නුඹේ කටහඬ ඇසුනු දිනයක් ඇත්තේ මීට බොහෝ කලකට පෙරය
අහම්බෙන්වත් නුඹ දකිනු කැමැත්තෙන් මා නුඹව සොයනවිට
නුඹ යාන්තම් හෝ දැකීම මාගේ හුස්මත් නතර වන හැගීමකි,
එය සතුටක්ද,රිදුමක්ද,යන්න වෙන්ව හදුනාගැනීමට මා නොදනිමි .
තවත් නුඹේ පපුව තුළ මට ඉඩක් නොමැති බැව් හොඳාකාරවම මා දනිමි.
එහෙයින් නුඹව සැබවින්ම දැකීමට සිතුණු හිත නවතා දැමුවේ ආයාසයෙනි.
අප එකට ආ මාවතේ හැරවුම මීට බොහෝ කලකට පෙර අපට හමු වුණි.
එය මා ජිවිතයම එක තැනක නතර වන හැරවුමක් යැයි නුඹ සිතන්නට ඇතිදැයි මා නොදනිමි .
මාවත් දෙකක ගියද මා තවමත් ගමන් කරන්නේ නුඹේ මතකයන් වලට සමාන්තරවමය.
මන් නුඹව දකිමි,
නුඹව දරාගමි,
මා දෙනෙත් වසාගන්නා සෑම මොහොතකම නුඹ නිදන්නේ මාගේ පපුව මතය.
මට තවමත් නුඹේ සුසුම් දැනේ.
මා මියයන දිනයක් වනතුරු මේ සියල්ල මට හිමිය,
මා දෑස් ඉදිරියේ ඔබේ ජීවිතයේ ලස්සන සියල්ල සිදු වනු ඇත.
එය දැකීමට ,ආශිර්වාද කිරීමට හදවතේ කිසිදු කිලිටක් නැතිවම මට කළ හැකිය .
එය නුඹ විශ්වාසකළ යුතු සත්‍යකි.
බලා හිඳීමත් යම් විදිහේ ආදරයක් හා සැනසීමක් දනවන දෙයක් යැයි මට සිතේ
මා එසේ කරමි..
නුඹ සමග තනාගත් ඒ ආදරෙයේ කැදැල්ල තුළ මා ජීවත් වෙමි,
සිනාසෙමි…හඬමි…
දැවෙමි….නිවෙමි….
නුඹ පපුවේ දරාගෙන දිනෙක සැනසිල්ලේ මියයමි.
එදිනටත් මන් නුඹට ආදරේ කරමි.
නිශූ