Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

සාලිස් වසරක සාඩම්බර අභිමානයයෙන්

මහා බ්‍රිතාන්‍ය සිසාරා නොයෙක් පෙදෙස් වල විසූ ආදි ආනන්දීයන් එක රොදකට එක් කරමින්  1982 වස⁣රේදී ලන්ඩන් නුවරදී “එක්සත් රාජධානියේ ආදි ආනන්දීය ශිෂ්‍ය සංගමය”පිහිටුවා ගන්නා ලදි. තමන් ශිල්පීය ඥානය ලද අනඳ මැණියන් ඉහලින් ඔසවා තබමින් අවශ්‍ය මොහොතක ඇයට සවියක් වන්නට මෙන්ම තමන් අනඳ බිමෙන් ලත් දෙයට වැඩි යමක් අනඳ බිමට පාතබන අළුත් පරම්පරාව වෙනුවෙන් ලබා දීම මුලික අරමුණ කරගෙන මෙම සංවිධානය පිහිටුවා ගන්නා ලදී. එසේම එක්සත් රාජධානිය තුල වෙසෙන ආදි ආනන්දීයන්ගේ සහෝදරත්වයේ බැදීම වැඩි කිරීම මෙන්ම ඔවුන්ගේ ශුභ සාධනයද අපට අනන්‍යවු අපේ දේ මහා බ්‍රිතාන්‍ය තුල රැකගැනීමද

මෙහි තවත් අරමුණක් විය.

කේ.ජි.ආර්.ඩබ්ලියු ධර්මවර්ධන සහ වෛද්‍ය ජීවා සිරිවර්ධන දෙපල මුලාරම්භක සභාපතිවරැන් වු මෙම සංගමය අද වන විට සභාපතිවරැන් තිස්තුන්දෙදෙනෙකු යටතේ කල කාර්යයන් බොහෝය.මෙහි වත්මන් සභාපතිවරයා වන්නේ දිමුත් ජයවීර මහතායි. එදා මෙදාතුර ආනන්දය වෙනුවෙන් මෙන්ම මව්බිමට උදව් අවැසි හැම මොහොතකම ඒ වෙනුවෙන්ද එක්සත් රාජධානියේ ආදි ආනන්දීය ශිෂ්‍ය සංගමය පෙරට පැමිණ තිබේ. එසේම මහා බ්‍රිතාන්‍යය තුල ආගමික සංස්කෘතික හා සාමාජීය වශයෙන් අපගේ අනන්‍යතාව පෙරට ගෙන එමින් පවත්වන්නට යෙදුණු නොයෙක් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරව ආදරයට පත්ව තිබේ.

1988 වසර ආදි ආනන්දීයන්ට සුවිශේෂ වසරක් විය. වෛද්‍ය නාරද විජේතිලකයන්ගේ මුලිකත්වයෙන් පටන් ගන්නා ලද සිංහල අවුරුදු උත්සවය ඉන් පලමුවැන්නයි. එය එක්සත් රාජධානිය තුල එදා මෙදා තුර නොකඩවා පැවත්වෙන පැරණිතම අවුරුදු උත්සවය ලෙස සැලකේ.ආනන්දීයන්ටම සීමා නොවී බ්‍රිතාන්‍යයේ තුල වෙසෙන සියලු ලාංකිකයන්ටම තම පැරනි මතකයන් අවධි කිරීමට එය ඉටු කර ඇත්තේ ඉතා මහගු කාර්යයකි. විටෙක සහෝදර පාසල්ද සම්බන්ධ කරගනිමින් ඔවුන්ටද මග පෙන්වීමට සමත්වීම අගය කල යුත්තකි.

දෙවැන්න වන්නේ ජි.සි.පෙරේරා මහතාගේ මුලිකත්වයෙන් සහෝදර රාජකීය , ශාන්ත තෝමස්,ශාන්ත පීතර , ශාන්ත අන්තෝනි ,ත්‍රිත්ව ආදි ශිෂ්‍ය සංගම් එකතු කරගනිමින් පිහිටුවා ගන්නා ලද ක්‍රිකට් සැණකෙළියයි.Festival Of Cricket (FOC) අදටද ශ්‍රී ලාංකිකයන් වැඩිම ප්‍රමාණයක් එකට එක්රොක් වන උත්සවය බවට පත්ව තිබේ. අද වනවිට මෙම මහා පාසල් ක්‍රිකට් ක්‍රිඩා සැණකෙළියට පාසල් ආදි ශිෂ්‍ය සංගම් 33ක් පමණ එකතුවී සිටින අතර මෑතක සිට කාන්තා පාසල් සදහාද  ක්‍රිකටි තරගාවලියක්ද පවත්වන්නට කටයුතු යොදා තිබේ.සැණෙකලියෙන් ලැබෙන ආදායම පාසල් ආදි ශිෂ්‍ය සංගම් අතරේ මෙන්ම මහරගම පිලිකා රෝහල වැනි පුණ්‍ය ආයතන වෙතද ලබා දෙමින් තිබේ.

එසේම ආදී ආනන්දීය ශිෂ්‍ය සංගමය එංගලන්තයේ වෙසෙන ශ්‍රි ලාංකිකයන්ගේ කළා රසාස්වාදනය සදහා ලාංකික කළාකරැවන් සංගීතවේදීන් මහා බ්‍රිතාන්‍යයට ගෙන්වා ප්‍රමිතියකින් යුක්තව ඒවා සංවිධානය කිරීම පසුගිය කාලය පුරාවට සිදුකොට තිබේ.

එක්සත් රාජධානීය ආදි ආනන්දීය ශිෂ්‍ය සංගමයේ වසරේ දින පොතේ ප්‍රධානතම අංගය වන්නේ ඕල්කට්තුමා ප්‍රධාන ආදී කතෘවරුන් සිහිකිරීම උදෙසා සිදුකරනු ලබන දානමය පිංකමයි. එය සෑම වසරේම ලංඩන් බෞද්ධ විහාරස්ථානයේදි නාහිමියන්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ ආශිර්වාදය සමගින් සිදුකරනු ලබයි. එසේම විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමාව රන් ආලේපනය කිරීමේ අරමුදලට මෙන්ම මෑතකදී සම්පුර්ණ කල විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ අරමුදල වෙනුවෙන්ද ආනන්දීයන් සැලකියයුතු ආධාරයන් ලබාදී තිබේ.

මෙම සංගමයේ දායකත්ව දශක හතරකට ආසන්න කාලායක් පුරාවට පාසල් මෑණියන්ට පමණක් නොව ශ්‍රී ලංකා මැණියන් වෙතද අවැසි මොහොතේදී  ලබා දී තිබේ. යුද්ධය පැවැති කාලයේදී ආභාධිත රණවිරුවන් වෙනුවෙන් ඇරබී “අප වෙනුවෙන් අප” අරමුදල වෙනුවෙන්ද සුනාමි ව්‍යසනයේදී මෙන්ම  කොවිඩ් 19 ජනාධිපති අරමුදල වෙනුවෙන් විශාල මුදල් ආධාරයන් ලබාදී තිබේ. එසේම  හෝමාගම කොවිඩ් රෝහල වෙනුවෙන් විශාල පිරිවැයක් දරා එයට අවශ්‍ය  Mindray uMEC 10 HDU monitors යන්ත්‍ර  3ක් ලබාදීමටද කරාපිටිය රෝහල සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ මෙන්ම අත්‍යවශ්‍ය බෙහෙත් ලබාදීමටද කටයුතු කරනලදී.

මේ සෑම කටයුත්තකදීම ආදි ශිෂ්‍ය සංගමයත් ආදි ආනන්දීයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන් මෙන්ම හිතවතුන්ගෙන්ද විශාල සහයෝගයක් ලැබී තිබේ. ආනන්දය යනු තවත් එක පාසලක් පමණක් නොවනවා සේම එක්සත් රාජධානියේ ආනන්ද ආදි ශිෂ්‍ය සංගමයද තවද එක් සංගමයක් පමණක් නොවන බව පෙනීයයි. උගත් පාසලට පමණක් නොව උපන් දේශයටද ණයනැති තම පාසලේ  මෙන්ම තම රටේ උන්නතිය සදහාද දශක හතරක්  තිස්සේ ඉතා සක්‍රීයව පවතින සංගමයකි මෙය. මෙම සියලු සත්ක්‍රියාවන් ආනන්දයටත්, රටදැයටත් තව චිරාත් කාලයක් කිරීමට හැකිවේවා යනු සැමගේ පැතුමයි.

Sign up for our newsletter