Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Talents


මගේ නම ධම්මික තරංග ජයවර්ධන

මගේ වයස අවුරුදු 34….මම විවාහකයි .. දරුවන් දෙදෙනකුගේ පියෙක්….මම උසස් පෙල දක්වා අධ්‍යාපනය හැදෑරූ අයෙක්…මගේ පාසල යටගල  මහා විදුහල…උපන් ගම ඇල්පිටිය ඌරගස්මංහන්දිය…

දැනට පදිංචිය කොලඹ කිරුලපන ප්‍රදේශයේ …..විශේෂයෙන්ම කුඩා කල සිට චිත්‍ර ඇදීමේ හැකියාවක් තිබුනත් මා ප්‍රිය කලේ සංගීතයටයි…ඉතින් මම ඩ්‍රම්ස් වාදනයට ප්‍රිය කල  නිසා පාසල් අවදියේදීම සංගීත කන්ඩායම් වලට සම්බන්ධ වී ඩ්‍රම්ස් වාදනයෙන් උපරිම දක්ශතා දැක්වූවා….කාලයත් සමග සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියට යාමේ හීනය  බොද වී ගියේ යම් ආර්ථික අපහසුතා ඇතිවීම නිසා….කාලයත් සමග මා හට පැන්සල් සිතුවම් පිලිබදව උනන්දුවක් ඇතිවීම නිසා ටිකෙන් ටික මා සිතුවම් කලාවට යොමු වුනා….

ලංකාවේ දක්ශ සිත්තරුන්ගෙන් උපදෙස් ලබා ගැනීම තුලින් තවත් හැකියාව වර්ධනය කර ගන්නට හැකි වුනා….බොහෝ විට නිර්මාන සදහා ඉවසීම අත්‍යවශ්‍ය කරුනක් බව කාලයත් සමග මට වැටහුනා….මම විවේක වෙලාවේදී නිරතුරුවම සිතුවම් කරනයේ යෙදුනා….මා කැමති ජනප්‍රිය කලාකරුවනගේ සිතුවම් මා නිර්මානය කලා…(විශේෂයෙන් චාමර වීරසිංහ ,ජය ශ්‍රී )   ….ඉදිරියටත් මගේ තවත් නිර්මාන බිහිවේවි…තවමත් මා කලාව පිලිබදව ඉගෙන ගනිමින් සිටින අයෙක්….මට වඩා විශිෂ්ට දක්ශයින් ලංකාවෙ ඉන්නවා…

ඕනෑම කෙනෙකුට උනන්දුව කැපවීම තිබේනම් ගමනක් යන්න පුළුවන් ……සමහර නිර්මාන කරද්දී ඒවා අසාර්ථක වෙන අවස්තා මට ගොඩක් තිබුනා…කෙනෙක්ගේ සිතුවමක් ඇදල දීල ඒ කෙනාගෙ මූනට හිනාවක් දෙන්න පුළුවන් වීම තරම් සතුටක් මට තවත් නෑ..සිතුවම් සදහා මම graphite සහ charcoal යන පැන්සල් වර්ග දෙකම භාවිතා කරනවා….ඉදිරියේදී පාට පැන්සල් සිතුවම් කරනයටත් ,,acrilyic ආශ්‍රිත නිර්මානකරනයට යොමු වීමටත් බලාපොරොත්තු වෙනවා…විශේෂයෙන්ම “”අපි “”සගරාවට මා ස්තූතිවන්ත වෙනවා මා පිලිබදව සටහන් කිරීම සම්බන්ධයෙන් …

තෙරුවන් සරනයි …

Sign up for our newsletter