්ක ලොකුම බලාපොරොත්තුවක් ඉටුවුනු ලස්සනම දවස ඒ, 

මගේ සේවාවන් , 

මම Bridal සම්බන්ධයෙන් කතා කලොත් , මම , Indian , western , Sri Lankan ( kandiyan) Jewellery  වල ඉන්දන් , ඇදුම් පැලදුම් , මල් , සහ අනෙකුත් සැම කටයුත්තක් සදහාම සහය වෙන්න පුලුවන් හැකියාවක් මට තියෙනවා ,  

ඒ වගේම tv , film , shoot , වැනි නිර්මානවල වේශනිරැපනයට මගෙ දැනුම බෙදාදෙන්න මම සුදානම් , 

ඔයාලට වේශනිරැපනය සම්බන්ධයෙන් තියෙන ගැටලු වලට හැකි ආකාරයෙන් සහයෝගය ලබාගන්න පුලුවන් . 

මාව සම්බන්ධ කරගන්න පුලුවන් 

පහත  ආකාරයන්ට . 

Beyond Reality- Artistic Makeup ( fb page & Instagram page) 

Roshini Sulochana ( fb profile) 

07453 419227 Mobile / WhatsApp

අපි Magazine එක ගැන සහ ඒකට ලියන්න ලැබීම ගැන මොකද හිතෙන්නෙ.

මුලින්ම Magazine එකේ කතෘ ගයාන් අයියට ස්තුති කරන්න ඕනෙ , පිටරටක ඉනන් අපේ අනෙත් සහෝදර සහෝදරියන් ගෙ නිර්මාණය එලි දක්වන්න තෝතැන්නක් හදන එකම කරන ලොකු ආශිර්වාදයක් මේ හැමෝටම , අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් , මටම වෙනම fashion පිටුවක් වෙන් කරල ,  මගෙ නිර්මාණය වලට අවස්ථාවක් දෙන එකට බො⁣හොම ස්තුති කියල මම නවතින්නම් .

Sign up for our newsletter