Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

සඳගලතැන්න

සඳගලතැන්න හරහා සිරිපා කරුණාව – 02 වන කොටස

( අප්‍රෙල් මස සඟරාවෙන් පළමු කොටස කියවන්න )

    පුදුමාකාර ලස්සන වටපිටාවක් පහු කරගෙන අපි කැලේ ඇතුලේ අඩිපාරදිගේ ඉදිරියට ඇවිදගෙන ගියේ වටපිට සුන්දරත්වය විදිමින්… මෙවර නමි මම කවි කිය කිය තමයි ගමන ආරමිභ කලේ.. එ තරමි සතුටකින් මම සිටි බව කියන්නම ඔින…. ලස්සන දොල පාරවල් , ගස්කොළන් විතරක් නෙවෙයි නේකවිද කැලෑ මල් දැක්කාම ඉ⁣බෙිටම තුන්සරනේ කවි කියවෙනවා…. සුන්දර වනලැහැබ හිතම වශිකරගෙන… එක යායට පිපි තබුණු පුංචි මල් වගයක් හරියට පින්න වගේ….. එක යායට තියන නෙලු ශාක වල පත්‍ර වැස්සට තෙමිලා දිලිසෙනවා… එවා දිහා බලාගෙනමයි ඉන්න හිත… කවි සිංදු කිය කිය යන අතරමග සිරිපා කරුණාකරන තවත් දෙදෙනෙක් අපිට හමුඋනා… එ විතරක් නෙවෙයි ඉහල කඩ වලට බඩු අදින කමිකරුවන් අපිට හමුඋනා… ඔවුන්ගේ ගමනට කිසිදු බාදාවක් නොකර අපි හයදෙනා ඇවිද ගියේ පුදුමාකාර සතුටකින්…

    හවස එකට පටන්ගත්ත ගමන සඳගලතැන්න ගල්තලාවට ලගා වෙද්දි හවස 3.05යි.. අපිට මද වර්ෂව නිසාත් ඦායාරුප ගැනීමට නතරවීමි නිසාත් පැය තුනක් ගතවෙලා…. මෙි ගැන කියන්නම අවශ්‍යයි… ගමනක් යන විට හදිසිකාරයො නැති එක නමි මානසික සුවයක්… වට පිට සුන්දරත්වය විදගෙන හෙමින් ගමනට තමයි මගෙ වැඩි කැමැත්ත… මෙි ගමන ගිය අපි හයදෙනාම එහෙමයි… ගමන පටන්ගත්ත මොහොතේ ඉදන් නැවත නිවෙස් කරා පැමිණෙන්න බස් රථයට ගොඩ වන තුරුත් අපි එකටමයි…

    සුන්දරත්වය තියෙන්නේ ඇස් දෙකෙන් බලාගෙන විදින්න.. ඉතිං මෙි වගෙ සුන්දර නිස්කලංක පරිසරයකට ඇතුල් වෙනවා කියන්නේ විදින්න තියනදේ ගොඩයි… ගස් කඳන් තවත් ජිවයකට ඉඩ දිලා අපුර්වත්වයක් මවලා… තෙත බරිත පාසි වගේම මීවන ශාක විසල් ගස් වෙලාගෙන… තැනින් තැන ඇසෙන වතුර ගලන් යන හඬ හරියට සංගීතයක් වගේ… හිතම වශි නොවුනොත් පුදුමයි..

     සඳගලතැන්නෙදි අපිට තවත් නඬ දෙකක් දැගන්න හැකි උනා… රාත්‍රිය එහි ගත කරන්න කුඩාරමි බදින පිරිසක් වගේම සිරිපා කරුණාකරලා පහලට බසින නඬයක් සඳගලතැන්න ගල් තලාවෙිදි අපිට හමුඋනා… අපි දවල් ආහාරය ගත්තේ සඳගලතැන්නෙදි…. පාන් එක්ක සීනිසමිබල් අපේ කුසගින්න නිවා දැමුවා….. සීතලෙ වෙවුලන ගමන් ඇතීන් විටින් විට මීදුමි සළුවෙන් වෙලාගන්න සමනොළ කන්ද දිහා බලාගෙන අපි හැමොම හිටියෙ පුදුමාකර සතුටකින්…. මෙි සමනොළ කන්ද ගැන මොනතරමි නමි ජනප්‍රවාද කතා තියනවාද.. සුමනසමන් දෙවියන් ගැන විස්තර මම මීට පෙර අපි මැගසින් එකෙන් ඔයාලට අරන් ආවා. එ නිසා මෙවර එ පිළිබදව අවශ්‍ය නැතියි සිතනවා… නමුත් අපේ නඩෙි චානක මල්ලි නමි අපේ අයට සමනළ කන්ද ගැන වටිනා විස්තර ටිකක් සඳගලතැන්න ගල් තලාවෙිදි පැවසුවා….

     හාස්කමි ඇති භුමියක් වෙතට පැමිණෙන විට අපි කවුරුත් පේ වෙලා එන්න ඔින.. කිලිකුණු නැතුව නිර්මාංශව…. විශේෂයෙන් කැලෑ පාරවල් වල… මං වැරදිමි වෙනවා බොහො අයට මම දැකලා තියනවා… කට වරද්දා ගැනීමි නිසා කරදර වෙන බවයි වැඩිහිටියන් පවසන්නේ.. එ දෙවල් කොහොම උනත් අපි පැරණි කියමන් වලට ගරු කරන්න ඔින… වැඩිහිටියො නිකමි කට කහනවාට කියන කතා නෙවෙයි….

     මෙි මාර්ගයේ යාමේදී සුන්දර දිය කඩිති කිහිපයක් හමුවෙනවා… බීමට සුදුසු පිරිසිදු වතුර, එත් බොන්න කලින් දියපාරේ ඉහළ ටිකක් පරික්ෂා කරලා බලන්න… කැලය නිසා මිය ගිය සතෙක් වැටි සිටියහොත් කැලෙන් පිටතට එන්න පෙර ඔබ ලෙඩ වෙන්න පුළුවන්…. එ නිසා එ ගැන කල්පනාවෙන්… එ වගේම තමයි වෙනත් අඩි පාරවල් බොහෝ දුරට ශාක වලින් වැසි තිබෙනවා.. එ නිසා අවදානයෙන් නිවැරදි මාර්ගයේම ගමන් කරන්න…. මෙි මාර්ගය යායට වැවුණු නෙලූ අතරින් ඝන මීදුම, සීතල සහ නේකවිද ශාක වලින් අනුන වගේම කුඩල්ලන්ගෙන් අඩු නැති  මාර්ගයක්…. නමුත් වාසනාවකට අපිට නමි කූඩැල්ලන්ගෙන් කරදරයක් සිදු උනේ නෑ දෙහෙනකන්දේදි වගේ…..

       මෙි මාර්ගයේ යන විට නල්ලතන්නි මාර්ගයේ පිහිටි යකා ඇඩු ඇල්ල, සාම චෛත්‍ය දැකගන්න පුළුවන්…. හැබැයි මෙි සමස්ත මාර්ගය පුරාවටම කඩ නමි නෑ, විදුලි ආලෝකය වගේම වැසිකිලි පහසුකම්ද නෑ…..  එත් දිවියන් බහුලව ගැවසෙන ඉසව්වක් වන නිසාම කිසිසේත්ම රාත්‍රී ගමන් සුදුසු නැති බව කියන්න ඔින… එ වගේම තනිව රාත්‍රි ගමනත් අවදානමි…. හිදිසියකදි කරදරයක් උනොත් ඔබට ඔබ පමණයි…. මෙි මාර්ගය බොහෝ දුරට භාවිතා කරන්නේ නල්ලතන්නිය මාර්ගයේ ඉහල කඩ වලට බඩු අදින කම්කරුවෝ…

     මෙි ගැනත් කියන්නම ඔින පවුල් පිටින් එන නඩ වගේම කැලය සම්බන්දයෙන් කිසිම අවබෝදයක් නොමැති පිරිසට මෙම මාර්ගයේ යාම ජිවිත වලට පවා තර්ජනයක් ඇති ගමනක් වන්න පුළුවන්… විශෙෂයෙන් වයොවෘර්ධ අය දරුවන් වගේ අයට මෙි මාර්ගය ඇත්තෙන්ම සුදුසු නෑ…  එ නිසා කියන්නේ අසනීප තත්වයක සිටිනවා නමි කැලෑ මාර්ගවල ගමන් කිරිමෙන් වලකින්න…. දැන් රැල්ලක් වෙලානේ දරුවන් ලැබෙන්න ඉන්න අමිමලා සිරිපා වන්දනාවෙි යෑම… ඉතිං එවැනි අය නමි මෙවැනි දුෂ්කර මාර්ග වල ගමන් කිරිමෙන් වැලකි සිටිනවා නමි හොදයි… කරදරයක් සිදු උවහොත් නිරපරාදේ සුමනසමන් දෙවියන්ටයි එ සැදැහැවතුන්ගෙන් බැනුමි අහන්න වෙන්නේ… එහෙම බැතිමතුන්නේ ලංකාවෙි ඉන්නේ…..

        සඳගලතැන්නෙන් ගමන ආරමිභ කරලා අපි නැවත ඉතිරි දුරත් හෙමින් ගමන් කලේ අවට සුන්දරත්වය විදගෙනමයි… හරියටම හවස 4.45ත් 5ත් අතර අපි සඳගලතැන්න මාර්ගය නල්ලතන්නි මාර්ගයට එකතුවෙන තැන මහාගිරිදබෙිට අපි හය දෙනාම පැමිණියා….. ලස්සන ගමනක් පටන් ගෙන එසේ පැමිණියත් මගෙ හිතේ සතුට තත්පරයට වෙනස් උනේ නල්ලතන්නි මාර්ගය දැකලා…. ඇති උනේ ලොකු කළකිරීමක්… එ තරමි අපිරිසිදුයි නල්ලතන්නි මාර්ගය… මුත්‍රා ගඳ විතරක් නෙවෙයි ප්ලාස්ටික් බොතල් පොලිතින් හැමතැනම.. එ වගේමයි සඳගලතැන්න මාර්ගයත් නල්ලතන්නි මාර්ගයත් එකතුවෙන තැන මළපහා කරන්න තරමි මිනිස්සු නින්දිත වෙලා….ඇත්තමයි මට වාරේ සිරිපා කරුණාව එපා උනා කිවහොත් හරි….

      මට හිතාගන්න බෑ…. මෙි තරමි සුන්දර පරිසරයක් මිනිස්සු මෙි විදිහට ජරා කරන්නේ කොහොමද කියලා…. ඇත්තමයි සත්තු ඉන්න තැන් පිරිසිදුයි එත් මිනිස්සු එ තැන්වලට ගියොත් එතනත් ඉවරයි…. මෙි තරමි විනාසයක් සමනළ අඩවියට සිදු වෙද්දි පරිසරවෙිදින් ඇස් කන් පියාගෙන ඉන්නවා , හැබැයි සිරිපා වාරේ අවසන් වෙලා ආවාරේ සිරිපා කරුණාකරන පිරිස දුටු සැණින් එ පරිසරවෙිදින් අවදිවෙනවා..  අවාරේ සිරිපා යනවාට බැන වදිනවා. ගිය වර දෙහෙනකන්දෙන් අවාරේ සිරිපා කරුණා කරන බව පැවසු පසු මටත් අයෙක් බැන වැදුණා පරිසරය විනාස කරන්නයි අවාරේ යන්නේ කියලා… මං අහනවා එ අයගෙන් අවාරේ විතරයිද සමනළ අඬවිය විනාස වෙන්නේ වාරේ එහෙම වෙන්නේ නැද්ද කියලා… මං දැක්ක දෙයක් තමයි වාරේ යන අයට වඩා අවාරේ යන අයයි වාරේ ගිය අයගේ කුණු පහලට අරන් ඇවිත් සිරිපා මාර්ග පිරිසිදු කරන්නේ… කලකිරිමක් පමණයි මිනිස් ක්‍රියාකාරකම් නිසා ඉතිරි වන්නේ….

අවසානයෙදි මම බුදුන් වදින අත් දෙක එකතුකරලා ඔයාලාගෙන් ඉල්ලන්නේ මෙි ලස්සන පරිසරය විනාස කරන්න එපා.. රැගෙන යන ඔයාලාගේ කුණු ටික නැවත ගෙදර අරන් යන්න තරමි කාරුණික වෙන්න….. ඉතාමත් සංවෙිදි පරිසර පද්දතියක් ඇති සමනොළ අඬවිය මතු පරපුරටත් පරිස්සමි කරලා දෙන එක අපේ වඟකිමක් බව සිතට ගන්න.. යන්න එ සුන්දර පරිසරය විදින්න…. එත් ඔබ රැගෙන යන සියළු දෑ නැවත රැගෙන යන්න….

( ගමන පුරාවටම මගේ ඦායාරුප මට අරන් දුන්න චානක මල්ලිටත් පැතුම් මල්ලිටත් බෙහෙවින් ස්තුතියි )

නිසංසලා රණසිංහ

Sign up for our newsletter