Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

සත් පත්තිනි මැණියන්

මාතරං පත්තිනිං වන්දේ

සර්ව සත්ව ශිවංකරං

දදතාං සතතං මය්‍යහං

ආරෝග්‍යං රක්ෂණං බලම්

          පෙබරවාරි මාසේ කියන්නේ මාතලේට නමි එක්තරා සුවිශේෂී මාසයක්.. එ මාතලේ නඟරය පුරාම අමුතුම අලංකාරයක් ගන්නා උත්සවයක් නිසා…. එ තමයි ශ්‍රී මුත්තුමාරි අමිමාන් කොවිලේ වාර්ෂික තේරු උත්සවය.. නම එහෙම උනාට මාතලේ අපි නමි කියන්නේ පත්තිනි දේවාලේ කියලා….  මාතලේ පුරවරයට විශේෂ මාසයක් නිසාම මම හිතුවා මෙි මුත්තුමාරි අමිමාන් කොවිල ගැනත් සත්පත්තිනි මැණියන් ගැනත් විස්තර ටිකක් අපි මැගසින් එක ඔස්සේ මෙවර ඔයාලට අරන් එන්න…

           මම බෞද්ධයෙක් උනත් මෙි තේරු උත්සවයට හරිම ආසයි… මම පුංචි කාලේ ඉදන්ම දකින අලංකාර උත්සවයක් තමයි මෙි උත්සවය.. ඇත්තටම එකත් එක්තරා වාසනාවක් , පත්තිනි දේව ප්‍රතිමාව පමණක් නොවෙයි තවත් දේව ප්‍රතිමා මෙි තේරු උත්සවයෙන් නඟරයේ විදි පුරා සංචාරය කරන තේරු කරත්ත වල තැන්පත් කරලා තියනවා.. එ හැම තේරු කරත්තයක්ම බෞද්ධයෙක් උන මමත් භක්තියෙන් “හරෝ හරා” ඇදලා තියන බව කියන්නේ ආඩමිබරයෙන්.. එ මොහොතේ හිතට දැනෙන සිතුවිලි නමි පුදුමාකාරයි… ඉතිං මෙවරත් මං එ සදහා සහාබාගි වෙනවා…

          හින්දු දහමේදී දෙවඟනන්ට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයක්. ලක්ෂ්මි, සරස්වතී, දුර්ගා දේවීයන් පිළිවෙළින් ධනය, අධ්‍යාපනය, ශක්තිය ගෙන දෙන බවට විශ්වාස කරනවා වගේම කරුණාව දයාව ඉස්මතු කරන පත්තිනි මෑණියන් මඟින් මාතෘත්වය පිළිබිඹු කරන අන්දම හදුනාගන්න පුළුවන්….

      ඉන්දියාවේ වැසියෝ පත්තිනි මෑණියන්ට කමාච්චි, කාන්චි යන නමි වගේම මදුරාසියේදී මීනාච්චි නමින්, කාසි ප්‍රදේශයේදී විශාලච්චි නමින් හඳුන්වනවා……. මෙහිදී පත්තිනි මෑණියන් විශේෂයෙන් පතිවෘත්තා මෑණියන් ලෙස හඳුන්වනු ලබන අතර, ස්වාමි භක්තියෙන් වැඩුණු පවිත්‍රතත්වය උතුම් ලෙස ආරක්ෂා කළ දෙවඟනක වන ඇය නමස්කාර කිරීමෙන් කාන්තාවෝ යහපතත් ශාන්තියත් බලාපොරොත්තු වෙනවා…..

       ඉතිං පත්තිනි මැණියන් ගැන කතා වස්තුව ඔයාලා දැනටමත් අහලා ඇතිනේ……. පත්තිනි මෑණියන්ගේ උප්පත්ති කථාව පිලිබද මත කීපයක් සමාජයේ පවතිනවා…. තමාගේ බල සම්පන්න කම ගැන උදම්වූ පඬි රජුගේ විනාෂකාරි ක්‍රියා නැවත්වීම සඳහා ශක්‍රයාගේ ආරාධනයෙන් මනු ලොව උප්පත්තියක් ලැබූ බලවත් යෝගි වරියක් ලෙසද, ඇය අඹයක් තුලින් බිහිවූ බවද පොත පතේ සඳහන් වෙනවා… දැඩි පතිවතක් රැක්කවූ ඇය කන්නගී නමින් සමහර පොත පතේ සඳහන් වන අතර එතුමියගේ සැමියා සමහර පොත් වල කෝවලන් ලෙසත් සමහර පොත් වල පලඟ ලෙසත් සඳහන් වෙනවා.

       ඇය දැඩි පතිවෘත තාවක් රැක්කද ඇගේ සැමියාගේ නොමනා ක්‍රියා (කාමය වරදවා හැසිරීම ,සූදුව) නිසා ඔවුන් ඉතා දුප්පත් වන අතර ඇය සතු වූ රන් සලඹවත් විකුනා යම් මුදලක් සොයා එන ලෙස සැමියාව පිටත් කල අවස්ථාවේ පඬි රජුගේ බිසවගේ නැතිවූ පාසලඹ යැයි බොරු සැකයක් මත කෝවලන්ව මරා දමනවා, සැමියාගේ ප්‍රමාදය නිසා සැමියා සොයා එන විට ඔහු මරා දැමු පුවත සැලවී දැඩි ශෝකයට පත්වන ඇය සිය වම් පියයුර කඩා පොළොවේ ගසා තමන්ගේ පතිවෘතා බලයෙන් මුළු මධුරාපුරයම ගිනි ගනීවා කියමින් ශාප කර තිබෙනවා…. පෙර ආත්මයේ ධ්‍යාන ලත් යෝගි වරියක වු ඇයගේ මේ සාපය නිසා පඬි නුවර ගිනිබත් වෙලා පඬි රජු මිය යනවා..

       එම ශාප කිරිමේ දී දරුවන්, ගැබිනියන්, සතුන් බේරාදෙන ලෙස ප්‍රාර්ථනාවක් ද කල බවත් සදහන්…. ඒ අනුව මධුරාපුරයම ගිනි ගන්නා විට දී රජු විසින් කන්නගිගෙන් මෙම ගින්න නිවා දමන ලෙස ඉල්ලීමක් කළ බව සඳහන් වෙනවා… නැවුම් එළදෙනකුගේ නැවුම් කිරි ගෙන කිරි උතුරවා මුළු මධුරාපුරයේ ම ඉසීම හේතුවෙන් ගින්න මැඩ පැවැත් වූ බවත් මෙි කතාවල සදහන්…. නව නිවසකට යෑමේ දී කිරි ඉතිරවීම, නිවසකට මුල් ගලක් තබන විට දී කිරි ඉතිරවීම, නව අවුරුදු උදාව ලබන විටදි කිරි ඉතිරවීම අදටත් අපේ රටෙි පැවැත්වෙන්නේත් එ නිසාම විය හැකියි….

  ඉතිං පත්තිනි මෑණියන්ගේ උපත මෙහෙම සිදුවු අතර පසුව තිසරන සරණ ගොස් ඇති බවත් බුද්ධත්වය සඳහා පිරිමි ආතමයක් ප්‍රාර්ථනා කරමින් තමා වෙතට එන අයට සෙත සලසන බවත් සඳහන් වෙනවා….. බොහො අය පත්තිනි මැණියන්ගෙ මෙි කතාව අසා ඇතුවාට සැක නැ… එ නිසයි කතාව මම මෙහි කෙටියෙන් සදහන් කලේ….

         මෙම දේවිය සත්වාරයක්‌ උපන් නිසා සත් පත්තිනි ලෙසත්, දොළොස්‌ වාරයක්‌ උපන් හෙයින් දොළොස්‌ පත්තිනි ලෙසටත් හැදින්වෙනවා….. සිද්ධ පත්තිනි, සලඹ පත්තිනි, අඹ පත්තිනි, මල් පත්තිනි, ගිනි පත්තිනි, දේව පත්තිනි හා සත් පත්තිනි යනුවෙන් නම් හතක් තිබෙන්නේ එ නිසයි…. දෙමටමලෙන්, ගින්නෙන්, නයි කඳුළෙන්, විදුලියෙන්, පිනි බිඳුවෙන්, සිනා රැල්ලෙන්, අඹ ගෙඩියෙන්, සළුවෙන්, නුග කොළයෙන්, කඳුරු පොත්තෙන්, ජලයෙන්, දළයෙන්, උපන් බව ද පැරණි ජන කතාවලින් කියැවෙනවා…

      දමිළ ජනයාත් සිංහල ජනයාත් පත්තිනි මැණියන්ට පුද පුජා පවත්වන විදි වෙනස්.. දියණියක් මල්වරවු විට බෞද්ධ අය නමි මුල්න්ම කරන්නේ පත්තිනි මැණියන්ට බාර වෙලා පඩුරක් අයින් කරන එක… වැඩිවියට පත්වු දියණියව තුන් මසකින් පළතුරු වටිටියක් හො වෙනත් දෙයක් රැගෙන පත්තිනි දේවාලයට පැමිණෙන බවට බාර වෙන්නේ මල්වර නැකතේ දොස් පත්තිනි දේව ආරක්ෂාවෙන් දුරු වන බවට ඇති විස්වාසයක් නිසා… එ වගේම තමයි දියණියක් මල්වරවු විට ඇය මාතෘත්වයට සුදුසු නිසාම ඇයට ඇතිවන අපල උපද්‍රවයන් පමණක් නෙවෙයි අමනුෂ්‍ය බලපෑමි පවා පත්තිනි මැණියන්ගෙ ආරක්ෂාවෙන් දුරුවී ඇය මවක් වන තෙක්ම පත්තිනි මැණියන්ගෙ ආරක්ෂාව දෙමව්පියන් අපේක්ෂා කරනවා… එ නිසාමයි දරුවෙකු පිලිසිදගත් මොහොතේ පටන් දරුවා බිහිවන තුරුත් පත්තිනි මැණියන්ට පඩුරක් වෙන් කර බාරහාර වෙන්නේ…

     පත්තනි මෑණියන් වෙනුවෙන් අපේ රටෙි ප්‍රධාන දේවාලය වන්නේ නවගමුව පත්තිනි දේවාලය…….  මෙි දේවාලයට අමතරව ලංකාවේ විවිධ වු ස්ථානවල පත්තිනි දේවාල දැකිය හැකියි……  පත්තිනි මෑණියන් ගැන සඳහන් කරන විට දී ක්‍රි.ව 02 වැනි සියවසේ මෙරට රජ කළ ගජබා රජතුමා දකුණු ඉන්දියාවට ගොස් තම පියා වු වංකනාශීක තිස්ස රජුගේ කාලයේ දී දකුණු ඉන්දියාවේ රජකළ කරිකාලන් නමැති නපුරු රජෙක් මෙරටට පැමිණ මෙරටින් වහලුන් ලෙස රැගෙන ගිය මිනිසුන් 12000ත් එම පිරිසට හිලව් ලෙස තවත් 12000ක පිරිසකුත් සමඟ මෙරටට එන ගමනේ දී එවකට එරට රජකළ සෙන්ගුත්තවාන් රජ පිරිනැමූ පත්තිනි දෙවියන්ගේ පා සළඹ ද වෙනත් දෙවිවරුන්ගේ රන් ආභරණ ද රැගෙන පැමිණිය බව ඉතිහාසයේ සඳහන් වෙනවා….

මෙම පුවත පූජාවලිය, පැරකුම්බා සිරිත, වැනි මෙරට ඓතිහාසික සාහිත්‍ය මූලාශ්‍රයන් හි සඳහන් වෙනවා….

    ලංකාවෙි පත්තිනි දේවාල ⁣තවත් බොහොමයක් තිබෙනවා…. එත් ඓතිහාසික මාතලේ පුරවරයේ සුන්දර කඳුවළල්කට මැදිව ඉදි කර ඇති ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානයටත් හිමි වන්නේ නමි සුවිශේෂ ස්ථානයක්….. අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය ඓතිහාසික මාතලේ පුරවරය මධ්‍යයේ පිහිටලා තියෙන හින්දු බැතිමතුන් ඉතාමත් ගෞරවයෙන් වන්දනාමාන කරන කෝවිලක්…. පත්තිනි මැණියන් වෙනුවෙන් කැපවුණු කෝවිලක් නිසා මේ කෝවිලට බෞද්ධ සහ හින්දු කියන සෑම කෙනෙක්ම වන්දනාමාන කරන්න යනවා……

          මේ කෝවිල පත්තිනි දෙවියන් වෙනුවෙන් නිර්මාණය කරන්න හේතුවුණු යම් නිමිත්තක් තියෙනවා…… එ කියන්නේ මෙි කොවිල මාතලේ පුරවරයෙ ඉදිකරන්නත් අතීත කතාවක් තියනවා…. දැනට වසර 200කට වගේ කලින්, ඒ කියන්නේ කෝවිල නිර්මාණය කරන්න කලින් මේ කෝවිල තියෙන භූමියේ කොහොඹ ගහක් ලග දවසක් ඉතාම ලස්සන ඇඳුමෙන් සැරසුණු පුංචි ගැහැණු ළමයෙක් ඉඳලා තියෙනවා…. පහුවෙනිදා උදේ බලනකොට මේ ළමයාගේ ඇඳුන් එහෙමත් හොඳටම පරණ වෙලා නිකං හිඟන ගැහැණු දරුවෙක් වගේ පෙනුමක් තමයි තිබිලා තියෙන්නේ…..

          මේ ප්‍රදේශයේ ඉඳලා තියෙනවා නල්ලමුත්තු කියලා ඉතාමත් භක්තිවන්ත දෙමළ කෙනෙක්….. මේ කෙනා මේ ගැහැණු දරුවාව ඔය කියන ලස්සනට සහ වැරහැලි ඇඳගෙන ඉන්න දවස් දෙකේම දැකලා තියෙනවා….. දවසක් නල්ලමුත්තු හීනෙන් පත්තිනි දේවියව දැක ඇති බවත් , පත්තිනි දේවිය නල්ලමුත්තුට එදා ඒ කෝවිල තියෙන භූමියේ කොහොඹ ගහ ලග ඉන්නවා දැක්ක ගැහැණු ළමයා තමන් බවත් පවසා ඇති බවයි කොවිලේ ඉතිහාස කතාවෙි සදහන් වෙන්නේ……. ඒ භූමිය ශුද්ද භූමියක්, ඒ නිසා එතන පත්තිනි දේවිය වෙනුවෙන් කෝවිලක් හදවන්නැයි පවසා ඇති බවත් සදහන්…..

          මේ කාලේ වෙනකොට මේ ප්‍රදේශයේ හිටපු දෙමළ ජනතාව සහ වෙළඳම් කරන්න ආව දකුණු ඉන්දීය දෙමළ ජනතාව මේ කෝවිල හදන්න දායක වෙලා තියෙනවා මේ කතාව ප්‍රසිද්ධ වුණාට පස්සේ….. කලින් මේ ස්ථානය වෙල් යායක් විදියට තමයි තිබිලා තියෙන්නේ….. ඒත් ඊට පස්සේ 1852 වසරේ තමයි මේ ඉඩම හිමි අය මේ කෝවිලට මේ ඉඩම පවරලා දීලා තියෙන්නේ…. කෝවිල ඉදිකරලා තියෙන්නේ 1874 වසරේ….. තාමත් අර කියන කොහොඹ ගහේ කඳ කොටස දේවාලය ඇතුලේ තියනවා… ගිය කෙනෙක්ට දකින්න පුළුවන්…..

         අද වෙනකොට කෝවිලේ පෙනුම ගැන බලනකොට විශේෂයෙන්ම කැපිලා පෙන්නේ කෝවිලේ තියෙන සුවිශාල ගෝ පුරය….. මේ ගෝපුරය අඩි 108ක් උස වෙනවා…… ඒවගේම තමයි කුඩා කුඩා පිළිම 1008ක් මේ ගෝපුරයේ අන්තර්ගත වෙනවා….. දැනට ලංකාවේ තියෙන උසම ගෝපුර වලින් එකක් කියලා තමයි මේ කෝවිලේ ගෝ පුරය හඳුන්වන්නේ….. මේ ගෝපුරය නිර්මාණය කරන්න දායක වෙලා තියෙන්නේ දකුණු ඉන්දීය නිර්මාණ ශිල්පී නාගලිංගම් සහ ඔහුගේ පුත් රාමනාදන් කියන මූර්ති ශිල්පීන් දෙදෙනා . මේ දෙදෙනාට 100ක පමණ පිරිසක් උදවු උපකාර කරලා තියෙන බවයි සදහන් වෙන්නේ මේ කටයුත්ත සම්පූර්ණ කරන්න…..

         2007 වසරේ තමයි කෝවිලේ ගෝපුරයේ වැඩ කටයුතු සම්පූර්ණ කරලා අවසන් වෙලා තියෙන්නේ….. ඒ වෙනකොට මේ නිර්මාණය වෙනුවෙන් රුපියල් මිලියන 150ක් පමණ වියදම් වෙලා තියෙනවා….. මේ ගෝපුරය නිර්මාණය කරලා සායම් වලින් පින්තාරු කිරීමට කේරලීය ශිල්පීන් සහ ශ්‍රී ලාංකික ශිල්පීන් කීප දෙනෙක් සම්බන්ධ වෙලා තියෙන බවයි සදහන්…

        මෙි තමයි මාතලේ ශ්‍රි මුත්තුමාරි අමිමාන් කොවිල ගැන ගැන මට හොයාගන්න පුළුවන් උන දේවල්… කොවිල වගේම වාර්ෂිකව පවත්වන මෙි අලංකාර උත්සවය බලන්න ඔයාලත් එන්න…. තේරු කරත්ත විදි සංචාරය කරන විට ගොඩක් අය භාරහාර වෙනවා.. ආගමි බෙිද පසෙකලා මෙි උත්සවයට හැමොම සහාබාගි වෙන්නේ එ තරමට කොවිල ගැන ඇති විස්වාසය නිසා.. කොටින්ම මාතලේ පුරවරයට කිසිදු කරදරයක් නොවන්නෙත් පත්තිනි දේවාලය නිසා කියලා සියළු ජනයා විස්වාස කරනව….. එ තරමි සත්‍යක් මෙි දේවාලය කෙරෙහි බැදි තිබෙනවා….. එ නිසාමයි වාර්ෂික තේරු මංගල්‍යය දවසට මුළු මාතලේ නඟරයම එකම හිස් ගොඩක් බවට පත් වන්නේ… මංමාවත් පවා අතුරු සිදුරු නැතුව මහා ජනතාවගෙන් පිරි යන්නේ එ අසිරිය නිසාමයි..

        එන්න දවසක පෙබරවාරි මාසෙක තේරු දවසට හැබැයි රෑට… එ අලංකාර ලස්සන පෙරහැර දකින්න වගේම තේරු කරත්තයක් ඇදලා දෙවියන්ගෙ ආශිර්වාදය ලබා ගන්න….. ඔබ සැමට සත්පත්තිනි දේවි පිහිටයි

නිසංසලා රණසිංහ

Sign up for our newsletter