නුඹව දැකගන්නට
නුඹ සතුටින් දැයි අහන්නට
නැහීගෙන දොඩමළු වූ කාලයේ මෙන්
හිඳ සුපුරුදු විලසට
සිහිකරමින් අප පෙර සොඳුරු මතකයන්
තනිවෙන්න නිමේෂයකට
අපිට අපි අහිමි වූ තැන හිද
ආසයි එකම එක වරක්වත් තව
දැකගන්න ඔය ඇස් දෙක
පෙර ලෙසට කතාවක් නැතුවම
බලා සිටින්නට නුඹේ රැව දෙස
ඒ මෘදු හැගුම් ළඟ නවතින්න වරම් නැති තැන
වෙන් උනත් අපි කලකට පෙර
ගෙව්නේ කාලය පමණක් මිසක
මා හදවතේ හැගුම් නොවන බව
අවැසිය නුඹට කියන්නට
සැබවින්ම
නුඹේ සුසුම් ළඟ දැවටෙමින් මට
නිශා