Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

හිත ලෙඩ වුණොත්…

පසුගිය කොවිඩ් කාලවකවානුව සේම නැවතත් අප ඊටත් වඩා ඉතාම බැරෑරුම් හා දුෂ්කර කාල පරිච්ඡේදයකට අවතීර්ණ වී ඇති බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. රට දේශපාලනික, ආර්ථික හා සාමාජීය වශයෙන් අස්ථාවර වූ මේ අවස්තාවේ බඩු මිළ ඉහළ යන්නේ එක රැයින්. ඉන්ධන මිළ, කිරිපිටි , සබන් ඇතුළු අවශ්‍ය කරන සෑම භාණ්ඩයකම මිළ මෙසේ ඉහළ යද්දී එය අපට දැරිය නොහැකි මට්ටමකට පැමිණ තිබෙනවා. 

      මේ ගැටළු හමුවේ පිළිතුරු නැති වන විට අප මානසිකව ඇද වැටෙන්නේ නොදැනුවත්වම යි. මානසික බිඳ වැටිම කායික රෝග වලට ද බලපානු ලබනවා. සෞඛ්‍යය ක්ෂේත්‍රයේ මේ වන විට ඇති වී තිබෙන සම්පත් හිඟ කම හා ඖෂධ හිඟකමත් නිසා බොහෝ රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධ ඉල්ලමින් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ඉල්ලීම් ද අප දැක නැතුවා නොවේ.

   එසේ නම් මේ ගැටළු වලට යම් තාක්

හෝ සහනයක් එසේත් නැත්තම් විසඳුමක් තිබේ ද?

   විසඳුමක් පේන තෙක් මානයක නොතිබුණත් අප අඩුම තරමේ මානසික මට්ටම යහපත් අයුරින් පවත්වාගෙන හෝ ශක්තිමත්ව මෙයට මුහුණ දිය යුතු යි.

එසේනම් ඒ සඳහා කළ යුත්තේ මොනවාද ?

  ඔව් ! මේ ඉතාම පීඩාකාරී අවස්තාවක් අපි සියලු දෙනාටම. රටේ එක් එක් තැන් වල සිදුවන සිදුවීම් වගේම පුද්ගලිකව තමන් අත්විඳින ඉහත මා සඳහන් කළ ආකාරයේ ගැටළුන් හමුවේ අපි අසරණයි. 

      එසේනම් මේ අසීරු අවස්තාවේ අප අනිවාර්යයෙන් ම අපගේ මානසික සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා හැකි සෑම අයුරකින්ම ක්‍රියා කළ යුතුය. 

1. දරුවන්, නිවැසියන් හා එක්ව එකට එක කෑම වේලක් හෝ ලබා ගැනීම, එක් එක් අයට ඇති ගැටළු සාකච්ඡ කිරීම, විසඳුමක් සෙවීම හෝ ඒ සඳහා මාර්ගයක් සෙවීම.

2. නිතර පීඩාකාරී පුවත් ලැබෙන මාධ්‍ය වලින් දවසේ පැය කිහිපයක් හෝ ඇත්ව සිටීම.

3. පාන්දර හෝ හවසක මදක් එළි පහළියට බැස පිරිසිදු වාතාශ්‍රය ලබා ගැනීම.

4. අත්‍යාවශ්‍ය වියදම් ලැයිස්තු ගත කොට ඒ සඳහා සැලසුමක් සකස් කර ගැනීම.

5. තමන් අදහන ආගමකට අනුව ආගමික කටයුතු වල යෙදීම.

6. ජලය හොඳින් පානය කිරීම.

7. තමන්ගේ ගැටළු පිළිබඳව සමීපතමයෙකු සමග සාකච්ඡා කිරීම.

8. හොඳ සවන්දෙන්නෙකු ලෙස සමීපතමයන් සමග කටයුතු කිරීම.

9. තිබෙන දේ අරපිරිමැස්මෙන් භාවිතා කිරීම.

10. බෝවන ලෙඩ රෝග සෑදීමට ඇති ඉඩ කඩ අවම වන ලෙස ක්‍රියාකිරීම.

වැනි කරුණු අපගේ මානසික සෞඛ්‍යය පවත්වාගැනීම සඳහා සෘජුවම හෝ වක්‍රාකාරයෙන් බලපානු ලබන බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් ය.

    ඔබට වැදගත් වන මෙම කරුණු ඔබගේ සමීපතමයන් අතර ද බෙදා ගැනීමෙන් යහපත් මානසික සෞඛ්‍යයයක් පවත්වාගැනීමේ වගකීමට ඔබට ද දායක විය හැකි නම් එය මහගු උපකාරයක් වනු නොඅනුමානය. 

©️දිගැZ✍️

(දිගැසි පබසරා අමරසිංහ )

Sign up for our newsletter