Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

හමුනොවුන අපි

වෙන් වෙන්න හැදුවත් 

මෙතෙක් වෙන් නොවුණු, 

හමුවෙන්න වත් 

වරම් නොතිබුණු,

ගෙවුණු වසරේ කොයිතරම් 

දේවල් දරා ගත්ත ද

හමුවෙලා දවසක 

හැමදේම කියන්න …

ප්‍රාර්ථනාවක් කරගන 

දුක සැප එකට බෙදාගන

එන වසරේවත් සෙනෙහසින් 

දෙදෙනා එකට රැදෙන්න …

මේ නත්තල ගෙවී ගියත් 

පාළුවෙන් මේ විදිහට 

හිත හදාගන්නම් මාත් 

නුඹේ සෙනෙහස පපුව ගැබුරුම 

තැනක නිදන් කර …

කවදාවත්ම වෙන් නොවෙන ලෙස 

අහබුවක් ලෙසින් හමුවුණු 

අපේ හිත්,

දෙවියන්ගේ ඉදිරියේ පහනක්

දල්වා පතන්නම් අපේ පෙමට

කිසිම දා වරදක් 

නොවෙන්න මගේ රත්තරන් …

ගගන ගුරුගේ

Sign up for our newsletter