Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

සම පැහැ ගැන්වීම

සම පැහැ ගැන්වීම සඳහා අපේ රටේ භාවිත කරන  ඇතැම් ක්‍රීම් වර්ගවල එහෙම නැත්නම් [whitening Cream] 

දවසින් දෙකකින් ප්‍රතිඵල දෙන සුදු වෙන ක්‍රීම් කිව්වම ගැහැණු පිරිමි භේදයක් නැතුවම ඇබ්බැහි වීමක් වගේ දෙයක් වෙලා . ඉක්මනින් සුදු වෙනව කිව්වම කිසිම දෙයක්  හොයා බලන්නේ නැතිව විවිධ අහිතකර රසායන ද්‍රව්‍ය අඩංගු ආලේපන වර්ග(Bleaching Cream) භාවිතා කරනවා

ඇත්තටම මේ බ්ලීචින් ක්‍රීම් වලින් සුදු වෙනවද?

ඇත්තටම කිව්වොත් ඔබේ සම සුදු වෙනව තමයි ,ඒත් 

බ්ලීචින් ක්‍රීම් මගින් සිද්ධ වෙන්නේ සමේ තිබෙන ස්වාභාවික මෙලනින් පාලනය කරමින් පිළිස්සුම් ක්‍රියාවලියක් හරහා ඉතා කෙටි කාලයකින් සම සුදු පැහැයට හැරවීමයි.

ඒවගේම මේ පිළිබඳව කල පරීක්ෂණ වලින් පවා සොයාගෙන තිබෙනවා මෙම සුදු ගැන්වෙන ක්‍රීම් වර්ග වල සම්මත ප්‍රමාණයට වඩා පනස් එක්දහස් ගුණයක් පමණ රසදිය අඩංගු බව.

ඒවගේම බ්ලීචින් අඩංගු ක්‍රීම් වර්ග දිගු කාලයක් භාවිතා කර නතර කිරීමෙන් පසුව, ඔබේ සමේ තිබෙන පැහැය අඩුවී දුර්වර්ණ වී අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. 

ඒ විතරක් නෙමේ බ්ලීචින් ක්‍රීම්  වල අඩංගු අහිතකර රසායනික ද්‍රව්‍ය මගින්  ඔබට ලැබෙන භයානක ප්‍රතිපල ගැන ඔබ දැනුවත් නැතුව ඇති .

මේ වන විට  වෙළඳ පොලේ මෙවැනි ක්‍රීම් වර්ග රාශියක් තිබෙන අතර , බ්ලීචින් ක්‍රීම් වර්ග බොහොමයක ප්‍රධානවම අන්තර්ගත වන්නේ Hydroquinone, Mercury, Steroids සහ Hydroxy Acid යන ද්‍රව්‍ය වේ.

 මේවායින්

* Hydroquinone ඉතාමත්  කෙටි කාලයකින් මෙලනින් පාලනය කර සම සුදු කරයි. මේම  රසායනිකය ආලේපනයක අඩංගු විය යුත්තේ 2% නොවැඩි ප්‍රමාණයක් විය යුතුමයි .

අවධානම් සහිත පිළිකා කාරකයක් ලෙස හැදින්විය හැකි මෙය  අඩංගු ආලේපනයක්  දිගු කාලීනව භාවිතයෙන් 

සමේ තැනින් තැන පුල්ලි ආකාරයෙන් සුදු සහ කළු පැල්ලම් දැක ගත හැකියි. 

එමෙන්ම

*Mercury අඩංගු ආලේපන භාවිතයෙන් ඔබ නොදැනුවත්ව වකුගඩුවල ක්‍රියාකාරිත්වයට ඉතාමත් අහිතකර බලපෑම් එල්ල වන්නට පුළුවන්. 

*Steroids මගින් සම තුනී කරන අතර කෙටි කාලයකින්ම මුහුණේ නහර පෙනීමට පටන් ගනියි.

* Hydroxy Acid මගින් මැරුණු සෛල ඉවත් කිරීම සිදු වුනත් පසු කාලීනව සමේ  කොරල මෙන් පොතු ගැලවී යාම දකින්නට පුළුවන්.

සමේ ආලේප කරන ප්‍රමිතියෙන් තොර ක්‍රීම් සහ දියර වර්ග නිසා අසාත්මිකතා, දරුණු රෝගාබාධ මෙන් ම ජීවිත හානි පවා වාර්තා වී ඇත.

සම පැහැපත් කර ගැනීමේ හා සම සුදු වීම යනු කාරාණා දෙකක් වන අතර ඔබ කල යුත්තේ සම සුදු කර ගැනීම නොව ඔබට ලැබී ඇති සමේ ස්වභාවික  පැහැය ඔපනන්වා ගැනීමයි.මේ සදහා ඔබේ සමෙහි ස්වභාවය හදුනාගෙන ඒසදහා සුදුසු ආලේපනයක් තෝරා ගැනීමයි.මේ සදහා ඔබට සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙකුගෙන් උපදෙස් ලබාගන්නත් පුළුවන් .

ඒවගේම ඔබ මොනයම් හෝ ආලේපනයක් තෝරා ගැනීමේදී ඒවායේ ප්‍රමිතිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි .

එසේම 

නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය, අඩංගු රසායනික ද්‍රව්‍ය සහ භාවිතයට උපදෙස් ලේබලයේ අඩංගු වී ඇත්දැයි පරික්ෂා කර බැලීම ඉතාමත්  වැදගත් .

මෙම සම සුදු ගැන්වෙන ක්‍රීම් බොහොමයක් නිෂ්පාදිත දිනයක් ,කල් ඉකුත් වීමේ දිනයක් ,නිෂ්පාදිත ආයතනයක් සදහන් නොකරයි,එසේම Home made ක්‍රීම් විශාල වශයෙන් අලවි වන්නේ අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය හරහායි,

දවසකින් දෙකකින් සුදු වෙන්න ගිහින් ඔබ විසින් ඔබේ ජීවිතයට අහිතකර දේවල් වලට මුදල් නාස්ති කර විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වෙනවාට වඩා ස්වභාවික අමුද්‍රව්‍ය අඩංගු හිතකර නිෂ්පාදනන් භාවිත කරන්නේනම්  සුදුසුයි මෙන්ම අවසානයේ ඔබ නොදැනුවත්වම පිළිකා රෝගියෙකු නොවී ඉන්නත් පුළුවන් .

නිශා

Sign up for our newsletter