24-06-03

මුළු ලෝකයම බලාගෙන ඉන්න බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය.

ලෝකයේ ප්‍රබලතම රටවල් පහ අතර ඉන්න ඒ වගේම ලෝක බලවතුන් පස්දෙනා අතරින් කෙනෙකු වන බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කරලා තියනවා. 2024 වසර පුරාවටම ලෝකය පුරාම ප්‍රබල රටවල් රැසක තීරණාත්මක මහ මැතිවරණ හා ජනාධිපතිවරණ කිහිපයක්ම පැවැත්වෙන අතරේ ඒ අතරින් එක තීරණාත්මක මැතිවරණයක් තමයි බ්‍රිතාන්‍යය මහ මැතිවරණය.

පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් පවතින බ්‍රිතාන්‍යය වගේ රටක රාජ්‍ය නායකයා විදියට රජතුමා කටයුතු කලත් ප්‍රායෝගිකව සියළු බලතල හිමිවෙන්නේ අග්‍රාමාත්‍යවරයාට. ඒ නිසා ලෝකයේ සිදුවන ඕනෑම ආකාරයේ ගැටළුවකදි හෝ ලෝකයටම බලපාන තීරණයකදී බ්‍රිතාන්‍යයත් එම අවස්ථාවේ ඉතා තීරණාත්මක කාර්‍ය්භාරයක් ඉටු කරන නිසා බ්‍රිතාන්‍යයේ පාලකයා විදියට පත් වෙන්නේ කවුද කියන එක එක්සත් රාජධානියට වගේම ලෝකයේ හැම රටකටම වගේ එක ලෙස වැදගත් වෙනවා.

මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තියෙන්නේ ජූලි 4 වෙනිදා. ඒ කියන්නේ ඔබ ඊළඟ ‘ අපි Magazine’ කලාපය කියවන කොට බ්‍රිතාන්‍යයේ තියෙන්නේ අළුත් රජයක්. ලෝකයේ ප්‍රධාන පෙලේ රටවල් කිහිපයක මේ වසරේ මෙතෙක් පැවති මැතිවරණ වලදී ගොඩක් වෙලාවට තිබුණු පාලනය පෙරලිලා නව පාළනයක් බිහි උනා. එහෙමත් නැත්තම් තියන පාලනයට ඡන්ද ප්‍රතිඵල ප්‍රබල පණිවිඩයක් ගෙන ගියා. හොඳම උදාහරණය උනේ පසුගියදා අවසන් උනු ඉන්දියානු මහ මැතිවරණයේ ප්‍රථිපල අනුව හිටපු අග්‍රාමාත්‍ය මෝදි ම නැවත බලයට පත් උනත් ඔහුට ලබාගන්න පුළුවන් උනේ සුළු බහුතරයක් විතරයි. ඔහු බලාපොරොත්තු උන ජයග්‍රහණය අහලකටවත් එන්න මෝදිට පුළුවන් උනේ නෑ.

ඒ වගේම බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණයේදීත් බල පෙරලියක් වෙයි කියලා ගොඩක් දේශපාලන විචාරකයන් මත පලකරනවා. ඒ කියන්නේ පවතින කොන්සර්වේටිව් පාලනය පෙරලලා කම්කරු පක්ෂය බලයට පත්වෙයි කියලා තමයි බලාපොරොත්තුව තියෙන්නේ. මේ වන විට කොන්සර්වේටිව් පක්ෂය අග්‍රාමාත්‍යවරුන් පස් දෙනෙකු යටතේ අඛණ්ඩව වසර 14 ක් එක්සති රාජධානිය පාලනය කරලා තියනවා. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත්, කොරෝනා වසංගතයත් මෙන්ම රුසියානු යුක්රේන යුද්ධයත් එක පිට එක සිදු උන නිසා කොන්සර්වේටිව් රජයට අභියෝග රැසකට මුහුණ දෙන්න සිදු උනා.

පසුගිය වසර කිහිපය තුල බ්‍රිතාන්‍යයේ ආර්ථිකය කඩාගෙන වැටිලා ආර්ථික අවපාතයකට පවා රට මුහුණ දෙද්දි මෙරට ජනතාවට පවතින පාළණය ගැන සෑහෙන්න දුරට කලකිරීමක් ආවා. ඒ වගේම තමයි විශාල ප්‍රමාණයන්ගෙන් මෙරටට පැමිණි සංක්‍රමණත් මෙරට ජනතාවට පවතින පාලනය ගැන වන අකමැත්ත වැඩෙන්න හේතුවක් උනා. ඒ නිසාම පසුගිය මාසයේ පැවති බ්‍රිතාන්‍යයේ පලාත් පාළන මැතිවරණයේදීත් බ්‍රිතාන්‍යය ජනතාව කොන්සර්වේටිව් පක්ෂයට එරෙහිව ඡන්දය පාවිච්චි කරා.

බ්‍රිතාන්‍යයේ ජීවත්‍ වන ශ්‍රි ලාංකිකයන් විදියට අපිටත් මෙවර මහ මැතිවරණයේදී ඡන්දය භාවිතා කරන්න පුළුවන්. සංචාරක වීසා මත හැරෙන්න වෙනත් ඕනෑම දිගුකාලීන වීසා එකක් මත බ්‍රිතාන්‍යයේ ජීවති වන ලංකාවේ පුද්ගලයන්ට ඡන්දය සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්. මෙවර මහ මැතිවරණය සඳහා ලියාපදිංචි වෙන්න තියන අවසාන දිනය ජුනි 18. ඒ නිසා මෙතෙක් ඡන්දය භාවිතා කිරීම සඳහා ලියාපදිංචි නොවුනු සියළුම දෙනා හැකි ඉක්මනින් ඒ සඳහා වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වෙන්න.

ඒ වගේම මේ වෙනකොට මැතිවරණ ව්‍යාපාරය ආරම්භ වෙලා තියනවා. රැස්වීම්, වාද විවාද සහ රූපවාහිනී වැඩසටහන් වගේ දේවල් හරහා ප්‍රධාන පක්ෂ දෙක ඇතුළු අනෙකුත් සියළුම පක්ෂ තමන්ගේ ප්‍රතිපත්ති හා වැඩසටහන් අපිට ඉදිරිපත් කරනවා. ඡන්දය භාවිතා කරන්න ඉන්න පුද්ගලයන් විදියට ඒ ගැනත් අවධානය යොමු කරන්න. ලංකාවේදි වගේ නෙමෙයි බ්‍රිතාන්‍යයේදී පක්ෂ විසින් ඉදිරිපත් කරන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉටු කිරීම සඳහා පක්ෂ සියල්ලම වගකීමට බැඳී සිටිනවා. ඒ නිසා ඒ ගැන අවබෝධයෙන් ඉන්න එක ඡන්දදායකයන් විදියට හැමෝටම හරිම වැදගත් වේවි.

තිලාන් ජයසේකර 

24-05-09

අඳුරු දිවිය සසොඳුරු සෙස සිත්තම් සෙරූ වින්සන්් වැන් ස ෝ

“හදවතත් මුහුද වැනිය.කුණොටු ඇත.රැළි ඇත .නමුත් එහි ැඹුසේම මුතු ඇත.”

-වින්සන්් වැන් ස ෝ-

ඔබ චිත්‍ර කලාව පිළිබඳ සුවිශ ේෂී ඇල්මක් දක්වන්ශන් නම් වැන් ශ ෝ විසින් සිත්තම් කල ‘ Starry Night ‘ශෙවත්

‘තාරකා රාත්‍රිය’ සිතුවම ඔශේ ශනත් සිත් පැෙැර ශ න ඇති බව ශනාරෙසක් .තරු පිරුණු රාත්‍රී අෙශසේ අරුමැසිය

නිල් කෙ පැෙැති වර්ණවලින් ො අපූරු ෙැඩතල මගින් ශ න ෙැර පෑ ‘ තාරකා රාත්‍රිය ‘සිතුවම අපව ඉන්රජාලික

ශලෝකයක අතරමං කිරීමට සමත් ය.නමුත් එම ඉන්රජාලික සිත් තරාශේ දිවිය ඔහුශේ සිතුවම් ශමන් වර්ණවත්

ශෙෝ සුන්දර ශනාවී ය. මරණින් පසු අමරණීය වූ ශමම අනර්ඝ සිත්තරාශේ ජීවන අන්දරය ශේදනීය ය.

වින්සන්් වැන් ශ ෝ 1953 මාර්තු මස 30 වන දින ශනදර්ලන්තශේ උපත ලැබීය.ඔහුශේ පියා ක්‍රිසේතියානි වූ

අතර ඔහුට තිශයෝ නම් බාල සශෙෝදරශයක් විය.

වැන් ශ ෝ තම කලා දිවිය තුළ ශතල් සායම් සිතුවම් 860කුත් ඇතුළු ව කලා නිර්මාණ 2100 කට පමණ ජීවය

ලබා දුන් අනර්ඝ සිත්තශරකි.ඔහු ප ේචාත් උපසේිතිවාදී චිත්‍ර ශිල්පශේ පුශරෝ ාමියකු ශලස සැලශක්.ඔහුශේ

සිතුවම් අතරට භූ දර් න ො ආශල්ඛය සිතුවම් ඇතුළත් ශේ. නමුත් ශමම සුදක්ෂයා වයස අවුරුදු 37 දී සියදිවි

නසා ැනීශමන් මරණයට පත්වීම ශේදයකි.

වැන් ශ ෝ චිත්‍ර කලාව සේවයං අධ්‍යයනශයන් පුරුදු පුහුණු වූ අශයකි. එශමන්ම තම ජීවන මන පුරාවටම දුක්

කරදර වලින් බැට කෑ අශයකි.

වැන් ශ ා 1876 වසශර්දී වරප්‍රසාද අඩු පාසලක ගුරුවරයකු ශලස ශසේවය කශළේය.දුප්පතුන් පිළිබඳ සංශේදී වූ

වෑන් ශ ෝ පසුව ශේව ැතිවරශයකු ශලස අසරණයන්ට උපකාරය කිරීමට කටයුතු කශළේය.නමුත් ශේව ධ්‍ර්මය

පිළිබඳ දැනුම මදිකම බව නිසා ඔහුට දි ටම ශසේවය කිරීමට ශනාෙැකි විය.

වැන් ශ ෝශ කලා ජීවිතය ශදස බැලීශම්දී ඔහුශේ මුල් කාලීන කලා නිර්මාණ ප්‍රතික්ශෂේප වීම ඔහුශේ මානසික

ශසෞඛය ශකශරහි දැඩි බලපෑමක් ඇති කිරීමට විය.ඔහු දැඩි මූලය දුෂේකරතාවලින් පිරුණු ජීවිතයක් ත කළ අතර

ශබාශෙෝවිට සිය සශෙෝදරයා වන තිශයෝශ න් මූලය ආධ්‍ාර ලබා ැනීමට වෑන් ශ ෝට සිදු විය.දක්ෂතාවය ො

කැපවීම ශකතරම් තිබුණද ඔහුට ජීවිත කාලය තුළ විකුණා ැනීමට ෙැකි වූශේ සිතුවම් එකක් ශෙෝ ශදකක් පමණ

ප්‍රමාණයක් බව කියශේ.ඒ සිතුවම වන්ශන Red wine සිතුවමයි.

එශමන්ම ඔහුශේ ආදර ජීවිතයද අවුල් වියවුල් පිරි එකක් විය.

ඔහු පළමුව ආදරය කර උර්සුරා නම් කාන්තාව වැන් ශ ෝව ප්‍රතික්ශෂේප කළ අතර පසුව ඔහු ආදරය කල ඔහුශේ

ඥාති සශෙෝදරියශ න් ද ප්‍රතික්ශෂේප විය.ශමම ප්‍රතික්ශෂේප වීම් නිසා ඔහු ශබාශෙෝ සිත් තැවුලට පත් විය. ඔහු

ක්‍රිසේීන් නම් ැබිණි ණිකාවකට ශපම් කලද එම සම්බන්ධ්‍තාවය ද අතරම නැවතිණි.අවංක ආදරයක් තමාට

ශනාමැතිකම ශෙේතුශවන් වැන් ශ ෝ මෙත් සිත් තැවුශලන් කාලය ත කර ඇත.

2 | P a g e

ශමවැනි ැටලු ෙමුශේ වැන් ශ ෝ කාංසාව ො මානසික අවපීඩශයන් පීඩාවට පත් වූ අතර ඔහු ශකතරම්

වියවුශලන් සිටිශේද යත් වරක් කාලයක් ඔහුශේ මිතුශරකුව සිටි ශපෝල් ශ ා ෑන් නම් පුේ ලයා සම ඇති වූ

ආරවුලකදී ඔහුව ඝාතනයට තැත් කල වැන් ශ ෝ පසුව තමාශේම වම් කන කපා ත් බව කියැශේ.1899 වසශර්දී

ඔහු මානසික බිඳවැීශමන් පසු සිය කැමැත්ශතන් ම ාන්ත ශපෝල් ඩී මේශසෝල් නම් මානසික ශරෝගීන් වසන

කඳවුරට ඇතුළත් විය.

ශමම කාලය තුළ ඔහුශේ සිතුවම්කරණ ෙැකියා ඔහු විසින් ම ඔප් නංවා ත්ශත්ය.ඔහුශේ සිතුවම් අතර අති ය

ජනප්‍රිය වූ ‘Irises’ ,’The Starry Night ‘ ො ‘The blue self portrait’ ඒ අතර ශේ.එම කඳවුශර් කවුළුශවන් දුටු

අෙශසේ සුන්දරත්වය ඔහු ‘ තාරකා රාත්‍රිය’ ශලස සිතුවමට නැංවිය.නමුත් ඔහු සිතුශේ එය අසාර්ථක නිර්මාණයක්

බවයි.

“ජශන්ලශේ යකඩ කූරු අතරින් මම තිරිඟු ව ාවක් දකිනවා” ශලස ඔහු එම දර් නය පිළිබඳ සශෙෝදරයා වන

තිශයෝට ලියූ ලිපි තුළ සදෙන් කර ඇත.

ඔහුශේ සිතුවම් කලාව ශදස බැලීශම්දී ඔහු සේවාභාව ධ්‍ර්මයට අති ය ආදරය කල තැනැත්ශතකු බව පසක්

ශේ.එශමන්ම ඔහුශේ සිතුවම් තුළින් ඔහුශේ මශනෝභාවයන් තුළ වන කැලඹීම් නිරූපිතය.ඔහු සිය සශෙෝදරයාට

ලියූ ඇතැම් ලිපිවල ඇති කරුණු ෙද කම්පා කරවීමට සමත් ය.

“මම ශබාශෙෝ විට සිතන්ශන් රාත්‍රිය දවාලට වඩා ජීවමාන ො වර්ණවත් බවයි”

“මම අති යින් සංශේදී ද නැතශොත් ජීවිතය දරා ත ශනාෙැකියිද යන්න මම ශනාදනිමි”

“දුක සදෙටම පවතිනු ඇත”

ආදිය ඔහු ලිපි මගින් ශසායුරාට පවසා ඇත.අවසානශේ වයස අවුරුදු 37 දී ඔහු ශවඩි තබාශ න සිය දිවි ොනි කර

ත්ශත්ය.

ඔහුශේ මරණශයන් පසුව ඔහුශේ නිර්මාණ ශකශරහි ශදසේ විශදසේ විචාරාක්ිය ශයාමු වන්නට විය.එකල එක

සිතුවමක් පමණක් අශලවි වූවත් අද වැන් ශ ෝශේ සිතුවම් ඉෙළම මිලකට අශලවි වන්ශන් වැන්ශ ෝවාදීමය

අනනයතාවශේ ඇති අේවිතීය බව කරණ ශකාට ශ නය.නමුත් අවාසනාවකට ඔහුශේ සාර්ථකත්වය නැරඹීමට

ඔහු සිටිශේ නැත.

ඉතින් ජීවිශත් ශකතරම් අපෙසු අවසේථාවකදී වුවද සෑම අඳුරු වළාවකම රිදී ශර්ඛාවක් ඇති බව ශමශනහි කරමින්

එයට මුහුණ ශදන්න.

සටෙන- පියුමි ශනලුමිකා

ජීවිතාවර්ජනය

පරිකල්පන ශක්තිය හීන වීමත්, පැහැදිලි විඥානයක් නොතිබීමත්, නූගත් සමාජයක් බිහි වීමත් රටක පාලනයට දිගු කලක් රිසිසේ පාලන බලයේ රැඳී සිටීමට මහත් රුකුලකි. එබැවින් අධ්‍යාපනය අඩාල කිරීම, තරුණ පරපුර අසහනකාරී ලෙස ආර්ථික, සාමාජීය හා අධ්‍යාපනිකව  දුර්වල කිරීම අපටත් නොදැනීම සිදු කරනු ලබයි. මේ නිසා මොහොතක සතුට සැනසීම සොයා වැඩි දෙනෙක් මත් වූ ලෝකෙක ජීවත් වන්නට වැඩි වශයෙන් ඇබ්බැහි වී ඇත. කුඩු, ගංජා, හෙරොයින්, අයිස් වගේම  මත් වතුර පැල්පතේ සිට මහා මන්දිරය දක්වා අලෙවි ජාලයක් ව්‍යාප්තව ඇත. මේ තුළින් මිනිසාගේ සෞඛ්‍ය හා ආර්ථිකය පරිහානියට පත්වී ලොකු පුටු වැජඹුනා පමණි. මෙය එදත් අදත් හෙටත් වෙනස් වන්නේ නැත.

ජීවිතාවර්ජනය තුළින් මතට ඇබ්බැහි වී ඉන් මිදී යහපත් ජීවිත ගත කරන අයගේ ජීවිත අත්දැකීම් බෙදා ගන්නේ හුදෙක් කියවා රස විඳීමට නොව ඇබ්බැහි වූවන්ට ඉන් මිදීමට උනන්දුවක් ආසාවක් ඇති කිරීමටය. ඔවුන්ට ජීවත්වීමටත්, ඇබ්බැහි කමින් මුදවා ගැනීමටත් ඔබටත් මටත් වචනයකින් හෝ උදව්වක් කිරීමට උත්තේජනයක් ලෙසයි.

අද ඔබ හමුවට එන්නේ කතා නායිකාවක්. ඇබ්බැහිවීම් ගැහැණු පිරිමි ලෙස වෙනසක් නොමැති බව මේ තුලින් ඔබට පසක් වනු ඇත.

සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මම ඇයට ජෙනී ලෙස අමතමි.

1. ජිනීගේ වයස කීයද? ගම කියන්න කැමති නම්..

මගේ දැන් වයස අවුරුදු හැටයි. ගම බොරැල්ල.

2. මොනවටද  ඇබ්බැහි වෙලා හිටියේ?

මත්පැන් වලට

කොච්චර කල් ඉඳලද? කොහොමද එක උනේ..

 ඇත්තටම මේක කාගෙවත් පෙලඹවීමක් නිසා වත් පාසල් අවධියේ වත් ඇති වූවක් නොවේ. විවාහ වෙලා දරුවන් දෙදෙනකුත් ලැබුණාට පස්සේ මං මේකට ඇබ්බැහි වුනේ.  අවුරුදු 30 පහුවෙලා. තිස් දෙකක් විතර වගේ.  මගේ සැමියා මත්පැන් පාවිච්චි කලා. හැබැයි ඇබ්බැහි කමක් නෙමෙයි ඒක. එයා බීලා වෙරි වෙලා ඉන්නවා මං කවදාවත් දැකලා නැහැ. ඒත් ඔහොම දකිද්දි මටත් බොන්න ආසාවටක් ඇති වෙනවා. මම කරන්නේ මගේ මහත්තයා ළඟ තියෙන මිල අධික මත් වතුර බීලා ඒ හිස් වෙන ටිකට වතුර පුරවන එක. මුලදි මුලදි මහත්තයට මේක හිතා ගන්න බැරි වෙනවා. ඒත් පස්සේ එයා දැනගන්නවා මමයි මේ වැඩේ කරන්නේ කියලා. 

3. Jenny පුනරුත්ථාපනය වුන කෙනෙක් නෙවෙයි කොහොමද මේ ඇබ්බැහිවීමෙන් මිදුනේ..

කතාවට කියනවා නේ පිරිමිය ඇබ්බැහි වෙනවට වඩා ගැහැණු මතට ඇබ්බැහි උනාම ගැලවෙන්න අමාරුයි කියලා. ඒක ඇත්ත. මුලදි මගේ මහත්තයා මට හොඳින් කිව්වා මේක  නවත්තන්න කියලා. ඒත් මට දවසගානෙ බොන්න ඕන වුණා. මහත්තයා ගෙදරට බෝතල් ගේන එක නතර කළා. මට කරන්න දෙයක් නැති කොට මම සල්ලි හොයාගෙන වයින් ස්ටෝස් එකින් බෝතල් අරගත්තා. මට සල්ලිත් නැති වුණා. මහත්තයා මගේ අතට වියදමට සල්ලි දෙන එක නතර කළා. මම අහල පහලින් නෑදෑයන්ගෙන් සල්ලි ඉල්ලන්න ගත්තා. අම්මට අසනීපයි, බබාලට අසනීපයි ඉස්කෝලේ වියදම් කියලා තමයි ඉල්ලගන්න ගත්තෙ. ඒත් පස්සේ පස්සේ මම මතට ඇබ්බැහි වෙලා කියලා හැමෝම දැන ගත්තා. මම බිව්වේ හැමෝම නිදා ගත්තට පස්සේ. ඒ නිසා මගේ දරුවෝ දැනගෙන හිටියේ නැහැ පොඩිකාලේ මම මතට ඇබ්බැහි වෙලා කියලා. මහත්තයා මාව අත ඇරියේ නැහැ, හැබැයි ගේ ඇතුලෙ මම හරියට කොන් වුණා. ලැජ්ජාවට පත්වුණා. මගේ අතින් දරුවන්ගේ මහත්තයාගේ වැඩ මග ඇරුනා.  මහත්තයා පාරෙ හිඟමනේ යන කෙනෙක් දැක්කත් මට හින්ට් යවපු එකයි කළේ. පුදුම අසරණකමක් තනිකමක් මට මගේ ගෙයි ඇතුලේ  දැනුනා. ඇබ්බැහි කමින් මිදෙන්න ඕන උනත් වුණත් තනියම ඒක කරගන්න පුළුවන් වුණේ නැහැ. මගේ යාළුවෙක් තමයි නිර්නාමික මත් ලෝලීන්ගේ සංසදය ගැන මට කිව්වේ.  මට ඒ ගැන කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ. ඒත් යාළුවා කියනවට මීටින් එකකට සහභාගි වුණා. එතන හිටියේ මං වගේම ඇබ්බැහිවීම වල ඉඳලා ඇබ්බැහිවීමෙන් මිදෙන්න වුවමනාව තිබුණ අය. නිර්නාමික මත්ලෝලීන් ගේ සංසදය තමයි මට ඇබ්බැහි වීමෙන් මිදෙන්න උදව් කළේ.

4.මතින් තොර වන එක තනියම කරන්න පුලුවන්ද?

තනියම නතර කරන්න පුළුවන් අයත් ඇති. එත් මට තනියම කරන්න බැරි වුනා. මානසික, ශාරීරික හා අධ්‍යාත්මික සුවය වගේම මනස ශක්තිමත් කරන්න උදව්වක් ඕන වුනා. ඒ උදව්ව මට නිර්නාමික මත්ලෝලින් ගේ සංසදයෙන් නොඅඩුව ලැබෙනා.

5.  මේ ඇබ්බැහිවීමත් එක්ක ඔයාට අහිමිවුණු දේවල් මොනවාද?

 පවුල ඇතුලේ පිළිගැනීම නැති වුණා. මහත්තයා දරුවන් ගෙදර හිටියත් පවුල ඇතුලේ මම තනි උනා. මානසිකව වැටුනා. මහත්තයා මාව පිළිකුල් කළා.

6.මේ අහිමි වුන දේවල් නැවත ලගා කරගන්න ඔයා මොනවද කළේ?

නිර්නාමික මත්ලෝලින් ගේ සංසදයෙන් මට හොඳ මගපෙන්වීමක් ලැබුණා. ඇබ්බැහි වීම තුළ මම මගේ ජීවිතය ට කරගෙන තියෙන විනශය අවබෝධ වුනා. ගැහැනියක් විදිහට මගේ දරුවන් මගෙන් කොයි තරම් ඈත ද කියලා මට දැනුණා. ටිකෙන් ටික මට මේ ඇබ්බැහිවීමෙන් මිදෙන්න පුළුවන් වුණා. මම ඒ ගත් උත්සාහය ගැන මගේ මහත්තයා ගොඩක් සතුටු වුනා. මාව ආදරෙන් පිළිගත්තා.  ඒ තුළ මට නැවත පවුලේ  වගකීම් වගකීම් ඉටු කරමින් ආදරයෙන්  ජීවත්වෙන්න පුළුවන් වුණා. මම දැන් අත්තම්මා කෙනෙක්. ඒ ලබපු සතුට සැනසීම අදටත් මම ලබනවා.

7. ඔයාගේ ඒ අඳුරු කාල පරිච්ඡේදය තුළ ඔයාගෙන් අන් අයට වුන අපහසුතා මොනවද?

නිවසේ ආර්ථික කටයුතු මගේ සැමියා අතර ගත් නිසා ආර්ථික අපහසුතා වලට මුහුණ දෙන්න සිදු වුණේ නැහැ. මං කලින් කිව්වනේ මම බිවුවෙ හැමෝම නිදා ගත්තාම. කොළඹ හැදිලා වැඩුනට මම නයිට් ක්ලබ් වලට ගිහින් බීලා නැහැ. ඒත් මගේ පවුල ඇතුලේ , අසල්වැසියො, නෑදෑයො යහළුවො මාව බේබද්දියක් කියලා කොන් කලා. ඒ නිසා පවුලේ අයට ලැජ්ජාවට පත් වෙන්න වුනා.

8.මත්පැන් මත්ද්‍රව්‍ය ගැන ඔයාගේ දැන් අදහස මොන වගේද ?

ගැහැනු පිරිමි කියලා භේදයක් නෑ ඇබ්බැහිවීම් වලට. මං දකින විදිහට තරුණ පරපුරේ වැඩිහරියක් මතට ඇබ්බැහි වෙලා ඉන්නේ ගැහැනු දරුවන්. ඔවුන් මේක ඇබ්බැහි වීමක් කියලා දකින්න නැතුව ඇති. ඒ ක්ලබ් එකකට ගියාම පොඩි කොල්ලන්ට වඩා ගැහැනු දරුවන් මත් වතුර වගේම සිගරට් හරි හරියට පාවිච්චි කරනවා. මං හිතනවාසතුටු වෙන්න මේ දේවල් අවශ්‍ය නැහැ කියලා. ඒත් මේවා ඇබ්බැහි නොවී පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි.

9.ඔයා ගෙවන දැන් ජීවිතේ ගැන මොනවද හිතෙන්නේ?

පුදුම සතුටක් සැහැල්ලුවක් දැනෙනවා. මගේ දරුවෝ ලොකු උනහම දැනගත්තා මම බේබද්දියක් වෙලා හිටියා කියලා. මම ඒකෙන් මිදෙන්න ගත් උත්සාහය ගැන ඒගොල්ලො අද කතා කරන්නේ සතුටින්. මට මේ කතාවට එකතු කරන්න තව දෙයක් තියෙනවා. මම දන්නෑ මේ කතාව කොයි තරම් කොයිතරම් සාධාරණද කියලා. මගේ තාත්තා මතට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්. ඒක මම දැක්කා. ඒ නිසා මගේ අම්මා ශාරීරිකව මානසිකව විඳපු වේදනාවත් මම දැක්කා. තාත්තා නිසා මම මේදේට කැමැත්තක් දැක්වුවද කියලත් මට හිතුනා. 

10.තරුණ පරපුරට  ඔයාට දෙන්න පුළුවන් උපදෙස මොකක්ද?

මතට ඇබ්බැහි වෙන එකට ගැහැණු පිරිමි කියලා භේදයක් වත් වයස් භේදයක් වත් නැහැ. ඒ නිසා ඇබ්බැහිවීමක ඉන්න කෙනෙක් ඒකෙන් ගැලවීමට අවශ්‍ය නම් ඒ සඳහා උදව් අවශ්‍ය බව විශ්වාසවන්ත කෙනෙකුට කියන්න. ඇබ්බැහි වීමෙන් මිදුනට පස්සේ මම නිර්නාමික මත් ලෝලීන් ගේ සංසදයට සම්බන්ධ වෙලා වැඩ කරනවා. අපි කොළඹ වගේම රට පුරා ව්‍යාප්ත වෙලා මතට ඇබ්බැහි වෙලා ඉන්න අයට ඉන් මිදීමට උදව් කරනවා. ජීවිතේ සතුට තියෙන්නේ පාවෙන ලෝකයක නෙවෙයි. මට කියන්න තියෙන්නේ මත් වෙන දේවල් වලට ඇබ්බැහි වෙන්න එපා. ඒත් අවාසනාවකට හරි ඊට ගොදුරු වුනොත් ඉන් මිදෙන්න උත්සහ කරන්න. 

ස්තුතියි 

පියුමි සිල්වා

white orange tip (Ixias marianne) එළරඹ තුඩුවා

පිරිමි සහ ගැහැනු සතුන්ගෙ  පිටපැත්තේ පැහැය බොහෝවිට සමාන වන අතර පසුපස තටු එහි කහ පැහැයක් ගනී.  තවද පසුපස තටු එහි අග කෙළවර ලා දුඹුරු පැහැති පැල්ලම් සමූහයා පිහිටයි.  මෙම පැල්ලම් ත්‍රිකෝණාකාර වන අතර එම පැල්ලම් එකිනෙකට සමාන භාවයක් පවතී.

පසුපස කටුවෙහි ඉහළ කෙළවරට වන්නට දුඹුරු පැහැති පැල්ලම් ඇති අතර cell එක මැද දුඹුරු පැහැති තිත් දක්නට ලැබේ.  ඒ අතර පසුපස තටු මෙහි අපර දාරය දැති සහිත වන අතර එය ලා දුඹුරු පැහැති වේ. තවද මෙම විශේෂයේ ඉදිරි පියාපතෙහි ඇතුල් පැත්ත ගැහැණු සතා සහ පිරිමි සතා අතර වෙනස හදුනා ගැනීමට උපකාරී වේ. ඉදිරිපස තටුවෙහි ඉදිරිපස පැහැයක් ගනි. අපර කෙලවර තැඹිලි පැහැය වටා කලු දුඹුරු පැහැයෙන් ආවරණය වී පවති.

දිවාචර හැසිරීම් රටාවන් පෙන්නුම් කරයි. බොහෝ විට තද අව්ව ඇති විට පියාසර කරන සමනලයෙකි. අදුරු සහිත පරිසර පද්දති වල ලැග සිටීම නිරීක්ෂණය කල හැක. පර්යටනය සිදු නොකරයි.

තෘණ බිම් වල වාසය කරන තරමක් සුලබ සමනලයෙකි. ශ්‍රී ලංකාවේ dry zone හි පමණක් දක්නට ලැබේ.

Hawaiian Chicken meatballs

අවශ්‍ය ද්‍රව්‍ය

 සීන් ම අඹරාගත් කුකුළු මස් ග්‍රෑම් 500 ක්

 සිහිනේ කපාගත් සුදුලූනු බික් දෙක තුනක්

සිහින්ව කපාගත් කැරට් අලයක්

 සිහින්ව කපා ගත් ලූනු ගෙඩියක්

 breadcrumb කෝප්ප කාලක්

ගසාගත් බිත්තරයක්

 ලුණු සහ ගම්බිරිස් අවශ්‍ය ප්‍රමාණයට

තෙල් කෝප්ප භාගයක්

හවායන් බාබකියු සෝස් එක සඳහා

තෙල් මේස දෙකක්

 සිහින් අඹරාගත් ඉඟුරු තේ හැන්දක්

සොයා සෝස් 2tbs

 තක්කාලි සෝස් කෝප්ප කාලක්

වතුර කෝප්ප බාගයක් දුඹුරු සීනි තේ හැදි දෙකක් අන්නාසි ජූස් කෝප්ප කාලක්

  කොටු කපාගත් අන්නාසි කෝපයක්

කෝන් පිටි තේ හැන්දක්

 වතුර මේසහැඳි දෙකක්

ලුණු සහ ගම්බිරිස් අවශ්‍ය ප්‍රමාණයට

සාදාගන්නා ආකාරය

මුලින්ම භාජනයක් ගෙන එයට පොඩියට කුඩුකරගත් කුකුළු මස් කුඩු,සුදු ළුනු, කැරට්,එණු, බිත්තර පාන් කුඩු සහ අවශ්‍ය ප්‍රමාණයට ලුණු ගම්මිරිස් දමා කලවම් කරගන්න. අඟල් තුනක හතරක වට ප්‍රමාණයක් තරමට මිශ්‍රණය බෝල කර පැත්තකින් තබන්න.

BBQ සෝස් එක සාදා ගන්නා ආකාරය

භාජනයක් ගෙන මදගින්නේ ලිප මත තබා එයට තෙල් ටිකක් දමා රත්කර ගන්න ඉන්පසු එයට ඉඟුරු එකතු කළ වෙන අඩියක් දෙකක් කළවම් කරගන්න ඉන්පසු එයට තක්කාලි සෝස් soy sauce දුඹුරු සීනි සහ pineapple juice එක්කර මදගින්නේ විනාඩි පහක් පමණ රත්කරගන්න ඉන්පසූ බුබුළු දමන විට කෝන්පිටි වලට වතුර ටිකක් ගෙන කලවම් කර මිශ්‍රණයක් සාදා ලිප ඇති මිශ්‍රණයට එකතු කරන්න එවිට තරමක් ඝන සෝස් එකක් සෑදේ.යළිත් විනාඩි තුන හතරක් ගිය පසු මුලින් සාදා ගත් කුකුළු මස් බෝල ටික සහ කපාගත් අන්නාසි එකතු කර විහාර දෙකක් වසා තබන්න ඉන්පසු යළිත් පියන අයින් කර හොඳට කලවම් කරගන්න. මෙය බත් සමග සමග ඉතා රසවත් ආහාරයක් ලෙස ගත හැක.නවසිලන්තයේ ළඟ ඇති රටවල,(tahiti, හවායි, french polynesia) ප්‍රධාන ආහාරයක් ලෙස අවන්හල්වල සහ ගෙවල්  ඔබට දැකගත හැක

Manoj Fernando

අවසන් හුස්ම

මිනිත්තු හතරකින් ආත්මීය බැමි ගැන විවරණය

කෙරෙන “අවසන් හුස්ම” ගීතය…

මෑත කාලය තුළ සුභාවිත ගීතයෙන් සියුම්ව හදවත් කෙනිත්තූ ගේය පද රචකයෙක් ලෙස රසික ඩී.

දුමින්ද මහතා හඳුන්වා දිය හැකිය. මටත් තිබුනා ප්‍රේමයක්, අක්කා, සුසානය, පමාවී ආවා වැනි

ජනප්‍රිය ගීත බොහොමයකගේ පද අතර සිර වී ඇත්තේ ඔහුගේ හැඟීම් ය. ඔහුගේ ගීත අතර ආත්මීය

පොදු අනුභූතියක් පාදක කර ගත් "අවසන් හුස්ම " ගීතය සර්ව කාලීන වශයෙන් ප්‍රේමණීය මිනිසුන්

ආමන්ත්‍රණය කිරීමට සමත් වී තිබේ.ප්‍රවීණ සංගීතවේ දී දර්ශන වික්‍රමතුංග මහතාගේ

සංගීතයෙන් හැඩවී ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිෂාන්ත එරන්දකයන්ගේ පණ ලැබූ "අවසන් හුස්ම"

ගීතය එළි දැක කෙටි කාලයක් තුළ සමාජ මාධ්‍ය ඔස්සේ නැරඹුම් වාර මිලියන ගණනක් පසු කොට

හමාරය.

ප්‍රේමය නම් අකුරු තුන තුළ ගැඹුරු අර්ථයක් ගැබ් වී ඇත. වත්මන් සමාජය තුළ ඇති ලිංගිකත්වය හා

සයනයකට සීමා වූ ආදර කතා අතර සමාජය නොදකින නිහඬව සැඟවුණු ආත්මීය බැඳීම් ද ඇත.

“අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක

අයදිමි වරම් මා හට ඉක්මන් වෙන්න

නුඹ නැතිදාට මේ ජීවන මඟ යන්න

මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න”

මේ ලෝකයේ උපත ලැබූ ඕනෑම අයෙකු නිසැකවම තම ආයුෂ අවසන් කර ජීවිතයට සමු දිය යුතුමය. මෙම

ගීතයේ ආදරවන්තයා ඒ ලෝක ධර්මතාවයට එකඟ වී ඇත. නමුත් කුමන හෝ මොහොතක දී තම බිරිඳ මේ

ලෝකය හැර ගියහොත් සිය ජීවිත ගමනට වාරුවක් නැතිව යන බව ඔහු දනී. ඔහු එම යථාර්ථයට

මුහුණ දීමට සූදානම් නැත. ඕනෑම කුටුම්භයක් තුළ බිරිඳ නම් චරිතය මහ වැඩ කොටසක් සිදු කරනු

ලබයි. එය කියා නිම කළ නොහැකි තරම්ය. දරුවන්ගේ වැඩ කටයුතු, නිවසේ වැඩ කටයුතු, මෙන්ම සිය

ස්වාමියාගේ වැඩ කටයුතු ද සිදු කරනු ලබයි. ඇතැම් අවස්ථාවල දී උදේට රැකියාව සඳහා පිටත්ව යන

ස්වාමියාට බත් කවන බිරින්දෑවරු පවා අපට මේ සමාජය තුල හමුවේ. මෙම ගීතය පුරාවට ම

බිරිඳකගේ වටිනාකම දන්නා සංවේදී ස්වාමිපුරුෂයාගේ එකම ඉල්ලීම වනුයේ,

“නුඹ නැතිදාට මේ ජීවන මඟ යන්න

මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න”

යන්නයි. ඔවුන් තුළ ඇති ප්‍රේමයේ බැමි කෙතරම් නම් සවිමත් ද යන්න ඒ තුළින් ධ්වනිත වේ.

“මුහුකුරු සෙනෙහසින් අද සරසන දිවිය

පෙම්ලොව දුටුව නුඹ දැයි සිතෙනා තරම

රිදුනත් නුඹට හසරැල් පුදලා මෙමට

මුව මත ඇඳෙන නුඹෙ පෙම්වත් බව අරුම”

ආදරේ අංකුර දළුලන කාලයේ දී පෙම්වතියක සිටියදී තිබුණ බොළඳ වදන් හැඟීම් ආදිය වයසින් හා

අත්දැකීම්වලින් මුහුකුරා ගිය පරිණත බිරිඳ තුළ චර්යාත්මක හා මානසික වශයෙන් වෙනස් වී ඇති

ආකාරය පිළිබඳව ස්වාමිපුරුෂයා දකින්නේ උපේක්ෂා සහගතවය. අතීතයේ බොළඳ පෙම් බස් මවනා

කාලයේදී පුංචි සිත් රිදුමකට පවා කඳුළු හෙලූ, රණ්ඩුසරුවල් කළ ඒ කාන්තාව අද කුටුම්භ ජීවිතය තුළ

කුමන අඩුපාඩුවක්, සිත්තැවුලක් පැමිණිය ද කළු ගලක් මෙන් නොසැලී දැඩිව ජීවත් වේ. සොඳුරු

සිනහවකින් ඒවා දරා ගන්නා බව සංවේදී ආකාරයෙන් මේ ගීතය තුළ රූපණය කෙරෙයි. දරුවන්ගේ හා

ස්වාමිපුරුෂයාගේ සුඛ විහරණය උදෙසා මවක් හා බිරිදක් ලෙස එදා සිටි ලාමක පෙම්වතිය සියලු දුක්

දොම්නස් දරා ගැනීමට කටයුතු කරන අයුරු,

“රිදුනත් නුඹට හසරැල් පුදලා මෙමට

මුව මත ඇඳෙන නුඹෙ පෙම්වත් බව අරුම”

යන පබැඳුම තුළින් විද්‍යමාන කරයි.මුල් පද තුළින් තමාට සිය බිරිඳට පෙර නික් මිය යුතු යැයි

ප්‍රාර්ථනා කළද තමා නැති විට බිරිඳ කෙසේ ජීවත් වේවි දෝ, කුරිරු සමාජය තුළ අභියෝග කොපමණ

නම් ඒවිදෝ යැයි කල්පනා ලෝකය තුළ ප්‍රේමණීය ස්වාමිපුරුෂයා අතරමං වෙයි.

“පැතුවත් තනිව නික්මෙන්නට නුඹට පෙර

මම නැති දාක නපුරක් නුඹ හට වේද

තුන්සිත දැවි හළුවෙයි එය සිතන සද

හැකිනම් එක්ව යන්නට පෙර පිනකි එය”

තම ජීවිතයට තෝරාගන්නා සහකාරිය ජීවිතයෙන් කොටසක් නොව මුළු මහත් ජීවිතයම බව මේ තුළින්

මනාව පිළිබිඹු කරනු ලබයි. බැඳීම් වගකීම්වලින් යුතු ලෞකික ලෝකය තුළ ආදරණීය ස්වාමි පුරුෂයාගේ

අවසන් ප්‍රාර්ථනය වනුයේ කෙදිනක හෝ තම බිරිඳ සමඟ ම ජීවිත ගමන නිමා කිරීමටයි. මෙය

බොහෝ දෙනෙකුගේ යටි සිත තුළ රැව් පිළිරැව් දෙන ප්‍රසිද්ධ රහසකි. මේ ගීතය රස විඳිනා විට සිත

දැහැන් ගත වේ.

ගීතයක් යනු මිනිත්තු තුන හතරක් පමණ වූ කෙටි කාලයක් තුළදී ජීවිත යතාර්ථය පිළිබිඹු කළ හැකි

ප්‍රබල සන්නිවේදන මෙවලමක් බව මනාව විද්‍යමාන වෙයි. පද පේලි 12කින් සර්වකාලීන සංකීර්ණ

ජීවන යථාර්ථයක් රූපණය කළ හැකිද යන්න මවිතයක් බවට පත්කරමින් රසික ඩී.දුමින්දයන් මේ

සඳහා මිනි කුරු අමුණා ඇත. කලාවේදී මෙන්ම පුද්ගලික ජීවිතය තුළ ද සංවේදී ප්‍රේමනීය මිනිසෙක් වන

විශාරද දර්ශන වික්‍රමතුංගයන්ගේ භාවාතිශය සත්සරය ද අනභිභවනීය වේ. මේ සියල්ලගේ ම

අවසන් ඵලය වනුයේ ක්‍රිෂාන්ත එරන්දක සුභාවිත හඬ පෞරුෂය තුළින් මානව හදවත් හැඩ විය හැකි

"අවසන් හුස්ම" ගීතය බිහි වීමයි.

මෙවන් වූ විශිෂ්ට ගේය පද සංකල්පනා පිළිබඳව අගය කළ යුතුමය. සුභාවිත ගීතය පණ අදින යුගයක

ඊට පණ දෙන නිර්මාණකරුවන් හා නිර්මාණයන් රැකගත යුතුම ය. මෙවන් වූ හදවත් ආමන්ත්‍රණය

කරන ගීත කිසිදිනක නොමියෙනු ඇත.

ඉසුරු ශ්‍රී බණ්ඩාර ඊරියගොල්ල,

ජන සන්නිවේදන අධ්‍යන අංශය,

කැලණිය විශ්ව විද්‍යාලය.

සර්පයන් සම්බන්ධව ශ්‍රීලංකාවේ නීතිමය රාමුව

1937 දී සම්මත වූ ශ්‍රී ලංකා වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනතට (Flora and Fauna Act) 1993 දී අංක

49 දරණ පනතට එක් කල හත්වන සංශෝධනයට අනුව,

නයා / Naja naja

තිත් පොළඟා / Daboia russelii

වැලි පොළඟා / Echis carinatus

තෙල් කරවැලා / Bungarus caeruleus

මුදු කරවැලා / Bungarus ceylonicus

යන විශේෂ හැර මෙරට වෙසෙන අනෙක් සියළුම සර්ප විශේෂ නීතියෙන් ආරක්ෂිත සතුන් ලෙස නම් කර ඇත.

මෙම පනතේ 30 වන වගන්තියට අනුව ආරක්ෂිත සර්පයෙකු ආරක්ෂිත සර්පයෙකු හෝ ඔවුන්ගේ කොටස් හෝ

බිත්තර එක්‍ රැස් කිරීම,ප්‍රවාහනය කිරීම,හිංසා කිරීම හෝ මරා දැමීම , රුපියල් 10000 – 30000 ක දඩ

මුදලකට හෝ වසර 2 – 5 සිරදඬුවමකට හෝ මෙම දඬුවම් දෙකටම යටත් විය හැකි හැකියාව පවතී.

මෙවැනි ආකාරයට සතුන් හෝ සත්ව කොටස් විකිණීමද ඉහත දඬුවමට යටත් විය හැකි වරදකි.

මෙම පනතෙහි අංක 37 වන කොටස අනුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින්

නිකුත් කරන නීත්‍යානුකූල බලපත්‍රයක් රහිතව නීතියෙන් ආරක්ෂිත හෝ ආරක්ෂිත නොවන සර්පයෙකු

(සජීවීව හෝ අජීවීව) ඔවුන්ගේ කොටස්, බිත්තර ලඟ තබා ගැනීම සහ අපනයනයද ඉහත දඬුවමට යටත් විය

හැකි කාරණාවක් වේ.

පනතේ ආරක්ෂාව නොළබන නමුත් ඉහත සඳහන් කර ඇති උග්‍ර විෂ සහිත සර්පයන් විශේෂ 5 ම වන ජීවීන්

ලෙස වර්ගීකරණය කරන අතර මෙම සතුන්ද සන්තකයේ තබාගෙ ඇති කිරීම සඳහා විශේෂ අවසරයක් අවශ්‍ය

වේ.

මීට අමතරව මෙම උග්‍ර විෂ සහිත සර්පයන් 5 දෙනාද හමුවන භූමිය අනුව පනතේ ආරක්ෂාව හිමිවන අවස්ථා

සහිත වේ.

උදාහරණයක් ලෙස රක්ෂිත වනාන්තරයක් තුල සිටින්නාවූ යම් සත්වයෙකු ආරක්ෂිත සත්වයෙකු ලෙස පනතේ

නම් කර නොතිබුනද ඔවුන් වාසය කරන්නාවූ ස්ථානය ආරක්ෂිත කලාපයන් හෙයින් වක්‍රාකාරව වන සත්ව සහ

වෘක්ෂලතා ආරක්ෂණ පනතට අනුව ආරක්ෂිත සතුන් බවට පත්වේ.

මීට අමතරව තර්ජනයට ලක්ව ඇති විශේෂවල අන්තර්ජාතික වෙළදාම සඳහා වන සම්මුතිය (conversation on

international trade of endangered species – CITES) මඟින් ද මෙම සතුන් අපනයනය සම්බන්ධව තහනම්

පනවා ඇත.

මෙම පනතේ වගන්ති ප්‍රකාරව අහිකුණ්ඨික ජනතාවට විශේෂ බලපත්‍ර සහිතව සීමාසහිත සතුන් පිරිසක්

ලඟතබා ගැනීමට අවසර ලබා දී ඇත. නමුත් ඔවුන්ට වුවද හිංසාකාරී අයුරින් මෙම සතුන් ලඟ තබාගැනීමට

හැකියාවක් නොමැති බව මතක තබාගත යුතු කරුණකි.

එමෙන්ම වනජීවි පර්‍යේෂකයන්ට සීමාසහිත සත්ව විශේෂ ගණනක් සඳහා අවශ්‍ය සතුන් නම් කරන ලද

ප්‍රදේශ වලින් එක් රැස් කිරීමට අවසරපත්‍ර ලබාදීම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ

ජනරාල්වරයා විසින් නිකුත් කරනු බලන අවසරපත්‍රයක් සහිතව සිදු කල හැකි වන අතර එසේ සත්ව නිදර්ශක

එක්‍ රැස් කිරීම සහ පටක සාම්පල බලාගැනීමේ කාර්‍යන්හිදී අදාල අවසරපත ඔවුන් සතු වීම අනිවාර්යය වේ.

යම් අයෙකු ඔහු හෝ ඇය සතුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්

කරන ලද අවසරපතක් ඇති බව ඒත්තු ගන්වා සත්ව නිදර්ශක එක් රැස් කිරීමට හෝ සතුන් අනවසරෙන් බලාදෙන

ලෙස හෝ ඉල්ලීම් කරන ඕනෑම අවස්ථාවක සත්ව නිදර්ශක එක් රැස් කිරීමට ඔවුන් සතුව ඇති අවසරපත්‍රය

ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටීමේ අයිතිය ඔබ සතුව ඇත.

එවැනි අවසරපත්‍රයක් ඔබ වෙත ඉදිරිපත් කලහොත් ඔබ විසින් සැලකිල්ලට ගත යුතු කරුණු මෙසේය.

• අවසරපත හිමි පර්‍යේශකයාගේ සහ කණ්ඩායමේ සාමාජිකයන්ගේ නම් අවසරපත ඉදිරිපත් කරන්නාවූ

කණ්ඩායමේ අයවලුන්ගේද යන බව සැළකිලිමත් විය යුතූය

• අවසරපත නිකුත් කරන ලද දිනය සහ නිදර්ශක එක් රැස් කිරීමට ලබා දී ඇති කාලසීමාව

කල් ඉකුත්වූ අවසරපතක් යොදාගෙන සත්ව නිදර්ශක එක් රැස් කිරීම වනසත්ව හා තුරුලතා ආරක්ෂණ පනත

උල්ලංඝනය කිරීමකි.

• නිදර්ශක එක් රැස් කිරීමට නිර්දේශ කර ඇති සහ අවසර ලබා දී ඇති කලාපය

නිර්දේශිත කලාපයෙන් බැහැරව සත්ව නිදර්ශක එක් රැස් කිරීමේ හැකියාවක් අවසරපතක් තිබුණද කල

නොහැක්කකි

• සත්ව නිදර්ශක එක් රැස් කිරීමට අවසර ලබාදී ඇති සත්ව කාණ්ඩය.

උදාහරණයක් වශයෙන් Earth snakes / පාංශුවාසී සර්ප විශේෂ අධ්‍යනය සඳහා නිකුත් කරන ලද

අවසරපත්‍රයක් යොදාගනිමින් Aboreal snakes/ රුක්වාසී සර්ප විශේෂ අධ්‍යනය කිරීම කල නොහැක.

මෙම නීති සහ වනසත්ව හා තුරුලතා ආරක්ෂණ පනත උල්ලංඝනය කරන්නන් පිළිබඳව ඔබට ගත හැකි

ක්‍රියාමාර්ග.

මෙම පනතෙහි බලය සියළුම රාජ්‍ය ආරක්ෂක අංශ සඳහා සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ

නිලධාරීන්ට බලාත්මක කල හැකිය. එමනිසා මෙම පනත යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් උල්ලංඝනය

කරන්නේනම් ඒ පිළිබඳව රාජ්‍ය ආරක්ෂක අංශ සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකය

1992 ඔස්සේ ඔබට දැනුවත් කිරීමේ හැකියාව පවතී.

ශ්‍රී ලංකාවේ සර්පයන් සම්බන්ධව සිදුකරගෙන යන්නාවූ නීතිවිරෝධී කටයුතු වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක

කිරීමට උපකාර කිරීමට අපද සෑමවිටෙකම සූදානම්න් සිටින අතර ඔබ සතුව ඇති සත්ව ජාවාරම් පිළිබඳව

තොරතුරු අදාල අංශ වෙත යොමු කරවීම සඳහා අපගේ සහය සෑමවිටෙකම ඔබ සමඟයි.

චමල් ලක්ෂාන් –

පරිසරවේදී (Thema collection , Tea and experience factory)