අතරමන් වූ මුව පැටියා.
ඔන්න දරුවනේ අද කතාව මුව පැටියෙක් ගැනයි.
මුව පැටිය යි, අම්මයි, තාත්තයි රසම රස දළු කොළ කඩන් කෑවා. හොදටම බඩ පිරුනා. කෑම කාලා ඉවරයි. දැන් ඉතින් ටිකක් සෙල්ලම් කරන්න තිබුණා නම් හොඳයි. මුව පැටියා හිතුවා.
“මම ටිකක් සෙල්ලම් කරන්න යන්නම්”
කියලා අම්මගෙන් ඇහුවා. හා යන්න වැඩි ඈතකට යන්න එපා. කියලා අම්මා කිව්වා.
මුව පැටියා දුව පනිමින් සෙල්ලම් කලා.
මුව පැටියා දැක්ක ලස්සන සමනලයෙක් පියඹා යනවා. ඉතින් මුව පැටියා සමනලයා යන දිහාට දුවමින් ගියා.මුව පැටියා ටත් නොදැනීම ටික ටික ඈතට ගියා.
සමනළයා ඈතට පියාඹා ගියා.
මුව පැටියා ට සමනලයා ව හොයාගන්න බැරි වුණා. හැමතැනම හෙව්වා ඒත් නැහැ. ටිකක් වටපිටාව බලද්දී තමයි මුව පැටියා දැක්කේ අම්මවත් තාත්තාවත් පේන්න නෑ කියලා. මුව පැටියා ගොඩක් කැලෑව තුළට ඇවිදගෙන ඇවිත් තියෙනවා කියලා.
දැන් නම් මුව පැටියා හොඳටම බය වුණා. පැටියට මතක් වුණා අම්මා ඈතට යන්න එපා කිව්වා කියලා.
“අනේ අම්මා ඔයා කොහෙද” මුව පැටියා දුකෙන් වගේම බයෙන් එහෙට මෙහෙට ඇවිද්ද.
ටික වෙලාවක් යද්දි ගස් වැල් අතරින් පෙනෙන රුව හඳුනා ගැනීමට මුව පැටියාට වැඩි වෙලාවක් ගියේ නෑ.
“අම්මා” කියලා කෑගහලා සතුටු කඳුළු ඇස් වල පුරෝගෙන දුවගෙන ගිහින් අම්මට තුරුල් වුණා.
අනේ අම්මා මාව අතරමන් වුණා. ලස්සන සමනලයාව මඟ හැරුණා. මුව පැටියා දුකෙන් කිව්වා.
පැටියො අපි එළියේ ඉන්න වෙලාවට හොඳ සිහියෙන් යුතුව ඉන්න ඕන. අම්මා තාත්තා නැතුව තනියම දන්නේ නැති පැති වලට යන්න හොඳ නැහැ. ඒ නිසා හොඳ සිහියෙන් හා නුවණින් යුතුව කටයුතු කරන්න ඕන කියලා මුව පැටියා ට අම්මා උපදෙස් දුන්නා.
පුංචි දුවලා පුතාලා ත් හොඳ සිහියෙන් හා නුවණින් යුතුව වැඩ කටයුතු කරන්න. අම්මා තාත්තා වැඩිහිටියන් නැතුව කොහේවත් නොදන්නා තැන් වලට යන්න එපා හොඳද. ඉතින්
අලුත් කතාවක් එක්ක නැවත හමුවෙන තුරු සතුටින් ඉන්න.
තිලෝ ප්‍රනාන්දු.